එංගලන්තයේ ලන්ඩන් නුවරදී මෙම 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස බැඞ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න පත්ව සිටියි. පෝලන්තයේ විශේෂ පුහුණු කඳවුරකට සහභාගිවී සිටින නිලූක එරට සිට ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතය. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ කුසපත් ඇදීමට සහභාගිවීම සඳහා නිලූක මෙම 23 වැනිදා ලන්ඩන් නුවර බලා පිටත්ව යන බවද වාර්තාවේ. ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනා අතරින් සිය දස්කම් අනුව ඔලිම්පික් පරිසාධක මට්ටම ඉක්මවමින් ලන්ඩන් ඔලිම්පික් වරම් හිමිකරගත් පළමු ක්‍රීඩකයා ද නිලූක වේ. නිලූක සහ මැරතන් ක්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ පරිසාධක මට්ටම ඉක්මවමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබු ක්‍රීඩකයෝ වෙති. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියට සුදුසුකම් ලබාගත් ක්‍රීඩකයන් 38 දෙනා අතරින් නිලූක සිටින්නේ 30 වැනි ස්ථානයේය. පෝලන්ත පුහුණු කඳවුරට සහභාගිවෙමින් සිටියදී නිලූක පසුගියදා (7) ඇමරිකාවේ පැවැති ඇමරිකානු විවෘත බැඞ්මින්ටන් තරගාවලියට ද සහභාගිවිය. ඔහු පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. අර්ධ අවසන් පුර්ව වටයේදී නිලූක ශූරතාව දිනාගත් රුසියාවේ වැල්ඩිමීර් ඉවොනොව් හමුවේ පරාජය විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකා ඔලිම්පික් පිලේ නායකයා නිලූක
සුමුදු Friday, 13 July 2012 05:17 PM
බලපිටියෙ මගේ ගමේ කොල්ලෙක්...!!!! ජය වේවා..!!!!