IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියත් අපිට හැමදාම ඒ දේවල් ලැබෙන්නෙ නැහැනේ

 2016-10-14-ent-61

කලා පසුබිමක් ඔස්සේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යමින් සිටින ඇය, 2014 වර්ෂයේ රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිවේදිකාව ලෙසද සම්මාන හිමිකර ගත්තාය. සිතුවිලා සිතාරා නම් වූ ඇය නිවේදිකාවක්, නිරූපිකාවක් සහ හඬකැවීම් ශිල්පිනියක් වශයෙන් ක්ෂේත්‍ර කිහිපයක්ම නියෝජනය කරයි. ඇයගේ කලාකටයුතු පිළිබඳව කතාබහ කිරීමට "අද" සමග මෙලෙස එක්වුණි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

2016-10-14-ent-60මගේ නම සිතුවිලි සිතාරා. වැඩසටහන්වලට යන්නේ ඒ නමින්. මගේ වාසගම භාවිත වෙන්නේ නැහැ. මම දැනට ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක්. උසස් පෙළ නම් කළේ විද්‍යා අංශයෙන්. නමුත් හිතුවෙ නැහැ මේ පැත්තට එයි කියලා. පාසල් කාලයේ විවිධ දේවල්වලට සහභාගී වුණා.

 

මේ ක්ෂේත්‍රයට එයි කියල හිතුවද?

මේ වගේ ක්ෂේත්‍රයකට එයි කියල හිතුවෙ නැහැ. අහම්බෙන් එන්න සිද්ධ වුණා. පොඩි කාලෙ ඉඳන්ම ක්ෂේත්‍රයට එන්න විවිධ දේවල් කළා. ඉස්සර හිටපු ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් යටතේ විවිධ අවස්ථාවන් හම්බවුණා. පෞද්ගලික රූපවාහිනී නාළිකාවල විවිධ ළමා වැඩසටහන් සඳහා පුංචි කාලෙදීම අවස්ථාව ලැබුණා.

 

කුඩා කාලයේ තිබුණු හීනයක්ද නිවේදිකාවක් වීම?

කාලෙන් කාලෙට හීන වෙනස් වුණා. පොඩිම කාලෙ හීනයක් තිබුණා වෛද්‍යවරයෙක් වෙන්න. ඊට පස්සෙ ටික කාලයක් යද්දි ගුවන් සේවිකාවක් වෙන්න හීනයක් හිතට ආවා. අම්මයි, තාත්තයි දෙන්නම විදේශගතවෙලා හිටියෙ. ඒ නිසා නිතරම එයාර්පෝට් යනකොට හිතුණා එයාලා ලස්සනට අඳින නිසා ගුවන් සේවිකාවක් වෙන්න. අන්තිමේදී ඒ කිසිවක් නැතිව මේ වෘත්තියට එන්න සිද්ධවුණා.

 

නිවේදනයේ මූලික අඩිතාලම ගැන කතා කළොත්?

මට අවුරුදු 13දී විතර මට ඇසුරු කරන්න හැකිවුණා රත්නා පුෂ්පකුමාරි කියල ඉස්සර හිටියා ලංකාවේ ප්‍රවීණතම නිවේදිකාවක්. ඇය ඒ දවස්වල විවිධ වැඩමුළු තිබ්බා. අපි ඇයගේ පන්ති සඳහා දායක වුණා. ඉස්සර ගොඩක් නාළිකා තිබුණෙ නැහැනේ. ඒ නිසා ඉස්සර පොඩි ළමුන්ගේ වැඩසටහන්වලට අපි එක්කන් යනවා. අපිව ගෙනියන්නේ නිවේදනයට නෙවෙයි. සමූහ අත්වැල් ගායනයටයි. ඉතිං ඔහොම පියවරින් පියවර ඉගෙනගෙන උසස් පෙළ කළාට පස්සෙ, තරුණ සේවා සභාවේ ජනසන්නිවේදනය පාඨමාලාව කළා. ඒ පිළිබඳව හදාරමින් ප්‍රවීණයන්ව හොඳට අනුගමනය කරලා ඔවුන්ගෙන් දේවල් අරගෙන, දේවල් හදාරගෙන ඉස්සරහට ආපු ගමනක් තමයි තියෙන්නේ.

 

නිවේදිකාවක් වෙන්න කලින් නිරූපණ ශිල්පිනියක් නේද?

ඔව්, නිවේදිකාවක් වෙන්න කලින් මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඊට පස්සෙ සැටලයිට් නාළිකාවල සහ පෞද්ගලික නාළිකාවල ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට හිටියා. ප්‍රවෘත්ති පරිවර්තකයෙක් විදිහටත් කටයුතු කළා. මොකද මට හොඳට දෙමළ පුළුවන්. දැනට මම සිංහල සහ දෙමළ දෙකෙන්ම නිවේදනය කරනවා. ඒ දේ හින්දා අනිත් අයට වඩා මට පොඩ්ඩක් ඉස්මතු වෙන්න අවස්ථාවක් ලැබුණා. විවිධ සැටලයිට් නාළිකාවල යුද්ධ කාලයේදී ප්‍රවෘත්ති පරිවර්තිකාවක් විදිහට හිටියා. යාපනේ ඉන්න ප්‍රාදේශීය වාර්තාකරුවන් එවන පුවත් දමිළ මාධ්‍යයෙන් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ විතරක් නෙවෙයි වෙළෙඳ දැන්වීම්වල හඬකවන්නත් අවස්ථා ලැබිලා තියෙනවා. අද වෙනකොට නිවේදන වෘත්තියෙනුත් ගමනක් යනවා.

