IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්දින නායකයා චන්දිමාල්

ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්දින නායකයා පිටියට පිවිසෙයි. තවමත් 23 හැවිරිදි වියේ පසුවන දිනේෂ් චන්දිමාල් ශී‍්‍ර ලංකාවේ ළාබාලතම එක්දින නායකයාය.

අර්ජුන රණතුංග මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය. අර්ජුන පළමු වතාවට එක්දින තරගයකදී ශී‍්‍ර ලංකා පිලට නායකත්වය දෙනවිට ඔහුගේ වයස අවුරුදු 24යි දවස් 333 කි. දිනේෂ් චන්දිමාල්ගේ අද දිනට වයස අවුරුදු 23 යි දවස් 244 කි.
මුල්ම ලෝක කුසලාන තරගාවලිය පැවැති 1975 සිට අද දක්වා ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක‍්‍රීඩකයින් 16 දෙනෙකු දරා ඇත.

චන්දිමාල් ක‍්‍රිකට් පිත්තට අත තැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යලයෙනි. අවුරුදු 13න් පහළ සිට අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩය දක්වා ධර්මාශෝකයට ක‍්‍රීඩා කළ චන්දිමාල්, අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යලයට පැමිණියේය. ආනන්ද විද්‍යාලයේ සිටියදී වසරේ බාටා සන්ඬේ ටයිම්ස් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයද දිනාගත් චන්දිමාල්, 2007 දී බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පළමුවරට ශ‍්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළේය.

තම තුන්වැනි යොවුන් ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 143ක් ලබාගැනීමට සමත්වු චන්දිමාල්, 2009 බංග්ලාදේශ සංචාරයේ සිට ශ‍්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්විය. එම තරගාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 184ක් හා දෙවන ඉනිමේ නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේය. එවකට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයාවු කුමාර් සංගක්කාරගේ ආරාධනයෙන් එන්. සී. සී. පිළට සම්බන්ධවු චන්දිමාල් නවසීලන්තය සමග පළමුවන පළමු පෙළ තරගයට එක්විය.

පළමු පෙළ තරගවලදී දැක්වු දක්ෂතා නිසා 2010 දී බටහිර ඉන්දිය කොදෙව්හිදි පැවැති 20/20 ලෝක කුසලාන තරගාලියට සහභාගී වීමට අවස්ථාව ලබාගත්තේය. දිනෙන් දින සිය හැකියාවන් වර්ධනය කරගත් මෙම අලංකාර දකුණත් පිතිකරුවා, 2010 දී සිම්බාබ්වේ පිලට එරෙහිව ශී‍්‍ර ලංකා එක්දින වර්ණ ලබාගත් අතර 2011 වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව හාහාපුරා කියා ටෙස්ට් පිටියට පිවිසෙමින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ගේත් දැඩි කතාබහට ලක්විය.

 

ශී‍්‍ර ලංකාවේ එක්දින නායකයෝ

ක‍්‍රීඩකයා නායකත්වයේ
කාලය
තරග ජය පරාජයන් ලකුණු සමවීම් විසදුම් නැති
අනුර තෙන්නකෝන් 1975-1979 4 0 4 0 0
බන්දුල වර්ණපුර 1979-1982 8 3 5 0 0
දුලිප් මෙන්ඩිස් 1982-1987 61 11 46 0 4
සෝමචන්ද්‍ර ද සිල්වා 1983-1983 1 0 1 0 0
රන්ජන් මඩුගල්ල 1988-1988 13 2 11 0 0
අර්ජුන රණතුංග 1988-1999 193 89 95 1 8
රවී රත්නායක 1988-1988 1 1 0 0 0
අරවින්ද ද සිල්වා 1992-1996 18 5 12 0 1
රොෂාන් මහනාම 1994-1994 2 0 2 0 0
සනත් ජයසූරිය 1998-2003 118 66 47 2 3
මාවන් අතපත්තු 2001-2006 63 35 27 0 1
මහේල ජයවර්ධන 2004-2013 126 68 49 1 8
චමින්ද වාස් 2006-2006 1 0 1 0 0
කුමාර් සංගක්කාර 2009-2011 45 27 14 0 4
තිලකරත්න ඩිල්ෂාන් 2010-2012 26 11 15 0 0
ඇන්ජලෝ මැතිව්ස් 2012-2013 13 5 7 0 1

 



අදහස් (0)

ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්දින නායකයා චන්දිමාල්

කින් බෙනට් Friday, 19 July 2013 09:34 PM

හොඳට හිනා වෙන්න පුළුවන් උනා කියල වත් , දේශප්‍රේමී උනා කියල වත් ක්‍රිකට් පිහිටන්නේ නෑ .... හරි නම් ටීම් එකෙනුත් කැපිල ඉන්න ඕන කෙනෙක් ... (දී)

