IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි - පා.ම. ධර්මලිංගම්

(සිරාජ් හසීම්) 

රටම පිළිගෙන ඇති ජාතික ධජයට ගෞරව කිරීම හා පිළිගැනීම සියලු දෙනාගේම වගකීමක් හා යුතුකමක් වුවත් ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි යන්න තමාගේ ස්ථාවරය බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා අද (19) පැවසීය.

එමෙන්ම ජාතික කොඩිය ගැන විවේචන ඇතත් එය පිළිනොගෙන සිටිය නොහැකි බව පෙන්වා දුන් සිද්ධාර්ථන් මහතා එම ධජය පිළිගැනීම හෝ නොපිළිගැනීම එකිනෙකාගේ කැමැත්ත බවද සඳහන් කළේය.

වව්නියාව සිංහල විද්‍යාලයේ පැවති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සිද්ධාර්ථන් මහතාගෙන් කරන ලද අදහස් විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 



අදහස් (57)

ශ්‍රී ලංකා ධජයේ වෙනස්කම් සිදුවිය යුතුයි - පා.ම. ධර්මලිංගම්

ajit Sunday, 19 November 2017 01:45 PM

සිංහලයාගේ රටේ මේ වගේ දේවල් කියන්න මේ අයට තියෙන අයිතිය මොකද්ද ..?

:       1763       1506

AkilaMonday, 20 November 2017 02:11 AM

මේක සිංහලයාගේ පමණක් රට කියල ඔය කොහෙදිද ඉගෙන ගත්තේ ? උතුරේ දමිල ජනතාවත් නොදන්නා ඉතිහාසයේ සිට එහි සිට තිබෙනවා

:       16       142

channaMonday, 20 November 2017 03:05 AM

අම්මපා ඇත්ත නේන්නම් !

:       2       19

charith Monday, 20 November 2017 04:00 AM

අපේ ජනතිපති තුමා පත්තරේ බැලුවේ නෑ කියාවී දැන් ඉතින්

:       7       1

CamiletMonday, 20 November 2017 03:43 AM

ඔක්කොම ලංකාවේ ඉන්න මිනිස්සු. සිංහලයාගේ දේශය කියන එක වැරදි - මේක අපේ රට කියන එක හරි. ජාති වාදය ඉස්සරහට දමන අයගේ මොලේ ගොඩක් හිස් ඉඩක් තියන එක පෙන්නන හොඳ නැහැ.

:       0       20

aseMonday, 20 November 2017 04:28 AM

ලංකාව කවදාවත් මුළු රටම අපි සිංහලයන්ට තිබුනද ? දුටුගැමුණු රජතුමාත් මැදවච්චියෙන් උඩ දෙමල අයට ජිවත් වීමට දුන්න නේද ? දන්නේ නැති නිසි අහන්නේ ?

:       0       11

ashokMonday, 20 November 2017 05:30 AM

අජිත් ඔහොම අදහස් දාන්න එපා.

:       13       0

erdi Sunday, 19 November 2017 02:04 PM

මේ සාමකාමී රට, නැති ප්‍රශ්න ඇති කරමින් ව්‍යාකූල කරන්න හදන්නේ මේ අයට පිස්සුද? මෙච්චර නිදහසක් තිබිලත් මේ වගේ තුච්ච කතා කියන්නේ නැහැදිච්ච කමකටද?

:       48       576

RaveendraSunday, 19 November 2017 04:26 PM

erdi මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු.

:       0       6

sathyapalaSunday, 19 November 2017 06:37 PM

කෑමෙන් හොද කෑම ඉල්ලා ගෙන කෑම.... ඉල්ලගෙන කන්නමයි හදන්නේ. අවශ්‍යතාවය සිංහලයා කුපිත කිරීම. "නිවට අම්බැට්ටයට එළුවාත් නිකට පානවලු" දුර්වල ආණ්ඩුවක් තිබුණාම ජාතිවාදියෝ හිටි පිනුම් බඩ පිනුම් ගහනවා. අන්තිමට මහජාතිය පීඩනය පිටකරනවා. එතකොට ඇඳිරි නීති දාලා යට ගහනවා. අතිසාරේට අමුඩ ගහලා හරියන්නේ නෑ. නැවත නැවත සිදුවීම් ඇතිවීම වැළක්විය නොහැකියි.

