IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ෂැම්පු බෝතලෙන් ලක්ෂ 54 ක මැණික් එළියට

රුපියල් පනස් හතර  ලක්ෂ හැට නම දාස් හත්සිය හැත්තෑ පහක් වටිනා මැණික් ගල් 218 ක් ෂැම්පු බෝතල් පහක් කුළ සඟවාගෙන චීනය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

සැකකරුවෝ බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස 22 හා 24 වියැති තරුණයෝ බව රේගුව කියයි.

මැණික් ගල් වල  බර කැරට් 547.8 කි.

ඔවුහු යු.එල් 846 දරණ ගුවන් යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත.

මේ පිළිබ‍්ඳ රේගු පරික්ෂණය සිදු කළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  විමල් ලියනගම මහතා එක්  අයෙකුට  රුපියල් ලක්ෂය බැගින්   ලක්ෂ දෙකක දඩ නියම කොට එම මැණික් ගල් තොගය රාජසන්තක කිරීමට නියෝග  කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක විමල් ලියනගම මහතාගේ මෙහෙයවීමනේ රේගු අධිකාරී එච්.එම් රාජරත්න, එස්.පී.අයි බාලසූරිය, සහකාර රේගු අධිකාරීවරුන් වන සිසිර පෙරේරා, සුසන්ත අබේවර්ධන, ඩබ්ලිව්. ප්‍රේමජයන්ත, මහේෂ් කුමාර, අසංක ප්‍රියදර්ශණ, සඳුලි මැඩොන්සා යන නිළධාරීහු සිදු කළහ.

 

 



අදහස් (0)

ෂැම්පු බෝතලෙන් ලක්ෂ 54 ක මැණික් එළියට

සත්‍යයා Tuesday, 02 December 2014 03:41 AM

අහන්න දෙයක් නැහැ අපේ පාලක මාලිමා යන්ත්‍රය චීන දිශාවටම හැරිලා තියෙන නිසා ඒ පැත්තට යන්න හිතාගෙන එන්න ඇති. අමාරුකාරයින්ගේ වයස දිහා බලන කොට අර මොකක්ද එකේ සාමාජිකයෝ වෙන්නත් පුළුවන්. එහෙම උනොත් රේගුවේ බලවතාට විරුද්ධව අල්ලස් චෝදනා එන්නත් ඉඩ තියෙනවා. (නදී)

:       0       0

උදානි Tuesday, 02 December 2014 04:12 AM

කම්බා හොරු (නදී)

:       0       0

නාලක Tuesday, 02 December 2014 04:26 AM

ලංකාවෙන් පිටතට මැණික් හොරෙන් මෙහෙම ගෙනියන්න අවශ්‍ය නැහැ... විධිමත් විදියට අපනයනය කරන්න පුළුවන්... බදු සහනත් ගන්න පුළුවන්... මේ දෙන්න එ්ක දන්නේ නැතුව හොරෙන් ගෙනිහිල්ල... ලංකාවට ගේන එක තමයි මෙහෙම හොරෙන් කරන්නේ සාමාන්‍යයෙන්...(ස)

:       0       0

සත්‍යපාල Tuesday, 02 December 2014 04:31 AM

රටේ සංවර්ධන වියාපෘති ක්‍රියා කරන්නත් චීනය, රටට අවශ්‍ය ණය මුදල් ගන්නත් චීනය. දැන් හොර බඩු බිස්නස් එකත් චීනය සමග මෙහෙම ගියාම කුඩු,ගණිකාවන්,එතනෝල් හා කැසිනෝ වියාපාරත් චීනයෙන් ආනයනය කරන්න පටන් ගනීද දන්නේ නැහැ ? (නදී)

:       0       0

සුන්දරලිංගම් Tuesday, 02 December 2014 04:56 AM

"අර පැත්තෙන් එලියට" ගත්ත මැනික් නැද්ද? (අ)

:       0       0

සමන්ති Tuesday, 02 December 2014 01:00 PM

ගමන් බලපත්‍ර අවලංගු කලොත් නරකද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1298 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 796 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1323 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 941 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 772 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site