IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ශත සංවත්සර ප‍්‍රංශ සවාරිය අද ඇරඹෙයි

ලෝකයේ විශිෂ්ටතම පාපැදි තරගය ලෙසින් සැලකෙන ප‍්‍රංශ සවාරිය අද (29 වැනිදා) ප‍්‍රංශයට අයත් කෝසිකා දූපතෙන් ආරම්භ වේ. 100 වැනි වරටත් පැවැත්වෙන මෙවර ප‍්‍රංශ සවාරියේ සමස්ත දුර ප‍්‍රමාණය කිලෝ මීටර 3360 ක් වන අතර එය අදියර 21 කින් සමන්විත වේ.
ප‍්‍රංශ සවාරිය, දින දෙකක විවේක සහිතව, දින 21 ක් පුරා පැවැත්වෙන අතර ජූලි 21 වැනිදා අවසන් වීමට නියමිතය.

ප‍්‍රංශ සවාරිය ඉතිහාසයේ මහත් බලපෑමක් ඇති කළ ලාන්ස් ආම්ට්‍රෝන්ගේ අවුරුදු හතක රැවටිලි සහගත ජයග‍්‍රහණ හෙළි වීමෙන් පසු පවත්වන පළමු ප‍්‍රංශ සවාරිය මෙය වේ. ඒ නිසා මෙම වසරේ තරගාවලියේ වෙනස් අයුරකින් පැවැත්වීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.

පසුගිය වසරේ ජයග‍්‍රාහී කණ්ඩායම බවට පත්වූ බි‍්‍රතාන්‍යයේ ‘ස්කයි’ කණ්ඩායම සිය පෙරළිකාර දස්කම් දැක්වූයේ කාලය මැනීමේ තරග වලදී බ‍්‍රැඞ්ලි විගින්ස් දැක්වූ දස්කම් හේතුවෙනි. වසර 100 කට වැඩි ඉතිහාසයක් හිමි ප‍්‍රංශ සවාරිය ජයගත් (2012 දී) එකම බි‍්‍රතාන්‍ය ජාතිකයාද බ‍්‍රැඞ්ලි විගින්ස්ය.

මේ වසරේදී අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් විගින්ස් ප‍්‍රංශ සවාරියට තරග නොකළද පසුගිය වසරේදී ඔහුගේ දෙවැනියා වූ කි‍්‍රස් ෆ්‍රෝම් ‘ස්කයි’ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කරයි.

කි‍්‍රස් ෆ්‍රෝම් මෙම තරගවාරයේදී ඉදිරිපත් වූ තරග වලින් අදියර 4 ක් ජයගෙන ඇති අතර කඳුකර මාර්ග වලදී ස්කයි කණ්ඩායමේ වේගය සෙසු තරගකරුවන් බිය ගන්වන සුළු තරම් යයි කියැවේ. කෙසේ වෙතත් පසුගිය වසරේදී පසුබැස ගිය ස්පාඤ්ඤ තරගකරුවන් වන ඇල්බර්ටෝ කොන්තඩෝර් සහ ජෝකිම් රොඞ්රිගෝස් සටන පහසුවෙන් අතහැර දැමීමට සූදානම් නොවෙති.

වැළමිටි වංගු 21 කින් සමන්විත කඳුකර මාර්ගයක් වන ඇල්ප්ස් දුර්ගය තරණයේදී ඔවුන්ගේ දස්කම් මැනවින් බලාගත හැකිවනු ඇත.

දෙවතාවක්ම ප‍්‍රංශ සවාරිය ජයගෙන සිටින ඇලබර්ටෝ කොන්තඩෝර් (2007 සහ 2009) තහනම් උත්තේජක ගැනීමට වරදකරු වීම නිසා වසරක තරග තහනමකින් පසු නැවතත් ප‍්‍රංශ සවාරියට එක්ව සිටී.

කොත්නඩෝර් සහ ස්කයි කණ්ඩායමේ නායක කි‍්‍රස් ෆ්‍රෝම් අතර ඇත්තේ නොනවතින තරගයකි. 2013 පාපැදි තරග සමයේදී කි‍්‍රස් ෆ්‍රෝම් සහ කොන්තඩෝර් මුණගැසුණු සෑම අවස්ථාවකදීම බි‍්‍රතාන්‍ය ජාතිකයා ජයගත් නමුත් අද (29 සෙනසුරාදා) තරගකරුවන් 198 දෙනකු ආරම්භක සංඥාව සඳහා පෙළගැසෙන විට අතීතයේ ලද පරාජයන් හුදු සිදුවීම් පමණි.

ලෝ ප‍්‍රකට ප‍්‍රංශ සවාරිය පාපැදි තරගයේදී 1999 සිට 2005 දක්වා ජයග‍්‍රහකයා වූ ලාන්ස් ආම්ස්ට්‍රෝන් තහනම් උත්තේජක භාවිතා කළ බව පරීක්‍ෂණ වලින් ඔප්පු වීමෙන් පසු ඔහුගේ නම ජයග‍්‍රාහකයන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබ ඇත.

 



අදහස් (0)

ශත සංවත්සර ප‍්‍රංශ සවාරිය අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 905 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 318 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4054 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1457 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 694 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2452 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site