IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ශ්‍රී ලංකාව කැටලෝනියාවේ වෙනම රාජ්‍යය හෙළාදකී

කැටලෝනියානු පාර්ලිමේන්තුව විසින් ඒක පාර්ශ්විකව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කරනු ලැබීම හෙළාදකින බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අද (28 වැනිදා) ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය දීර්ඝ කාලයක් තිස්සේ යහපත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ විතරක් නොවේ, ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ වැදගත් සාමාජිකයකු වශයෙන්ද සලකනු ලබනවා” යයි විදේශ කටයුතු අමාත්‍යංශ නිවේදනයෙන් කියැවේ.
 
“ශ්‍රී ලංකාවේ රජය කිසිදු සැක සංකාවකින් තොරවම ස්පාඤ්ඤ රාජධානියේ ස්වෛරීභාවයත් අවංකත්වයත් වෙනුවෙන් සහයෝගය දක්වයි. එසේම කැටලෝනියාව ස්පාඤ්ඤයේ වැදගත් කොටසක් ලෙසත් සලකනු ලබයි.”

“ස්පාඤ්ඤයේ ව්‍යවස්ථාව සහ නීතිරීති මාලාව අනුව එක්සත් ස්පාඤ්ඤයක් වෙනුවෙන්, දෙපාර්ශ්වය අතර සාකච්ඡාමය ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙසත් ශ්‍රී ලංකාව ආයාචනා කරයි” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර කැටලෝනියාව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ස්පාඤ්ඤ රජය දැඩි පියවර කිහිපයක්ම ගෙන තිබේ.

කැටලෝනියානු පාර්ලිමේන්තු තීරණය සහමුලින්ම නිෂ්ප්‍රභා කරමින් එහි සභාපතිවරයා, උප සභාපතිවරයා මෙන්ම සියලුම මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තු සභිකයන් නෙරපා දැමූ ස්පාඤ්ඤ රජය කැටලෝනියාවේ පාලනය සියතට ගනිමින් දෙසැම්බර් මස 21 වැනිදා ඡන්දයක් පැවැත්වීමටද තීරණය කර තිබේ. කැටලෝනියාවේ පොලිස්පතිවරයා තනතුරෙන් පහකර දැමීමටද මැඞ්රිඞ් (ස්පාඤ්ඤයේ අගනුවර) පාලනය අද (සෙනසුරාදා) පියවර ගත්තේය.

ස්පාඤ්ඤ අගමැති මර්ජානෝ රසෝයි මහතා විසින් කැටලෝනියානු පාර්ලිමේන්තුවේ මෙම ක්‍රියාව හඳුන්වනු ලබන්නේ “අකීකරුකම ඉහවහායාමක්” ලෙසිනි.

 



අදහස් (17)

ශ්‍රී ලංකාව කැටලෝනියාවේ වෙනම රාජ්‍යය හෙළාදකී

දිලාන් Saturday, 28 October 2017 11:24 AM

ඔහොම කියලා බැරිවෙලාවත් කැටලෝනියාව කැඩිලා ගියොත් තානාපති කාර්යාලයක් වත් දාගන්න බැරිවෙයි. අනික ලංකාවේ බෙදුම්වාදයට යුරෝපීයයන් හැමදාම කළේ උදව් කරපු එකයි.

:       139       95

අනුර ඉලන්කෝන් Saturday, 28 October 2017 11:29 AM

කැටලෝනියානු පාර්ලිමේන්තුව ගත් අදූරදර්ෂී ක්‍රියාව ලෝකයේ ඉන්න අනෙකුත් බෙදුම් වාදීන්ට උඩගෙඩි දීමක්....

:       44       143

piyal Saturday, 28 October 2017 11:40 AM

ඔන්න ලංකාවටත් හොඳ පාඩම්. මහා සඟරුවන අපිට දෙන්න යන අලුත් ව්‍යවස්ථාව ගැන කියන්නේ නිකම් නෙවෙයි.

:       3       516

Gihan Saturday, 28 October 2017 11:49 AM

අකීකරුකම නෙමේ ගොන්කම් ඉහවහා යාමක්. ඇති යන්තම් අපේ රජයට මෙහෙම නිවේදනයක් කරන්න පණක් තිබුණා. දැන් කට්ටිය ‍රැල්ලට රටවල් කඩන්න පටන් ගනීද දන්නේ නෑ. අන්තිමට කැඩිල වෙන් වුනාම ගලේ පැහැරූ බළලා වගේ මොකක් හරි අවුලක් ආවම තමා රඟේ තේරෙන්නේ...

:       0       208

ජයරත්න Saturday, 28 October 2017 01:17 PM

ස්පාඤ්ඤ ඉතිහාසය නොදැන ලංකාවේ පැත්තෙන් විතරක් බලලා කැටලෝනියානු නිදහසට විරුද්ධ වෙන එක සාධාරණ නැහැ. ජෝර්ජ් ඔර්වල්ගේ කැටලෝනියාව ගැන පොත කියෙව්වා නම් ඒ ඉතිහාසය දැනගන්න පුළුවන්. කැටලෝනියාවේ මිනිස්සු සටන් කරන්නේ ලංකාවත් එක්ක තියෙන තරහකට නෙමෙයි.