:       0       0

aseMonday, 20 November 2017 04:11 AM

මෙහි අරමුණ නැවත කලබල ඇති කර ලෝකය ඉදිරියේ හඬා වැටෙන්න " අපිට සිංහලයෝ ගහනවෝ " ඔය හිවල්ලු හු කිවූවට කලබල වෙන්න එපා

:       0       0

Lawrence Sunday, 19 November 2017 02:10 PM

රටක හැම ජාතියකටම නිදහසේ ජීවත් වීමේ අයිතිය තිබිය යුතුයි. එදා උතුරේ දෙමළ අයට තිබුණු බිය අද දකුණේ අනෙක් සුළු ජාතීන්ට ඇති වෙලා. ප්‍රශ්නයක් වුණාම පොලිසියට ගියත් විසඳුම් ලැබෙන්නේ ජාතිය අනුවයි. එතකොට ඒ ජනතාවට පිහිට කොහෙන්ද? එම නිසා තමයි මේවට ලෝකයා මැදිහත් වෙන්නේ. යුද්දෙන් පස්සේ ජාතියට බුද්ධිය ඇති වේවි කියලයි හිතුවේ. නමුත් සමහර මෝඩ ගෝත්‍රිකයන් නිසා රට ආපස්සට ගමන් කරමින් තිබෙනවා.

:       1504       1692

BamunuarachchiSunday, 19 November 2017 04:39 PM

Lawrence වහෙන් ඔරෝ නැතුව කෙලින් කියන්න සිංහල කොඩිය වෙනස් විය යුතුද නැද්ද? ඊට පසු අපි පිළිතුරු දෙන්නම්

:       22       1

RehanMonday, 20 November 2017 04:01 AM

ඔබගේ අදහස් ඉතා විචක්ෂණශීලි, හරවත් වේ.

:       0       0

Prase Sunday, 19 November 2017 02:10 PM

වෙනසක් ඉක්මණින් වේවි... අනුරාධපුර රැස්වීම අපි දුටුවා.

:       926       715

HafeelSunday, 19 November 2017 03:55 PM

ඔහොම තමයි 2015 ජනාධිපතිවරණයේදීත් සෙනඟ හිටියේ. අදත් මම තමයි ජනාධිපති, 9 වැනිදාටත් මම තමයි ජනාධිපති කියලා කිව්ව කෙනා අවසානයේ 9 වැනිදා වීරකැටිය නිවාස ජනේල අස්සේ ගමේ ජනතාවට ඇමතුවා.

:       0       1

aseMonday, 20 November 2017 04:22 AM

ඔය වගේ අදහස් වල අවසානය වන්නේ නැවත යුද්දයක් ඉල්ලීමි ඇයි මේ යුද මානසිකත්වය. බොරුවට වීරයන් වෙන්න යන්න එපා

:       0       0

රොමේෂ් Sunday, 19 November 2017 02:13 PM

මූලිකම වෙනස්කම වියයුත්තේ ජාතික කොඩියේ කොළපාට සහ තැඹිලි පාට තීරු දෙක තව කුඩාවීමයි. ඊට අමතරව ඒ පාට දෙක සිංහල ජාතිය නියෝජනය කරන මෙරුන් පාට තීරුවකින් වට විය යුතුයි. උතුරේ කට්ටිය පිළිගන්නවාද නැද්ද බහුතරය වෙච්ච සිංහලයාට අදාළ නැහැ. මොකද ඒගොල්ලෝ මෙච්චර ලස්සන ගාම්භීර කොඩිය එපා කියලනේ කොටි මූණ තියෙන කොඩිය උස්සන්න ගිහින් අමුඩේ විතරක් ඉතුරුවෙනකම් යුද්ධ කෙරුවේ. ජාතික ගීය වුණත් දෙමළෙන් ගයන්න වුනේ ව්‍යවස්ථාවෙන් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කරලා තිබුණු නිසයි. නමුත් විය යුතුව තිබුනේ දෙමළ භාෂාව පළමු උප භාෂාව වශයෙන් ව්‍යවස්ථාවට ඇතුළු කිරීමයි. එහෙනම් දෙමළ විතරක් දන්නා පැතිවල රාජ්‍ය ආයතනවල දෙමළෙන් වැඩකළත් උදේ වැඩ පටන් ගනිද්දී අනිවාර්යෙන් සිංහල ජාතිය ගීය ගැයීම අනිවාර්යය වෙනවා. එංගලන්තේ ඉන්න ඩයස්පෝරාවේ උන්දැලා උදේට "ගෝඩ් සේව් අවර් ක්වීන්" කියනවා මිසක් "නමෝ නමෝ තායේ" කියන්නේ නැහැනේ. "සහජීවනය" කියන්නේ ඔටුවට කූඩාරමට ඔලුව දාගන්න දෙන බලපත්‍රයක්. මේක තේරුම් නොගැනීමේ ප්‍රතිඵලය හරිම භයානකයි.

