IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සාක්කියට බලපෑම් කළ සැකකරුවන්ගේ නම් ඉල්ලයි

2011 දෙසැම්බර 24 වැනිදා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් සමාන් වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය වන රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රියෝනා කෙළෙසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කිකරුවනට තර්ජනය කළැයි කියන සැකකරුවන් කවුරුන්දැයි නොවැම්බර පළමුවැනිදාට දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට නියෝග කළේය.

තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විද්‍යාපතිරණ, ඕ ඒ ළහිරු කැළුම්, යූ සමන් දේශප්‍රිය, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග, එම් සරත් හෙවත් සහන්, එස් ප්‍රගීත් චතුරංග, එච් සී නුවන් චින්තක හෙවත් පැටී හා ඒ පී නදීර ෂමල් සැකකරුවෝ අට දෙනා වෙති.

ඔවුහු ඇප මත මුදාහරිනු ලැබ සිටිති.

ඔවුන්ගෙන් සාක්කිරුන්ට තර්ජනය කළ අය කවුදැයි දන්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කළේය.

ගාල්ල මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ මේ නඩුව කොළඹට මාරු කැරුණේ සාක්කිකරුවනට සැකකරුවන්ගෙන් තර්ජන එල්ල වී ඇති නීතිපතිට ලැබුණු පැමිණිල්ලක් අනුවය.

දකුණු කොරියාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ප්‍රාදේශීය සභාපතිගේ ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලීමක් කළේය.

ඔහුට ඇප නියම කළ ගාලු මහාධිකරණයට එම ඉල්ලීම ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (0)

සාක්කියට බලපෑම් කළ සැකකරුවන්ගේ නම් ඉල්ලයි

වසා Friday, 28 June 2013 07:16 PM

මේ සැකකරුවන් පිටරට සම්මේලන වලටත් යනවද?අනේ අපොයි... අපි හිත හදාගමු. (නි)

:       0       0

වසන්ති Friday, 28 June 2013 07:20 PM

අපේ රට නියෝජනය කරන්න යන්නේ මෙහෙම පුද්ගලයොද? (නි)

:       0       0

කසුන්ඉන්ද්‍රජිත් Saturday, 29 June 2013 09:23 AM

මේවට වග කියන්න ඕන කව්ද?(අ)

:       0       0

තිසල් Friday, 28 June 2013 08:07 PM

නීතිය බලු බල්ලට ගිහිල්ලා ! (නදී)

:       0       0

චන්දා Saturday, 29 June 2013 05:41 PM

මොකෝ දකුණ කියන්නේ රටේ කොටසක් නොවෙයිද? මුළු රටටම කීර්තියක් ගේන්න තමයි මේ ගොල්ලා වැඩ. ලෝකේ අපේ රට ප්‍රසිද්ධයි දැන් මේ ගොල්ල නිසා.(නදී)

:       0       0

විමල් Friday, 28 June 2013 08:14 PM

ලංකාවේ බලු දේශපාලනය සක්වල ගලෙන් එහාට පන්නන්න කොන්දක් තියෙන මිනිස්සු කවදා පහල වෙයිද?(නදී)

:       0       0

පෙරේරා Saturday, 29 June 2013 05:53 PM

ජනාධිපති තුමනි, දෙවියන්ගේ නාමෙට මේ පාපතරයාගේ සභාපතිකම නැති කරලා පක්ෂෙන් පන්නලා දාන්න. ඉතුරු ටික උසාවියෙන් බල ගනියි. මේ තරම් අපරාදයක් කරපු එකෙක් තාම සභාපති කමේ ඉන්නවා කියන එක අපිට නම් පුදුමයක්. උසාවි තීන්දුව ලැබෙනකම් මෙයා සැකකරුවෙක් පමණක් උනත් ඒ තීන්දුව ලැබෙනකම් වත් ඔබතුමාගේ නීතිය ක්‍රියාත්මක කරන්න. මිනිස්සු හිනා වෙන්නේ සමච්චල් කරන්නේ ඔබතුමාටත් එක්ක. ඔබතුමාව අදහගෙන ඉන්න අපිට. කව්ද මෙයාව පිටරට යන්න නම් කලේ.(නදී)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Saturday, 29 June 2013 06:42 PM

