2012 ජූලි 16 | පෙ.ව. 10:55
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
පාකිස්තානු පිලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී ලකුණු 490 ක් ලබාගත් කුමාර් සංගක්කාර වසර පහකට පසුව ටෙස්ට් පිතිකරුවන්ගේ අසීරු අභියෝගයක් වන ප‍්‍රසාද ලකුණු 900 කඩයිමට ලගා වෙමින් සිටී. පකිස්තානු පිලට එරෙහිව ටෙස්ට් තරගාවලිය ආරම්භ වන විට ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක දෙක ස්ථානයේ සිටි සංගක්කාර ටෙස්ට් තරගාවලියේදී දැක්වූ දස්කම් සමගින් නැවතත් අංක එක ස්ථානය අත්කරගත්තේය.
මේ වන විට ප‍්‍රසාද ලකුණු 892 ක් හිමිකරගනිමින් සිය ආසන්නතම තරගකරුවා වන කොදෙව් පිතිකරු ෂිව්නරීන් චන්ද්‍රපෝල්ට වඩා ප‍්‍රසාද ලකුණු 36 කින් ඉදිරියෙන් සිටින සංගක්කාර සිය වසර 12 කට ටෙස්ට් දිවියේදී පිතිකරුවකු වශයෙන් ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව (936) ලබාගත්තේ වසර 2007 දී එංගලන්ත පිලට එරෙහිව මහනුවරදී පැවැති තරගයෙන් අනතුරුව ප‍්‍රසාද ලකුණු 938 ක් ලබාගනිමිනි.
කි‍්‍රකට් දිවියේදී උපරිම ප‍්‍රසාද ලකුණු 938 ක් ලබාගනිමින් ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් අතර සම හයවැනි ස්ථානය ලබා සිටින ශී‍්‍රමත් ගාෆීල්ඞ් සෝබර්ස්, ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් සහ ශී‍්‍රමත් ක්ලයිඞ් වෝල්කොට් සමග සංගක්කාරද එක පෙළට සිටී.
වසර 2006 දී ලෝකයේ හොඳම ටෙස්ට් පිතිකරුවන් 10 දෙනා අතරට එක්වීමෙන් පසුව සංගක්කාර මේ දක්වා පළමු 10 දෙනාගෙන් පහළට වැටී නැත. සංගක්කාර ලෝකයේ හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට එක්වූයේ වසර 2006 දී මහේල ජයවර්ධන සමග එක්ව දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ලකුණු 624 ක සම්න්ධතාවක් ගොඩනැංවීම සඳහා ලකුණු 287 කින් සම්මාදම් වෙමිනි.
මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමත් සමගම ශී‍්‍ර ලංකා පිලේ අංක එකේ දග පන්දු යවන්නා බවට පත්ව සිටින රංගන හේරත් ලෝකයේ හොඳම ටෙස්ට් පන්දු යවන්නන් අතර තමන්ට හිමි සිවුවැනි ස්ථානය තවදුරටත් රැකගැනීමට සමත්විය. පාකිස්තානු පිලට එරෙහිව කඩුලූ 15 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිලේ සාර්ථකම පන්දු යවන්නා වූ හේරත් මේ වන විට තමන්ගේ වසර 12 ක ටෙස්ට් තරග දිවියේ හොඳම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වන 782 දක්වා සිය දස්කම් ඉදිරියට ගෙන ගොස් තිබේ.
මේ අතර පාකිස්තානු පිලට එරෙහිව එකම ටෙස්ට් තරගයක් පමණක් කී‍්‍රඩා කළ දිනේෂ් චන්දිමාල් ස්ථාන 8 ක් ඉදිරියට එමින් කොදෙව් පිලේ නායක ඩැරන් සැමී සමග 54 වැනි ස්ථානයේ සිටී. සෙසු ටෙස්ට් පිතිකරුවන් අතර තිලාන් සමරවීර 14 වැනි ස්ථානයද, මහේල ජයවර්ධන 19 වැනි ස්ථානයද ලබා සිටිති.
