ඇසළපුර පසොළොස්වක පොහෝ දින (22) සිට දින 108 ක් පුරාවට ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ ශ්‍රී සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනයක් පැවැත්වේ.
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පිංකම අද(22) උදෑසන ඇරැඹිනි.
බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වු මෙම උතුම් පොහෝ දිනයේ උපසපන් භික්ෂුන් වහන්සේලා පෙරවස් සමාදන් වෙති.
ඊට පෙර සිදු කෙරෙන උතුම් ශාසනික විනය කර්මයකි ,ප්‍රාතිමොක්ෂය දේශනාව.
දෙදියවල විමල මහා ස්ථිවරයන් වහන්සේ ථෙරාසනයේ වැඩ සිටියදී ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ වැඩ වසන කඹුරුවල සිරි රේවත , දෙනගම ධම්මාරාම,මතුගම පාලිත යන හිමිවරු මෙම ශාසනික විනය කර්මය සිදු කළහ.
ඇසළ පුර පසොළොස්වක පොහෝදින සිට 108 ක් පුරා දිනපතා උදෑසන 7 ට දහවල් 11ට සහ පසුදා රාත්‍රී 9 ට ඉතිපිසෝ ගාථාව 108 වරක් බැගින් සජ්ඣායනා කැර සම්බුද්ධ පුජාව පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිපිසෝ ගාථාව කියන්නේ අනන්ත වු බුදු ගුණ මෙනෙහි කිරිමකි. අප ඉතිපිසෝ ගාථාව සජ්ඣායනා කරන විට එහි ඇති සෑම බුදු ගුණයක්ම සිතින් තේරුම් ගෙන සජ්ඣායනා කළ යුතූයි. මේ මගින් රාග , දෝෂ, මෝහ ආදී අකුසල් ඇති නොවේ. දැඩි විශ්වාසයෙන් බුදු ගුණ මෙනෙහි කිරිම මගින් බුදුරජාණන් වහන්සේ පිලිබදව ශ්‍රද්ධාව තම සිතෙහි ඇති වේ. එය චාතුරර්ය සත්‍ය අවබෝධ කරගැනිමේ යන ගමනෙහි පලමු පියවරයි. (නි)
අපේ රේවත හිමියන් හා පාලිත හිමියන් කාලෙකින් දකින්න ලැබුනා ඔබ වහන්සේලා ට මුලු ලෝකයේම බුදු දහමේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි. (ස)
බුදුදහම ලොව පුරා ප්‍රචලිත වනු දැකීම අපි සැමගේ අරමුණයි (නි)
අරහන් බුදුගුනයේ තේරුම දැනගනිත්වා! බුදුන් වහන්සේ ඒක ලබාගත් ක්‍රමය අපට කියා දී ඇත.ඒ ක්‍රමය තමන් දැන ගෙන තමාට පුළුවන් ප්‍රමාණයෙන් ක්‍රියාවට යොදන්න .එවිට එම ගාථාවේ අගය කොතරම්ද කියා වැටහේවි. (නි)
ඉතිපිසෝ ගාථාව කියන්නේ නව අරහාදී බුදු ගුණ වලටය් මගේ ආදරණීය චන්දී නංගි ඇතුළු මගේ හිතවතුනේ.මේ ගාථා රත්නයේ බුදුන්වහන්සේගේ ගුණ නාමයක් ඇතුලත්වනවා.මේ ගාථාවන්ගේ අනුහස්, ආශිර්වාදය,නොදන්නා පිරිස් අපි අතර තවම සිටින බව චන්දී නංගිට පිළිතුරු සැපයු අපේ අපේ හිතවආ ගෙන්ම මොනවට පැහැදිලිවනවා.(අ)
