(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර, පාසල විභාග මධ්‍යස්ථානයක පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගය පෙරේදා (15) ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින් පලමු ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූ ගත කොට තවත් ගුරුවරුන් කීපදෙනෙකුට යැවීම සම්බන්ධයෙන් එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමග ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනයද සමග විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබුණි.
අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටිති.
මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිපයකට යවා තිබෙන බවද අනාවරනය විය. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ජයාරූප ගතකිරිමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවසිය .
මෙවන විට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිදවැටිලා . මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිට විම සමිබන්ධයෙන් ඊට වග කිව යුතු සියලු දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක කොට දැඩි දඩුවම් පැමිණවිමට බලධාරීන් නොපමාව කටයුතු කල යුතු යැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
ana Monday, 16 September 2024 11:52 PM
පසුගිය වතාවෙත් මෙවැන්නක් වුණා. මේවට නීතිය ක්‍රියාත්මක වනවා ද යන්න ගැටලුවක්.
pakeer Tuesday, 17 September 2024 01:15 AM
පහේ විභාගේ තියාගන්න බැරි තරමේ බලධාරීන් ඉන්න රජයක්. රටේ නීතිය තදින් ක්‍රියාත්මක නොවීමේ වරද. මේවා කවදාවත් නවත්වන්න බැහැ. තද නීති නැතුව. ඕන හොරෙක්, මංකොල්ල කාරයෙක්, ස්ත්‍රී දූෂකයෙක්, මිනීමරුවෙක් දවස් දෙකෙන් ඇප දෙනවා.
පැරකුම් Tuesday, 17 September 2024 02:24 AM
මේක අමූලික බොරුවක්. විභාග කොමසාරිස් කිව්වනේ කිසිදු සිද්ධියකින් තොරව විභාගය පැවැත්වූ බව.
vajira kumara Tuesday, 17 September 2024 07:58 AM
පේපරය නැවත තියන්න . නැත්නම් අසාදාරනයි.