IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ෂෙෆීල්ඩ් නගරයේ භක්ති ගී ගැයේ

ලන්ඩන් නුවර සිට කිලෝමීටර් 260 පමණ උතුරින් පිහිටි එංගලන්තයේ ප්‍රධාන කාර්මික නගරක් වන ෂෙෆීල්ඩ්හි සහ ඒ අවට පදිංචි ශ්‍රී ලාංකිකයින් එක්වී තෙවන වරටත් පොසොන් භක්ති ගීත වැඩ සටහනක් සංවිධානය කරනු ලැබිය.

මෙම වැඩසටහනපිළිබඳව සංවිධායකයින් පවසන්නේ" අපගේ බොද්ධ සිරිත් විරිත් හා සදහම් රසය ඉදිරි පරම්පරාවට දායද කිරිම අරමුණු කර ගනිමින්, ලංකාවේන් ඉතා බැහැරව ජිවත් වන ෂෙෆීල්ඩ් ශ්‍රී ලාංකීය සැදැහැවතුන් තෙවැනි  වරටත් සංවිධනය කරන ලද පොසොන් සෑමරුම මේවරත් ෂෙෆීල්ඩ් හා ඒ අවට වෙසෙන බැතිමතුන් බොහෝ පිරිසකගේ දායකත්වයේන් හා මැන්චෙස්ටර් කෙතුමති විහාරවාසි භික්ෂුන්වහන්සේලාගේ සහභාගිත්වයේන් අති උත්කර්ෂවත් අන්දමින් ෂෙෆීල්ඩ් බෞද්ධ  මධ්‍යස්ථානයේදී පවත්වන ලද" බවයි.

මේ වෑඩසටහන සදහා මැන්චෙස්ටර් සිට වැඩමකළ කේතුමති විහාරාධිපති පුජ්‍ය පිදිවිල්ලේ පියතිස්ස නාහිමි, අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධයස්ථානවාසී  හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමි, කේතුමති විහාරවාසී  ගල්පොත්තයායේ ප්‍රේමානන්ද හිමි සහ  ගල්පොත්තයායේ සීවලී හිමි යන ගරු ස්වාමින්වහන්සේලා ආගමික කටයුතු සවිධානය කරනු ලැබිය. 

සංඝ රත්නය සඳහා පිරිනැමූ දහවල දානය සහ පැමිණ සිටි සියලුම ගිහි පින්වතුන් සඳහා දහවල් ආහාරයද සැපයීමට අවශ්‍ය කටයුතු නිසි පරිදි සංවිධානය කිරිම සඳහා ශාන්තා ලියනගේ හා මංගලිකා ජයවර්ධන මහත්මියන්, චරිත් අබේරත්න මහත්මාත් මුලිකව කටයුතු කළහ. 

ඉන් අනතුරුව අනුරධපුර කටුකෑලියාව භික්ෂු පුහුණු මධ්‍යස්ථාන වාසි  හල්මිල්ලෑවේ සද්ධාතිස්ස හිමියන් විසින් පොසොන් පොහොයේ අර්ථවත් කම හා ධර්ම මාර්ගාවබෝධයේ වටිනාකම පෙන්වාදුන් හරවත් ධර්ම දේශනවක් පවත්වනු ලැබිය. 

පින්කමෙහි කටයුතු අවසන් වුයේ සේත් පිරිත් සජ්ජායනාවකිනි.

සෙනුරී හා ෂෙහාන් තීත්තගල යන දරුවන් නාට්‍යම ආකාරයකින් පොසොන් පුරාවත ඉදිරිපත් කරනු ලැබිය.

පොසොන් බෑතිගී සරණිය ආරම්භ වුයේ හසීනි ලියනගේ,සදලි රොඩ්රිගො, ජයනි විජේකොන් හා හේෂදු දේවසුන්දර යන සිගිත්තන්ගේ ගයනයකිනි. 

කොළඹ මියුසීයස් විදුහලේ ඉගනුම ලබන මද්‍රි පෙරමුණුගම විසින් රචිත “පෙරදින වෙසගේ” ගීතයද, ක්‍රැන්ෆීල්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන බුද්ධී මනුරංග මහිපාල වීසීන් රචිත “සදහම් සිසිල” යන ගීතයන්ට සංගීත නිර්මාණයෙන් සුමාල් කේෂව හා ලයාන් ආසිරි බන්ඩාර විජේකොන් දායක වුහ. ගිය වසරේ එළිදැක්වූන “වීත රාගී බුදුපියා‍‍ණෙනි ” ගීතයට සංගීතය හා පදරචනය කලේද ලයාන් ආසිරි බණ්ඩාර විජේකොන් විසිනි. 

අමතර සංගිත උපකරන හා උපදේස් සෑපයිමේන් ජේම්ස් ජයවර්ධන සහාය විය. පානිනී රොද්රිගො,සාන්තා ලියනගේ, නිදර්ශා විජේකොන්, වින්ද්‍යා සෙව්වන්දී ,ශිරොමි අපොන්සු, මංගලිකා ජයවර්ධන , සුමාල් කේෂව සහ දුලිප ජයසුන්දර, දුස්මන්ත හේනානයක,මිතිල වනසිංහ, කුමුදුනි ජයසුන්දර ගායනය සඳහා සහභාගී වුහ.