:       3184       4161

pradeep Sunday, 19 November 2017 02:14 PM

රජයේ ඇමැතිකමක් තිබිලත් ජාතික කොඩිය උස්සන්න කැමති නැත්නම්, තමන්ගේ ඇඳුමක් ලීයක දවටා මීළඟ උත්සවයේදී උස්සන්න ගැලපෙන බව මතක් කරන්න කැමතියි.

:       2       894

rathnayaka Sunday, 19 November 2017 02:16 PM

මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට ධර්මලිංගම් මන්ත්‍රීතුමාගේ අදහසට එකඟ වෙමි. නමුත් ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි නම් කිරීම තුළ කිසිදිනක ශ්‍රී ලාංකික කම ඉදිරියට ගෙනයා නොහැක. පාලකයන් පමණක් නොව රටවැසියාද බුද්ධි ගෝචරව තීරණයක් අප්‍රමාදීව ගතයුතුව ඇත.

:       2105       2678

Sathyayaa Sunday, 19 November 2017 06:50 PM

රත්නායක, මේ රට සිංහළ බෞද්ධ රටක් හැටියට ඔබට පිළිගැනීමට බැරි හේතුව වටහා ගන්න අපට කිසිම අපහසුවක් නැහැ. පාලකයින් තමන්ගේ පැවැත්මට ගොතන අවස්තාවාදී ප්‍රබන්ධ වල ඔබත් සෘජු ගොදුරක්.

:       17       3

රත්නායකThursday, 23 November 2017 08:48 AM

අපේ රටේ 100% සිංහල මව් භාෂාව වන ශ්‍රී ලාංකිකයන් සිටියේනම් ප්‍රශ්ණයක් නැත. කවරෙකු හෝ යම් දිනක මම නාග යක්ෂ ගොත්ත්‍රිකක් අපේ ජනතාවගේ රට තමයි විජේ ඇතුළු වරින් වර ආපු සංක්‍රමිකයන් අල්ල ගත්තේ මේක නාග දේශය කියලා නම් කරන්න ඕනනේ කිව්වොත් අපේ ආර්ය සිංහල ජනතාව මොකද කියන්නේ ? යථාර්තයනම් ශ්‍රී ලාංකිකයන් යනු ජන සම්මිශ්‍රණයක එකතුවක්. මේ අදහස පිලිගනේන්නත්තම් ආර්ය සිංහල DNA රටාව සොයාගෙන DNA පරීක්ෂණයකින් ඔප්පු කරන්න.

:       0       228

sanjaya bandaraThursday, 23 November 2017 10:38 AM

ඕගොල්ලෝ වගේ අය තමයි කිව්වේ යුද්ධේ ඉවර කරන්නත් බෑ බෑමයි කියලා

:       12       0

Thushara-Qatar Sunday, 19 November 2017 02:32 PM

සිංහල ජාතිය දණ ගස්සවන පාලකයෝ රට පාලනය කරන කොට ඔහොම කතා අහන්න වෙනවා.. අවුරුදු 5 කාල සීමාවට රටත්.. ජාතියත් විනාශ කරන මේ අයට සාප කරන්න ඕනේ.. මේවා අහනකොට මට හරිම දුකයි.. ජාතික කොඩිය.. ජාතිය ගීය පණමෙන් සුරැකිය යුතු දෙයක්..

:       1068       858

Lal Sunday, 19 November 2017 02:38 PM

අයියෝ සුළු දෙයක්නේ අයියා ඉල්ලන්නේ. අපේ නායකයෝ ශ්‍රී ලංකා ධජයේ වෙනස්කමක් හැටියට කොඩියේ ඉන්න සිංහයාගේ වලිගේ පස්ස පැත්තේ ගහාගෙන ඉන්න ආකාරයට වෙනස්කරලා දේවි...

