IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශී‍්‍ර ලාංකිකයන්ගේ කි‍්‍රකට් ඥාතියා ටෝනි ග්‍රෙග් සමුගනී

සිතීමටවත් කාලයක් ඉතිරි කර නොතබාම, ටෝනි ග්‍රෙග් සමුගෙන යන්නට ගියේය. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ලෝලීන්ගේ පමණක් නොව, කී‍්‍රඩකයන්ගේ මෙන්ම කි‍්‍රකට් නිලදරුවන්ගේත් නොමඳ ගෞරවාදරයට ලක්වූ ටෝනි ග්‍රෙග් නම් වූ කෘතහස්ථ රූපවාහිනී මාධ්‍යවේදියා නිහඬ විය.
දෙසැම්බර් 29 වැනි ‘ශෝකීය ශනිදා’ පෙරවරුවේදී ටෝනි ග්‍රෙග් මහතා අභාවප‍්‍රාප්ත වූයේ යැයි ලද අසුබ ආරංචිය ශී‍්‍ර ලංකාවේ විද්යුත් මාධ්‍ය රැසක් මගින් ඒ මොහොතේම ‘විශේෂ ප‍්‍රවෘත්තියක්’ ලෙසින් ප‍්‍රචාරය කර හැරියේත්, ශී‍්‍ර ලංකාව පුරා කි‍්‍රයාත්මක වන පුවත් වෙබ් අඩවි රැසකම ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය බවට පත්වූයේත්, දිනය අවසානයේදී රූපවාහිනී සහ ගුවන් විදුලි සේවාවන්හි ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් වූයේත් ටෝනි ග්‍රෙග් මහතාට ශී‍්‍ර ලාංකිකයන් දක්වන ඇල්ම මේ යයි මොනවට කියා පාමිනි.
‘ටෝනි’ යැයි බහුතරයක් විසින් හඳුන්වන ලද නමුත් ඔහුගේ ගමන් බලපත‍්‍රයේ නම සටහන් වී ඇත්තේ විලියම් ඇන්තනි ග්‍රෙග් ලෙසිනි. දෙමාපියන් විසින් දෙනු ලබන නම් කෙටි කිරීමේ බටහිර සිරිතට අනුව ඇන්තනි යන්න ‘ටෝනි’ යනුවෙන් කෙටි වී තිබේ.
1946 ඔක්තෝබර් 6 වැනිදා දකුණු අපි‍්‍රකාවේ කේප් ප‍්‍රාන්තයට අයත් ක්වින්ස්ටවුන් නගරයේදී උපත ලැබූ ටෝනි ග්‍රෙග් වැඩුනු කල්හි අඩි 6 අඟල් 6 ක් උස, දැවැන්ත පෞරුෂයකින් හෙබි පුද්ගලයකු විය. ඔහුගේ කි‍්‍රයා කලාපයන්ද එවැනිම ස්වරූපයක් ගත්තේය. ඇතැමකු සිතමටත් බිය උපදනා වූ කරුණු සම්බන්ධයෙන් ටෝනි සෙල්ලම් කළේය.
සෙනසුරාදා  ඕස්ටේ‍්‍රලියාවේ වේලාවෙන් පස්වරු 1.45 ට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ටෝනි ග්‍රෙග් අවසන් හුස්ම හෙළුෑ බව සිඞ්නිහි ශාන්ත වින්සන්ට් රෝහලේ ප‍්‍රකාශකයකු වන ඬේවිඞ් ෆැක්ටර් පවසා තිබිණ. හෘදයාබාධය ඇතිවීමෙන් අනතුරුව ටෝනි ග්‍රෙග් මහතා සැණෙකින් රෝහලට ඇතුළත් කර ඇතත් එයින් ප‍්‍රතිඵලයක් ඇතිවී නැත.
ග්‍රෙග් මහතා මුලින්ම අසනීප වූයේ පසුගිය අගෝස්තු සැප්තැම්බර් මාසවල  ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී පැවැති එක්දින තරගාවලියක් අතරතුරදීය. තරගාවලියෙන් අනතුරුව ගෙදර (සිඞ්නි නුවර) ගිය ටෝනිගේ දකුණු පෙණහැල්ලෙන් දියර ඉවත් කරන ලද අතර ඔහු පෙණහැල්ලේ පිළිකාවකින් පීඩා විඳින බව හෙළිදරව් විය.
එහෙත් කි‍්‍රකට් කී‍්‍රඩාව හැර යා නොහැක. ශී‍්‍ර ලංකාවේ පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදීත් විස්තර විචාරයකයකු වශයෙන් කටයුතු කිරීමට ටෝනි ග්‍රෙග් පසුබට නොවීය.
විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදීත් ටෝනි ග්‍රෙග් මහතා කි‍්‍රකට් විස්තර විචාරයට පැමිණියේ සූරියවැව සහ පල්ලෙකැළේ කී‍්‍රඩාංගණ දක්වා සිය මෝටර් රථය පදවාගෙන යමිනි. ඊට ප‍්‍රධාතනම හේතුවක් වූයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම තමන්ගේ මූලික වටයේ සහ දෙවැනි වටයේ තරග සඳහා කී‍්‍රඩා කිරීමට නියමිතව තිබුණේ එම කී‍්‍රඩාංගණ දෙකේදී වන බැවිනි.
ලෝක කුසලාන තරග වලදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ලූහුබැඳීමේ පුරුද්දක් ටෝනි ග්‍රෙග්ට තිබිණ. ලෝක කුසලාන තරගාවලි හතරකදීම අවසන් මහ තරගය දක්වා ශී‍්‍ර ලංකා පිල මෙන්ම ටෝනි ග්‍රෙග්ද පැමිණියේය.
වසර ගණනාවක සිටම  ඕස්ටේ‍්‍රලියාවේ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයට අනුයුක්තව සේවයේ නියුතු වූ ටෝනි ග්‍රෙග් ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයට මෙන්ම ශී‍්‍ර ලංකාවටද ආදරණීය මිනිසෙකු විය.


