IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සෙංකඩගලපුර ඇත් කුඹ මුදුනේ - දළදා බුදුරැස් විහිදේ

ශ්‍රී ලංකාවේ ඉපැරණිම හා උත්කර්ශවත්ම බෞද්ධ උත්සයක් සේ සැලකෙන  මහනුවර දළදා මාළිගාවේ ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර බදාදා (06) වීදි සංචාරය කැරිණි.

හේමමාලා හා දන්ත කුමරු ඉන්දියාවේ කාලිංග දේශයේ සිට සිව් වැනි සියවසේ පැමිණීම ඇසළ පෙරහරේ ආරම්භය ලෙස සැලකේ.

 

gamini10

gamini00 gamini1 gamini2  gamini3 gamini4 gamini5 gamini-6 gamini7 gamini8 gamini9

 



අදහස් (0)

සෙංකඩගලපුර ඇත් කුඹ මුදුනේ - දළදා බුදුරැස් විහිදේ

පිටබැද්දර ජයා Friday, 08 August 2014 05:21 AM

ශාන්ත ප්‍රවේසමෙන් ඉන්දු මෙල්බන් වුණාට තෙල්දෙණියේ කුමාරිහාමි කෙනෙක් , මොනවා වුණත් මගේ රටට දළදා හිමි සරණයි (අ)

:       1       0

නෙරා Friday, 08 August 2014 05:28 AM

සුභාශ්....අලි පෙරහැරේ ගෙනියන එකට නෙමේයි....අනික් සත්තු මරල මස් වලට ගන්න එක නවත්වන්න කියල ක්මෙන්ට් 1ක් දැම්මනම් ඔයා මොන තරම් අවිහිංසකද (අ)

:       0       1

සුබාෂ් Friday, 08 August 2014 05:32 AM

සාදු සාදු සාදු!!! (නි)

:       0       0

ජානක Friday, 08 August 2014 05:43 AM

සාදු සාදු සාදූ !!! සැමටම දළදා සමිදු පිහිටයි(දිල්)

:       0       0

අභය Friday, 08 August 2014 06:05 AM

සුබාෂ් බ්‍රසීල් වල කරන දේවල් මෙහෙ කරන්න ඕනි නැහැ. එක එක රටට අාවේනික සිරිත් විරිත් උත්සව සංස්කෘතික උරුමයන් තියනවා. ඒවා අපි වසර සිය දහස් ගණනක් පවත්වාගෙන එනවා. එ්ක තමයි අපේ කම ශ්‍රී ලාංකීය අනන්‍යතාවය කියන්නේ. ටී.වී එකේ හරි ඉන්ටෙර්නෙට් එකේ හරි තිබුනට පුස් මිනිස්සු වගේ අපිට නොගැලපෙන වැඩ කරලා පලක් නැහැ. ඇසළ උත්සවය කියන්නේ අනාදි මත් කාලයක සිට එන ආගමික සංස්කෘතික උත්සවයක්.(නදී)

:       0       0

කුමාර Friday, 08 August 2014 06:06 AM

සාදු සදු සදු සාාාාා.෴෴෴ (නදී)

:       0       0

හසිත් Thursday, 07 August 2014 04:51 PM

සාදු සාදු! (නි)

:       0       0

මෙවන් Thursday, 07 August 2014 04:55 PM

සිංහල බෞද්ධ සංස්කෘතියේ නොනිමෙන ඇසළ පහණ!!! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 07 August 2014 05:30 PM

ශාන්ත, හීනයක්වත් දැකලද නැගිට්ටේ? (නි)

:       0       0

ශ්‍යාමා ප්‍රනාන්දු Thursday, 07 August 2014 05:56 PM

දැක්කම ආස හිතෙනවා. ලංකාවට එන්න හිතෙනවා. මගේ ආදරණීය ගම, මගේ ආදරණීය නගරය (නදී)

:       0       0

සුමිත් Saturday, 09 August 2014 10:18 AM

මගේ රටට සිරි දළදා හිමි සරණයි! (දී)

:       0       0

විරාජ් Thursday, 14 August 2014 05:46 AM

දළදා සමිඳු පිහිටෙන් මුළු හෙළ දෙරනත්, සිව් හෙලයත්, බුද්ධ ශාසනයත් චිරාත් කාලයක් රැකදේවා. (නදී)

:       0       0

නන්ද Thursday, 07 August 2014 07:45 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

තාරක Thursday, 07 August 2014 10:19 AM

සාධු...සාධු...සාධු... (දී)

:       0       0

මහේෂ් Friday, 08 August 2014 06:47 PM

සුභාෂ්, බ්‍රසිලයේ වගේ රටවල අලි ඇත්තු නැහැ. මේ වගේ පෙරහැර කරන ලෝකයේ එකම රට ලංකාව. බොරු සෝබන එපා සුභාෂ්. මේ අපේ සංස්කෘතික මංගල්‍යයක්. මේ සංස්කෘතික මංගල්‍යයේ එක් විශේෂ අවස්ථාවක් තමයි ඇතුන් පෙරහැරේ ගමන් කිරිම. ඒ වගේම දළදා කරඬුව වඩම්මන මංගල හස්ති රාජයා.මිනිසුන් වශයෙන් ඉපදිලා ඉන්න අපිටවත් එහෙම වාසනා මහිමයක් නැහැ. (නි)