 

ක්ෂේත්‍රයන් තුනක් තුළ කටයුතු කිරීමේදී යම්කිසි පැටලිලි ස්වභාවයක් තිබුණෙ නැද්ද?

එහෙම නැහැ. වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියත්, අපිට හැමදාම ඒ දේවල් ලැබෙන්නෙ නැහැනේ. හැබැයි ස්ථිර වෘත්තියක් විදිහට කළේ නිවේදන වෘත්තියයි. ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට ඒ දවස්වල හිටියා. නමුත් දැන් වැඩසටහන් නිවේදිකාවක්, ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට පරිවර්තන කටයුතු, ප්‍රවෘත්ති ලියන ඒවා සහ සංස්කරණ කටයුතු වැනි දේවල් තමයි වැඩිපුර කළේ. ඒක ලොකු පන්නරයක් වුණා වැඩසටහන් ඉදිරිපත් කරන්න. ගෙදරිනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා සහ මගේ සැමියත් වැඩකරන්නේ මේ ක්ෂේත්‍රයේ නිසා කිසිදු පැටලිලි සහගත තත්ත්වයක් නැහැ.

 

නිවේදනයෙන් කටයුතු කරන වැඩසටහන් කිව්වොත්?

විශේෂයෙන් ජාතික රූපවාහිනියේ නුගසෙවණ ඉදිරිපත් කළා. ඊට පස්සේ %මාලිමාව^ කියලා නව සොයාගැනීම් පිළිබඳව කරන වැඩසටහනක් කළා. "ඉරිදා ආයුබෝවන්" වැඩසටහන් සහ දෙමළ වැඩසටහනකුත් ඉදිරිපත් කළා. චැනල් අයි නාළිකාවේ ගිය %රිට්ස්බරි ජර්නිඩේ^ කියන වැඩසටහනත් ඉදිරිපත් කළා. ලොතරැයි දිනුම් ඇදීමේ කටයුතු සිදුකරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සඳහා හඬකවනවා. Outdoor Events කරනවා. එවැනි කටයුතු තමා සිදුවන්නේ.

 

ඔබට රාජ්‍ය සම්මානයක් ලැබිල තියෙනවා නේද? ඒ පිළිබඳව කිව්වොත්?

ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2014 වර්ෂයේ නිර්මාණවලට තමා ඒ සම්මානය ලැබෙන්නේ. 2014 වර්ෂයේ රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම නිවේදිකාව විදිහට සම්මාන ලැබුණා. ඒ සිංහල මාධ්‍යයෙන්. ඒකත් මම ඉදිරිපත් කරපු "මාලිමා" වැඩසටහනටයි.

 

පවුලේ සහයෝගය ගැන කතා ක‍ළොත්?

මම විවාහකයි. මගේ සැමියත් මේ ක්ෂේත්‍රයේ තමයි වැඩකටයුතු කරන්නේ. එයා බෞද්ධයා ගුවන් විදුලියේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරනවා වගේම, ඔහුත් හොඳ නිවේදකයෙක්. ඒ හින්දා මට ඉන්න හොඳම විචාරකයා සහ ප්‍රේක්ෂකයා මගේ සැමියා. එයා තමයි මගේ අඩුපාඩු අඳින පලඳින විදිහේ ඉඳන්, භාවිත කරන වචනේ පවා හැමදෙයක්ම හරි ගස්සන්නේ. මගේ අම්මගෙනුත් හොඳ සහයෝගයක් හම්බවෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන, මගේ සැමියාගේ අම්මා තාත්තාත් ක්ෂේත්‍රයේ ඉන්න දෙන්නෙක්. ඔහුගේ තාත්තා ස්ටැන්ලි ලියනගේ හොඳ සංගීත අධ්‍යක්ෂක කෙනෙක්. ඔහුගේ මව කාංචනමාලා මහවිතාන. ඇය අප රටේ ඉන්න ප්‍රවීණ කලාකාරිනියක්. ඒ දෙන්නත් මගේ අඩුපාඩු පෙන්නලා දෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ

 

2016-10-14-ent-59
2016-10-14-ent-58
2016-10-14-ent-57
2016-10-14-ent-56
2016-10-14-ent-55
2016-10-14-ent-54
2016-10-14-ent-53



අදහස් (0)

වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියත් අපිට හැමදාම ඒ දේවල් ලැබෙන්නෙ නැහැනේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 325 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1437 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1948 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 445 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1688 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 553 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39647 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25786 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site