මෙම උත්සවය සඳහා සහභාගිවූ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලයේ  සේපාල රත්නායක මහතා "මෙවෑනි උත්සව සංවිධානය කිරිමේ සහ බොද්ධ සමජ චාරිත්‍ර යන්ගේ වටිනාකම අපගේ අනාගත පරපුරට පැහැදිලි කරදීමේ වෑදගත්කම" අගයමින් කෙටි දේශනයක් පැවැත් විය.

ශේෆිල්ඩ් නගර සභාව නියොජනය කරමින් පෑම්ණි සාරා ජේන් ස්මෙලි  මහත්මිය "මෙම  උත්සවය සතුටින් රසවින්ද බවත් ලංකාවේ බොද්ධ සංකෘතිය අංග පිළිබඳව අඩම්බර වන බවත්" පෑවසිය.

ස්තුති කථාවක් ඉදිරිපත් කලේ තවීදු ලියනගේ විසිනි.

 

madawala-1 - Copy madawala-2 - Copy madawala-2 madawala-3 - Copy madawala-3 madawala-4 madawala05 madawala5

 



අදහස් (0)

ෂෙෆීල්ඩ් නගරයේ භක්ති ගී ගැයේ

ශිරාන් Wednesday, 23 July 2014 11:52 AM

මේ තියෙන අපේකම, ආගමික ලැදියාව ඇයි ලංකාවේ ඉන්න අයට නැත්තේ? (නි)

:       0       0

නන්දමිත්‍ර Thursday, 24 July 2014 12:36 PM

දැන් කොච්චර සුද්දන් බුදුදහමට නෑඹුරු වෙලාද? ඒත් අපේ සමහරුන්ට ඒකේ අගයක් නැහැ (නි)

:       0       0

චාරුක Thursday, 24 July 2014 12:52 PM

සත්‍යා, කොහේ හිටියත් යහපත් විදිහට ඉන්න හැකියි, බුදු දහමේ විදියට. මේ වගේ ක්‍රියා හරිම අගෙයි. (නි)

:       0       0

නන්දදාස සමරවීර Wednesday, 23 July 2014 05:20 AM

කාලයක් පුරාවටම සිතමින් සතුටු විය හැකි ක්‍රියාවක්. ලබන පොසොන් පෝයට බලන්න යන්න හිතෙනවා. සියලු දෙනාටම පින් (නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 23 July 2014 04:27 PM

හරිම ආඩම්බරයි ඔබ ගැන, එකමුතු කම ගැන. තව තවත් දිරිය ශක්තිය ලෑබේවා! පිටරටක වුණත් මේ පෑහෑදිලි බුදු දහම අනාගත පරපුරට දායාද කරන එක අගය කළයුතුයි. (නි)

:       0       0

මහේෂ් Thursday, 24 July 2014 08:39 AM

ඔන්න බලන්න සත්‍යා කියන කෙනෙක් ඒකටත් මඩ ගහන්න හදනවා. ඕක තමයි සමහර ලංකාවේ අයගේ හැටි. මොකක් හරි හොඳ දෙයක් කලාම ඒකට ඉරිසියාවට හෝ බුදු දහම හෑල්ලු කරල භක්තියට පහර ගහන්න කරන මඩ ප්‍රචාර. ආගමික සමගිය ගැන කතා කරන මිත්‍යා භක්තිකයෙක් වෙන්න පුලුවන්. ඔයා හරි පරිස්සමේන් ඔය ඔයාලා ලගම වෙස් මුහුනු දාගෙන ඉන්න මනුස්සයෙක්ද දන්නේ නැහැ. මොනවා උනත් ජයේන් ජය.. බුදු සරණයි! (නදී)

:       0       0

රසික Thursday, 24 July 2014 08:42 AM

ඒක අපේ යුතුකම වෙන්න ඕනි. බොරුවට ජාතිය රකින්න හදන හමුදුරුවන්ට බැන බැන ඉන්න එකට වඩා තමුන්ගේ යුතුකම කරන එක හොඳ නැද්ද? ගොඩක් අය රට ගිහාම ජාතිය ආගම පාවා දේන ඒකනේ කරන්නේ වාසියට. බුදු සරණයි ! (නදී)

:       0       0

සම්පත් Thursday, 24 July 2014 08:54 AM

උගත්, හෑදියාවක් ඈති මිනිස්සු කොහේ ගියත් මේ උතුම් ධර්මේ අගය දෑකල රකින හැටි. ඔයාල ගියාම බලන්න ලංකාවට වෙලා තියන දේ. හැම අතින්ම බොෟද්දයා අසරන කරල නේ. බුද්දිමත්තු ඔක්කොම රට. ඔයාලට ජාති ජති පින්. (නදී)

:       0       0

සත්‍යා Wednesday, 23 July 2014 08:07 AM

ඉතින් මහත්තයෝ, ඔච්චර ශ්‍රි ලංකාව ගැන කැක්කුම නම් ඇයි පිටරට ඉන්නේ. ලංකාවේ නොයිද. පුලුවන් නම් ගැට ගහලා රට පැනලා. එහෙදිත් දන්න කපටිකම් කරල කොහෝම හරි ඒ රටේම එල්ලිලා ඉන්න ගමන්. දැන් එකපාරට ජාති ආලේ. (නදී)

:       0       0

මහින්ද Tuesday, 22 July 2014 08:54 PM

බොහොම සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 109 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2507 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 916 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1557 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site