ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමජිකත්වයෙන් ඉවත් කළැයි සඳහන් ලිපියක් ලැබුණු බව හිටපු අමාත්‍යවරුන් වන සාලින්ද දිසානායක , බන්දුල ගුණවර්ධන සහ එස් එම් චන්ද්‍රසේන මහත්වරු කියති.
ශ්රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා සාමජිකත්වයෙන් ඉවත් කළැයි සඳහන් ලිපියක් ලැබුණු බව හිටපු අමාත්‍යවරුන් වන සාලින්ද දිසානායක , බන්දුල ගුණවර්ධන සහ එස් එම් චන්ද්‍රසේන මහත්වරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිවිතුරු ඇතුළු හොරුන්ට කඩේ යන අයගෙන් අහන්න කැමතියි පවුලේ සොහොනට මහජනතාවගේ සල්ලි ලක්ෂ 180 වියදම් කරපු එක ගැන .දැන් මෙතන අස් කරපු එක්කෙනෙක් කිව්වා රුපියල් 2500 ඇති කියල ජීවත් වෙන්න.ඒ උනාට පහේ ශිෂත්ව විබාගයේ ප්‍රශ්න පත්තරේ වත් හදාගන්න දන්නේ නැහැ .අනිත් කෙනා ජිනාගේ ගණිකා නිවසේ සිට අසුවුනා නේද? ඔබලා කැමති මෙවැනි අයටද? (බ)
එසැන පුවත් පාඨකයෝ බන්දුල පෙරේරාත්,පිවිතුරු යහපාලත්, ලංකා තිලකුත් අඳුනනවා.එයාලගේ අනන්‍යතාව දරන මතවාදය දන්නවා.ඩුප්ලිකේට් වලට බුද්ධිමත් එසැණ පුවත් පාඨකයින් අන්දවන්න බැහැ.යහපාලනයේ මාධ්‍ය සදාචාරය මොකක්ද කියලා අපි එදා ඉඳලා දැක්කා.අපිව නිහඬ කරවන්න හදන්නේ මේ ක්‍රම වලින් නම් ඒක ටිකක් අමාරු වේවි. (නි)
දැන් ඔන්න මේ සංවාදයත් එක්කෙනෙක් කාලාදාන්න හදන්නේ. වෙනස් මත ලියපු අයගේ නම් කියමින් ආඩපාලි ලියලා. කලින් සංවාදයක් එහෙම පිටින් කඩාකප්පල් කළා. පිස්සන්ට උත්තර දෙන්නේ යන්නේ නැතුව තමන්ගේ දේශපාලන මතය වැදගත් විදියට මෙතැන ලියමු. අපි නම් හැමෝගෙම ස්වාධීන අදහස් වලට සළකනවා. (නි)
සැබෑ ශ්‍රී ල නි ප සාමාජිකයන් යනු එක්තරා තනි පුද්ගලයෙකුගේ පවුල්වාදී දේශපාලනයට යටවෙන උදවිය නෙමෙයි. විශේෂයෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට තැන දෙන්න අකමැති ,තමන්ගේ පවුලෙන් කෙනෙකු අනාගතයේ මහපුටුවේ වාඩිකරවන්න බලාගෙන ඉන්න කෙනෙකුට පක්ෂයක් භාරදෙන්න කවුරුත් කැමති නැහැ. (නි)
පසුගිය කාලයේ තිබුන මාධ්‍ය සදාචාරය නම් බොහොම අගේට අපිත් දැක්කා රූපවාහිනියෙන් එහෙම (නි)
පිවිතුරු යහපාල මහත්තයෝ,ඔයා දන්නේ කොහොමද අපි හිතන්නේ මොනවද කියන්නේ මොනවද කියලා? ඉස්සර මමත් මහින්ද මහත්තයා වෙනුවෙන් මෙතන තර්ක විතර්ක කළා. නමුත් පහුගිය ආණ්ඩුවේ අය රටට කරලා තියෙන හානිය දැන් හැමෝම දන්නවා. ඒ නිසා මම ටිකක් නිශ්ශබ්දව ඉන්න තීරණය කළා. (නි)
මැතිවරණයට කලින් කියපු විදිහට නම් අපි හිතුවේ බලයට ආ ගමන් මේ අය පන්නයි කියලා. අපිට තිබෙන ප්‍රශ්නය මේ ටික පන්නන්න මෙච්චර ප්‍රමාදවුණේ මොකද කියන එකයි. (නි)
