
(ටී.කේ.ජී.කපිල )
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.
ඇය සමග රෝහිත රාජපක්ෂගේ නැන්දම්මා වූ ඈන් ද ලිවේරා මහත්මිය ද පිටත්ව ගොස් තිබේ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිංගප්පූරුවට ගිය බව ආරංචි මාර්ග කියයි.
ඔවුන් අද අලුයම 01.10 ට සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .
ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළඹෙන මෙම 24 වැනි දින මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට ද නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් සිංගප්පූරැවෙත් FCID එකේ ශාඛාවක් පටංගන්න වෙයි වගේ.
ගිලෙන නැවකි ජීවිතේ, බලය නොමැති ලෝකයේ,
මවුන්ට් එලිසබෙත්ද ගියේ? හොර සල්ලි ඕන තරම් තියෙනවනේ.
සිය වක්කඩෙන් අත හෝදගෙනලු දේශපාලනයට ආවේ. ඒත් කිසිම රස්සාවක්වත් කරන්නේ නැතුව, දැන් පවුලේ අය බෙහෙත් ගන්න යන්නේ සිංගප්පූරු.