”ටෝනි ග්‍රෙග් කියන්නේ  ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව හා සදාතනිකව බැඳී තිබෙන නමක්..... එංගලන්ත නායකයා ලෙසින් ඔහුගේ කී‍්‍රඩා දිවිය පැවැති කාලයේ සිටම ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාව සුවිශෙෂි යමක් කළ අයෙක්”
”තණතීරුවේ හැසිරීම ගැන කියන ඔහුගේ අපකීර්තිමත් ‘මෝටර් රථ යතුරේ’ කතාව විතරක් නොවෙයි, කෙරී පැකර් එක්ක එකතුවෙලා ලෝක ශූරතා තරමාලාව සංවිධානය කිරීමට ඔහු කළ පුරෝගාමී මෙහෙවරත් වසර ගණනාවක් පුරා අපව අමන්දානන්දයට පත්කළ කි‍්‍රකට් විස්තර විචාරයත් නිසා ඔහු සුවිශේෂී පුද්ගලයෙක්” යයි චැනල් නයින් රූපවාහිනී සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණ.
පසුගිය මාසයේදී  ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර පළමු ටෙස්ට් තරගය පැවැත්වෙද්දී ටෝනි ග්‍රෙග් ‘චැනල් නයින්’ රූපවාහිනී සේවයේ සිය සගයන් ඇමතීය.
”තත්ත්වය හොඳ මදි මිත‍්‍රවරුනි. ඇත්ත වශයෙන්ම නම් මා පෙනහළු පිළිකාවකින් පෙළෙනවා. දැන් ඇත්තේ මේ සම්බන්ධයෙන් ඔවුන්ට (වෛද්‍යවරුන්ට) කරන්නට පුළුවන් මොනවාද කියන එකයි” යයි ටෝනි ග්‍රෙග් සිය කණ්ඩායමේ සගයන්ට පැවසූවේ පෙනහළු සැත්කමට දින කිහිපයකට පෙරදීය.
දකුණු අපි‍්‍රකාවේදී උපත ලැබූවද ටෝනි කි‍්‍රකට් කී‍්‍රඩා කළේ එංගලන්ත පිලටය. 1972 - 1977 අතර කාලයේදී එංගලන්ත පිල වෙනුවෙන් ටෙස්ට් තරග 58 කට කී‍්‍රඩා කළ ටෝනි ග්‍රෙග් එහිදී ලකුණු 3599 ක් ලබාගත්තේ ශතක 8 ක් සමගිනි. ඔහුගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 40.43 ක් වූ අතර එකකට ලකුණු 32.20 ක් වන පරිදි ටෙස්ට් කඩුලූ 141 ක් දවාගැනීමටද හෙතෙම සමත් වී තිබේ.
ටෙස්ට් තරග 14 කදී එංගලන්ත පිලට නායකත්වය දුන් ටෝනි එක්දින තරග 22 කටද සහභාගි වී තිබේ.
ඉතාමත් විවාදාත්මක චරිතයක් වූ ටෝනි ග්‍රෙග්,  ඕස්ටේ‍්‍රලියානු ව්‍යාපාරිකයකු වූ කෙරී පැකර් සමග එක්ව ලෝක ශූරතා කි‍්‍රකට් තරගාවලිය (1977 - 79) ආරම්භ කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අතර වර්තමානයේදී ඉමහත් ජනපි‍්‍රයත්වයට පත්ව ඇති දිවා/රාතී‍්‍ර කි‍්‍රකට් තරග වල ආරම්භය එය විය.