දැන් අලුත්ම න්‍යාය තමයි කාවහරි අල්ලස් දුෂණ කොමිසමට කැඳවපු ගමන් රැස්වීම් වලට ගිහිල්ලා 'පළිගන්නවෝ ' 'පළිගන්නවෝ ' කියලා බෙරිහන්දෙන එක. (නි)
කාලෙකට පස්සේ ලියන්න හිතිලා සභාවට ආවේ. අපෝ! දැන් අලුත්ම රණ්ඩු කෙක්කක් සභාවට කඩාපාත්වෙලානේ. අපේ යහපාල උන්නැහේට තිබෙන ඉවසීමවත් නැති දේශපාලන අන්තේවාසිකයෙක් එයා. කටේ බ්රේක් නැති උන්දෑ කෙනෙක්. (නි)
මුලින්ම කියූ පරිදි අපිට අවශ්‍ය වනුයේ මහින්ද මහතා හෝ මෛත්‍රී මහතා දිනවීම නොවේ, මේ රට දිනවීමයි. මේ රට දිනවන, මේ රට ගළවාගන්න නායකයා පසුපස ජනතාව පෙළගැසෙනු නියතය. යල්පැනපු මැතිවරණ නීති වලට වඩා ජනතා හඬ ප්‍රබලය. මොකද හැමදෙනාටම අවසානයේ වගකියන්නේ ජනතාවටයි. (නි)
නලින්, එතුමාට රත්තරන් කියන්නේ ඕගොල්ලෝ හිතාගෙන ඉන්න දේ හින්දා නෙමෙයි. එතුමා රත්තරන් වගේ වටිනා කෙනෙක් හින්දා කියලා එතුමාම වරක් කියලා තිබුනා. (නි)
ශ්රී ල නි ප ය ගැන සැබෑ ආදරයක් ඇති උදවිය එහි නිර්මාතෘ අයගේ නම කියවෙන එක වලක්වා පින්තුරත් වැදගත් තැන් වලින් අයින් කරන්න උත්සාහ කරන්නේ නැහැ. අන්තිමට ඒ පක්ෂය ගොඩ නැඟුවේ තමන්ගේ පියාය කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න සමහරු උත්සාහ කළා. අපේ සීයාගේ වයස 80 යි. හොඳ පරණ ශ්‍රී ල නි ප සාමාජිකයෙක්. පක්ෂයේ ඉතිහාසය ගැන මෙන්ම පසුගිය කාලයේ සිදු වුන දේවල් ගැනත් එයාට හොඳට සිහියේ තිබෙනවා. (නදී)
සුමුදු හේවා ගේ පදිංචිය මැදිරි ගිරියේද ? එහෙ එක්කෙනක් සීසර් සැත්කමක් කරන තැනකට රිංගන්න ගිහිල්ල අහු වෙලා තියනවා. ඔයත් මෙතැන අනුන්ගේ අදහස් වලට හොට දාලා කොටන බවක් පෙනුන හින්ද ඇහුවේ. (නදී)
මහජනයාට සතුන්ගේ නම් කියලා කතාකරන උදවිය නම් ඉවත්කරන එකමයි කාරිය. ඒ වගේ කට්ටියගෙන් මොකද්ද පක්ෂෙට වෙන යහපත? ඒගොල්ලන්ගේ කටවල් නිසා තිබුන ඡන්ද ටිකත් කැඩුනා. එච්චරයි. (නි)
රට හැදීමේ මුලික අඩිතාලම දැන් දාගෙන යන්නේ දුෂිතයන් පන්නා රට තුල බෙදුම්වාදය, ජාතිවාදය ඉස්මතුකර දැක්වීමට ගන්න පුද්ගලයන් සදහටම පක්ෂයෙන් නෙරපා දැමීමට අතිගරු ජනාදිපති තුමාට ශක්තිය ලැබේවා. සදාචර සම්පන්න රටක් ගොඩ නැගීමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා.(නදී)
චන්ද්‍රිකා මැතිණියට හූ කීම නිසා බන්දුල පෙරේරා මහතාව පක්ෂයෙන් නෙරපා හැරිය බවට කට කතාවක් පැතිරෙනවා (නදී)
යහපාලන කට්ටිය එකතු වුනේ මේ රට හදන්න නොවෙයිද ? මෙයාල සමග එකඟ නොවෙන අයට සලකන ආකාරය ඔහොමද ? (නදී)
රටට මොකද වෙන්නේ කියලා හිතා ගන්නත් අමාරුයි. අපේ රට දිනවන්න අපි සියලු දෙනා රට දිනවන නායකයාට එකතු වෙමු. (නදී)
