අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. පළමු වටයේ අවසන් තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී අද (17) පැවැති තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 20 කින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය මේ මස 20 වැනිදා කාඩිෆ්හිදී ද, එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පළමු අවසන් පූර්ව තරගය 19 වැනිදා ලන්ඩන්හිදී ද, පැවැත්වීමට නියමිතය.
එම ජයග‍්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකා පිල ඕස්ටේ‍්‍රලියාව ලකුණු 164 කට හෝ ඊට අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළේ නම් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට ඒමේ අවස්ථාව තිබුණි.
මෙහිදී ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 29.1 කදී හෝ ඊට පෙර ජය ලැබුවේ නම් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර ඕස්ටේ‍්‍රලියාව ඊට පසුව හෝ ජය ලැබුවේ නම් ශ්‍රී ලංකාව ද තරගාවලියෙන් ඉවතට විසිවී නවසීලන්තයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තිබුණි.
ක්ලින්ට් මැකේ (30) සහ සේවියර් ඩොහර්ටි (නොදැවී 15) 10 වැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 41 ක සම්බන්ධතාව පන්දු යැවූ තිලකරත්න ඩිල්ෂාන් රැකගත් අති විශිෂ්ට උඩ පන්දුවත් සමග අවසන් වීමෙන් ශ්‍රී ලංකාව අවධානමින් ගැලවුණි.
නුවන් කුලසේකර දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 42 කට කඩුලූ 3 ක් දවා ගැනීමට සමත් විය.
විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ මහේල ජයවර්ධන පන්දු 81 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 84 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ලකුණු 253 ක් දක්වා රැගෙන ඒමේ පුරෝගාමියා බවට පත්විය.
මෙහිදී මහේල ජයවර්ධන එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කළේය. මහේල මේ වන විට එක්දින තරග 394 කදී ලකුණු 11,022 ක් රැස්කිරීමට සමත්ව සිටියි. එයට ශතක 15 ක් සහ අර්ධ ශතක 69 ක් ඇතුළත්ව තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 11,000 ක් රැස්කළ තෙවැනි ක‍්‍රීඩකයා සහ ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 11,000 ක් රැස් කළ 8 වැනි ක‍්‍රීඩකයා ලෙස මහේල ඉතිහාසයට එක්විය. සනත් ජයසූරිය (13,430) සහ කුමාර් සංගක්කාර (11,237) මහේලට ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ වෙති.
ලෝක එක්දින ක‍්‍රිකට් පිටියේ වැඩිම එක්දින සහ ටෙස්ට් ලකුණු ලාභියා වන ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් එක්දින ලකුණු 18,426 ක් රැස්කර තිබේ.
ළහිරු තිරිමාන්න සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 86 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් සහ ළහිරු තිරිමාන්න තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක අගනා සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා පිල ශක්තිමත් තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ. තිලකරත්න ඩිල්ෂාන් පන්දු 58 කදී ලකුණු 34 ක් ලබා ගත්තේය.
ඕස්ටේ‍්‍රලියානු තාවකාලික නායක ජෝර්ජ් බේලි කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළේය.
ශ්‍රී ලංකා යොවුන් ආරම්භක පිතිකරු කුසල් ජනිත්, මිචෙල් ජොන්සන් යැවූ පළමු පන්දුවට අලංකාර පහරකින් ලකුණු 4 ක් ලබාගත්ත ද, තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරද හසුව දැවී ගියේය. එංගලන්තයට එරෙහිව ශතකයක් රැස්කළ කුමාර් සංග්කකාර ලකුණු 3 ක් ලබා මුළු ලකුණු සංඛ්‍යාව 20 ක්ව තිබියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී යෑමත් සමග ශ්‍රී ලංකා පිල සසල විය.
ඕස්ටේ‍්‍රලියානු නිත්‍ය නායක මයිකල් ක්ලාක් ආබාධයකට ලක්ව සිටින නිසා මෙම තරගයෙන් ද ඉවත්ව සිටියේය.
තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වීමට නියමිතය.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
කුසල් ජනිත් - ක.මු.කළා ප. ජෝන්සන් 4
තිලකරත්න ඩිල්ශාන් - ඇ. වොට්සන් ප. ඩොහර්ටි 34
කුමාර් සංගක්කාර - ඇ. මැක්ස්වෙල් ප. මැකේ 3
ළහිරු තිරිමාන්න - ඇ. වොට්සන් ප. ජෝන්සන් 57
මහේල ජයවර්ධන - නොදැවී 84
ඇන්ජලෝ මැතිව්ස් - ප. ෆෝක්නර් 12
දිනේෂ් චන්දිමාල් - ඇ. හියුස් ප. ජෝන්සන් 31
නුවන් කුලසේකර - දුවද්දී දැවී ගියා 6
රංගන හේරත් - දුවද්දී දැවී ගියා 2
ලසිත් මාලිංග - නොදැවී 2
අතිරේක 18
එකතුව ඕවර 50 කදී කඩුලූ 8ක් දැවී 253
කඩුලු වැටීම:
1-8, 2-20, 3-92, 4-128, 5-159, 6-224, 7-234, 8-244
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා:
ශමින්ද එරංග
පන්දු යැවීම:
මිචෙල් ජෝන්සන් : 10-0-48-3, ක්ලින්ට් මැකේ : 10-1-51-1, ජේම්ස් ෆෝක්නර් : 9-0-60-1, ෂේන් වොට්සන් : 4-0-14-0, සේවියර් ඩොහර්ටි : 10-1-30-1, මිචෙල් මාර්ෂ් : 2-0-12-0, ග්ලෙන් මැක්ස්වෙල් : 5-0-26-0
ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම් ඉනිම
ෂේන් වොට්සන් - ප. කුලසේකර 5
පිලිප් හියුස් - ඇ. සංගක්කාර ප. කුලසේකර 13
ග්ලෙන් මැක්ස්වෙල් - ප. මාලිංග 32
ජෝර්ජ් බේලී - දුවද්දී දැවී ගියා 4
ඇඩම් වෝග් - ඇ. එරංග ප. හේරත් 49
මිචෙල් මාර්ෂ් - ප. මැතිව්ස් 4
මැතිව් වේඞ් - ඇ. ඩිල්ශාන් ප. කුලසේකර 31
ජේම්ස් ෆෝක්නර් - ඇ. සංගක්කාර ප. හේරත් 17
මිචෙල් ජෝන්සන් - ඇ. කුලසේකර ප. එරංග 4
ක්ලින්ට් මැකේ - ඇ. සහ ප. ඩිල්ශාන් 30
සේවියර් ඩොහර්ටි - නොදැවී 15
අතිරේක 29
එකතුව ඕවර 42.3 කදී සියළු දෙනා දැවී 233
කඩුලු වැටීම:
1-9, 2-45, 3-59, 4-69, 5-80, 6-127, 7-163, 8-168, 9-168, 10-233
පන්දු යැවීම:
ශමින්ද එරංග : 8-1-40-1, නුවන් කුලසේකර : 9-0-42-3, ලසිත් මාලිංග : 9-0-60-1, රංගන හේරත් : 10-0-48-2, ඇන්ජලෝ මැතිව්ස් : 3-0-21-1, තිලකරත්න ඩිල්ශාන් : 3.3-0-11-1
ළහිරු තිරිමාන්න පිතිහරඹයේ යෙදෙමින්...