:       16       725

අනුර ඉලන්කෝන් Sunday, 19 November 2017 02:43 PM

දැන් අරයා මේකත් වෙනස් කරයිද දන්නෑ සංහිඳියාව කියලා..

:       22       582

nisar Sunday, 19 November 2017 02:46 PM

ඔය කොඩියේ තියෙන සිංහයා හෝ කඩුව යන දෙකෙන්ම කිසිම ජනවර්ගයක් නියෝජනය වෙන්නේ නැහැ. සිංහයා මාංශ භක්ෂකයෙක්. කඩුව අවිහිංසාවාදයට විරුද්ධ ලකුණක්. බෞද්ධයා නියෝජනය වෙන්නේ බෝ කොල හතරකින් විතරයි. පාට දෙකකින් සුළු ජාතින් නියෝජනය වෙනවා. සිංහයා ඇතුල් කරලා තියෙන්නේ විජය කුමරු ලංකාවට පැමිණෙන විට ඔහු ඇතිතව සිංහ කොඩියක් තිබ්බා කියලයි... දෙයියෝ තමයි සත්‍ය දන්නේ... ඔහු හින්දු ජාතිකයෙක් නිසා දෙමළ ඇමැතිවරු කුලප්පු වෙන්න අවශ්‍ය නැහැ.

:       1050       897

Chanak los angeles Sunday, 19 November 2017 02:54 PM

අපේ ජනාධිපතිතුමා එක්ක කතා කරලා මේවා අවශ්‍ය වෙනස්කම් කරගැනීමට පුළුවන්. අපේ යහපාලන රජය සංහිඳියාව මඟින් විසඳා ගන්න පුළුවන්.

:       281       147

Dr. Edward Perera Germany Sunday, 19 November 2017 03:36 PM

ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජන වාර්ගික කොටස හැමදාම හිතාගෙන හිටියේත්, හැසිරුනෙත් ඔවුන් වෙනම ජාතියක් ලෙසයි. අනුවණ ඇතැම් සිංහල දේශපාලඥයින් මෙන්ම ඊනියා උගතුන්ද ඔවුන් ගේ දේශනාවලදීත් පොතපත ලියන විටදීත් දිගින් දිගටම "දෙමළ ජාතිය" යන වචනය පාවිච්චි කරන්න යෙදුණා. සුළු ජන කොටස් වල ඡන්දයෙන් බලයට පත්වෙන්න දැඟලු සිංහළ දේශපාලකයින්ගේ නිවට නියාලු ප්‍රතිපත්ති නිසා, ද්‍රවිඩ අන්තවාදී කොටස් වෙනම රාජ්‍යයක් සඳහා දිගින් දිගටම අරගල කළා. ශ්‍රී ලංකා ධජය මුළුමනින් ප්‍රතික්ෂේප කිරීම හෝ එහි ඇතැම් කොටස් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටින්නේ, වෙනම (සිහින) රාජ්‍යයක ඔවුන් ජීවත් කිරීමට අන්තවාදී ද්‍රවිඩ දේශපාලකයින් හා ඔවුන්ට උඩ ගෙඩි දෙන බෞද්ධ විරෝධී ආගමික කොටස් නිරන්තරයෙන්ම කැපව සිටීම නිසයි. අපගේ පෞද්ගලික අදහස නම් ශ්‍රී ලංකා ධජයේ දැනට සුළු වාර්ගික කොටස් වෙනුවෙන් වෙන්කර ඇති තීරු ඉවත් කළ යුතු බවයි. මන්ද එසේ තීරු වෙන්කර ඔවුන් මේ රටේ වෙන්වූ ජන කොටස් ලෙස සැලකීම සදාචාරාත්මක නොවන නිසයි. සියලුම ජන කොටස් එක චිත්‍රයක් යටට ගෙනෙන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ සියලු දෙනාම එක ධජයක් යටතට ගෙන ආ යුතුමයි. සිංහ කොඩිය මේ දෙරණේ ධජයයි.

