ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) පැවැති දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.
ශ‍්‍රී ලංකා පිල පළමු තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වෙයි.
වර්ෂාව ඇද හැළීමෙන් පස්වරු 2.55 ට පමණ තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ‍්‍රී ලංකා පිල ඕවර 5 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 33 ක් රැස්කර සිටියේය.
එතැන් සිට වරින් වර වර්ෂාව ඇද හැලූණු අතර පස්වරු 5.10 ට පමණ වර්ෂාව දැඩි වූ අතර එම වාර්ෂාව පස්වරු 6.45 දක්වා අඛණ්ඩව පැවතීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.
බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළ වන කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගයේ මෙන්ම වේගවත් ආරම්භයකට පිවිසෙමින් 5 වැනි ඕවරය අවසන් වන විට ලකුණු 33 ක් රැස්කිරීමට සමත් වූහ.
කුසල් ජනිත් පන්දු 21 කදී හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 18 ක් ද, තිලකරත්න ඩිල්ෂාන් පන්දු 9 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 10 ක් ද, ලබා සිටියහ.
දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 28 වැනි මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.
(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර තිබූ අයුරු...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට මොනව වෙලාද මන්දා? පළමු දිනයෙ ලයිට් ගියා. දෙවන දිනයෙ වැස්සා. අපේ කොල්ලන්ට වැඩ පෙන්නන්න තිබුණ වෙලාව අහිමි වුණාද මන්දා? (නි)
දිනන්න තියෙන තරඟයක් (දී)
වැඩක්ම නැහැ. (නි)
තුන් වෙනි එක අපි දිනමු කොහොම හරි (දී)
අපරාදේ දිනන්න තිබුණු තරගේ. (නි)
සංගා ඇතුළු අපේ වීරයින් සියල්ලන්ටම ජය. (නි)
කුසල්, ඔබට ජය! (නි)
අපි කුසල් ජනිත් ගැන කතා කරමු . මට ඔහුගේ පහරවල් දකිද්දී මතක් වෙන්නේ අපේ විශිෂ්ට ක්‍රීඩක සනත් ජයසුරියවයි. කුසල් ඔබයි අපේ දෙවන සනත්. එහෙත් ඔබට ඒ සදහා තව බොහෝ දුරක් යාමට තිබේ . ඔබත් එවන් විශිෂ්ට ක්‍රීඩකයකු වනු දැකීම අප සැමගේ ප්‍රාර්ථනයයි. ඔබට ජය! (නි)
මෙච්චර හොද ක්‍රීඩාංගන තියෙද්දී ඔහොම තැන්වල තරග තියන්න ගියහම ඔහොම තමයි. (නි)
ලංකාවේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙක් දන්නවා ඔක්තෝම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ හවස් කාලයේ වැසි ඇති වන බව. එසේ තිබියදී වසරේ එම කාල සීමාව තුල පැවැත්වෙන සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු කිරීම අනිවාර්යෙන්ම කළ යුක්තක්. දිවා රාත්‍රී තරග වසරේ ඉතිරි කාලයේ පමණක් පැවැත්වීම සුදුසු වේ. (නි)
වැස්ස වැසීම ගැනත් ලයිට් ගිය සිද්ධිය වගේ පරීක්ෂණයක් පවත්වයිද? (නි)
හිරු කියපු කතාව නම් හරියටම හරි. අද පත්තරේ එක්ක 3ඩී කන්නාඩියක් හැමෝටම දෙන්නේ ඇයි? (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. යම් පුද්ගලයෙක් සහ ක්‍රිකට් අතර කුමක් හෝ අපලයක් තිබේද? (නි)
අයියෝ ක්‍රිකට් (දී)
කවද්ද ආයමත් මැච් එක පටන්ගන්න පුලුවන් වෙන්නේ.(නදී)
ආ ඔය තියෙන්නේ යස අගේට ලයිටි.(නදී)
හම්බන්තොටට ක්‍රිකටි වලට වඩා වැස්ස වැදගත්.(නදී)