නුවන් කුලසේකර
මහේල ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ මෙදා පාර කප් එක ඉන්දියාවට කියලා.ඔවුන්ගේ කණ්ඩායම සමබරයි. (නි)
අවසන් තරගය පැරදුනත් කමක් නෑ ඉන්දියාවට ගහලා (අ)
මගේ සුබ පැතුම් සිංහ පැටව්න්ට... කැන්ගරුන්ට එන්න කියමු බජිරි කවන්න...(අ)
මෙහෙම සෙල්ලම් කලොත් නම් ඉන්දියාව අපට මතක හිටින්න ගහනවා. මට නම් හිතෙන්නෙ මැතිව්ස් තවම මේ නායකත්වයට මෝරලා මදි කියලා. මොනවහරි නොකොලොත් මැතිව්ස් ළමයා විනාස වෙනවා. ඉතාම හොදට සෙල්ලම් නොකොලොත් ඉන්දියාවට පරදිනවාමයි. "හොදට කරමු ළමයි..යි..යි (අ)"
අපේ සුබ පැතුම්! මෙදා පොටේ දෙනවා බැටේ. අපිට තමා කප් එක. ජය වේවා! (නි)
අපේ කට්ටියගේ මානසික තත්වය දැන් ඉතා හොඳයි. එනිසා ඉන්දියාවත් එක්ක ගේමක් නැහැ. (නි)
අපිට අනිත් කණ්ඩායම් සමග තරගයක් නැහැ,තරගේ තියෙන්නේ අල්ලපු රට සමග. මේ තියන තත්වය අනුව ඒකත් අපිට කරන්න පුළුවන්. ඔබලාට සුබ අනාගතයක්! ඇත්තටම ආසියාවේ ආශ්චර්යය කරලා එන්න වරම් ලැබේවා කියා පතමි (නි)
සිංහ පැටුන්ට ජයවේවා !! කණ්ඩායම හොඳ සමබරතාවයකින් ක්‍රීඩා කරනවා.ඉන්දියාව අපරාජිත කණ්ඩායමක් වශයෙන් ඉහල මානසික තත්වයක හිටියත්,අපි ගැන දෙපාරක් හිතනවා. අබිමානයෙන් රටට ගෞරවයක් ගෙනඒමට ශක්තිය අපේ කණ්ඩායමට ලැබේවා!!! (නි)
කෝලි කුට්ටු වලට සමාන නමක් ඇති ඉන්දියානු ක්‍රීඩකයා කවුද ? (නි)
අප්පේ දැන් තමයි අපට යන්තම් පණ ආවේ. මා හිතන්නේ මේ කුලේගේ ප්‍රවේගී හරඹය නිසා තමයි අප කණ්ඩායමට යම් රිද්මයක් එකතුවුනේ. අපි අවසන් පූර්වයේ පැරදුනත් කමක් නැහැ අපේ අල්ලපු ගෙදර කෙනාව ගෙදර යවලා. (නි)
අවසන් තරඟය ලංකාව සහ එන්ගලන්තය අතර වේවි. සියළු දෙනාම පැමිනෙත්වා!(නි)
පසුගිය කාලය තුල ශ්‍රී ලංකාව බොහෝ අවසන් තරග වලදී ශුරයන්ට වඩා අනුශුරයන් වුන ප්‍රමාණය වැඩියි. එය වෙනස් කීරීමට කාලයයි මේ. (නි)
දැන් ඉතින් ගහපල්ලකෝ අසල්වැසියට. හිතද්දිත් මයිල් ස්මයිල් වෙනවා. (අ)
අපි දෙවැනි වතාවට බැට් කරනවා නම් ලකුණු කරා යන්න පුළුවන්. ඉන්දියාව පස්සේ ගැහුවොත් ගහනවාම තමා. කෝලි දෝනි නොගැහුවොත් හොදයි. ඕං නමෝ නමාමි... මතුරමු මන්තරයක් (නි)
අපි ගියා තරගය බලන්න. අපට හරි සතුටුයි. ක්‍රීඩාගාරය පුරාම හිටියේ ලංකාවේ අය. ඒ වගේම ලංකාවේ දෙමල අයත් ගොඩක් ඇවිල්ලා හිටියා. ඒ ඔක්කොමලා හොඳ සහයෝගයක් දුන්නේ අපේ කණ්ඩායමට. එතන කිසිම ජාති බේදයක් තිබුනේ නැහැ. හැමෝමටම තිබුනේ ලාංකිකයෝ කියන හැගීම. (නි)
