ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 17 වැනි දකුණු ආසියානු කැරම් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිශාන්ත ප‍්‍රනාන්දු සමත් විය.
ලෝක ශූරතාවලියේදී කේවල ශූරතාවද දිනාගත් නිශාන්ත ප‍්‍රනාන්දු, සහ සහායක කී‍්‍රඩකයා වන චමිල් කු-රේ සමග එක්ව මෙවර දකුණු ආසියානු තරගාවලියේ පිරිමි යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් වූහ.
චලනි ලක්මාල් සහ ජෝශප් රොෂිටා කාන්තා යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් සහ රිදී පදක්කම් 3 බැගින් දිනා ගැනීමට සමත් වූහ.
පිරිමි සහ කාන්තා කණ්ඩායම් තරගවලදීත් ශී‍්‍ර ලංකාවට රිදී පදක්කම් හිමිවූ අතර ඉන්දියාව එම තරග වල රන් පදක්කම් හිමිකර ගත්තේය. මාලදිවයිනට තෙවැනි ස්ථානය හිමිවිය.
කේවල අවසන් මහ තරගයේදී නිශාන්ත ප‍්‍රනාන්දු විසින් 25-15 සහ 25-9 ලෙස වට 2-0 කින් ඉන්දීය ක‍්‍රීඩක සන්දීප් දෙව්යුකාර් පාරජය කරන ලදි. පිරිමි යුගළ ඉසව්වේ අවසන් මහ තරගයේදී නිශාන්ත ප‍්‍රනාන්දු සහ චමිල් කු-රේ එක්ව 25-24 සහ 25-22 ක් ලෙස වට 2-0 ක් වශයෙන් ඉන්දීය ක‍්‍රීඩකයන් පරාජය කිරීමට සමත් වූහ.
කාන්තා යුගළ අවසන් මහ තරගයේදී චලනි ලක්මාල් සහ ජෝශප් රොෂිතා, එක්ව ඉන්දීය ක‍්‍රීඩිකාවන් වන රෂ්මි කුමාරි සහ අයි. ඉලවලාකි ලකුණු 25-15 සහ 25-14 ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගත්හ.
බි‍්‍රඞ්ලි වික‍්‍රමසිංහ සහ යෂිකා රහුබද්ධ එකතුව මිශ‍්‍ර යුගළ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගත්හ.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සාක් කැරම් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක්
දුමිඳු Monday, 13 May 2013 10:43 AM
කොහොමද මේ කැරම් සංගමයට සම්බන්ධ වෙන්න පුළුවන්.. ? (ස)