එවකට ලෝකයේ සිටි විශිෂ්ටතම කි‍්‍රකට් කී‍්‍රඩකයන් වූ ඩෙනිස් ලිලී, ඉම්රාන් ඛාන්, විවියන් රිචඞ්ස්, ඉයන් චැපල්, ක්ලයිව් ලොයිඞ් වැනි කී‍්‍රඩකයෝද මෙම තරගාවලියට කී‍්‍රඩා කළහ. කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ ගෙවීම් වැඩිකිරීමට පසුකාලීනව සෘජුවම බලපෑ කාරණාවද එයම විය.
ග්‍රෙග්ගේ මෙම පිම්ම ඔහුගේ කි‍්‍රකට් දිවිය මතභේදාත්මක ලෙසින් අවසන් වීමට කරුණක් වූ අතර පසුව ඔහු කෙරී පැකර්ටම අයත් වූ ‘චැනල් නයින්’ රූපවාහිනී සේවය සමග එක්විය. ටෝනි කි‍්‍රකට් විස්තර විචාරක අට්ටාලයට ගොඩවන විට ලෝක කි‍්‍රකට් කී‍්‍රඩාවේ දැවැන්තයන් වූ රිචී බෙනෝ, ඉයන් චැපල් සහ බිල් ලෝරි වැනි  ඕස්ටේ‍්‍රලියානු  පිලේ හිටපු නායකයෝද එහි සිටියහ.
කෙරී පැකර් සමග එක්ව කි‍්‍රකට් කී‍්‍රඩාවේ වාණිජ උල්පත පාදා දුන් නමුත් ටෝනි ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට දැඩි සේ ඇළුම් කළ අයෙකි.
විස්සයි/20 කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා ලෝකයේ විශිෂ්ටතම තලයේ කි‍්‍රකට් කී‍්‍රඩාව වන ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවට වී ඇති ‘නස්පැත්තිය’ සම්බන්ධයෙන් මේ වසරේ ජූනි මාසයේදී කළ ‘කොලින් කවුඞ්රි අනුස්මරණ දේශනයේදී ලෝක කි‍්‍රකට් ලොක්කන්ට මෙන්ම ඉන්දීය කි‍්‍රකට් බලධාරීන්ටත් ඇස් ඇරෙන ටොක්කක් ඇනීමට ටෝනි පසුබට නොවීය.
ටෝනි ග්‍රෙග් යනු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ උන්නතිය වෙනුවෙන්ද දැවැන්ත දායකත්වයක් දැක්වූ තැනැත්තෙකි. අසන්නන්ගේ සිත් වසග කළ හැකි ඔහුගේ ගැඹුරු කටහඩින් ටෝනි ග්‍රෙග් ශී‍්‍ර ලංකා පිල ගැන ලොවට කීවේය.
”අපි ගැන කවුරුවත් නොදන්න කාලෙක, 90 දශකයේ මුල් භාගයේදී, අප ලෝක - කුසලාන දිනාගන්නත් ඉස්සෙල්ලා, අපි ගැන ඉතාමත් උනන්දුවෙන් කතා කළ අයෙක් තමා ටෝනි ග්‍රෙග් කියන්නේ”
”ඒ කාලයේ ඇතැම් දෙනා අපේ වාසගමවත් කියන්න ඒ තරම් උනන්දුවක් තිබුණේ නෑ. ඒත් ඒ වගේ කාලෙක ටෝනි ඇවිදින්, අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට වශී වෙලා, අපි ගැන ලෝකෙටම කිව්වා. එයින් අපට ලැබුණ දේ අති විශාලයි” යයි ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක සනත් ජයසූරිය පැවසීය.
