IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රමනවේශධාරියකු, කතුන් දෙදෙනකු නිරුවත් කළ අටක් රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත්  අට දෙනා  ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය.

සැකකරුවන් අට දෙනා එදිනට හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්  මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ තම පාර්ශවයට අදාල පැමිණිලිකරු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවයි.

එහිදී එම පැමිණිලි ද ලබන 12 වෙනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළ චීවරධාරියකු, තරුණියක සහ මවක සිටි අවස්ථාවේදී බලහත්කාරයෙන් එම නිවසට කඩා වැදී එහි සිටි පිරිස නිරුවත් කර පහර දී වීඩියෝ පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය  සැකකරුවන් අත් අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී

සැකකරුවන් වෙනුවෙන් නීතීඥ නුවන් ජයවර්ධන මහතා පෙනී සිටියේය.

 



අදහස් (18)

ශ්‍රමනවේශධාරියකු, කතුන් දෙදෙනකු නිරුවත් කළ අටක් රිමාන්ඩ්

sam Saturday, 08 July 2023 07:57 PM

හොද වැඩේ තලෙයිබාන් බෞද්ධයන්ට

:       0       1

ranjith Saturday, 08 July 2023 08:46 PM

හාමුදුරුවනේ, පන්සලේ වැඩ ඉඳලා ශාසන මෙහෙවර කරන්න. අනවශ්‍ය කරදරවලට ලක්වෙන එකෙන් වළකින්න.

:       0       1

pakeer Saturday, 08 July 2023 09:44 PM

ශ්‍රමණවේශධාරියකු...! නියම අර්ථකථනය... කිසි අවුලක් නැහැ. කවුද මේ?

:       0       1

Kasun Saturday, 08 July 2023 09:50 PM

මේක දූශන සිද්දියක් අවුරැදු 20 කට හිරේ යවන්ඩ පුළුවන්

:       0       0

ගමේ එකාලා Saturday, 08 July 2023 10:43 PM

ගෑනු දෙන්නා හරී කියලා කියන්නේ නැහැ.නමුත් නිරුවත් කර පහරදීම කොහෙත්ම අනුමත කරන්ඩ බැහැ.ගහපු උන්ටත් ,අම්මලා,සහෝදරියෝ ඇතිනේ ?

:       0       1

Rasika Saturday, 08 July 2023 11:47 PM

මේ අර අරගලය කරපු ලෝයර් නේද නුවන්? ඉතුරු ටික හිතාගන්න පුළුවන්.

:       0       0

Demuni Uduwara Sunday, 09 July 2023 03:26 AM

56 ඊනියා විප්ලවයේ ප්‍රතිවිපාක විටින් විට දක්නට ලැබේ!

:       0       0

නිහාල් Sunday, 09 July 2023 04:44 AM

ධර්ම සාකච්ඡා වලට බාධා කරන්න එපා ළමයි. හෙටත් වෙනදා වගේම බත් තම්බා අරන් ගිහින් දීලා එන්න..

:       0       0

Sampath Sunday, 09 July 2023 06:07 AM

නීතිය අතට අරන් චංඩි නම් කරන අයට වසර 20කට හිරේ යවන්න ඕනේ. පොලිසියේ රාජකාරි පොලිසියට පවරන්න...

:       1       3

Dasun Wanaguru Sunday, 09 July 2023 07:29 AM

මහින්ද මහත්තයට පිරිත් නූල් බැඳපු, රංජන් රාමනායකගෙන් බුදුදහම රැකගන්න කැපවුණු හිමිනමත් එහෙනම් ශ්‍රමන වේශධාරි වුණා..

:       0       3

Sameera Lanka Jayasinghe Sunday, 09 July 2023 09:07 AM

දැන් මොවුන්ට කෙල්ලෙක්ව නිරුවත් කරලා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාන්න ‌හොඳයි. හැබැයි සේරම වහගෙන යනවා ‌පෙනෙයි කියලා. යකාටම ගිය රටක් මේක නම්...! 

:       0       4

රට වැසියා Sunday, 09 July 2023 09:33 AM

මෙය ඉතාම අධම ක්‍රියාවකි... කුමන කාරණයක් නිසා හෝ රටේ කිසිම වැසියෙකුට තමන් විසින් හදාගත් නීති ක්‍රියාත්මක කළ නොහැකිය. ඔවුන්ට දියහැකි උපරීම දඬුවම් දිය යුතුයි. අනිත් අතට සිංහල-බෞද්ධයා යනු දැඩි ව "මිත්‍යාවට සහ සමාජ-නුගත්කමට වහල් වුවන්ය" ඔවුන් හුදෙක් පුරුද්දට ආගම අදහනවා විනා එහි හරයන් නොදනී. මෙයට පංසල ද වග විය යුතුය. වඳුරන්ගෙන් බණ අසන බෞද්ධයින්ගෙන් රටේ අඩුවක් නැත, චීවරධාරියාද, ඔහුට දඬුවම් කළ අමනයන් අට දෙනාද වැටෙන්නේ අර වඳුරන් අතරටයි...

:       0       4

prasanna Sunday, 09 July 2023 11:28 AM

අනුන්ගේ නිවාස වලට කඩාවදින අසහනකාරයින් සෙට් එකක්... මොවුන්ට මෙහෙම බලයක් දුන්නේ කවුද දන්නේ නැහැ. මිනිස්සුන්ගේ පුද්ගලික ජීවිතයට ඇඟිලි ගහන්න රටේ ජනාධිපතිටවත් බලයක් නැති බව මොවුන් දන්නේ නැහැ...

:       1       3

marikkar Sunday, 09 July 2023 11:30 AM

ඉතාහොඳ තීරණයක්... කිසිවකුට නීතිය අතට ගැනීමට ඉඩදිය යුතු නැත...

:       2       2

hamuduru podi Sunday, 09 July 2023 12:13 PM

ඉතාම වැරැදිය. ගම්වාසීන් එතැනට යනවිටත් ඔවුන් නිරුවතින් හිටියේ...!

:       2       2

Kabeer Sunday, 09 July 2023 12:34 PM

ඉල්ලන් කෑම....

:       0       2

ධර්මදාස Sunday, 09 July 2023 01:21 PM

මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ වැඳුම් පිදුම් ලැබූ නායක හාමුදුරුවෝ එක්වරම ශ්‍රමණ වේශධාරියෙක් වූ සේක !

:       0       3

mangala Sunday, 09 July 2023 04:42 PM

කිසිදවසක වැරැදි කරලා නැති මිනිස්සු වෙන්න ඇති... මේ මිනිස්සුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ ඔය වගේ වැඩ කරන්න හිතන් ඉන්න අයටත් දැනෙන්න එක්කම... අඩුගානේ හරි බෙෳද්ධයෙක් නම් දැක්කත්, ඇහුවත් ප්‍රශ්නකර නිවැරැදි දෙය වටහාගන්න කියන බුදුවදන දැන ගන්න ඕනෑ. කොහොම වුණත් අසරණ ගැහැණියෙක්ව නිරුවත් කරන එක සහගහන අපරාධයක්. මොවුන් මිනිස්සුද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 85 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 429 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 219 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 316 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 380 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 220 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site