:       1162       1357

BamunuarachchiSunday, 19 November 2017 05:47 PM

ඔව් Dr. Edward Perera කතාවක් තිබෙනවානේ කිඹුලා කන එක ඉවසන්න පුළුවන් කොහිල කටු ඇනෙන එක ඉවසන්න බැහැ කියලා. දෙමළ අය ජාතික කොඩිය ගැන කියන ඒවා ඉවසන්න පුලුවන් මොකද ඒ අය දෙමල්ලු හරි මුස්ලිම් අය හරි නිසා. ඒත් මේ සිංහලයෝ ජාතික කොඩිය වෙනස් කරමු කියන එක කොහොම ඉවසන්නද?

:       12       3

Dr. Edward Perera GermanyMonday, 20 November 2017 09:08 PM

බමුණුආරච්චි මහතාණනි! අභීතව අදහස් ඉදිරිපත්කිරීමේ ඔබ සතු මහඟු ගුණාංගය මම අගය කරමි. රටක් දෙකඩ වන්නේ භෞමිකව නොව චින්තනය අනුවයි. උතුරේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය වුනේ සිංහළ බෞද්ධයා සමග වසර දහස් ගණනක් සහජීවනයෙන් විසු හින්දු ද්‍රවිඩ සාමාන්‍ය ජනතාවට නොව උතුරේ ඇති කුලභේදය දඩ මීමා කරගෙන පහළයයි සම්මත කුලවල අයට විෂ පොවා හින්දු වෙල්ලාල කුලයට මෙන්ම සිංහළ බෞද්ධයින්ටත් විරුද්ධව යුද්ධයක් දියත් කරන්න ත්‍රස්තවාදයට උඩ ගෙඩි දුන් කිසියම් ආගමික කණ්ඩායමකටයි. උතුරේ හින්දු ආගම හා දකුණේ බොදු දහම හා සබැඳුණ සංස්කෘතිය පවතින තාක් මේකියන පිරිස් වලට හෙළ දිවයින භෞමිකව හෝ වාර්ගිකව බෙදන්න බැරි බව දන්නා නිසා යුද්ධයේ පරාජික මානසික තත්වය යටතේ පවා ඔවුන් අදත් උත්සාහ කරන්නේ මේ දිවයින ආර්ථික හා සමාජයීය වශයෙන් අස්ථාවර කර දැමීමටයි. ඊනියා සංහිඳියාව "අතීසාරයට අමුඩ" ගැසීමකි. දේශපාලන බල අධිකාරිය බුද්ධිමත් නම් කළ යුතුව ඇත්තේ සිංහළ බෞද්ධයාගේ කාරුණිකත්වයෙන් රැකවරණ ලැබූ හින්දු ද්‍රවිඩයින් නැවත සිංහ ධජයේ සෙවන යටතට ගැනීමයි. සහජීවනයට කැමති ඕනෑම සුළු ජන කොටසකට ඒ සඳහා එක් විය හැකියි.

:       10       1

rehanMonday, 20 November 2017 04:02 AM

ඔබේ අදහසට මමත් එකග වෙමි.

:       0       0

aseMonday, 20 November 2017 04:19 AM

කොඩියේ කොටසකින් පිළිබිඹු විඑමෙන් අදහස් වෙන්නේ "අපි සියලු ජාතින් එක සෙවනක" යන අදහස නොවේද එය ඉවත් කළහොත් ඒ අපි ඔවුන් යට කිරීමක් නොවේද ඔය උගුල් වලට අහු වෙන්න එපා ඔය ඇයො ආයෙත් කලබලයකට මුල හොයනවා වෙනම පළාතක් ඉල්ලීමට කවදාවත් සැනසීමකට පත්වන අය නොවේ ඔය