ඉතිපිසෝ ගාථාවේ වටිනාකම නොදැනයි මෙහෙම බොලද ප්‍රශ්න අහන්නෙ. පොලොන්නරු යුගයටත් ගුරුළුගොමිගේ අමාවතුර අරහං බුදුගුණයේ මහිමයයි කියා දෙන්නේ. විද්‍යා චක්‍රවර්තිගේ බුත්සරණ බුදුගුණ නවයම විවරණය කරපු වටිනාම ග්‍රන්ථයක්. පූජාවලිය රචනා කරපු මයුරපාධපති බුද්ධපුත්‍ර හිමියන් අරහං ගුණය සහ ධර්ම සාහිත්‍ය ඇසුරින් බුද්ධ චරිතයම අපිට කියා දෙනවා. මේ පොත් තුනම අපේ සම්භාව්‍ය ග්‍රන්ථ. මේවා ගැන අහලවත් නැති සමහරු ඉතිපිසෝ ගාථාවේ අගය අහනවා. (නි)
විරාජ්, මෝඩකම ප්‍රසිද්ධ කරන්න එපා.ඒ කතාවේ එක වචනයක තේරුම දැනගත් සැනින් ,ඒක තමනුත් ක්‍රියාවට නංවාගන්න.ඒ වෙලේ ඉදලා තමන් ලග ඒ ගතිගුණය තියනවා. ඒක තමයි සුබ ඵලය .... (නි)
නාලකගේ අදහසට ගොඩක් එකගවිය හැකිය.(අ)
ඉතිපිසෝ ගාථාවේ බලය අනන්තය්. බුද්ධෝ කියන වචනය කියල කුඩා දරුවෙක් රාක්ෂයෙක් ගෙන් බේරුණු හැටි බන පොතේ තියෙනවා. මෙම වැඩසටන ඉතා දුරදක්නා නුවනකින් කළ දෙයක් බව තේරෙන්නේ ස්කොට්ලන්ත පන්සලේ වෙබ් අඩවිය බැ ලූ විටයි . මුළු වස්කාලයේම සෑ ම සෙනසුරාදා දිනකම එක එක බුදුගුණය විස්තරකරමින් ස්වාමීන් වසන්සේලා ධර්මදේසනා පවත්වනවා. කොපමණ වාසනාවක් ද? වස්කාලය අවසන් වනවිට බුදුගුණ ගැන හොඳ අවබෝදයක් ඇතිකරගන්න පුළුවන්. අපිටත් ස්කොට්ලන්තයට යන්න හිතෙනවා.හැකිනම් එම ධර්මදෙසනා නවය අ න්තර් ජාලයට දාන්න අපේ හාමුදුරුවනේ. http://scotlandbuddhistvihara.blogspot.co.uk/ (දී)
අපේ රේවත හාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරත්නයට දිගාසිරි පතමි. (නි)
එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමියන් මෙම රටෙහි කරන ඉතා උතුම් ආගමික හා සාමාජිය කටයුතු සමුදායේ වටිනාකම ඉතාම අනර්ගයි. උන් වහන්සේ යමක් කරන්නේ නම් එය හරියට කිරීම එදා පටන්ම සිදුකරගෙන එන ප්‍රතිපත්තියකි. එහි ප්‍රතිඵලයක් ලෙසට මේ වනවිට එම රටේ ඉතා කීර්තිමත්, දක්ෂ, ආදර්ශමත්, භික්ෂුවක් බවට අද වන විට පත්වී සිටි. එම රටෙහි ප්‍රධාන විශ්ව විද්‍යාලයක උන්වහන්සේ විසින් ආරම්භ කර උගන්වනු ලබන විශේෂ භාවනා පාඨමාලාවද මේ වන විට ලෝකයේ අනෙක් රටවලටද හදුන්වා දෙමින් සිටි. ඉතා තරුණ වියේ පසුවන මුත් උන්වහන්සේ කරනු ලබන කටයුතු කාහටත් ආදර්ශමක් . මෙම කටයුතු ඉතා දීර්ඝ කාලයක් කරගෙන යාමට උන්වහන්සේට තුනුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! සම්මා සම්බුදු සරණයි !.(නදී)
