IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වාහන ආනයනය අත්හිවීමෙන් ආර්.එම්.වී.ට විශාල පාඩුවක්

(යොහාන් භාසුර)

වාහන ආනයනය අත්හිටුවා තිබීම නිසා නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක් පමණ වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

මෙම වසරේ ඉතාමත් සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති බව කී වීරසිංහ මහතා එම වාහනවලින් ද වැඩි ප්‍රමාණයක් රජයේ වාහන බව ද සඳහන් කළේය.

මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (6)

වාහන ආනයනය අත්හිවීමෙන් ආර්.එම්.වී.ට විශාල පාඩුවක්

Prase Saturday, 31 December 2022 10:31 AM

ආදායම අඩු වුණාට රටේ විනිමය විදේශ රටවල් වලට ගලා යෑම නැවතීම රටේ ජනතාවට ලැබුණ ලාභය පාඩුව මෙන් කී ගුණයක්ද?

:       4       29

ලංකාපුත්‍ර Saturday, 31 December 2022 05:15 PM

මෝ.ප්‍ර.කො ට ඒවා තේරුම් ගන්න බැහැ ඒකනේ රටට වෙලා තියෙන්නෙ ඔතන විතරක් නොවෙයි ලංකාවෙ හැදෙන ගම්මිරිස් පිට රටින් ගේනවා මොකටද රේගු ගාස්තු ගන්න ඉන් දේශීය ගොවියා නැත්නම් වගාකරුවන් අනාතයෝ වෙනවා ලංකාවෙ හොදින්ම රබර් වැවෙනවා ඒත් ඒ ගැන නොසලකා රබර් කිරි රටින්ම ගේනවා කසල තේ හොද තේ සමග මිශ්‍ර කරනවා රටින් තේ ගෙනවිත් කලවම් කර සිලෝන් තේ කියලා රට යවනවා දේශීය නිෂ්පාදනය අඩාල වෙනවා ඒ වගේ නිදහස ලබද්දී ශක්තිමත් ආර්ථිකයක් තිබිනු අප එම ප්‍රතිපත්ති නිසා දැනට ලෝකයේ හිගන්නො වෙලා තියෙනවා ඊළඟ මැතිවරණය වෙලාවෙ මේවා ගැන ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් කියන රට ගැන කැක්කුමක් තියෙන අයෙකුට පමණක් මනාපය දෙනවා නැත්නම් කටුගා දමනවා

:       0       1

නාමල් Saturday, 31 December 2022 12:18 PM

ආර්ථිකය ගැන මෙලෝ දෙයක් නොදන්න හොරුනේ රට කරන්නේ. ඔය ආදායම නැති වුණාට රටක් විදියට කොපමණ විදේශ විනිමය ඇතුලු අනවශ්‍ය වියදම් නවතිනවාද කියල හිතන්න. ඔයාලා තමයි මේ රට කන හරක් දේශපාලුවන් එක්ක...

:       3       23

Sl Saturday, 31 December 2022 01:55 PM

ස්වීප් ටිකට් වලින්, අරක්කු බද්දෙන්, වාහන ගෙනවනකොට ගහන බද්දෙන් රටක් දුවන්න හිතන ගොන් හරක් ඉන්න රටක මේ වගේ කතා ඇහෙන එක පුදුමයක් නොවේ. තාක්ෂණික ආයෝජන, BOI එකට ආපු ආජෝයන ප්‍රමාණය අඩු වුණාද, කොහොමද වැඩි කරගන්නේ කියලා කතා කරන්න කවුරුවත් නැහැ.

:       1       16

Namal Saturday, 31 December 2022 03:44 PM

අපි ලඟඳීම ගේනව නීතයක් හැම වාහනයක්ම හැම අවුරුද්දකම අලුතින් ලියාපදිංචි කළ යුතුයි කියලා. ඒතකොට RMV ප්‍රශ්නෙ විසඳෙනවා.

:       1       10

Bamunuarachchi Sunday, 01 January 2023 09:18 AM

ආර්.එම්.වී එක තිබෙන්නේ වාහන ලියා පදිංචි කොරන්න විතරද? වාහන ගෙන්වීම නිසා රටට වෙන පාඩුව ආර්.එම්.වී එකට වෙන පාඩුවට වඩා බොහොම වැඩී ඒ නිසා වාහන ගෙන්වීම කරන්න එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 1104 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 2193 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 1656 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 1604 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 1070 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 791 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 25713 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18854 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 373 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 642 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1844 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site