(නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)
පොළොන්නරුව මහ රෝහලේ, පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් 80 සොරකම් කර පිට පළාත්වලට විකුණු රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හය දෙනකු, ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
ප්‍රධාන සැකකරුවා පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි, 43 වියති අයකු වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි, ඔක්ස්සිජන් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයන් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. ආර්.කේ. ජාගොඩගේ මහතා අප කළ විමසීමකදී පැවසීය.
පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලේ ඔක්ෂිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ජාවාරම හෙළි වී ඇති බවද පොලිසිය පවසයි.
2020 මාර්තු මාසේ සිට මේ දක්වා, පොළොන්නරුව මහ රෝහලේ ඔක්ෂිජන් සිලින්ඩර් 208 ක් අතුරුදන් වී ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා කළ පැමිණිලලේ සඳහන්ව ඇතැයි පොලොන්නරුව කොට්ඨාය විමර්ශන අංශය සඳහන් කරයි,
පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහයකයා එක් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000 ටත් 40,000 කටත් ඔක්සිජන් සැපයුම්කරුවන්ට ලබාදී ඇති බවත්, සැපයුම්කරුවන් සෞඛ්‍ය කාර්යය සහායකයාගේ පෞද්ගලික ගිණුමට රුපියල් ලක්ෂ දාහතරක මුදලක් බැරකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි,
(ඡායා නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)
‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසාන
මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460 ක් හෙවත් රුපියල් කෝටි හතරහමාරකට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයු
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරු
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෞඛ්‍ය සේවකයා රෝගීන්ගේ ඔක්සිජන්වලටත් ඇරලා
දෙයියන්ගේ මල්ලි Sunday, 07 May 2023 07:43 AM
රෝහල් වලට සම්බන්ධ සැපයුම්කරුවන් බොහෝමයක් එම ආයතනවලම සේවය කරන අය තමයි ඔවුන්ට පිටස්තර කිසිවෙකුට ටෙන්ඩර් ක්‍රමයටවත් සැපයීම කරන්න අමාරු... මොකද මම දවසක් ඇහුවා සබරගමුවේ පළාත් කාර්යාලයේ පරිපාලන නිලධාරි කාමරේක හිරකර ටෙන්ඩර් ගැනීමට දෙපාර්තමේන්තු රියදුරෙක් උත්සාහ කළා කියන කතාවක්. මේක සිදුවෙලා දැනට අවුරුදු දහයකට වැඩියි... මට හිතෙනවා සෞඛ්‍ය සේවා සඳහා මිලදී ගැනීමේ වියදම් බොහෝමයක් නාස්තිකාර වියදම් කියලා සල්ලි දෙයියන්ගේ මල්ලිනේ...