මේ අයට සමුළුවට යන්න දෙන්න එපා. 2011 කරපු දේට තව ඇද ඇද ඉන්නත් එපා. නීතිය හරියට ක්‍රියාත්මක කර රටට පෙන්වන්න. බොදු බලසේනා, රාවනබලය වගේ, නීතිය ක්‍රියාත්මක කරගන්නත් බලසේනාවක් ඕනවෙලා තියෙන්නේ.(නදී)

:       0       0

සාදි Friday, 28 June 2013 09:31 PM

ප්‍රදේශීය සභාපති මේචචර බලපුළුවන්කාරයෙක්ද? (නි)

:       0       0

සරත් ඩු Friday, 28 June 2013 09:32 PM

ඔය දේශපාලනය ඇතුලේ කවුද නැත්තේ? ලෝකේ තියන රටවල් වලින් මිනීමරුවෝ,ස්ත්‍රී දුෂකයෝ,මංකොල්ලකාරයෝ,කුඩු මුදලාලිලා හ කොමිස් කාක්කෝ වැඩිපුරම දේශපාලනයේ ඉන්න රට ලංකාව (නි)

:       0       0

දම්මික පෙරේරා Friday, 28 June 2013 09:34 PM

මෙවැනි අය නිසා අපේ රටේ කිර්තිය නැතිවී යන්නා සේම ,සංචාරකයින් පැමිණීමද අඩුවේ. (නි)

:       0       0

සරෝජ් Friday, 28 June 2013 09:39 PM

ජේ ආර් ජයවර්ධන මහතා ඇති කරපු මේ විධායක ජනාදිපති ක්‍රමය සහ පළාත් ආණ්ඩු සබා ක්‍රමය තිබෙනතුරු අපේ ලංකාවේ පිරිසිදු දේශපාලනක් බලපොරොත්තු විය නොහැකිය. දවසින් දවසම ලංකාව ආගාදයකට හෙලීම හැර වෙනත් දෙයක් දැකිය නොහැක . (නි)

:       0       0

අමිල කටුනායක Friday, 28 June 2013 10:04 PM

ලංකාවට කළු පැල්ලමක් එක්කළවුන් ඇයි ජාත්‍යන්තරයට යවන්නේ? හොදයි හොදයි. බොහෝම හොදයි. ජේසු පිහිටෙන් ගිහිල්ලා එන්න (නි)

:       0       0

තිලක් Friday, 28 June 2013 10:11 PM

මිනීමරු ප්‍රබාකරන්ගේ අනසක යටතේ හිටියා නම් මීට වැඩිය හොදයි කියලා වෙලාවකට හිතෙනවා. (නි)

:       0       0

කීර්ති Friday, 28 June 2013 10:14 PM

ජාත්‍යයන්තරයෙන් හෝ මේ ගැන පරික්ෂණයක් කරන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ටිකිරි Friday, 28 June 2013 10:15 PM

සුබ අනාගතයක් රටට! (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 28 June 2013 10:27 PM

ලංකාවෙන් පිට වුනගමන් මෙයාව අල්ලාගෙන ජාත්‍යන්තර මානව හිමිකම් අධිකරණයට ඉදිරිපත් කලොත් වෙන්නේ මහා ජංජාලයක්. සුදු ජාතිකයා මරපු එක සුද්දන්ට තවම අමතක වෙලා නැහැ. දකුණු කොරියාව එංගලන්තෙට සහ ඇමෙරිකාවට පක්ෂපාතියි. අල්ලලා දෙන්න කිවුවොත් කිසිම පැකිලීමක් නැතුව අල්ලලා දේවි (නි)