:       0       1

P. de. silva - Canada Sunday, 19 November 2017 03:53 PM

ඇත්තටම මේ, විද්‍යුත් මාධ්‍යයට ප්‍රකාශය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී යැයි කියන මේ ද්‍රවිඩ පුද්ගලයාගේ මනස සහ සිහිබුද්ධිය යහපැවත්මක ඇත්දැයි සොයා බැලිය යුතුයි. කිමද යත් මෙය හරියට උපන් මිනිසෙකු වෙනස් කිරීමක් වැන්නැයි එදා පටන් ඇති ජාතික කොඩිය වෙනස් කල යුතුයි පැවසීම... නැතහොත් යලි ජාතිවාදී අරගලයක මුලපුරා එන්නේ නැවත ලේ වැගිරීමකටද? ලොව කොහෙවත් නැති ප්‍රශ්න ඇති කිරීම මොවුන් හට නිදහස වැඩිවීමක්ද? මෙසේ රට ජාතිවාදී ආගම් වැඩියෙන් තොර යහපත් සාමකාමී රටක් වෙනුවෙන් යන ගමනට අකුල් හෙළා බාධා ඇතිකිරීමටද? මෙවන් පුද්ගලයින් දේශපාලනයෙන් ඉවත් කොට, කල වැරදි වලට නීතිය හමුවට ගෙන පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වූවානම් නීතිය අනුව වරදට අදාල දඬුවම් ලැබිය යුතුයි. සත්‍ය, සාධාරණය, යුක්තිය, සහජීවනය සහ සාමය සැමට එකසේ එක රටක් එක ධජයක් යටතේ පැවතිය යුතුයි.

:       0       1

Hafeel Sunday, 19 November 2017 03:57 PM

මොන වගේ වෙනස්කම්ද කරන්න ඕනේ? ශිවාජිලිංගම්ගේ සහ විග්නේෂ්වරම්ගේ පින්තූර දාන්න ඕනෑ....

:       0       0

Yasanthi ranaweera Sunday, 19 November 2017 04:03 PM

අපගේ කොඩියට ආගම් බේද අවශ්‍ය නොවෙයි. එමනිසා අන් රටවල විවිධ ජාතීන්ට විවිධ පාට නැත. සිංහයා සියලු දෙනාටම සෑහෙයි. ඒකතමයි අපේ ක්‍රිකට් වලට Lions කියන්නේ. අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයි. එසේ පාට තීරු දැම්මොත් මැලේ, බර්ගර්, සහ වැද්දන්ට තීරු හිමි විය යුතුය. එය බෙදීමකි.

:       0       1

sam Sunday, 19 November 2017 05:19 PM

එතකොට මෙව්වා ජාතිවාදී දේවල් නෙවේද.

:       0       0

minipe Sunday, 19 November 2017 05:27 PM

ජාතිය කියන්නේ ආගම නොවේ. ආගම නම් ජාතියක්ද නොවේ. කොඩිය නියෝජනය කල යුත්තේ රටකි. සැම ජාතියක්ම, ආගමක්ම රටේ වැසියන් නියෝජනය කල යුතුයි.

:       0       0

Bamunuarachchi Sunday, 19 November 2017 05:42 PM

nisar, මොන රටේ මොන කොඩියෙන්ද ජනවර්ගයක් නියෝජනය කරන්නේ? ඇමරිකන් කොඩියෙන්, බ්‍රිටිෂ් කෝඩියන් ජනවර්ගයක් නියෝජනය වෙනවාද. සව්දි අරාබි කොඩියට මොකද කඩුවක් තිබෙන්නේ. සුළු ජාතිකයන් වෙනුවෙන් පොඩි පටි දෙකක් දැම්මේ මේ ළඟදී. නියම සිංහ කොඩියෙන් සිංහල ජාතිය සහ බෞද්ධ ආගම සංකේතවත් කරනවා. විජයන් එනකොටත් මේ රටේ සිටපු ජාතිය තමයි සිංහල ජාතිය. මුස්ලිම් මෙරටට ආවේ බොහොම ළඟදී. එක මතක තියා ගන්න.

:       0       1

banda Sunday, 19 November 2017 06:20 PM

හරියටම හරි සිංහයා වෙනුවට නරියෙක් තමයි හරි යන්නේ .....

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 19 November 2017 06:52 PM

ඉන්දියාවේ තමිල්නාඩුවේ ඉන්නවා මිලියන 67.86 කට වැඩිය එහෙ කොඩියේ මොන දෙයක්වත් නෑ මෙයාලට, මෙහෙ වෙනම පාටකුත් දීලා අපිට තමා ඔක්කොම කෙරුම් පෙන්නන්න එන්නේ.

:       0       1

Asitha Sunday, 19 November 2017 09:23 PM

මේවගේ කට්ටිය ඇමෙරිකාවේ සිටියානම් එක්කෝ ජාතික කොඩිය තියෙන තරු ගණන වෙනස් කරන්න කතාකරවී නැත්නම් ඉරි දහතුන වෙනස්කරන්න හදාවි, මේක තමා ජාතිවාදය. නමුත් ඇමෙරිකාවේ ඕව හීන පමණි. ලංකාවෙනම් ඕන කෙනෙක්ට ඕනදෙයක් කරන්න පුළුවන්නේ . කොහොමද නිදහස?