:       0       0

දයාරත්න Thursday, 07 August 2014 11:06 AM

තෙරුවන් සරණින් ලෝවැසියන් දුකින් (දී)

:       0       0

සමාධි Monday, 11 August 2014 07:36 AM

උත්තම මුනි දළදා වඩම්මති මොක් පුර රන් නවුකා බලන් සකි සත් සුමුදුර ගැඹරේ (නදී)

:       0       0

සුභාෂ් Thursday, 07 August 2014 11:25 AM

කකුල් වලට මාංචු දාලා හෙන්ඩු වලින් ඇන ඇන මේ අසරණ අලි ඇත්තු පෙරහැරේ ගෙනියන්නේ නැතුව අලි ඇත්තු වගේ යාන්ත්‍රිකව හදලා පාට පාට බල්බ් දාලා ලස්සනට ඩෙකරේට් කරලා (අර බ්‍රසීලයේ පෙරහරවල වගේ) කලානම් නම් කොයි තරම් අවිහිංසකද . . (දී)

:       0       0

අනුරාධ. Thursday, 07 August 2014 11:29 AM

මගේ රටට සිරි දළදා හිමි සරණයි! (දී)

:       0       0

තබුක් සිල්වා Thursday, 07 August 2014 11:50 AM

කස පුපුරන හඩ ලගම ඇසෙන සද පෙරහැර අද ලගම ඇසෙනවා (නදී)

:       0       0

නෙළුම් Thursday, 07 August 2014 11:54 AM

පෙරහැර පවත්වා , දළදා වහන්සේට පුද පුජා කර රැස් කර ගත් පිනෙන් නියගයෙන් පීඩා විඳින ප්‍රදේශවලට වැසි ලැබී සහනයට පත් වේවා කියලා මම පතන්නේ. (නදී)

:       0       0

ශාන්ත Saturday, 09 August 2014 01:15 PM

සාදු සාදු සාදු ! (අ)

:       0       0

ඉන්දු - මෙල්බර්න් Friday, 08 August 2014 01:32 AM

ශාන්තට අමු කැවිලා වගේ. (නදී)

:       0       0

ප්‍රභාෂ් කුලරත්න Friday, 08 August 2014 01:48 AM

ශාන්ත ඔලුව හැපුනද කොහෙවත්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 08 August 2014 02:09 AM

ශාන්තල වගේ අය ඉන්න රටක අපිත් ඉපදුනානේ අම්මපා. (දී)

:       0       0

තුසිත Friday, 08 August 2014 02:11 AM

දළදා සමිඳු පිහිටයි (දී)

:       0       0

කණිෂ්ක Thursday, 07 August 2014 12:33 PM

සාදු සාදු සාදු!! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 08 August 2014 02:11 AM

ශාන්ත. භාර්යාවගෙන් ඔලුව පැලෙන්න ගුටි කාල වගේ. හිතන්න ශක්තියක් නැත්තේ. (දී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 08 August 2014 02:13 AM

පිට රට වල ඉන්න අපි සත්‍ය දන්නවා කියන පණිවිඩය පමණක් දෙන්න. (දී)

:       0       0

සමන් Friday, 08 August 2014 02:14 AM

සුභාෂ්, නිකන් බුරු කතා කියන්නේ නැතිව ඉන්න. ඔය සත්තුන්ට ඔය කියන වද දෙන්නෙ නැ. කතා කරනවකෝ අර වද දීල ලෝකෙ හැමතැනම මරණ සත්තු ගැන. (දී)

:       0       0

චින්තක Thursday, 07 August 2014 12:56 PM

සාදු සාදු සාදූ !!! (නි)

:       0       0

විදුෂ Friday, 08 August 2014 02:23 AM

අනේ ශාන්තගේ ඔලුව පිටිපස්සට කවුරු හරි ඊයේ පෙරේදා පහර දීලාද කොහෙද ? නැතිනම් බාත් රුම් එකේ ලිස්සලා ඔලුව ඇනුනාවත්ද? (දී)

:       0       0

ක්‍රිස්ටි Thursday, 07 August 2014 01:07 PM

හරිම ලස්සනයි (නි)

:       0       0

අනෝමා Friday, 08 August 2014 02:41 AM

ලෝකෙම මිනිස්සු බලන්න කැමති දෙයක් තමයි නුවර අසල පෙරහැර (දී)

:       0       0

හර්ෂ Friday, 08 August 2014 02:55 AM

මගේ රටට දළදා හිමි සෙවණයි මගේ දැයට දළදා හිමි සරණයි සැපතින් සපිරුණ නිවහල් දෙරණයි උපතින් මා හට මේ හැම උරුමයි ගායක : සනත් නන්දසිරි (දී)