ප්‍රාතිමෝක්ෂ දේශනාව යනු උපසම්පදාව ලබා ගත් භික්ෂුන්ට බුදුරජාණන් වහන්සේ විසින් පනවනලද දෙසීයකට අධික සික්ෂා පද ගායන කිරීමයි. මෙය සැම පෝය දිනකම උපසපන් භික්ෂුන් වහන්සේලා උපෝසථාගාරයට එක්වී කලයුතු විනය කර්මයක්. ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේලා මෙය නොවරදවාම සෑම පෝය දවසකම පවත්වනවා. (නි)
මම නොදන්නාකමටයි අහන්නේ. ඉතිපිසෝ ගාථාව බෝහෝ සැරයක් කීමෙන් සුභ ඵල ලැබේද? උතුම් වූ චතුරාර්ය සත්‍ය සමග මේ වාගේ දේවල්හි තියෙන සම්බන්ධය කුමක්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරලා දෙන්න. සැමට තෙරුවන් සරණයි! (නි)
ඉතිපිසෝ ගාථාව කියන්නේ අනන්ත වු බුදු ගුණ මෙනෙහි කිරිමකි.අප ඉතිපිසෝ ගාථාව සජ්ඣායනා කරන විට එහි අති සෑම බුදු ගුණයක්ම සිතින් තේරුම් ගෙන සජ්ඣායනා කළ යුතූයි.මේ මගින් රාග , දෝෂ මෝහ ආදී අකුසල් ඇති නොවේ. දැඩි විශ්වාසයෙන් බුදු ගුණ මෙනෙහි කිරිම මගින් බුදුරජාණන් වහන්සේ පිළිබදව ශ්‍රද්ධාව තම සිතෙහි ඇති වේ. එය චාතුරර්ය සත්‍ය අවබෝධ කරගැනිමේ යන ගමනෙහි පලමු පියවරයි. (නි)
විරාජ් ද සිල්වා වැනි අය නිසා තමයි තවමත් අපි නොදියුණු (නි)
කුමාරගේ කතාව ඇත්තනේ. මේ සුදු උපාසක මහත්තයා කෙනෙකුත් පිරිකරක් පුජා කරන්නේ. මෙවන් දසුනක් දැකීමත් අද වගේ පොහොය දවසක කියන්න බැරි සතුටක්. මේ පුවත පෝය දවසෙම පලකලාට බොහොම පින් සිදු වේවා.පිටරට ඉන්න අපිට මේ කහ සිවුර දැකීමත් කොපමණ සතුටක් ද කියා ලංකාවේ ඉන්න සමහර ඇත්තන්ට තේරෙන්නේ නැහැ.අපිට මේ රටේ පන්සලකට යන්න වරුවක් විතර යනවා. අද මෙහෙ වැඩකරන දවසක්. කෑම විවේකයේදී තමයි මේ පුවත දුටුවේ.සාධු සාධු සාධු. (නි)
චන්දි ,විරාජ්, බුදු හිමියන් ගේ ගුණ සජ්ඣායනා කිරීමෙන් බුද්ධනුස්සති භාවනාව සිදු කිරීමය. එතුලින් ධර්මයට පිවිසීමයි.. ගමේ තොයිලයක මන්තර කියනවා වගේ නොවේ. (අ)