”මා ගැන, කළු ගැන, අරවින්ද ගැන, අර්ජුන ගැන.... ටෝනි කළ ප‍්‍රකාශයන් සමග ශී‍්‍ර ලංකාව කි‍්‍රකට් ලෝකයේ අමුතුම තැනකට ගියා. ඊට ඉස්සරවෙලා කවුරුවත් ඒ ගැන කතා කළේ නෑ”
”විශේෂයෙන්ම 1995, බොක්සිං දිනයේ ටෙස්ට් තරගයේදී (මෙල්බර්න් නුවරදී) මුත්තයියා මුරලිදරන් පන්දුව දමාගහනවා කියලා  ඕස්ටේ‍්‍රලියාවේ සියලූම කි‍්‍රකට් විචාරකයන් කියද්දීත් ටෝනි තනිවම නැගීහිටලා කිව්වා ඒක එහෙම නෙමෙයි කියලා”
”ලංකාවේ අපි හැමෝම ආදරේ කළ චරිතයක්... අපට දැනෙන්නේ අපේ ඥාතියෙක් වගේ..”
”ටෝනි නැතිවුණා කියන දේ මට තවමත් අදහාගන්න බෑ....” යයිද සනත් ජයසූරිය පැවසීය.
ටෝනි ග්‍රෙග් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩා රටාවට පමණක් නොව, ශී‍්‍ර ලංකාවේ කෑම බීමට, අන්නාසි කෑල්ලට, තැඹිලි ගෙඩියකට වශී  වී සිටියේය. ඔහු ශී‍්‍ර ලංකාවේ අන්නාසි කෑමට රුසියකු වන අතරම එහි ඇති විශිෂ්ට රසය පිළිබඳ දිගින් දිගටම වර්ණනා කළ අයෙකි.
කි‍්‍රකට් තරගාවලියක විස්තර විචාරය සඳහා පැමිණෙන අවස්ථාවන්හිදී, කොටි ත‍්‍රස්තවාදීන් සමග යුද්ධය පැවැති කාලයේදී පවා, තනිවම මෝටර් රථයක් පදවාගෙන ශී‍්‍ර ලංකාවේ මහා මාර්ග ඔස්සේ අස්සක් මුල්ලක් නෑර සැරි සැරූ ටෝනි ග්‍රෙග් ශී‍්‍ර ලාංකිකයන්ගේ හැසිරීම් රටාවන්ට ඇලූම් කළේ ඔවුන්ගේ හද ගැස්ම හඳුනා ගත් හෙයිනි.
පිළිකාවකින් පෙළෙන බව දැනගැනීමත් සමගම ඉක්මන් සුවය පතා ශී‍්‍ර ලාංකිකයන්ගෙන් ලද සුබපැතුම් දැඩි සේ අගය කළ ටෝනි තමන්ගේ ශී‍්‍ර ලාංකික මිතුරන් සමග පැවැති සම්බන්ධතා දිගටම පවත්වා ගත්තේය. එහෙත් පසුගිය සෙනසුරාදා පෙරවරුවේදී මාරයා විසින් එම සම්බන්ධතා සියල්ලම නතර කර දමන ලදි.
වසර 17 කට එපිටින් සිදුවූ ලෝක කුසලාන ජයග‍්‍රහණයෙන් පසුව කි‍්‍රකට් විස්තර විචාර කුටියේ ‘ටෝනි ග්‍රෙග්’ නැති කි‍්‍රකට් තරගාවලියක් ගැන ශී‍්‍ර ලාංකිකයන්ට සිතාගැනීමටවත් බැරිවිය. එහෙත් ඉදිරියේදී ටෝනි නැති අඩුව ඔවුන්ට දැනෙනු ඇත.



