වෙළේ සුදාගේ ප්‍රධාන ගෝලයකු පානදුරේ දී අත්අඩංගුවට ගත් පොලිසිය වෙළේ සුදාගේ බිරිය හා නැන්දම්මා ශ්‍රී ජයවර්ධනපුර මාදිවෙල දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි.
පසුගිය ජූලි 12 වැනි දා හෙරොයින් කිලෝ 85ක් කැලණියේ දී පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පාකිස්තානයේ සිටින බව කියන ගම්පොළ විදානෙලාගේ සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා එම කුඩු එවන්නට ඇතැයි සැක කෙරේ.
වෙළේ සුදාගේ බිරිය ගයානි ප්‍රියදර්ශනී සහ නැන්දම්මා වන එම් කේ ගුණවතී රඳවුම් නියෝග මත ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නටත් ටික ටික පොවන්න. කිලෝ 85ක් ම තියෙනවනේ අසරණ මිනිස්සුන්ට පොවන්න. මෙයාලටත් දෙන්න ඕනේ විඳවන්න (නදී)
ඇයි මේකට ඇමතිවරු පටලවන්න ක්‍රමයක් නැද්ද? (නදී)
බය වෙන්න එපා අනේ. ලොකු දේශපාලන අතකින් ඉක්මනින්ම ඔය දෙන්නට නිදහස ලැබේවි. (නදී)
කේ පි වත් රඳවාගෙන ප්‍රශ්න කළා නේද? (නදී)
අනේ මගේ සුදා. (නදී)
වෙලේ සුදා කියන්නේ කාගේ හරි බිලි බෝයි කෙනෙක් වෙන්න බැරිද (නදී)
කෙහෙල් කැනක් කැපුවත් අවුරුදු ගානක් හිරේ ඉන්න වෙන වානේ මොකටද මේ කට්ටිය එලියට දෙන්නේ (දී)
බැලූවෝ 2604 අදහස් 0 ඇයි? (නදී)
ඒ මිනිස්සු මොනවා කරන්නද (දී)
අමල්, පහුගිය දවස් දෙකතුනේ මම ලියපු කිසිම අදහසක් පළවුණේ නැහැ.සමහරවිට තාක්ෂණික දෝෂයක්ද දන්නේ නැහැ (නදී)