IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ශා. සෙබස්තියන් - වෙස්ලි අවසන් තරගයට එති

කොත්මලේ චොක්ස් සමස්ත ලංකා අන්තර් පාසල් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ හෙට (10 වැනිදා) පැවැත්වෙන අවසන් මහ තරගය සඳහා මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල තරග බිමට පිවිසීමට නියමිතය.

කොළඹ බ්ලූම්ෆීල්ඞ් පිටියේදී අද (9 වැනිද) පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී මොරටුව වේල්ස් කුමර විදුහල පරදවා ශාන්ත සෙබස්තියන් විදුහල අවසන් මහ තරගය සුදුසුකම් ලැබූ අතර වෙස්ලි විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ කොළඹ ශාන්ත පීතර විදුහල පරාජය කරමිනි.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශාන්ත පීතර විදුහලට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇතිකරවමින් දක්ෂ පිතිහරඹයක නියැලූණ ජනිත් ලියනගේ පන්දු 59 කින් නොදැවී ලකුණු 99 ක් රැස්කිරීමට සමත්විය. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත්විය.

හත්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණ ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ වෙස්ලි විදුහලේ සචින් ජයවර්ධන (37) සහ ශරික එදිරිදීර (35) ශාන්ත පීතර විදුහලේ ජයග‍්‍රාහී බලාපොරොත්තු සුන් කරමින් පන්දු 8 ක් ඉතිරිව තිබියදීම තම පිල ජයටැඹ වෙත කැඳවාගෙන යාමට සමත්වූහ.

ශා. සෙබස්තියන් - වේල්ස් කුමර තරගය

ශාන්ත සෙබස්තියන් විදුහල  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී ලකුණු 146
(අනුක් ප‍්‍රනාන්දු නොදැවී 36, සංගීත් කුරේ 33, ශාන් ප‍්‍රනාන්දු 32, සචින්ත ෆොන්සේකා 16, සමිත් සිල්වා 12, ශෙනාල් ද සිල්වා 24/3)

වේල්ස් කුමර විදුහල  ඕවර 17.1 කදී සියලූදෙනා දැවී ලකුණු 105
(අශේන් මෙන්ඩිස් 31, ශානුක දුලාජ් 16, ගයාන් චාමර 13, සුචිර ප‍්‍රනාන්දු 10, සංගීත් කුරේ 16/3, විසල් සේනානායක 18/2, කුසල් ලක්තිලින 28/2)

වෙස්ලි - ශා. පීතර තරගය

ශාන්ත පීතර විදුහල  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී ලකුණු 158
(ජනිත් ලියනගේ නොදැවී 99, දුශාන් හේමන්ත 22, ජොනතන් කදිරමානපුල්ලේ 20/3, සචින් ජයවර්ධන 30/2)

වෙස්ලි විදුහල  ඕවර 18.4 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 161
(සචින් ජයවර්ධන නොදැවී 37, ශරික එදිරිදීර නොදැවී 35, දිනුක ජයසිංහ 32, අශේල් කාරියවසම් 19, මිගාර වික‍්‍රමසිංහ 17, සහන් නානායක්කාර 17/4)

 



අදහස් (0)

ශා. සෙබස්තියන් - වෙස්ලි අවසන් තරගයට එති

ධනුෂ්ක Wednesday, 10 April 2013 12:43 PM

මොරටුව මොරටුව එය නොමෙකෙන නම ලක්මව සැරසුව, මොරටුව අපේ ගම ශාන්ත සෙබස්තියන් විදුහලට මාගේ උණුසුම් සුබ පැතුම්..!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 373 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 118 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1813 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2319 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3711 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site