එසැණ පුවත් පාඨකයෝ බන්දුල පෙරේරත් පිවිතුරු යහපාලත් ලංකා තිලකුත් අදුනනව..එයාලගේ අනන්‍යතාව දරන මතවාදය දන්නවා. ඩුප්ලිකේට් වලට බුද්ධිමත් එසැණ පුවත් පාඨකයින් අන්දවන්න බැහැ..යහපාලනයේ මාධ්‍ය සදාචාරය බලය නැති විටත් බලය ඇති විටත් තමන්ට විරුද්ධ මතවාද කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි යටපත් කිරීම බව අපි එදා ඉදල දැක්ක..අපිව නිහඩ කරවන්න හදන්නේ මේ ක්‍රම වලින්නම් මේ නපුන්සකයින්ට ඒක ටිකක් අමාරු වේවි..(බ)
ජිලෝ, මගේ වැටහීම නම් මේක කාටත් පොදු සංවාද මණ්ඩපයක් බවයි. ඒක එහෙම නෙමෙයි කියලද ඔයා මේ කියන්නේ? (නි)
පිවිතුරු යහපාල, ඔයා හරි. අනුන්ගේ නමින් අදහස් දැක්වීමත්, බලය නැතිවිටත් බලය ඇතිවිටත් තමන්ට විරුද්ධ මතවාද කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හරි යටපත් කිරීමත් ඒ මාධ්‍ය සදාචාරයේ අනිවාර්ය ලක්ෂණ තමයි. (නි)
කල්ලි ගැහිලා විරුද්ධ මතධාරීන්ට අවලාද වලින් දමාගැසීම මේ සංවාද මණ්ඩපයේ ඉන්නා යහපාලන කට්ටියගේ මාධ්‍ය සදාචාරයේ අලුත්ම ක්‍රමෝපායයි (බ)
එම පක්ෂයේ ව්‍යවස්ථානුකූලව පත්කෙරුණු කාරක සභිකයන්ගේ සාමාජිකත්වය අත්හිටුවන්න බලයක් තිබේද? (නි)
අනේ දෙවියනේ! මේ මොකද වුණේ? (නි)
බන්දුල ගුණවර්ධන වැනි පඬිරුවනක් පන්නා දැමීම අපරාධයක්. වසරකට වරක් එතුමා කියන රුවන් වැකි වලින් ජනතාව අප්‍රමාණ ලෙස සන්තෝෂ වුණා. උදාහරණයක් වශයෙන් අර 2500 කතාව! (නි)
කරුණාකරලා රට පෙරට හිතා නැඟී සිටින්න. (නි)
බුද්ධිමත් ඔබගේ සහයෝගය රටට අවශ්‍ය මොහොතක්. සිතන්න මේ අයගේ තනතුරු අහිමිකළේ ඇයි? ඇයි මේ වෙනස? (නි)
ශෝකය දුක ආවත් කොයිතරම්, අපි දාලා යන්නෙ නැහැ අපේ ජනපති මහින්ද මුලු රටටම රත්තරන් (නි)
ගණන් ගන්න එපා.. ඔය ශ්‍රී ලංකා එකේ අවසානයට ඉතුරු වෙන්නේ මෛත්‍රී මහත්තයයි චන්ද්‍රිකා මැඩම්මුයි එක්ක චිත්ත රෙදි කීපයක් පමණයි.. මහින්ද මහත්තය වටා සියලු පාක්ෂිකයින් එකතු වෙමින් සිටිනවා.නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් එදත් අදත් හෙටත් එතුමා සමග පමණයි.(බ)
බොහෝම හොද වැඩක් කරලා තියෙන්නේ කුමන්ත්‍රණ වැඩ කරමින් රජය අපහසුතාවලට ලක්කරන්න හදන මෙවැනි තක්කඩියන්ට දියයුතු දඩුවම පක්ෂෙන් දීලා තියෙන්නේ ඉදිරියේදී ඉතිරි හරිය ජනතාව බලගනියි ඡන්දෙදි මෙවැනි දුෂිතයන් රටටම වදයක් කොඩිවිනයක්. (බ)
හොද වැඩක් ඊළගට කවුද ? මේ ගොල්ලන්ට අනාථ පිලක් ගොඩ නගාගන්න පුළුවන් අනාථ පිලේ උපදේශක සුමනදාස පත්කරගන්න. (බ)
අලුත් පක්ෂයක් බිහිකරමු. (නි)
නියමයි. ජයවේවා! (නි)
සමහරුන්ට දැන් හරි සතුටු ඇති. එයාලට ගොඩවෙන්න පාරුවක් හදාගන්න පුළුවන් දැන්. මෙවර ජනතාව බුද්ධිමත් වෙන්න ඕනෑ. පක්ෂය පිරිසිදු කිරීම ජ්‍යෙෂ්ඨයන්ගේ වගකීමක්. (නි)