:       0       0

විපුල Sunday, 21 July 2013 07:50 AM

චන්දිමාල්, මැතිව්ස් දෙන්නම වාසනාවන්තයි. ඒ දෙන්නටම හොද නායකයෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මහේලත් ඉන්න නිසා එයාගෙනුත් උපදෙස් අරන් කටයුතු කලොත් හොදයි නේද? . (නදී)

:       0       0

වීර Friday, 19 July 2013 09:42 PM

අපිට ඊළඟ ලෝක කුසලානය ගෙන එන නායකයට ජය පතමි. (දී)

:       0       0

සමීර Saturday, 20 July 2013 11:04 AM

තිරිමාන්න නම් බැට කරන්න එවන්න එපා කියලයි මම ඉල්ලන්නේ (නි)

:       0       0

සුජි Friday, 19 July 2013 10:38 PM

රටේ හැම දෙයක්ම අවුල් වෙනකොට මෙතනත් අවුල් නොවේ නම් එක හොඳ නැනේ එකනේ මේ (දී)

:       0       0

එදිරිසිංහ Friday, 19 July 2013 11:14 PM

කොහොමද සංගාගේ ටිකිරි මොලේ 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ නායක කමට තවම ඇදුම් මදිනවා . (දී)

:       0       0

විජේ Friday, 19 July 2013 07:35 PM

අනේ ඇත්තට කරන වැඩ?හොද ටෙස්ට් තරග ටිකක් බලන්න පුළුවන් වෙයි වගේ කියලයි මට නම් හිතෙන්නේ. (දී)

:       0       0

ලලින් Saturday, 20 July 2013 03:24 AM

අනේ මන්දා, ටීම් එකේ ඉන්නවත් සුදුසුකම් තියනවද කියලා හිතෙනවා බැටින් ෆේල් වෙන විදියට. කොහොම වුනත් අපෙන් සුබ පැතුම්!(නදී)

:       0       0

අපි සහ අපි Saturday, 20 July 2013 04:36 AM

මම චන්දිමාල් ගැන දන්නා හින්ද, ඔහු ගහනවා දැක ඇති හින්ද කියන්නේ, මේ අපි තවම දැක ඇත්තේ ඔහුගේ අවම දක්ෂතා පමණි; ඔහුව විවේචනය කරන සැදැහැවතුන්ට තව නොබෝ දිනකින්ම , ඒ වචන වමාරන්න වන බවද මම දනිමි.(නදී)

:       0       0

සුජීව Friday, 19 July 2013 08:17 PM

චන්දිමාල් ඔබ ශ්‍රී ලංකා ලංකාවට මාතාවට ආශීර්වාදයක් ! ඔබට ජය හා සතුට.(නදී)

:       0       0

නිසල් Friday, 19 July 2013 08:40 PM

චන්දිමල්ට සුබ පතනවා. ඔහු එක් දින තරග වල පිතිකරුවෙක් ලෙස සාර්ථක විය යුතුය . කේසේ වෙතත් තිරිමන්නට නවකයන්ට තැන දිය යුතු නිස නම් උප නායකත්වයට පත් කලේ නම් , ඉදිරියදේ තමාගේ පළමු තරගයටම මුහුණ දෙන ක්‍රීඩකයෙකුට නායකත්වය දීමට ශ්‍රී ලංකා ක්‍රිකෙට් බලදාරීන් කටයුතු කරනු ඇත. ලෝක කුසලානයක් නිම උ වහාම නායකයා ඉවත් වීමට පිළියම බලදාරීන් විසින් තවම සොයා ගෙන නැත. පළමුව නායකත්වට අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකුට ලබා දී මතෙව්ස්ට හා චන්දිමල්ට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසන්න. (දී)

:       0       0

කුසුමි Saturday, 20 July 2013 08:30 AM

මේගොල්ලන්ට නම් ඉතින් මොකද? දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. ප්‍රේක්ෂක අපිට දිනුවත් පැරදුනත් මේවා බලන්න ගිහිල්ලා අතේ තියන සතෙත් නැති වෙනවා (නි)

:       0       0

සිතුම් Saturday, 20 July 2013 08:33 AM

දුලිප් මෙන්ඩිස් තරග 61න් තරග 46ක්ම අසාර්ථකයි නේද? (නි)

:       0       0

දිසානායක Saturday, 20 July 2013 09:37 AM

නායකයෙක් වෙන හැටි හරියටම ඉගෙන ගන්නවා නම් නියමම කෙනා තමයි දෝනි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2340 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1533 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2321 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 556 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3218 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37180 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24489 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site