ඉතිපිසෝ ආදී ගාථා නිතර මෙනෙහි කරන කෙනාට සුභ පල ලැබෙනවා. ඒක ඇත්ත. නිතරම බුදුගුණ මෙනෙහි කරන කෙනා ධම් ගුණ සග ගුණ මෙනෙහි කරන කෙනා පංසිල් කඩන්නේ නැ. ඒ අය සත්තු මරන්නේ නැ.. හොරකම් කරන්නේ නැ.. වැරදි කාම සේවනය කරන්නේ නැ.. බොරැ කියන්නේ නැ..සුරා පානය කර්න්නේ නැ.. ඉතින් ඒ අය කවදාවත් සමාජයෙන් බැනුම් අහන්නේ නැ. පොලිස් කූඩු වල ගලින්නේ නැ.. හිරගෙවල්වත තපින්නේ නැ.. බැණුම් අහන්නේ නැ..බොහෝම ධාර්මිකව ජීවත් වෙනවා.. මොකද නිතරම හිතේ තියෙන්නේ බුදු ගුණ නිසා.. හිරේ ලගින්නේ නැතිව..බැනුම් අහන්නේ නැතිව සමාජයේ හොද කෙනෙක් වශයෙන් ජීවත් වීමම සුභ පල නෙමෙයිද? (අ)
නිවාඩුවකට ලංකාවට ගිය වෙලේ ස්වාමින්වහන්සේ නමක් මටත් කීවේ බුදු ගුණ මෙනෙහි කරන ඉතිපිසෝ ගාථාව විතරක් මෙනෙහි කරමින් භාවනා කරන්න කියලා, ඒක හරියට විශ්වාසයෙක් කරන්න ඔනේ (අ)
චන්දි ඉතිපිසෝ ගාථාව දිගට බොහෝ සැරයක් කියනවා කියන්නේ භාවනාවක්,ඒයින් සිතේ සමාධිය ඇතිවෙනවා, මේ සැනසීම නවීන විද්‍යාවෙනුත් කියන්නේ කිසිම භෞතික දෙයකින් ලබන්න බැරි දෙයක් කියලයි, මොන තරම් සල්ලි තිබුණත් බටහිර රටවල මිනිස්සුන්ට සතුටක් නැත්තේ මෙවැනි දේවල් දන්නේ නැති නිසයි, එත් දැන් දැන් එයාලත් මේ ක්‍රම අනුගමනය කරනවා, යුරෝපයේ කාලයක් තිස්සේ ඉන්න නිසා අපි මේවා දැකල තියෙනවා (අ)
තමන්ගේ නුවන හසුරුවන්න බැරි හැමකෙනාම අනුවණයන් ලෙස අපි සලකන්නෙමු. (අ)
ඉතිපිසෝ ගාථාව කියන්නේ බුදු ගුණ අන්තර්ගත ගාථාවකි. මෙහි දී සිදුකරන්නේ බුද්ධානුස්සති භාවනාව. බුදු රජාණන් වහන්සේ පිළිබදව ශ්‍රද්ධාව වර් ධනය කිරීම සහ එතුලින් පුද් ගලයව නිවන් මගට යොමු කිරීමය . චාතුරාර්ය සත්‍ය වටහා ගැනීමට ප්‍රථම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව වර්දනය කරගත යුතුය. එවිට උන්වහන්සේ දෙසනා කළ උතුම් සත්ය වටහා ගැනීමට ධර්ම මාර්ගයට පිවිසේ. බුදුරජාණන් වහන්සේ පිලිබදව ශ්‍රද්ධාවක් නොමැති අයකු කිසිවිටක චාතුරර්ය සත්‍ය වටහා නොගනී. එම නිසා මෙම පින්වත් ස්වාමීන්වහන්සේලා සිදු කරන්නේ උතුම් කාර්යකි. එනම් බුදුරජාණන් වහන්සේ ගේ බුදු ගුණ මහජනතාවට ප්‍රහදා දීමය් . අනෙක් කරුණ නම් ඉතිපිසෝ ගාථාව සජ්ඣායනා කරනවිට පුද්ගලයා තුල රාග , දෝස මෝහ ආදී අකුසල් ඇති නොවේ. සිත පිරිසුදුවේ. චාතුරර්ය සත්‍ය මුළු ලොවට දෙසු අද වැනි උතුම් පොහෝ දිනක ඔබ සැමටත් එය අවබෝධ කරගැනීමේ වුවත් ඇති වේවා. (අ)
චන්දි, එහෙමයි කියලා හරියටම ඔප්පු කරන්න පුළුවන් කිසිම සාක්කියක් මම දන්න තරමින් නම් නැහැ. අපේ මිනිස්සු ඉන්නේ මහා ලොකු මුලාවක. මේක තමයි අපේ රට තාම කිසිම දියුණුවක් ලබලා නැත්තේ. (නි)