:       84       97

Thilina Saturday, 28 October 2017 01:35 PM

ඊලාම් රාජ්‍ය ශ්‍රී ලංකාවෙන් වෙන්වීම ස්පාඤ්ඤය හෙළා දකී.. ඉස්සරහට මෙහෙම දෙයක් දකින්නට ලැබුණොත් පුදුම වෙන්න දෙයක් නැහැ.

:       2       193

Raveendra Saturday, 28 October 2017 02:56 PM

මේ යන විදියට ඉහලින් ඉන්න අය දැනටමත් පිඹුරුපත් ඇදලා කොලේ වහලා ගහන්න ලෑස්තිවෙන ලක්ෂණ පහලවේගෙනයි එන්නේ..

:       2       49

ජගත් ලියනගේ Saturday, 28 October 2017 03:19 PM

ඇති යාන්තං.... පිට කොන්දක් තියන කියමනක් කිව්වමද කොහෙද?

:       28       41

Lal Saturday, 28 October 2017 03:50 PM

ශ්‍රී ලංකාව වැනි ලෝකයේ බලසම්පන්න සුපිරි රාජ්‍යයක සහාය ස්පාඤ්ඤය වැනි රටකට ලැබීම එරටට විශාල ශක්තියක්.

:       1       51

අනුර ඉලන්කෝන්Saturday, 28 October 2017 08:19 PM

ලාල් ඔයා මොනවඳ හිතන්නෙ අපේ රට ගැන. යුධ ශක්තිය. ආර්තික ශක්තිය. වැඳගත් නෑ රටක් ප්‍රබල වෙන්න. ඒ රට එක්සත් ජාතිින් නියෝජනය කරනවනම් ඔවුන්ගෙ ප්‍රතිපත්තියයි වැඳගගත්..

:       0       0

minipe Saturday, 28 October 2017 04:30 PM

කැටලෝනියව මුළු රටෙන්ම ධනවත්ම ප්‍රදේශයයි.මේ රටේ බෙදුමට 40% පමනයි චන්දය පාවිච්චි කලේ.

:       20       51

saranelis Saturday, 28 October 2017 06:10 PM

මේවා අපිට හොඳ පාඩම් !!!

:       0       0

de silva Saturday, 28 October 2017 09:59 PM

අව්රුද්දෙ වැඩි දවසක් අපේ රටේ අගනුවර පාරවල් වහගෙන මොකක හෝ කණ්ඩායමක් උද්ගෝෂණය කරනවා , පසුගිය සතියේ කියුබාවට ඇමෙරිකාව බලපෑම් කරනවා කියල කණ්ඩායමක් මෙහෙ උද්ගෝෂණය කරනවා මෙම උද්ගෝෂණ ටික කළමනාකරණය කරගන්න බැරුව දඟලන ආණ්ඩුව දැන් යනවා කටලොනියාවට උපදෙස් දෙන්න , ඕක කිවුව කියල හෙට අනිද්දා මොකෙක් හරි එකෙක් කොළඹ පාරක් වහල උද්ගෝෂණ කරන්න අවොත් අමාරුවේ වැටෙන්නේ අපි , ආණ්ඩුවේ ලොක්කෝ නම් හෙලිකොප්ටරෙන් හරි තමන්ගේ ගමන් බිමන් යාවි

:       0       0

sarath Saturday, 28 October 2017 11:45 PM

එකම ජනවර්ගයක් රටෙහි එක තැනකට එකතුවුනහොත් එහි අනිවාර්ය බෙදුම්වාදී ගතියක් ඇතිවෙනවා ,ඉදිරියට ලංකාවේ ප්‍රාදේශීය සභා මුත් මේවගේ යෝජනා නොගෙනාවොත් තමයි පුදුම.අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් එයට උල්පන්දම් දෙනවා

:       0       0

නුවන් Sunday, 29 October 2017 01:07 AM

කැටලෝනියාවෙ ඉතා සුළුතරයක් බෙදුම්වාදී වුවද, ඒ සුළුතරය රටට කරන හානිය සුලු පටු නොවේ. මේවා අපට හොඳ පාඩම්. බලය බෙදන්න ඕනෑ අය මේ අනතුර අඳුනාගෙන ඒ ගැන යමක් කිව යුතුය.

:       0       0

Sampath Sunday, 29 October 2017 04:50 AM

පළාත් ආණ්ඩුවලට රටක් බෙදුවට පස්සේ මෙවැනි පසු කාලීන ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න වෙනවා. මේක නව ව්‍යවස්ථාවක් මගින් බලය බෙදන්න ඕනේ කියන අපේ වර්තමාන පාලකයන්ටත් බලාගන්න තිබෙන හොඳම උදාහරණයක්.

:       0       20

සෙනෙවි Sunday, 29 October 2017 12:28 PM

ව්‍යවස්ථා සංශෝධනයකින් රට කැඩුවට පස්සේ අපේ රටට ඔහොම කියන්න කවුරුවත් නැති වේවි !!!

:       0       47

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 57 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 73 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 104 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 224 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1438 5

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 855 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 456 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 277 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site