අදහස් (0)

ශී‍්‍ර ලාංකිකයන්ගේ කි‍්‍රකට් ඥාතියා ටෝනි ග්‍රෙග් සමුගනී

වීනාස් Monday, 31 December 2012 10:24 PM

අපරාදේ. වටිනා පුද්ගලයෙක්. (නි)

:       0       0

දැඩිගම Monday, 31 December 2012 02:38 PM

සාමදානයේ සැතපෙනු මැන! (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 01 January 2013 01:46 AM

අපේ හදවත් බිදී ගියා. ඒ අඩුව කිසිකෙනෙකුට නැවත පිරවිය නොහැකියි. (නි)

:       0       0

ශානක Tuesday, 01 January 2013 02:25 PM

ඔබ අප හඳවතේ සදා රැදී ඇත ටෝනී (ස)

:       0       0

ෂෙරීෆ් Sunday, 30 December 2012 10:14 PM

ආදරණීට ටෝනි, ඔබගේ අමරණීය හඩ කිසිදා නොමැකෙනු ඇත. (නි)

:       0       0

මනෝජ් Sunday, 30 December 2012 11:24 PM

ඔබතුමාට ස්වර්ගයේ සැප ලැබේවා! ජේසු පිහිටයි! (නි)

:       0       0

අනුර Sunday, 30 December 2012 11:32 PM

ඔබ අපේ රටේ කෙනෙක් වී නැවත ඉපදේවා! (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 31 December 2012 12:55 AM

ලස්සන සැමදේ මොහොතක සුවදේ එහි කෙළවර දුකදේ... (නි)

:       0       0

නිහාල් Monday, 31 December 2012 02:27 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

සංජීව Monday, 31 December 2012 03:13 AM

සදාදර ‍ටෝනි, ඔබට සුභ ගමන්! (නි)

:       0       0

පාලි Tuesday, 01 January 2013 03:26 PM

ඔබට නිවන් අවබෝධ වේවා! (නි)

:       0       0

ජයී තිසර Monday, 31 December 2012 03:39 AM

සුරන් කැමති උතුම් අයව මේ මිනිස් ලොවින් තමන් ලඟට ගෙන්ව ගනී ඉතා ඉක්මනින් එවන් අයෙකි ටෝනි ග්‍රේග් දස දහස් අතරින් අරන් ගියා ස්වර්ගයට අප තනි කරමින් (ස)

:       0       0

ශිහාන් Monday, 31 December 2012 03:53 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

තත්සරණි Tuesday, 01 January 2013 03:39 PM

විස්තර විචාරකයින් තව ‍බොහෝ ගණනක් බිහිවණු ඇත. නමුත් ලංකාවට ආදරය කරන ඔබ වැනි විචාරකයෙක් අපට කිසිදා හුමනොවනු ඇත. (නි)

:       0       0

ධම්මිකා Tuesday, 01 January 2013 03:42 PM

අමරණීය මතකයක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන් තුළ ඉතිරි කරමින් සමුගත් ලාංකික මිතුරාණනි, ඔබගේ සමු ගැනීම අපට සැබෑම දුකක්. අපගේ ඇතැම් බලධාරීන්ටද වඩා ඔබ අපේ ක්‍රිකට් කණ්ඩායමට ආදරය කළ බව අපි දනිමු. ඔබට නිවන් සුව. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 06:58 AM

අපි ඔහුට සැළකුවා මදිදෝයි කියා මට විටෙක සිතෙනවා. (නි)

:       0       0

තිස්ස Monday, 31 December 2012 07:03 AM

මගේ පුංචි මුතු ඇටයට ආදරය කළ ඔබට මතු මෙවන් විපතක් නොවේවායි පතමි. (නි)

:       0       0

අමිල කටුනායක Monday, 31 December 2012 07:04 AM

ඔහු හදවතින් ලාංකිකයෙකි. ඔබට මොක් සුව! (නි)

