ඓතිහාසික රුහුණු සෝමාවතීයට නුදුරින් පිහිටි කුම්බනාච්චිය පුරා විද්‍යා භුමියේ නිදන් හාරමින් සිටි හතරදෙනකු අද (13) අලුයම අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉපැරණි ගල් කණු ආදීය විසිරි පවතින මෙම ඉපැරණි බිමෙහි වලගම්බා රජු විසින් කරවන ලද විහාර ආරාම සංකිර්ණයක් තිබු බවට පුරා විද්‍යා මතයක් තිබේ.
නිදන්හාරන්නවුන් අඩි විස්සක් පමණ ගැඹුර විශාල වලක් හාරා ඉපැරණි ගල් ආදීය ගොඩ දමා තිබු බව කියති.
නිදන්හැරීම සඳහා උපයෝගී කැර ගත් බව කියන උදලු අලවංගු වතුර මෝටරයක් ජලනළ ආදීයද මෙහි තිබී හමු වී ඇත.
අත්අඩංගුවට පත් හතරදෙනාගෙන් තිදෙනකු වල කපද්දී, කට්ටඩියා බව කියැවෙන පුද්ගලයා මල් පහන් පුජා වට්ටි ආදීය තබා ගනිමින් මන්තර ජපකරමින් සිටි බවද පොලීසිය පවසයි.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝශප් සහකාර පොලිස් අධිකාරි (1) ඔෂාන් හේවාවිතාරණ මහත්වරු වැටලීම මෙහෙය වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ලෝම රටේ සාරය උරා බොති (ත)
මේකනම් අන්‍ය ආගමිකයෙකුගේ වැඩක් වෙන්න බැහැ.
කට්ටදියගේ ජප කිරීමට ඇවිත් තියෙන්නේ පොලිසියෙන් (අ)
අඩි 20ක වළක් හොදටම ඇති. 4 දෙනාවම දාලා වහලා දාන්න තිබුණේ. නිදන් හොරුන්ගෙන් 4 දෙනෙක් අඩු වුණා කියන්නේත් කොච්චර ලොකු දෙයක්ද? (නි)
ලොකු ලොකු අය නිධන් හාරනකොට නම් කවුරුවත් අල්ලන්නෙ නැහැ (නි)
මේ නැතිකරන්නේ අපේ ඉතිහාසය නේද? (නි)
ලොකු පොඩි හැමෝම ඉතිහාසය වනසනවා. අනේ දෙවියනේ ඔබ වහන්සේලාවත් දඩුවමක් දෙන්න. හැබැයි පොඩි අයට විතරක් නම් දඩුවම් දෙන්න එපා දෙවියනේ. නිදන් හාරන හැමෝටම දඩුවම් දෙන්න. ඔබ වහන්සේලා තිස්තුන් කෝටියක් ඉන්නවලුනේ. බයවෙන්න කාරියක් නැහැ වැරදි කරන හැමෝටම දඩුවම් කරන්න.(ස)
මේක කළේ බෞද්ධයෙක්ද ? (නි)