ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර හෙට (20 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගයේදී ශී‍්‍ර ලංකාවේ 17 වැනි එක්දින නායකයා පිටියට පිවිසෙයි. තවමත් 23 හැවිරිදි වියේ පසුවන දිනේෂ් චන්දිමාල් ශී‍්‍ර ලංකාවේ ළාබාලතම එක්දින නායකයාය.
අර්ජුන රණතුංග මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේය. අර්ජුන පළමු වතාවට එක්දින තරගයකදී ශී‍්‍ර ලංකා පිලට නායකත්වය දෙනවිට ඔහුගේ වයස අවුරුදු 24යි දවස් 333 කි. දිනේෂ් චන්දිමාල්ගේ අද දිනට වයස අවුරුදු 23 යි දවස් 244 කි.
මුල්ම ලෝක කුසලාන තරගාවලිය පැවැති 1975 සිට අද දක්වා ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ක‍්‍රීඩකයින් 16 දෙනෙකු දරා ඇත.
චන්දිමාල් ක‍්‍රිකට් පිත්තට අත තැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යලයෙනි. අවුරුදු 13න් පහළ සිට අවුරුදු 17න් පහළ වයස් කාණ්ඩය දක්වා ධර්මාශෝකයට ක‍්‍රීඩා කළ චන්දිමාල්, අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යලයට පැමිණියේය. ආනන්ද විද්‍යාලයේ සිටියදී වසරේ බාටා සන්ඬේ ටයිම්ස් කි‍්‍රකට් කී‍්‍රඩකයා සම්මානයද දිනාගත් චන්දිමාල්, 2007 දී බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පළමුවරට ශ‍්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළේය.
තම තුන්වැනි යොවුන් ටෙස්ට් තරගයේදී ඉන්දියාවට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 143ක් ලබාගැනීමට සමත්වු චන්දිමාල්, 2009 බංග්ලාදේශ සංචාරයේ සිට ශ‍්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වයට පත්විය. එම තරගාවලියේ පළමු යොවුන් ටෙස්ට් තරගයේදී පළමු ඉනිමේ ලකුණු 184ක් හා දෙවන ඉනිමේ නොදැවී ලකුණු 55ක් ලබා ගත්තේය. එවකට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයාවු කුමාර් සංගක්කාරගේ ආරාධනයෙන් එන්. සී. සී. පිළට සම්බන්ධවු චන්දිමාල් නවසීලන්තය සමග පළමුවන පළමු පෙළ තරගයට එක්විය.
පළමු පෙළ තරගවලදී දැක්වු දක්ෂතා නිසා 2010 දී බටහිර ඉන්දිය කොදෙව්හිදි පැවැති 20/20 ලෝක කුසලාන තරගාලියට සහභාගී වීමට අවස්ථාව ලබාගත්තේය. දිනෙන් දින සිය හැකියාවන් වර්ධනය කරගත් මෙම අලංකාර දකුණත් පිතිකරුවා, 2010 දී සිම්බාබ්වේ පිලට එරෙහිව ශී‍්‍ර ලංකා එක්දින වර්ණ ලබාගත් අතර 2011 වසරේදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව හාහාපුරා කියා ටෙස්ට් පිටියට පිවිසෙමින් දකුණු අපි‍්‍රකානු කී‍්‍රඩකයන්ගේත් දැඩි කතාබහට ලක්විය.
