(බන්ධුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20% කට කොවිඩ් 19 එන්නත ලබාදීමට රජය සූදානම් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (6) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
රජය මේ සඳහා ජිනීවා එන්නත් සංවිධානය වන එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳව ගෝලීය පදනම වෙතින් පසුගිය වසරේ ජූලි 20 වන දින ඉල්ලීමක් කර ඇති බවත් ඒ අනුව කොවැක්ස්පහසුකම ලබා ගැනීම සදහා කොවැක්ස් වැඩසටහන හා ශ්‍රී ලංකාව ගිවිසුම් අත්සන් කරන රටක් ලෙස යෝග්‍යතාව තහවුරු කර ඇති බවත් සෞඛ්‍ය ඇමැතිනිය අනාවරණය කළාය.
මෙරට බෝවෙන රෝග පිලිබඳව උපදේශක කමිටුව එන්නත හෝ එන්නත් කිහිපයක් පිළීබඳව සිය නිර්දේශ ලබාදුන් වහාම රජය කොවිඩ් එන්නත ගෙන ඒමට කඩිනමින් කටයුතු කරන බවද ඇය මෙහිදී සඳහන් කළාය.
එන්නත් පහසුකම් මෙරටට ලබාදීම සම්බන්ධව යෝග්‍යතාවය තහවුරු වුවද තවත් කරුණු රාශියක් සලකා බැලිය යුතු බව ඇමතිනිය සඳහන් කර සිටියේ අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා විසින් විමසූ ප්‍රශ්නයකට අගමැතිවරයා වෙනුවෙන් පිළිතුරු දෙමිනි.
විමසූ ප්‍රශ්නයට වැඩිදුරටත් පිළිතුරු දුන් අමාත්‍යවරිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛත්වයෙන් සහ කොවිඩ්- 19 කාර්ය සාධන බලකායේ ද යුද හමුදාපතිවරයා ගේ නායකත්වයෙන් යුතු මෙහෙයුම් මධ්‍යස්ථානයේ ද සමායෝජනය සහිතව වසංගත තත්ත්වය පාලනය සඳහා සමස්ත ජනතාවගේ ම දායකත්වය ලබාගැනීමේ ලබා ගැනීමේ සියලු ක්‍රමෝපායන් ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන් කළාය.
විශේෂයෙන්ම,මේ වන විටද සියලු සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි අවදානම් ජන කොට්ඨාස වලට ප්‍රමුඛතාව ලබා දෙමින් රට පුරා අහඹු පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙන අතර සිදු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණ ධාරිතාවය පහළොස් දාහක් දක්වා ඉහළ දැමීම, කොවිඩ් රෝගීන් සඳහා වෙන් වූ ඇඳන් 11800 කට අධික ප්‍රමාණයෙන් යුතු රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 71ක් මේ වන විට රට පුරා ස්ථාපිත කර තිබෙන අතර දැඩි සත්කාර ඇඳන් ප්‍රමාණය ද ක්‍රමානුකූලව වැඩි කරනු ඇති බවද මෙහිදී ඇමතිවරිය ප්‍රකාශ කළාය.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’ශ්‍රී ලංකාවේ සියයට 20කට එන්නත දෙනවා’
Sunil Wednesday, 06 January 2021 09:52 AM
ඔබතුමිය පැණිය කාලා ..., පැණිය දෙන්නේ නැද්ද?
BamunuarachchiTuesday, 12 January 2021 02:58 AM
කැමති අයට පැණිය බොන්න පුළුවන් මොකක්ද ප්‍රශ්නය? ලෙඩේ හැදුණොත් පැණිය නොබීම ඉඳියි.
sachith Wednesday, 06 January 2021 09:54 AM
මාධ්‍ය සංදර්ශන තියාගෙන මේකත් කරපු පැණියාට මොකද වුණේ?
david Wednesday, 06 January 2021 10:01 AM
ධම්මික පැණිය බිව්වට පස්සේ ටිකක් ලස්සන වෙලා නේද?
banda Wednesday, 06 January 2021 10:02 AM
දැන් එතකොට පැණිය බීපු අයට එන්නත දෙනවද?
Rihan Wednesday, 06 January 2021 10:05 AM
අනික් 80%ත් පනියි.
Nuwan Wednesday, 06 January 2021 10:16 AM
ඉතිරි සියයට 80ට පෙදරේරු පැණියද දෙන්නේ?
sena Wednesday, 06 January 2021 10:36 AM
මේක අර කළිනුත් කිව්වා ... ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නොමිලේ දෙනවා කිව්ව 20% නැහැ.. ඉතිරි 80% පැණිබීලද සනීප වෙන්නේ? මෙයාලට මෙලෝ වැඩක් කරගන්න බැහැ.
