ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති පළමු තරගයෙන් (දිවා/රාත‍්‍රි) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 8 ක පහසු ජයක් ලැබීය.
ශ‍්‍රී ලංකා පිල ලකුණු 238 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 35.4 කදී කඩුලූ 2 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය. විදුලිය බිද වැටීමෙන් පැයයි, විනාඩි 39 ක් අපතේ යෑමෙන් ඕවර 9 ක් අඩු කිරීම නිසා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ශ‍්‍රී ලංකාවට ඕවර 41 කදී ලකුණු 238 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය.
කුසල් ජනිත් සහ තිලකරත්න ඩිල්ෂාන් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පළමු කඩුල්ල සදහා අධිවේගි ඕවර 12 අවසන් වන විට ලකුණු 106 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
යොවුන් පිතිකරු කුසල් ජනිත්, පේ‍්‍රක්‍ෂකයන්ට 90 දශකයේ අග භාගයේ සනත් ජයසූරියගේ පිතහරඹය සිහියට නන්වමින් පන්දු 35 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 42 ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස දැවී ගියේය.
තිලකරත්න ඩිල්ෂාන් අනගි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 108 කදී හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 113 ක් රැස් කළේය. මෙම ශතකය ඩිල්ෂාන්ගේ 15 වැනි එක්දින ශතකය වේ. ඒ අනුව ඩිල්ෂාන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වැඩිම එක්දින ශතක රැස්කළ ක‍්‍රීඩකයා බවට පත්විය. සනත් ජයසූරිය ශතක 28 ක් රැස්කර පෙරමුණේ පසුවෙයි.
තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර් සංගක්කාර (63) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.
බංග්ලාදේශ පිල ඕවර 50 කදී කඩුලූ 8 ට 259
(තමිම් ඉක්බාල් 112, එනමුල් හක් 13, මහුමුදුල්ලා 29, නසීර් හොසේන් නොදැවී 73, ඇන්ජලෝ මැතිව්ස් 36/2, ලසිත් මාලිංග 51/2)
ශ‍්‍රී ලංකාව ඕවර 35.4 කදී කඩුලූ 2 ට 238
(කුසල් ජනිත් 42, තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 113, කුමාර් සංගක්කාර 63)
(ඡයාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපුල් තරංගට වඩා හොදයි. දක්ෂයට තැන දෙන්න.(නදී)
නියමයි කුසල්, දිගටම ඔහොම යං.(නදී)
සංගා, මැතිව්ස්, ඔබට උණුසුම් සුභ පැතුම්! (නි)
මගේ රටට සුභ පැතුම් (දී)
සංගාට උණුසුම් සුභ පැතුම්! (නි)
මහේලට මොකද වෙන්නේ? (නි)
ලංකා කොල්ලෝ ඔහොම තමයි (දී)
කුසල් ඔබට සුභ පැතුම්. නිහතමානි වන්න. අපට ඇහුණ අරයට ලැබුණ ප්‍රතිචාර එයා පන්දු යවද්දි. ඉදිරිය ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවනි.(නදී)
කුසල් ඔයාට සුභ පැතුම්. හැබැයි මාලිංග වගේ නම් වෙන්න එපා.(නදී)
මීට පෙර ඔහොම තරග දැකලා නැද්ද? (නදී)
නියමයි කුසල්. ඔබට සුභ අනාගතයක්! (නි)
කුසල් ඔබට සුභ අනාගතයක්.(නදී)
නවකයින්ට තැනක් දෙමු.(නදී)
ඊයේ නම් නියමයි මැච් එක.(නදී)
කුසල් පුතේ කොන්ඩේ වවාගෙන වලහා වගේ වෙන්න එපා. නිහතමාණීකම ගොඩක් වටිනවා. සල්ලි හම්බකරන්න පුළුවන්. ලෝකයගේ ආදරය ලබාගන්න හැමෝටම බැහැ. බලන්න ලෝක ශූර උසේන් බෝල්ට්.(නදී)
හැබැයි ලක්මව වෙනුවෙන් සෙල්ලම් කරන්න හොදේ. (නි)
නියමයි. (නි)
නියමයි.(නදී)
නියමයි. ඔහොම යමු. (නි)
ජයවේවා !(නදී)