IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය වාර්ෂාවට දියවෙයි

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (25) පැවැති දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

ශ‍්‍රී ලංකා පිල පළමු තරගයෙන් කඩුලූ 8 ක ජයක් ලබමින් 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණේ පසු වෙයි.  

වර්ෂාව ඇද හැළීමෙන් පස්වරු 2.55 ට පමණ තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ‍්‍රී ලංකා පිල  ඕවර 5 ක් අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 33 ක් රැස්කර සිටියේය.

එතැන් සිට වරින් වර වර්ෂාව ඇද හැලූණු අතර පස්වරු 5.10 ට පමණ වර්ෂාව දැඩි වූ අතර එම වාර්ෂාව පස්වරු 6.45 දක්වා අඛණ්ඩව පැවතීම නිසා තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකා පිලට ආරාධනා කළේය.

ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගළ වන කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් පළමු තරගයේ මෙන්ම වේගවත් ආරම්භයකට පිවිසෙමින් 5 වැනි  ඕවරය අවසන් වන විට ලකුණු 33 ක් රැස්කිරීමට සමත් වූහ.

කුසල් ජනිත් පන්දු 21 කදී හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 18 ක් ද, තිලකරත්න ඩිල්ෂාන් පන්දු 9 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 10 ක් ද, ලබා සිටියහ.

දෙරට අතර තෙවැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගය මේ මස 28 වැනි මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

(ඡයාරූපය: ශාන්ත රත්නායක)
ක‍්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කර තිබූ අයුරු...



අදහස් (0)

ශ‍්‍රී ලංකා - බංග්ලාදේශ දෙවැනි එක්දින තරගය වාර්ෂාවට දියවෙයි

තිස්ස Tuesday, 26 March 2013 12:13 AM

අයියෝ ක්‍රිකට් (දී)

:       0       0

දිසානායක Tuesday, 26 March 2013 12:35 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. යම් පුද්ගලයෙක් සහ ක්‍රිකට් අතර කුමක් හෝ අපලයක් තිබේද? (නි)

:       0       0

තරිඳු Tuesday, 26 March 2013 03:18 PM

තුන් වෙනි එක අපි දිනමු කොහොම හරි (දී)

:       0       0

ඉර්ෆාන් ධර්මා Tuesday, 26 March 2013 01:38 AM

හිරු කියපු කතාව නම් හරියටම හරි. අද පත්තරේ එක්ක 3ඩී කන්නාඩියක් හැමෝටම දෙන්නේ ඇයි? (නි)

:       0       0

සමන් Tuesday, 26 March 2013 08:36 AM

වැස්ස වැසීම ගැනත් ලයිට් ගිය සිද්ධිය වගේ පරීක්ෂණයක් පවත්වයිද? (නි)

:       0       0

ජනිත් Thursday, 28 March 2013 12:52 PM

දිනන්න තියෙන තරඟයක් (දී)

:       0       0

සුජා Tuesday, 26 March 2013 09:44 AM

සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට මොනව වෙලාද මන්දා? පළමු දිනයෙ ලයිට් ගියා. දෙවන දිනයෙ වැස්සා. අපේ කොල්ලන්ට වැඩ පෙන්නන්න තිබුණ වෙලාව අහිමි වුණාද මන්දා? (නි)

:       0       0

හිරු Monday, 25 March 2013 07:39 PM

ලංකාවේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙක් දන්නවා ඔක්තෝම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළ හවස් කාලයේ වැසි ඇති වන බව. එසේ තිබියදී වසරේ එම කාල සීමාව තුල පැවැත්වෙන සියලු තරග දිවා තරග ලෙස පැවැත්වීමට කටයුතු කිරීම අනිවාර්යෙන්ම කළ යුක්තක්. දිවා රාත්‍රී තරග වසරේ ඉතිරි කාලයේ පමණක් පැවැත්වීම සුදුසු වේ. (නි)

:       0       0

කමල් Monday, 25 March 2013 07:58 PM

හම්බන්තොටට ක්‍රිකටි වලට වඩා වැස්ස වැදගත්.(නදී)

:       0       0

මැනික් Monday, 25 March 2013 08:04 PM

ආ ඔය තියෙන්නේ යස අගේට ලයිටි.(නදී)

:       0       0

සනත් Tuesday, 26 March 2013 11:20 AM

මෙච්චර හොද ක්‍රීඩාංගන තියෙද්දී ‍ඔහොම තැන්වල තරග තියන්න ගියහම ඔහොම තමයි. (නි)

:       0       0

ජයසිංහ Monday, 25 March 2013 08:31 PM

කවද්ද ආයමත් මැච් එක පටන්ගන්න පුලුවන් වෙන්නේ.(නදී)

:       0       0

මනෝජ් Tuesday, 26 March 2013 08:25 PM

වැඩක්ම නැහැ. (නි)

:       0       0

උපුල් Tuesday, 26 March 2013 01:13 PM

අපි කුසල් ජනිත් ගැන කතා කරමු . මට ඔහුගේ පහරවල් දකිද්දී මතක් වෙන්නේ අපේ විශිෂ්ට ක්‍රීඩක සනත් ජයසුරියවයි. කුසල් ඔබයි අපේ දෙවන සනත්. එහෙත් ඔබට ඒ සදහා තව බොහෝ දුරක් යාමට තිබේ . ඔබත් එවන් විශිෂ්ට ක්‍රීඩකයකු වනු දැකීම අප සැමගේ ප්‍රාර්ථනයයි. ඔබට ජය! (නි)

:       0       0

තත්සරණි Tuesday, 26 March 2013 01:33 PM

කුසල්, ඔබට ජය! (නි)

:       0       0

තත්සරණි Tuesday, 26 March 2013 01:33 PM

සංගා ඇතුළු අපේ වීරයින් සියල්ලන්ටම ජය. (නි)

:       0       0

තත්සරණි Tuesday, 26 March 2013 01:34 PM

අපරාදේ දිනන්න තිබුණු තරගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1451 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 601 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 425 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 686 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 440 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1237 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site