:       0       0

ප්‍රසාද් Friday, 08 August 2014 03:08 AM

සමන් දුක් විදින සතුන් කොයි තරම් ඉන්නවද ලෝකේ ඒවා ගැන කතා කරලා හිටියොත් නරකද (දී)

:       0       0

හෂිණි Friday, 08 August 2014 11:36 AM

හරිම ලස්සනයි. සාදු සාදු සාදු!!! (නි)

:       0       0

වීරහැන්නැදීගේ Friday, 08 August 2014 03:11 AM

සාධු...සාධු...සාධු...සාධු...සාධු... (දී)

:       0       0

බන්දුල Friday, 08 August 2014 03:14 AM

සාමය සතුට පැතිරේවා (දී)

:       0       0

නිශාර්ඩ් Friday, 08 August 2014 03:56 AM

ලංකාව වගේ රටක ඉපදිලා ජීවත් වෙන්ට තරම් ලොකු පිනක් තවත් නැතුව ඇති. කවුරුත් පුල පුලා බලා සිටින වෙසක් උත්සවය සහ නුවර පෙරහැර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ හැරෙන්නට මාස දෙකකට සැරයක් මොනවා හරි ආගමකට සම්බන්ධ ආගමික උත්සවයක් පැවැත්වෙනවා. ජාති/ආගම් භේදයක් නැතුව බොහොම භක්තියෙන් සියලුදෙනාම ඒවාට සහභාගී වෙනවා, දායක වෙනවා. එයින් සෑහෙන අධ්‍යාත්මික සහ මානසික සුවයක් ලබනවා. පෙරහැරේ යන අලින් ගැන කියනවනම් මන් හිතන්නේ නැහැ එය ඔවුනට වද දීමක් කියල. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ මේවට සහභාගී වෙලා බොහොම හොඳ හික්මීමක් ඇතුව සැහැල්ලුවෙන් ආසාවෙන් සහභාගී වෙන බවක් තමයි ඔවුන්ගේ හැසිරීම් රටාව දිහා බැලුවොත් අපට වැටහෙන්නේ. ඉතින් අපේ රට බොහොම සුන්දර සාමකාමී රටක්. ඒ සාමකාමී බව අපි හැමදාම රැක ගමු.(අ)

:       0       0

සාරංග Friday, 08 August 2014 04:16 AM

අලින්ට කරන අපරාධයක්. (අ)

:       0       0

සිල්වා Thursday, 14 August 2014 04:33 PM

නිකිණි පොහොය ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ දිනයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම ,ආනන්ද හිමි රහත් භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළඹෙන දිනයවීම, බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතණ අරියවංස දේශනා උත්සවය සිදුකිරීම හා මහනුවර ඇසළ මහා පෙරහරේ අවසන් රන්දෝලි මහා පෙරහර වීථි සංචාරය කිරීම යන කරුණු නිකිණි පොහොය සම්බන්ධයෙන් වැදගත් තැනක් ගනියි. (නි)

:       0       0

ශාන්ත Thursday, 07 August 2014 02:22 PM

නිලංග දෑලබණ්ඩාර මැතිතුමනි, ඔබ ජාතියේ පිනෙන් පහළවූ දියවඩන නිලමේ තුමෙකි. (නදී)

:       0       0

වජිර Friday, 08 August 2014 01:19 PM

සාදු!!! සාදු!!! සාදු!!! (නි)

:       0       0

රවිහාරි Thursday, 07 August 2014 02:32 PM

සැමටම දළදා සමිදු පිහිටයි (නදී)

:       0       0

හර්ෂණ Thursday, 07 August 2014 02:36 PM

සෙන්කඩගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ. සිංහලයන් හට සිංහල දේශේක සරණයි දළදා සමිදුන්නේ (නදී)

:       0       0

චතුර Tuesday, 12 August 2014 01:11 AM

සුබාෂ් - අලින්ට හෙන්ඩුවෙන් අනින් නැ. හෙන්ඩුවෙන් සතාගෙ නිල වලට පොඩි තට්ටුවක් දානව විතරයි. එ්කෙන් තමා සතාව පාලනය කරන්නෙ. පොඩ්ඩක් හොයල බලලා කතා කරා නම් තමා හොද. මොඩයෙක් කියලා එ්ක ප්‍රදර්ශනය කරන්ඩ යන්ඩ එපා.(නදී)

:       0       0

අනූෂා Friday, 08 August 2014 04:59 AM

අහන්නත් සතුටුයි. (අ)

:       0       0

අනුරුද්ධ දිසානායක Friday, 08 August 2014 05:01 AM

සුභාෂ් ඔයා තව ටිකකින් කියයි බ්‍රසීලයේ වගේ ගැහැණු බිකිනි ඇදන් නටන එකත් නුවර පෙරහැරට ලස්සනයි කියා (නදී)

:       0       0

සංජය Friday, 08 August 2014 05:02 AM

පෙරහෙරේ යන මිනිසුන්ට පාවහන් කෝ, දුක හිතෙනවා දැක්කහම. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 547 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 518 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 153 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1503 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1140 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 443 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site