:       0       0

අංජන Monday, 31 December 2012 04:49 PM

ඕසන් සලාම් ගේ අදහස ඉතාම හොඳයි. ලංකාවේ තියන ප්‍රධානම ක්‍රීඩාංගනයක විස්තර විචාරක අට්ටාලය මෙතුමාගේ නමින් නම් කිරීම ඉතාම සුදුසුයි. මේ උතුම් ක්‍රීඩා විචාරකයාට නිවන් සුව පතමි. (නි)

:       0       0

ධනුෂ්ක Monday, 31 December 2012 07:12 AM

අපි ඔබට සදා ආදරෙයි ටෝනි. (නි)

:       0       0

වරුණ Monday, 31 December 2012 07:21 AM

ඔබට මාගේ ආචාරය! (නි)

:       0       0

ඉසුරු Monday, 31 December 2012 07:32 AM

ඔබගේ මරණය මා හද සලිත කළා. ටෝනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

දමිත් Monday, 31 December 2012 09:13 AM

අපි යළි හමුවෙමු ටෝනි. (නි)

:       0       0

නිරාන් Monday, 31 December 2012 09:10 AM

උතුම් මිනිසාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Monday, 31 December 2012 09:59 AM

ටෝනි ග්‍රෙග් නම් මේ අවංක ශ්‍රී ලංකා හිතවාදියාව සිහිකිරීම වස් ඔහුට ගෞරව දැක්වීම පිණිස අපගේ කුමක් හෝ ක්‍රීඩාංගණයකට නැතිනම් පැවිලියන් එකකට ඔහුගේ නම තැබීම ඉතා උචිත යැයි යෝජනා කරමි. (නි)

:       0       0

අනිල් Monday, 31 December 2012 06:19 PM

ක්‍රිකට් තියෙනා තුරා ඔබ අප මතකයේ රැදෙනු ඇත. අප රටට ඉතා විශිෂ්ට හිතවතෙක් අහිමි වුණා. ඔබ සදා අමරණීයයි. (නි)

:       0       0

රාජා Tuesday, 01 January 2013 11:18 AM

ඕසම් සලාම්ගේ අදහස අගයකරමි. බලධාරීන්ගේ අවධානය යොමුවේවා. ටෝනි මහතානෙනි ඔබ නැවත අප අතරම ඉපදේවා. (ස)

:       0       0

උපුල් Monday, 31 December 2012 11:52 AM

මට නම් තාමත් විශ්වාස කරන්න බැහැ වගේ. රුව මැවිලා පේනවා. කටහඬ කනේ රැවු දෙනවා වගේ මට නම් දැනෙනවා. එතරම්ම ඔහු අපට සමීපයි. ඇත්තටම ඔහු අපේ කෙනෙක්. (නි)

:       0       0

අචිනි Monday, 31 December 2012 12:07 PM

ශ්‍රී ලාංකික අප සැමට ආදරය කළ සුදු මහතාණෙනි, ඔබට සුභ ගමන්! (නි)

:       0       0

හසිත Monday, 31 December 2012 12:11 PM

අපි ඔබට සදා ආදරෙයි ටෝනි. ඔබට නිවන් සුව! (නි)

:       0       0

පහන් Monday, 31 December 2012 12:51 PM

ආදරණීය සුදුමහත්තයා, ඔබට නිවන්සුව !!! ක්‍රිකට් ක්‍රීඩාවේ ඉංග්‍රීසියෙන් තැබූ සිංහල ලකුණ . (නි)

:       0       0

සංජීව Monday, 31 December 2012 09:17 PM

ඔබ අපේ රටේම නැවත ඉපදේවා! (නි)

:       0       0

චමිලා Monday, 31 December 2012 01:07 PM

අපි සැමදා ඔබට ආදරෙයි. (නි)

:       0       0

නාලක Monday, 31 December 2012 01:55 PM

ටෝනි ඔබ කවදාවත් අපේ මතකයෙන් ඈත් වෙන්නේ නෑ. ඔබව හැම විටම මතක් වේවි.... නිවන්සුව පතමි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 530 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 474 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2651 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 1010 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 863 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 365 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39167 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25594 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 326 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site