දේශපාලන තුවාලයේ සැරව බේරේ...... (නි)
ඔහොම යනකොට ශ්‍රී ලංකා එකේ කී දෙනෙක් ඉතුරුවෙයිද? (නි)
අපිට පිස්සු වගෙයි. ලැජ්ජාවේ පණයනවා මට නම් (නි)
ඒකත් එහෙමද? (නි)
ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩවුණාට අපිට ප්‍රස්නයක් නැහැ. නමුත් අපේ රට දෙකඩ වෙන්න බැහැ. ඒකට ඉඩදෙන්නත් බැහැ.කරුණාකර රට ඉදිරියේ ඇති අවදානම හඳුනාගන්න. මෛත්‍රී හෝ මහින්ද මහතාද අපිට අදාළ නැත. අපිට වැදගත් අපේ රටයි. (නි)
ඒක නම් නියමයි (නි)
විනයක්, සාමුහික වගකීමක් නැති පක්ෂය දෙකඩ වෙන්න ඉඩහරින අය ඉවත් කළයුතුයි (නි)
මේ යන විදිහට මහින්දගේ පසුපස යන අයට කිසිම සහනයක් නැහැ. මහින්දට නිදහස් පක්ෂයේ ටිකට් එක ලැබෙන එකකුත් නැහැ වගෙයි. එහෙම වුණොත් මහින්ද ඉල්ලන එකකුත් නැහැ .රාජපක්ෂ රාජ පරම්පරාවක් මේ මාතෘභූමියේ පිහිටුවාලීමේ ජාතියේ සිහිනය බොඳව යාවිද ? (නි)
මෙහෙම එළියට දාන්න ගිහින් පක්ෂයට අන්තිමට ඉතුරු වෙන්නේ කවුද කියලා හිතාගන්න පුලුවන් (නි)
කවුරු එළියට දැම්මත් ජනතාව ඉන්නේ කා එක්කද කියලා රටම දන්නවා. මේවට උත්තර ලැබෙන්නේ මහා ඡන්දෙදි. (නි)
අපි කා අතිනුත් වැරදි වෙනවා. පොඩි හරි හොරකමක් නොකරපු, වංචාවක් දුෂණයක් නොකළ කෙනෙක් මේ රටේ ඉන්නවා යැයි මම හිතන්නේ නැහැ. ඒ හින්දා පරණ කුණු අවුස්සලා වැඩක් නැහැ. පක්ෂය පිරිසිදු කිරීම යනු වැරදිකරුවන් ඉවත්කිරීම නොව වැරදිකරුවන්ට සමාවදී අනාගතයේ වැරදි නොකරන ලෙස අවවාද කිරීමය. (නි)
බන්දුල පෙරේරාත් හොදටම බයවෙලා වගේ. (නි)
සමහරුන්ට අවශ්‍යවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කඩන්න. කොහොමහරි ඡන්දෙට කලින් ඒක නියමෙට සිදුවෙනවා. ඉන්න අයට තේරෙන්නේ නැහැ රටත් දෙකඩවෙන බව ඒ සමඟම. දහස් ගණනක් ජීවිත පුජාකරලා රැකගත් මාතෘ භුමිය. අහෝ දුකකි! (නි)
හොරකමට ,දුෂණයට වැට බදින කොට , හොරුන්ව පන්නන කොට අද මේ කට්ටිය මහින්දව ඉත්තෙක් කරගෙන ඒ වටේ එකතුවෙලා මහින්දගේ පැත්තේ හින්ද පලිගන්නවායයි කියනවා. හොරුන්ට මැතිවරණ අපේක්ෂකත්වය දෙන්න නැහැ කියල ජනාධිපතිතුමා මුල ඉදලම කිව්වා. ඔය රත්තරන් පුතාල ගැන රටම දන්නවා. ඇසල මහත්තයෝ යුද්දේ ඉවර කරපු සරත් මහත්තය පවා කියල තියෙනවා හොරුන්ට දඩුවම් දෙන්න කියල. ඒ හින්ද ඔයා රට ගැන කලබල වෙන්න ඕනේ නැහැ. (බ)
හරියට හරි ඉන්දික. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සළකුණ ජාතිකත්වයයි. පක්ෂය දෙකඩවනු වෙනුවට සැබෑ පාක්ෂිකයෝ සැබෑ පක්ෂය වටා එක්රොක් වේවි. (නි)
සිරිමල්, ඇත්තටම බයවෙලා තියෙන්නේ බන්දුල පෙරේරාය කියලා ඔයාට හොඳටම විශ්වාසද? (නි)