IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රීලනිප පළාත් මන්ත්‍රී සංසදයේ මත ගැටුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව අද සවස බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ දී හමුවීමට පෙර පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැත්විණි. එහිදී මාධ්‍යෙව්දින් කැඳවීමට මන්ත්‍රීවරු පිරිසක් විරෝධය දැක්වූහ. ඔවුන් කියා සිටියේ තමන් පැමිණියේ සාකච්ඡාවකට බවත් මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නොවන බවයි. දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා අදහස් දක්වමින් විධායක සභාවට ඉදිරිපත් කරණ නව ප්‍රතිසංස්කරණ යෝජනා ගැන අදහස් දැක්වීම ආරම්භ කළේය. එහිදී පසුගිය ජනාධිපතිවරණයේ පරාජය විශේලේෂණය කැර එය පක්ෂයට ඉදිරිපත් කළ යුතු යැයි කීමත් සමග පැමිණ සිටි මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ තමන් පැමිණියේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කැර ගැනීමේ යෝජනාවක් ගෙන ඒමට බවයි. තමන් පක්ෂය ආරක්ෂා කළ යුතු බවත් පක්ෂය කැඩීයාමට ඉඩදිය නොහැකි බවත් ආරියතිලක අමාත්‍යවරයා කියා සිටියේය. පසුව සංසදයේ සාකච්ඡාවක් පවත්වා පසුව යලි ඔවුන් මාධ්‍ය හමුවට පැමිණියහ. මුලින් මුලසුන දැරූ ආරියතිලක පළාත් අමාත්‍යවරයා එහි සිටියේ නැත. හදිසි පණිවිඩයක් පැමිණ ඔහු ඉවතට ගිය බව දෙවැනිවර මුලසුන දැරූ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කීවේය.

එහිදී කතා කළ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිවරුන්වන චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් සකස් කළ යුතු යැයි තම සංසදය තීරණය කළ බවයි.

එමෙන් ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී සිටි සියළු පක්ෂ ඒකරාශී කරගෙන මැතිවරණයට යා යුතු බවටත් යෝජනා තුනක් සම්මත කැර ගත් බවත් ඒවා සවස සමස්ථ ලංකා කාරකසභාවට ඉදිරිපත් කරණ බවත් ඔවුහු කීහ.

කලින් මුලසුන දැරූ යූ.ජී.ඩී.ආරියතිලක පළාත් සභා අමාත්‍යවරයාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා කියා සිටියේ පක්ෂය දෙකඩ කරණ කිසිදු තීරණයකට තමන් එකඟ නොවන බවයි.



අදහස් (0)

ශ්‍රීලනිප පළාත් මන්ත්‍රී සංසදයේ මත ගැටුම්

අබේ-ටෝකියෝ Saturday, 14 February 2015 04:38 PM

කොපි කරලා වගේ (නදී)

:       0       0

දේශප්‍රිය Saturday, 14 February 2015 05:29 PM

විමලවීර මහත්තයා කියන විදියට ගියොත් ශ්‍රී ලංකා එකට ගමනක් යන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

ලෝචන Saturday, 14 February 2015 05:33 PM

ශක්තිමත්ව තිබුන මේ පක්ෂයේ මේ විදිහට ප්‍රශ්න ඇතිකරන්න මුල්වුණේ කවුද කියලා අපි දන්නවා. දැන් ඉතින් සමහරුන්ට නින්දයයි.රටට ගිය කලක්! (නි)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 14 February 2015 06:50 PM

පක්ෂය මංකොල්ල කන්න දීල පාර්ලිමේන්තුවේ නිවටව බලන් ඉන්න චීත්ත ඇදගත් පිරිසට ඇස් ඇරෙන්නේ අවුරුදු 10ක් 15ක් 20ක් ආයේ විපක්ෂයේ ඉන්න සිදු වුනාම තමයි. මහින්ද මහත්තය නැති උනොත් අපි කවුරුත් චන්ද පොලට යන්නේ නැහැ. කරපු කුමන්ත්‍රණ ගහපු ඩබල් ගේම් තමන්ටම ආයෙත් පාරා වළලු වන දිනය වැඩි ඇතක නැහැ. ඔය පත්තු වෙන්නේ කස. පෙරහැර ලග එනවා. (නදී)

:       0       0

දුමින්ද Sunday, 15 February 2015 01:34 AM

මත ගැටුම් රට වෙනුවෙන්ද ? (නදී)

:       0       0

ගයාන් Sunday, 15 February 2015 04:45 AM

අපි හිතුවා මෙහෙම වෙයි කියලා (දිල්)

:       0       0

දර්ශන/මලයාසියාව Sunday, 15 February 2015 08:53 AM

සිංහලයිනි, මහින්ද සමග පෙරට ගියොත් අපි දිනුම් නැත්නම් අපේ රට අපිට නැති වේවි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 77 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 124 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 143 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 146 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 62 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ත්‍රිවිධ හමුදා දීමනා ගැන ආරක්ෂක අමාත්‍යාංශය පහදයි
2024 ඔක්තෝබර් මස 01 1907 0

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන පෙළඹවීමේ දීමනාව සම්පුර්ණයෙන්ම නවතා ඇති බවට පළවන පුවත් අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38360 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25283 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 865 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site