ජය වේවා අපේ කොල්ලනේ !!! මොනවා උනත් අල්ලපු රට භයයි අපිට. (දී)
කෝලි සහ රයිනා අපිට දර්ශනය වේවිද මෙදා පාරත් ?(නි)
අපිට මීට වඩා හොදට ඉන්දියාව සමග සෙල්ලම් කළ යුතුයි. දිනන්නට නම් සෑහෙන ලොකු තරගයක් දෙන්න වේවි. (නි)
ලෝකේම ඉන්නේ 8 දෙනයි එතැන අපේ අය 3යි. කාටද ආඩම්බර....... (ත)
කුසල් පෙරේරා වෙනුවට තිසර පෙරේරා දිල්ෂාන් එක්ක පළමුව පන්දුවට පහර දෙන්න එව්වා නම්...(නි)
අලුත් ටීම් එකක් ගැන හිතුවට තවම ජ්‍යෙෂ්ටයෝ නැතුව ගේමක් ගොඩ දාගන්න බැහැනේ (නි)
අපේ කොල්ලෝ ගින්දර වගේ.(නදී)
මහේලයි, කුලසේකරයි දෙන්නා තමයි කැන්ගරුවන් ගෙදර යවන්න ගොඩක්ම උදව් වුනේ.ඉන්දියානුවනුත් ගෙදර යවන්න සුබ පැතුම්! (අ)
අපේ කොල්ලෝ සුරයෝ. (නි)
තිසර පෙරේරට මොකද වුණේ? (ත)
සුභපැතුම් ශ්‍රී ලංකා
මොනවා වුනත් ලංකාවේ සිංහයෝනේ දිනුවත් පැරදුනත්. ජය වේවා! (නි)
අනේ කාට පැරදුනත් කමක් නැහැ ඉන්දියාවට නම් පරදින්න එපා. ඉතිරි තරඟ දිනන්න අපේ කණ්ඩායමට සුබ පතමි (නි)
මරු අපේ කොල්ලෝ. දැන් ඉන්දියන් කට්ටියත් ගෙදර අරිමු .අපේ කොල්ලන් ඉදිරියටම යේවා! (නි)
චීනේ ,රුසියාව කප් එක ගෙනිච්චත් කමක් නැහැ ,ඉන්දියාව පැරදිලා. මට අර කෝලි කියන කෙනාව පෙන්නන්න බැහැ. (නි)
ලෝක පුජිත ක්‍රිකට් කැන්ගරුවන්ගේ ජයග්‍රාහී ඔද තෙද සුනු විසුනු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්. (නි)
කොහෙද අර හොදට පන්දු යවන සදරුවන්? (නි)
තිසරව අවසන් තරග වලට දාන්න. (නි)
ඉන්දියාවටත් ඔය විදියටම ගහන්න ඕනෑ (නි)
ලකුණු 250 ක් ගහල ඇතී වෙයිද මන්ද ? මහේල ගහන්න පටන් ගත්තොත් හොදා.....(අ)
මගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)
සුභ පැතුම්!(නදී)
අපේ සුබ පැතුම්! මේදා පොටේ දෙනවා බැටේ. අපිට තමා කප් එක. ජය වේවා!(නදී)
අපේ කොල්ලන්ට මගේ සුභ පැතුම්! (නි)
ගියපාර වොර්ල්ඩ් චුප් එක වගේ මේපාරත් අනාගයිද දන්නේ නැ....(අ)
ඉන්දියවටත් ඔය විදිහටම දෙමු. කොල්ලනේ නියමයි (නි)
අපේ කොල්ලෝ! (නි)
දෙපාරම දිනුවේ කුලසේකර නිසා. සුභ පැතුම් ඉතිරි තරග වලටත්. (නි)
ස්වාසිලන්තේ දිනුවත් කමක් නැහැ ඉන්දියාව පරාද වෙලා. (නි)
අනිවාර්යෙන්ම අපි කප් එක ගේනවා ෂුවර්! සුබ පැතුම් ශ්‍රී ලංකා! (නි)