( තිළිණි ද සිල්වා )
යුරෝපයට සංක්‍රමණය වෙමින් සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 21 දෙනෙකු රැගත් නෞකාවක් උතුරු සයිප්‍රස් මුහුදු සීමාවේදී එරට වෙරළ ආරක්ෂක බලකා නිලධාරීන් ගේ බාරයට ගෙන ඇතැයි බ්‍රිතාන්‍යයේ පළවන ‘‘ද ගාඩියන් “ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර සිටී.
එම ලාංකික සරණාගතයින් සමඟ අදාළ නෞකාවේ කපිතාන්වරයා සහ සහ එහි සිටි නව දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයද සයිප්‍රස් ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ උතුරු සයිප්‍රසයේ ෆාමාගුස්ටා වරාය ආසන්නයේදීය.
මෙලෙස සයිප්‍රස් ආරක්ෂක අංශ බලධාරීන් විසින් සිය බාරයට ගෙන ඇත්තේ ස්විස් ජාතිකයෙකුට අයත් මීටර් 40 ක් දිගැති සී ස්ටාර් නමැති නෞකාවයි. මෙම නෞකාව ජිබුටි රාජ්‍යයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට අයත් සිසිලි දූපත් හි කැටානියා වෙරළ තීරය බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ බවද සඳහන්ය.
එම නෞකාවෙන් ඉතාලිය බලා යාම සඳහා නැවේ සිටි එක් අයෙකු විසින් යුරෝ 10,000 බැගින් නෞකාවට ගෙවූ බවත් සඳහන් වේ.
මෙම ලාංකිකයින් රැගත් නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 21 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙන් යැයි ගාඩියන් වාර්තාවේ දැක්වේ.
මේ අතර ලාංකිකයින් පිරිස අතරින් සිටි ලාංකිකයින් පස් දෙනෙකු තමන්ට සයිප්‍රසයේ රැකවරණ අවශ්‍ය බව සයිප්‍රස් ආරක්ෂ අංශ බලධාරීන් හමුවේ පවසා ඇත
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තා වේ.
අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව දැන ගන්නට ලැබුණ ද නිල වශයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බව ය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලාංකිකයින් සිටි නැවක් සයිප්‍රසයේදී අල්ලයි
පිටිගල මිලානෝ Sunday, 30 July 2017 02:10 PM
ඉතාලියට අලුත් නෑයෝ එනවා වගේ. කවුරු වුණත් කමක් නැහැ. ඇවිල්ලා ලංකාවේ නෑදෑයෝත් ගෙන්නාගෙන සියල්ලෝම සතුටින් ඉන්නවා නම්. ඉතාලියට පැමිණියා නම් මොවුන්ටත් හොඳ කලක් යන්න තිබුණා. නමුත් මගදී අහුවුණ නිසා තත්වය බැරෑරුම් වෙයි.
AntonMonday, 31 July 2017 05:39 AM
ඇයි පිටිගල මහත්මයෝ ඉතාලියේ රස්සාවල් තියෙනවද ඇවිල්ල කරන්න ? රස්සාවල් නැතුව දුක්විදිනව අයවනම් මන් දැකල තියෙනවා . ඉතාලිය දන් හොදයිද බලල යන්න
පිටිගල මිලානෝ Monday, 31 July 2017 06:44 AM
කුහක මිනිස්සු... හැමදාම කියන්නේ ඉතාලියේ රස්සාවල් නැහැ එන්න එපා කියලා. මා දන්නා තරමට අවුරුදු පහකින් පමණ කෝටිපතියෙක් වෙන්න පුළුවන් එකම රට ඉතාලියයි. ඇන්ටන් අහිංසක අපේ මිනිසුන්ගේ කකුලෙන් අදින්න එපා.
Chamiprabash Sunday, 30 July 2017 05:46 PM
එන්න පුලුවන්නම් එන්න ඉතාලිය හොඳයි
narada Monday, 31 July 2017 02:54 AM
ශ්‍රී ලාංකික සරණාගතයින්....ඒ මොකක්ද.....
mahinda italy Monday, 31 July 2017 09:21 AM
මම මහින්ද මම වැඩ කරන්නේ ඉතාලියේ.. රෙස්ටුරන්ට් එකක.., ඉතාලි ජාතිකයෝ ඕන තරම් ඉන්නවා රස්සා නැතුව මම දැනට මාස දෙකක වෙලේ ඉඳන් එක්කෙනෙක් හොයනවා. මම වැඩ කරන තැනට, පස් දෙනෙක්ට වැඩිය ගෙන්නලා බැලුවා එනකොට එන්නේ දනින් වැටීගෙන ඔක්කොම කරන්නම් කියලා. නමුත් ඇවිල්ලා වැඩකරන්න ගත්තහම මොනවත් දන්නේ නැහැ ඔක්කොටම වැඩිය ලොකුයි කපටිකම... ලංකාවේ කට්ටිය වැඩකරන්න නෙමෙයි එන්නේ අනුන්ගේ ඕපාදුප හොයන්න. ඔක්කොම නෙමෙයි සමහරු ඉන්නවා හොඳටම හොඳයි. මට නම් එපාවෙලා තියෙන්නේ ...