IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා සේම උසස් පෙළත් සාර්ථක කරගනිමු

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඊයේ ආරම්භ විය. රට පුරා විභාග මධ්‍යස්ථාන 2,648ක ඇරැඹුණ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 6 වැනිදා දක්වා පැවැත්වෙයි. රටේ අනාගත වගකීම බාර ගැනීමට සිටින ජාතියේ දුවා දරුවන්ට මෙම විභාගයට සාර්ථකව මුහුණ දීමට සමත් දියුණු හා නිරෝගී පරිසරයක් අඛණ්ඩව පවතීවා යන්න අපගේ ප්‍රාර්ථනය වේ.

ලෝක වසංගත කොරෝනා උවදුර හමුවේ අප රට ද දරුණු අභියෝගයකට ලක්ව තිබේ. මෙයට පෙර නොවූ විරූ පරිද්දෙන් කොරෝනා පොකුර රට පුරා ව්‍යාප්තව තිබේ. ඇවිළුණ අකල් ගින්න නොපමාව නිවා දැමීමට සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ හා රජය කටයුතු කරමින් සිටී. එම මෙහෙයුමට තමන්ගෙන් හිමි විය යුතු දායකත්වය කුමක්දැයි මනාව විමසා දැනගෙන එම දායකත්වය නොමසුරුව ලබාදීම සෑම පුරවැසියකුගේම වගකීමකි. එය එසේ වන්නේ නම් මෙම උවදුර පරාජය කිරීම එතරම් අසීරු නොවනු ඇත.
 
ඇතැමකුට අනුව කොරෝනා වසංගතය හමුවේ ඇති එකම පිළියම රට ‘ලොක්ඩවුන්’ කිරීම හෙවත් හුදෙකලා කිරීමය. ඖෂධයක් එන්නතක් සොයා ගෙන නැති මාරාන්තික උවදුරකට වෙනත් විකල්පයක් නැතැයි යන තර්කයට වලංගු බවක් ද තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවැකිවලට අනුව කොරෝනා බලපෑම තව වසර දෙකකට වඩා වැඩි කාලයක් ලොව හමුවේ තිබේ. එය එසේ නම් එතරම් කාලයක් හෝ එයට වඩා වැඩි කාලයක් රට හුදෙකලා කර තැබිය හැකි ද යන ප්‍රශ්නය ද වලංගුය.

අපට අසල්වැසි ඉන්දියාවේ දිනකට හමුවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂයකට ආසන්නය. එළැඹ ඇත්තේ අවදානමේ ගැඹුර වටහා ගනිමින් සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත්වලට මුල් තැන දෙමින් ජීවත්වීමේ අලුත් මගක් තනා ගැනීමය.

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පහ වසර ශිෂ්‍යත්වය ඔක්තෝබර් 11 වැනිදා දක්වා කල් ගියේය. උසස් පෙළ විභාගය ද එසේමය. කොරෝනා පොකුරු බිහිවීමට පටන් ගැනුණේ ඒ අතරවාරයේදීය.

මෙම පරිසරය තුළ ඇතැමකුගේ මතය වූයේ මෙම විභාග ද්විත්වයම කල් දැමිය යුතු බවය. පහසු විසඳුම එය වුව ද විය යුතුව තිබුණේ එය නොවේ. දහසක් දුෂ්කරතා මැද වුව ද සෞඛ්‍යාරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින් විභාග පැවැත්විය යුතුය. අවසානයේදී එය ක්‍රියාත්මක විය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉතාම සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව අප පුවත්පත වාර්තා කළේය. දූ දරුවන්ට අමතරව දෙමාපියන්ගේ ප්‍රමාණය ඉක්මවා ගිය ප්‍රසාදය ඒ වෙනුවෙන් හිමි විය. ඒ වෙනුවෙන් කැපවූ සෞඛ්‍ය අංශවලට, ආරක්‍ෂක අංශවලට මෙන්ම ගුරුවර ගුරුවරියන් ඇතුළු අධ්‍යාපන බලධාරින්ට ස්තුතිවන්ත විය යුතුය.

පහ වසර ශිෂ්‍යත්වය මෙන්ම උසස් පෙළ විභාගය ද වඩාත් සාර්ථකව පැවැත්වීමට හැකි වේවි යැයි අපි විශ්වාස කරමු. මෙබඳු ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කළමනා කටයුතු සංවිධානය කිරීම හැර පසුබා යෑම අපට තරම් නොවේ. රටකට තරම් නොවේ.

මෙවර කොරෝනා පොකුර නිර්මාණය වූයේ කෙසේදැයි යන්න තවමත් නිශ්චිතව හඳුනාගෙන නැත. තවමත් තිබෙන්නේ යම් යම් අනුමාන පමණි. එක් කාරණාවක් ඉතා පැහැදිලිය. කොතැනක හෝ අපහසුවක් සිදු වී තිබේ. එය ඇතැම් විට අත්වැරැද්දක් විය හැකිය. ඇතැම්විට පවතින තත්ත්වය නිවැරැදිව හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා විය හැකිය. එනම් වගකීම අමතක කිරීම විය හැකිය. කුමක් වුව ද එමගින් රට අනතුරකට වැටුණේය. වගකීම් විරහිත ක්‍රියා කලාපය රටට කළ හානිය කොතෙක් ද යන්න විස්තර කළ යුතු නැත.

අප රටට කොරෝනා ආසාදිතයන් පැමිණිය හැක්කේ ගුවන්තොටුපොළ හරහා පමණි. ඔවුන් නිසි පරීක්‍ෂණවලට ලක්කර නිරෝධායනයට ලක් කරන්නේ නම් අනතුර රටට ඒමට හැකියාවක් නැත. මෙම නිරෝධායන හා සෞඛ්‍ය නීති උල්ලංගනය කරන්නේ නම් හය මාසයක් හිරගෙට යවන අලුත් නීති ගැසට් කරන බව රජය ප්‍රකාශ කර තිබේ. මෙම නීති රීති තරාතිරම් බේදයකින් තොරව පොදුවේ සියලු දෙනා වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුය.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නෝ චුටි දූ පුත්තු වෙති. එහෙත් ඒ දූ පුත්තු නොබියව විභාගයට මුහුණ දුන්හ. උසස් පෙළ දූ පුතුන් ද එසේමය. ඔවුහු පසුබා නොගියහ. ඒ වෙනුවට අභියෝගය බාර ගනිමින් විභාගයට මුහුණ දෙමින් සිටිති. මෙම බලගතු ආදර්ශය සෙසු පුරවැසියන් ද එයට හිමි නිසි බරින් හඳුනා ගන්නේ නම් කොරෝනා මාරක වසංගතයට පරාජය වීම වෙනුවට මාරක වසංගතය පරාජය කිරීමට හැකිවනු ඇත.

(***)



අදහස් (0)

ශිෂ්‍යත්වයට මුහුණ දුන්නා සේම උසස් පෙළත් සාර්ථක කරගනිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 102 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 418 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 247 0

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 623 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 593 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1430 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site