කබීර් Wednesday, 06 January 2021 10:54 AM
අනිල් ජාසිංහ කැඳවනවා කීවට කෝ?
qatar sita Wednesday, 06 January 2021 11:08 AM
ඉතිරි 80%ට අතින් වියදම් කරගෙන ගහගනින් කියයි. මේකත් රට විරුවන් ලංකාවට ගෙන්වන ප්‍රෝඩාවට දෙවැනි වෙන එකක් නැහැ.
Ranjan Wednesday, 06 January 2021 11:24 AM
එන්නතකට වැයවන්නේ USD 2 ක් පමණ AstraZeneca ඒ මුදල වියදම් කර හෝ හැකි අයට මුදල් ගෙවා ලබාගන්න දෙන්න පුළුවන්කමක් රජයට නැද්ද? කෝටි ගණන් වටිනා වාහනවල යන්න රටේ තිබෙන මුදල් වැය කරන්න පුළුවන්...
ravi Wednesday, 06 January 2021 11:43 AM
පවිත්‍රා නෝනේ, මීළඟ ඡන්දෙදී මිනිස්සු බොහොම ලස්සනට පොහොට්ටුවන්ට මේවට උත්තර දෙනවා පමණක් නොව මෙලහට පත්වෙන රජයක් යටතේ සියලුම පොහොට්ටුවන්ට විරුද්ධව නඩු පවරනවා. චීනාට, ඉන්දියාවට විකුණපු සියලුම දේපළ වන්දි විරහිතව රජයට පවරා ගන්නවා. අනිවාර්යයෙන්ම මේක සිදුවෙනවා...
AsankaWednesday, 06 January 2021 11:59 AM
සහතික ඇත්ත... අපි ජනතා විමුක්ති පෙරමුණ පත්කර ගන්නවා ඊළඟ පාර.. දැන් දෙගොල්ලන්ටම රැවටුණා ඇති හොඳටම...
sharm warnWednesday, 06 January 2021 12:00 PM
මේ ගොල්ලන්ව ගෙදර යවන්න පුළුවන් නම් හොඳයි. නමුත් වෙන්නේ මොකක්ද? අර වාසි පිළට හෝයියා කියාගෙන එක එක බයිලා කියන ටෙලිෆෝන් කාරයින්ව බලයට ගෙනඒමයි. ඒ අය අවුරුදු 5ම පුරුදු බයිලා කිය කිය ඉඳීවි. කවදාවත් මේ කාටවත් හරි නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. බලන්නකෝ... යහපාලනේ කියාගෙන ඒවි. කරපු ගොන්කම් වල දෙවැනි කොටස තමයි ඉතින්...
sharm warn Wednesday, 06 January 2021 12:02 PM
පැණි දෙවියා. මොකෝ මේ එන්නත් පස්සෙන් යන්නේ? ඇත්තටම බෙහෙත් වට්ටෝරුවේ වයිරස් ආසාදනයකට එරෙහිව සටන් කරන්න ශක්තියක් තියෙනවා. ඒත් මේ නාඩගම් කාරයින් ඒක කාලා දැම්මා.
Prasad Wednesday, 06 January 2021 01:01 PM
මෙයා බීපු පැණියේ ප්‍රතිඵල එන්නේ ලබන සැප්තැම්බර් විතර...
chandana Wednesday, 06 January 2021 01:15 PM
ඉතුරු 80%ට දෙන්නේ උම්මා එකක්ද?
Soma dubayi Wednesday, 06 January 2021 01:30 PM
සජිත් හිටියා නම් හැමෝටම එන්නත දෙනවා.
Prabha Wednesday, 06 January 2021 02:43 PM
ඔන්න මම 20% ගණන් හැදුවා. කියන්නේ ජනාධිපති, පාර්ලිමේන්තුවේ 225, පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, ඔවුන්ගේ පවුල්වල උදවිය සහ හිතවත්තු... ආරක්ෂාවට එන්න පොලීසියේ 40000 සහ පවුල්වල අය... අනෙකුත් ආරක්ෂාවට එන්නේ ත්‍රිවිධ හමුදාවේ අය සහ පවුල්වල උදවිය.
RathuThursday, 07 January 2021 05:01 AM
ඇත්තටම... ඔයාට දිවැස් පේනවද?
Rata PerataThursday, 07 January 2021 07:44 AM
දිවැස් නොවෙයි ප්‍රභාට මොලේ තියෙනවා කියලා නම් හිතෙනවා.
duminda Wednesday, 06 January 2021 05:07 PM
මුට්ටි නැද්ද?