:       0       0

lal Sunday, 19 November 2017 10:04 PM

ලැජ්ජ නැද්ද සිංහලයාගේ රටට හොරෙන් ඇවිත් අයිතිවාසිකම් කියන්න.

:       13       91

V.warnakulasuriya Sunday, 19 November 2017 11:28 PM

අධිපෝෂණයෙන් පෙළෙන පැලැන්තියට වෙනත් අවශ්‍යතාවයක් නොමැති නිසා කොටසක් කොඩිය වෙනස් විය යුතුය කියනවා වගේම තව කොටසක් වෙනස් නොවිය යුතුය කියති. ඒ ඔවුන්ගේ පැවැත්ම ගෙන යාමට යමක් අවශ්‍ය නිසාය. රටක ජිවත් වෙන්නේ පුරවැසියන් නම් ප්‍රධාන අවශ්‍යතාවය සපුරා ගැනීමට කවුරුත් උත්සාහයක යෙදිය යුතුව ඇත. නමුත් නිතරම කවුරුත් කුණු ගොඩ ගසා ගැනීමට උත්සාහ කිරීම නැවත අනාගතයේ මිනි කදු ගොඩ ගසා ගැනීමකටද හේතු විය හැකිය.

:       0       0

abey ruwan Monday, 20 November 2017 12:08 AM

පොඩි උදාහරණයක් :මම ජිවත් වෙන්නේ ඔස්ට්‍රියාවල. මේ රටේ ඉන්න තුර්කි යුගොස්ලව් සිරියන් ඇෆ්ගනිස්ටන් ආදී නානාවිධ ජාතීන්ට අනුව ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ කොඩිවල පාට මේ රටේ කොඩියට එකතු කරන්න ගියොත් මේ රටේ කොඩිය "මාගලක් "වේවි නේද ?කොඩිය නොව වෙනස් විය යුත්තේ අන්‍යෝන්‍ය සහජීවනය .ලොව පවතින ඉතාම අවිහිංසාකාරී ආගම් දෙක වන බෞද්ධ සහ හින්දු ජනයට සුහදව එක රටක ජිවත්වීමට නොහැකි වීම ඛේදවචාකයක් !අපි අවංකවම අපි ගැන ලැජ්ජා විය යුතුනේද ?

:       0       0

Bamunuarachchi Monday, 20 November 2017 12:15 AM

"එමෙන්ම ජාතික කොඩිය ගැන විවේචන ඇතත් එය පිළිනොගෙන සිටිය නොහැකි බව පෙන්වා දුන් සිද්ධාර්ථන් මහතා එම ධජය පිළිගැනීම හෝ නොපිළිගැනීම එකිනෙකාගේ කැමැත්ත බවද සඳහන් කළේය." ධර්මලිංගම් උන්නැහේ එක එකාගේ කැමැත්තට ජාතික කොඩිය හෝ ජාතික ගීය වෙනස් කිරීමට ගියොත් දැනට ජාතික කොඩි කෝටි 2 සැදීමට සිදුවනු ඇත. මක්නිසාදයත් දැනට ලංකාවේ සිටින කෝටි 2 ජනතාවගේ අදහස් වෙනස් නිසාය. සුළු ජාතීන් ගැන සිතපු නිසා තමයි ඔබලා වෙනුවෙන් පාට පටි දෙකක් සිංහයාගේ ඉදිරියෙන් දැමුවේ. සිංහයා සිංහල ජාතිය සංකේතවත් කරන අතර කඩුව සිංහලයා කාටවත් යටත් නොවන ජාතියක් බව පෙන්නුම් කරයි. මුස්ලිම් සහ දෙමළුන් පැමිණියේ ජාතික කොඩියක් තිබුන රටකටයි.

:       12       1

ලුම්බිණි Monday, 20 November 2017 01:21 AM

අපේ රටේ සියලු දෙනාටම ගැලපෙන විදියේ ජාතික කොඩියක් නිර්මාණය කර ගත්තොත් මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද?

:       32       17

jayantha Monday, 20 November 2017 01:54 AM

දැන් වෙනස හොඳද?