ශී‍්‍ර ලංකාවේ එක්දින නායකයෝ
| ක‍්‍රීඩකයා |
නායකත්වයේ කාලය |
තරග | ජය | පරාජයන් | ලකුණු සමවීම් | විසදුම් නැති |
| අනුර තෙන්නකෝන් | 1975-1979 | 4 | 0 | 4 | 0 | 0 |
| බන්දුල වර්ණපුර | 1979-1982 | 8 | 3 | 5 | 0 | 0 |
| දුලිප් මෙන්ඩිස් | 1982-1987 | 61 | 11 | 46 | 0 | 4 |
| සෝමචන්ද්‍ර ද සිල්වා | 1983-1983 | 1 | 0 | 1 | 0 | 0 |
| රන්ජන් මඩුගල්ල | 1988-1988 | 13 | 2 | 11 | 0 | 0 |
| අර්ජුන රණතුංග | 1988-1999 | 193 | 89 | 95 | 1 | 8 |
| රවී රත්නායක | 1988-1988 | 1 | 1 | 0 | 0 | 0 |
| අරවින්ද ද සිල්වා | 1992-1996 | 18 | 5 | 12 | 0 | 1 |
| රොෂාන් මහනාම | 1994-1994 | 2 | 0 | 2 | 0 | 0 |
| සනත් ජයසූරිය | 1998-2003 | 118 | 66 | 47 | 2 | 3 |
| මාවන් අතපත්තු | 2001-2006 | 63 | 35 | 27 | 0 | 1 |
| මහේල ජයවර්ධන | 2004-2013 | 126 | 68 | 49 | 1 | 8 |
| චමින්ද වාස් | 2006-2006 | 1 | 0 | 1 | 0 | 0 |
| කුමාර් සංගක්කාර | 2009-2011 | 45 | 27 | 14 | 0 | 4 |
| තිලකරත්න ඩිල්ෂාන් | 2010-2012 | 26 | 11 | 15 | 0 | 0 |
| ඇන්ජලෝ මැතිව්ස් | 2012-2013 | 13 | 5 | 7 | 0 | 1 |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට කරන වැඩ?හොද ටෙස්ට් තරග ටිකක් බලන්න පුළුවන් වෙයි වගේ කියලයි මට නම් හිතෙන්නේ. (දී)
චන්දිමාල් ඔබ ශ්‍රී ලංකා ලංකාවට මාතාවට ආශීර්වාදයක් ! ඔබට ජය හා සතුට.(නදී)
චන්දිමල්ට සුබ පතනවා. ඔහු එක් දින තරග වල පිතිකරුවෙක් ලෙස සාර්ථක විය යුතුය . කේසේ වෙතත් තිරිමන්නට නවකයන්ට තැන දිය යුතු නිස නම් උප නායකත්වයට පත් කලේ නම් , ඉදිරියදේ තමාගේ පළමු තරගයටම මුහුණ දෙන ක්‍රීඩකයෙකුට නායකත්වය දීමට ශ්‍රී ලංකා ක්‍රිකෙට් බලදාරීන් කටයුතු කරනු ඇත. ලෝක කුසලානයක් නිම උ වහාම නායකයා ඉවත් වීමට පිළියම බලදාරීන් විසින් තවම සොයා ගෙන නැත. පළමුව නායකත්වට අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකුට ලබා දී මතෙව්ස්ට හා චන්දිමල්ට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් සලසන්න. (දී)
හොඳට හිනා වෙන්න පුළුවන් උනා කියල වත් , දේශප්‍රේමී උනා කියල වත් ක්‍රිකට් පිහිටන්නේ නෑ .... හරි නම් ටීම් එකෙනුත් කැපිල ඉන්න ඕන කෙනෙක් ... (දී)
අපිට ඊළඟ ලෝක කුසලානය ගෙන එන නායකයට ජය පතමි. (දී)
රටේ හැම දෙයක්ම අවුල් වෙනකොට මෙතනත් අවුල් නොවේ නම් එක හොඳ නැනේ එකනේ මේ (දී)
කොහොමද සංගාගේ ටිකිරි මොලේ 2015 ක්‍රිකට් ලෝක කුසලානයේ නායක කමට තවම ඇදුම් මදිනවා . (දී)
අනේ මන්දා, ටීම් එකේ ඉන්නවත් සුදුසුකම් තියනවද කියලා හිතෙනවා බැටින් ෆේල් වෙන විදියට. කොහොම වුනත් අපෙන් සුබ පැතුම්!(නදී)
මම චන්දිමාල් ගැන දන්නා හින්ද, ඔහු ගහනවා දැක ඇති හින්ද කියන්නේ, මේ අපි තවම දැක ඇත්තේ ඔහුගේ අවම දක්ෂතා පමණි; ඔහුව විවේචනය කරන සැදැහැවතුන්ට තව නොබෝ දිනකින්ම , ඒ වචන වමාරන්න වන බවද මම දනිමි.(නදී)
මේගොල්ලන්ට නම් ඉතින් මොකද? දිනුවත් දිනුම් පැරදුනත් දිනුම්. ප්‍රේක්ෂක අපිට දිනුවත් පැරදුනත් මේවා බලන්න ගිහිල්ලා අතේ තියන සතෙත් නැති වෙනවා (නි)
දුලිප් මෙන්ඩිස් තරග 61න් තරග 46ක්ම අසාර්ථකයි නේද? (නි)
නායකයෙක් වෙන හැටි හරියටම ඉගෙන ගන්නවා නම් නියමම කෙනා තමයි දෝනි (නි)
තිරිමාන්න නම් බැට කරන්න එවන්න එපා කියලයි මම ඉල්ලන්නේ (නි)
චන්දිමාල්, මැතිව්ස් දෙන්නම වාසනාවන්තයි. ඒ දෙන්නටම හොද නායකයෝ දෙන්නෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මහේලත් ඉන්න නිසා එයාගෙනුත් උපදෙස් අරන් කටයුතු කලොත් හොදයි නේද? . (නදී)