:       0       0

පද්මිණී Friday, 28 June 2013 11:23 PM

පොදුරදමුලු සමුළුවට කලින් රටින් පනින්ට වගේ? (ත)

:       0       0

ටෙනිසන් Friday, 28 June 2013 11:27 PM

මිනී මැරුමක සැකකරුවන් රට සවාරි ගහන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් වලින් (ත)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 29 June 2013 09:36 PM

පෙරේරා, ඔය ඉල්ලීම මිනීමරු ප්‍රභාකරන්ගෙන් ඉල්ලන්න. අඩුම වසයෙන් මීට වඩා සාදාරණයක් ඉෂ්ට කරාවි. රටේ නීතිය බල්ලටම ගිහින් කියලා කියන්න ඕනා තරම් උදාහරණ තියෙනවා.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 29 June 2013 09:38 PM

මෙයාව විදේශයකදී හෝ අත්අඩංගුවට අරන් අර ජීවිතය අහිමි වුන අසරණයට සහ 8 දෙනෙක් දුෂණය කර අසාද්‍ය තත්වයෙන් අයි.සී.යූ එකේ හිටිය රුසියානු තරුණියට සාදාරනය ඉෂ්ට කරන්න.(නදී)

:       0       0

කීර්ති Saturday, 29 June 2013 09:41 PM

.අනේ මගේ කට.(අ)

:       0       0

මාටින් Saturday, 29 June 2013 12:53 PM

බ්‍රිතාන්‍ය තානාපතිට කොරියාවේදී මුව අත් අඩංගුවට ගන්න බැරිද?(නදී)

:       0       0

උපසේන Saturday, 29 June 2013 12:54 PM

ටික දවසකින් ඔක්කොම ශේප් කර ගනීවි.(නදී)

:       0       0

ඉමා Saturday, 29 June 2013 02:01 AM

මේවා දැක්කමත් අප්‍රසන්නයි මට නම්.රටකට ගිය කලක් (නි)

:       0       0

මනෝජ් Saturday, 29 June 2013 02:25 AM

දකුණු කොරියාවේ කෙල්ලෝ දුෂණය වලක්වන සමුළුවට උපදෙස් දෙන්න යන්නේ මොනවත් කියන්න එපා .(නදී)

:       0       0

බමුණු Saturday, 29 June 2013 03:29 AM

මේ සමුළුව තියන්නේ සිංහලෙන් ද?(නදී)

:       0       0

බමුණු Saturday, 29 June 2013 03:33 AM

මොකටද ඉතින් ඒ නම් ළග තියාගත්තේ ? (නි)

:       0       0

සෑම් Saturday, 29 June 2013 05:14 AM

මේ වගේ අයට මොන සම්මේලනද? සම්මේලනය සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද දන්නෙ නැහැ තියෙන්නේ (නි)

:       0       0

ඩෙන්සිල් Saturday, 29 June 2013 05:26 AM

පාලකයන්ගේ දෙබිඩි නීතිය හරිම අපුරුවට පේනවා.(නදී)

:       0       0

‍රිටෝට් Saturday, 29 June 2013 06:03 AM

කවුද මෙයාලව සමුළුවට යන්න නම් කළේ? (නි)

:       0       0

ගැමුණු Saturday, 29 June 2013 07:38 AM

. මේක මහා පුදුම රටක්.බෝට්ටුවලින් රට පනින එක පුදුමයක් නොවේ.(අ)

:       0       0

ලාල් ජකර්තා Saturday, 29 June 2013 07:40 AM

මේ දරුණු අපරාධය සිදුකල අපරාධකරුවන්ට විරුද්ධව නිසි දඩුවම් ලබාදීම සදහා ජාත්‍යන්තරයේම බලපෑම ශ්‍රී ලංකාව වෙත එල්ලවේවා.(නදී)

:       0       0

උපුල් Saturday, 29 June 2013 07:45 AM

පිටරට සම්මේලන වලට යවන්නේ මෙහෙම පුද්ගලයොද?කවුද මෙයාව නම් කළේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4035 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1452 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2449 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site