IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශත 25ක බද්දට ආනයනය කළ සීනි රජය පවරා ගනී

(යොහාන් භාසුර)

ශත 25 ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ රුපියල් 275 ක පාලන මිලට අළෙවි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පැවසීය.

එම සීනි ලංකා සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා අළෙවි කරන බවත් සීනි හිඟය නැති කිරීම සහ ජනතාවට අවශ්‍ය සීනි ප්‍රමාණය වෙළෙඳපොලට යොමු කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බවත් අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කීය.

එම සීනි තොග අද සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් ගන්නා බවත් ශත 25 ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වන විට ගණනය කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වැඩපිළිවෙළත් සමඟ පාලන මිල අවශ්‍ය නොවන බව කී අමාත්‍යවරයා රුපියල් 50 ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බව ද සඳහන් කළේය. 



අදහස් (5)

ශත 25ක බද්දට ආනයනය කළ සීනි රජය පවරා ගනී

අරවින්ද මොනරවිල Monday, 20 November 2023 09:07 PM

මෙතනත් ගේමක් යන්නේ ශත 25 ට ආනයනය කල සීනී මොකටද රජයට පවරා ගන්නේ, එවායිනුත් ඉතිරි රුපියල් 49.75 අයකරගෙන අලුත් මිලට සීනි විකුණන්න අවසර දුන්නා නම් හරිනේ, එහෙම නැතුව මේක රජයට ගත්තට පස්සෙ වැඩි වටිනාමක් හො වැඩි බරක් තක්සේරු කරලා එකෙනුත් ගානක් ගසාකන්න තමයි මේ හදන්නේ.

:       0       0

අබරන් Monday, 20 November 2023 09:07 PM

මෙහෙමත් නරිටාටක. බන්දුල ඇමති කාලෙ සුදු ලූනූ ගෙනාවා වගේ තමයි.

:       0       0

Bamunuarachchi Monday, 20 November 2023 09:57 PM

කරනවා නම් මෙය තමයි සිදුවිය යුත්තේ. එවිට රජය ගජමිතුරන්ට සැලකුවා කියන ජෙප්පන්ගේ චෝදනාවෙන් නිදහස්. දෙවනුව සීනි තොග පවරාගෙන ඒ ගේන්වූ මුදලට සුපිරි වෙළඳ සැල්, සතොසේට නිකුත් කලොත් ජනතාවට ඒ සීනි තොග අවසන් වෙනතුරු අඩු මිලට සීනි ලබා ගන්න පුළුවන් වේවි. පිටකොටුවේ දෙමල්ල වෙළෙන්දන්ට සීනි නිකුත් කරන්න එපා.

:       0       1

බද්රානි Monday, 20 November 2023 10:49 PM

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔහුට හිතවත් ව්‍යාපාරිකයින්ට බදු සහන දී රාජ්‍ය ආදායම අහිමි කර ගත්තු නිසා තමයි, රජයට අහිමිවූ ඒ බදු ආදායම, භාණ්ඩ වල මිල වැඩිවීම මගින් මේ රටේ ජනතාවට ගෙවන්න සිදුවී තිබෙන්නේ... ටයිල් ව්‍යාපාරයත් ඔහුට හිතවත් කූට ව්‍යාපාරිකයෙක් අතට පත් කරමින් මේ රටේ දුප්පත් මනුස්සයෙකුට වැසිකිලි පෝච්චියක් ගන්න බැරිවෙන තත්වෙට මිල වැඩි කළා... මේ රටේ ගොවිතැන පමණක් නොවෙයි ලංකාවේ සහල් ව්‍යාපාරයත් විනාශ කරන්න ඔහු කටයුතු කළා. නමුත් ඩඩ්ලි සිරිසේන වැනි දක්ෂ ව්‍යාපාරිකයෙක් සිටි නිසා ඒ ව්‍යාපාරය ආරක්ෂා උනා...ගෑස්‌ ටික හා පෙට්‍රල් ඩීසල් ටිකක් ගන්න පෝලිම් වල සිටි යුගය දැන් බොහෝ අයට අමතකයි...මම නම් කියන්නේ මුල අමතක වෙන මේ රටේ අසමත්ජාතීන්ට එවැනි පාලකයෙක් තමයි ගැලපෙන්නේ... කන්න නැතත් ඉන්න රටක් හොයලා ලක්ෂ හට නවයක්ම චන්දෙ දුන්නු මෝඩයෝ ඉන්න රටක්නේ මේ...ලජ්ජා නැතිව තවත් ඒ අයට ආවඩන එකනේ පුදුමේ....තක්කඩි පුජකයින්ගෙයි පාලකයින්ගෙයි බඩවල් පුරෝලා උඹලා බඩගින්නෙම හිටපල්ලා..

:       2       3

Sachith Tuesday, 21 November 2023 06:37 AM

තවත් සීනි වංචාවකට දෙපාරක්ම අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ගෙවන්න හදන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 43 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 73 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 142 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මෝටර් රිය අඩි 300ක් පහළට
2025 අප්‍රේල් මස 22 436 0

නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ


ආයුධ පෙන්වා වාහන කොල්ල කෑ දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 22 419 1

තියුණු ආයුධ පෙන්වා බියගන්වා වාහන කොල්ල කෑ කල්ලියක සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.


කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 1276 2

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site