:       25       1

upali Monday, 20 November 2017 03:47 AM

තව මොනවද දන්නෙන නැහැ වෙනස් කරන්න ඕන..??

:       2       0

sarath Monday, 20 November 2017 04:13 AM

දේශපාලන බලය රැකගන්න දෙමල මිනිස්සු රවට්ටලා අවුරුදු 30ක් මුළු රටම විනාශ කරලා ඒ මදිවට තවත් එනවා.

:       2       41

Amarapaala Monday, 20 November 2017 04:19 AM

හීලෑ කරපු කොටි තවම ගොරවනවා. ඕක සාමාන්‍ය දෙයක් .

:       0       39

indika Monday, 20 November 2017 04:28 AM

ඇයි, සිංහයා වෙනුවට කොටියෙක් දන්නා ඕනෙද? අනේ මන්ද මේවා කතා කරලා සහජිවනෙට බලපෑමක් වෙයිද දන්නේ නැහැ!

:       0       1

silva Monday, 20 November 2017 04:41 AM

මට හිතන විදියට ඉල්ලගන කන්න හදන්නේ

:       0       48

alwis Monday, 20 November 2017 04:48 AM

දොස්තර එඩ්වර්ඩ් පෙරේරා මහතාගේ අදහසට මම එකග වෙනවා. ජාතික කොඩියෙන් පිළිඹුබු වෙන්න ඕන ශ්‍රී ලංකා ජාතිය මිසක් කතා කරන භාෂාවල් නෙමෙයි. ලංකාවේ පුරවැසි සියලුම දෙනා එක ජාතියක් වෙන්න ඕන. එහෙම උනත් රත්නායක මහත්තයාගේ අදහස් වලට මම එකඟ නැහැ. මේක බෞද්ධ රටක් බව අප මුළු ලෝකයටම දන්වන්න ඕන. බුධාගම කොඩියෙන් ඉවත් කරනවා කියන්නේ ඇඳගෙන ඉන්න ඇඳුම ගලවනවා වගේ වැඩක්. මෙපමණ කලක් මෙම රට බේරිලා තියෙන්නේ බුද්ධාගම නිසා බව අමතක කරන්න එපා. ඔය NGO කාරයන්ට ඕනවෙලා තියෙන්නේත් බුදහම ව්‍යවස්ථාවෙන් ඉවත් කරලා NGO නාටකය නටන්න.

:       10       0

Dr. Edward Perera GermanyMonday, 20 November 2017 09:21 PM

අල්විස් මහතාණනි! මාගේ අදහස් වලට අනුකුලතාවයක් දැක්වීම ගැන මාගේ ස්තුතිය. ඔබ කියන දෙය මම එක හෙළාම අනුමත කරමි. ලෝකයා පමණක් නොව පරසක්වල ජීවීන් පවා මේ පුණ්‍යවන්ත හෙළ භූමියට නමස්කාර කරන්නේ මේ භුමිය තුළ බුදු දහම නොනැසී පවතින නිසයි. විදෙස් සංචාරකයින් පවා විශාල වශයෙන් මෙහි පැමිණෙන්නේ යටගිය බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳවත් යම් අවබෝධයක් ලබා ගැනීමට මිස ජනවාර්ගික කොටස් අතරේ සංහිඳියාවක් ඇත්දැයි සොයා බලන්න නොවේ. වසර දහස් ගණනක් තිස්සේ මේ භුමිය රැකගත් සිංහළ බෞද්ධයාට වර්තමානයේ රට රැකගන්න බැරියයි යමෙක් සිතන්නේ නම් එය අමනොඥ ක්‍රියාවකි. තමන්ගේ බසට, රට දැය සමයට ආදරය කිරීම ජාති වාදයයි හඳුන් වන්නෝ ඊටත් වඩා අමනයෝය.

:       1       0

සෙනෙවි Monday, 20 November 2017 05:26 PM

කොඩියේ සිංහයා වෙනුවට කොටියෙක් දාන්න කියල වෙන්න ඇති කියන්නේ

:       1       104

Bamunuarachchi. Friday, 24 November 2017 05:14 AM

ආචාර්ය එඩ්වඩ් පෙරේරා, ජර්මනිය, ඔබට ස්තුතියි..!!! අපි කාටද බය.... අපිට කවුද බය නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 54 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 56 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 135 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 376 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 419 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 462 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 437 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site