එකම ටෙස්ට් තරගයක් සඳහ කී‍්‍රඩා කළ තිසර පෙරේරාද ස්ථාන 20 ක් ඉදිරියට පැමිණෙමින් පන්දු යවන්නන් අතර 80 වැනි තැනට පැමිණ තිබේ.
| තරග දිවියේ හොඳම ප‍්‍රසාද ලකුණු ලබාගත් ටෙස්ට් පිතිකරුවෝ |
| 1. |
ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ( ඕස්ටේ‍්‍රලියාව) |
961 |
| 2. |
ශී‍්‍රමත් ලෙනාඞ් හට්න් (එංගලන්තය) |
945 |
| 3. |
ශී‍්‍රමත් ජැක් හොබ්ස් (එංගලන්තය) |
942 |
| 4. |
රිකී පොන්ටිං ( ඕස්ටේ‍්‍රලියාව) |
942 |
| 5. |
පීටර් මේ (එංගලන්තය) |
941 |
| 6. |
ශී‍්‍රමත් ක්ලයිඞ් වෝල්කොට් (බ.ඉ.කොදෙව්) |
938 |
| 6. |
ශී‍්‍රමත් විවියන් රිචඞ්ස් (බ.ඉ.කොදෙව්) |
938 |
| 6. |
ශී‍්‍රමත් ගාෆීල්ඞ් සෝබර්ස් (බ.ඉ.කොදෙව්) |
938 |
| 6.
|
කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව)
|
938
|
| 10. |
මැතිව් හේඞ්න් ( ඕස්ටේ‍්‍රලියාව) |
935 |
| 10. |
ජැක් කලිස් (දකුණු අපි‍්‍රකාව) |
935 |
| ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම |
| පිතිකරු |
ප‍්‍ර. ලකුණ |
| 1. කුමාර් සංගක්කාර (ශී‍්‍ර ලංකාව) |
892 |
| 2. ෂිව්නරීන් චන්ද්‍රපෝල් (කොදෙව්) |
856 |
| 3. ඒ. බී. ඩිවිලියර්ස් (ද.අපි‍්‍රකාව) |
821 |
| 4. ජැක් කලිස් (ද.අපි‍්‍රකාව) |
819 |
| 5. මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව) |
771 |
| 6. හසිම් අම්ලා (ද. අපි‍්‍රකාව) |
763 |
| 7. යුනිස් ඛාන් (පාකිස්තානය) |
761 |
| 7. රොස් ටේලර් (නවසීලන්තය) |
761 |
| 9. ඇලිස්ටෙයාර් කුක් (එංගලන්තය) |
756 |
| 10. ගේ‍්‍රඒම් ස්මිත් (ද. අපි‍්‍රකාව) |
753 |
| 10. අසාර් අලි (පාකිස්තානය) |
753 |
| ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම |
| පන්දු යවන්නා |
ප‍්‍ර. ලකුණු |
| 1. ඬේල් ස්ටෙයින් (ද. අපි‍්‍රකාව) |
886 |
| 2. සයීඞ් අජ්මාල් (පාකිස්තානය) |
832 |
| 3. ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) |
785 |
| 4. රංගන හේරත් (ශී‍්‍ර ලංකාව) |
782 |
| 5. වර්නන් පිලැන්ඩර් (ද. අපි‍්‍රකාව) |
764 |
| 6. ස්ටුවර්ට් බ්‍රෝඞ් (එංගලන්තය) |
758 |
|
7. බෙන් හිල්ෆනවුස් ( ඕස්ටේ‍්‍රලියාව) |
756 |
| 8. ගේ‍්‍රඒම් ස්වෝන් (එංගලන්තය) |
742 |
| 9. පීටර් සිඞ්ල් ( ඕස්ටේ‍්‍රලියාව) |
740 |
| 10. මෝනි මෝකල් (ද. අපි‍්‍රකාව) |
733 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංග ඔබට දිගු ගමනකට සුබ පැතුම්
රටේ නම්බුව තියන්න දැන් ඉන්නේ උඹ විතරයි කොල්ලෝ.හැබැයි දේශපාලනේ ගාව ගත්තොත් නම් උඹත් ඉවරයි.
අපේ දෙන්නෙක්ම ඉන්නවා .... සංගා තව ඉදිරියටම යමු ...........
ලෝකේ ඉන්න අංක එකේ විශිෂ්ඨම ක්‍රීඩකයා ඔබයි
ආඩම්බරකාර සිංහයන්ට අපෙන් සුභ පැතුම්!
ආඩම්බරයි ඔබ ගැන.සාඩම්බර දිවියකට සුභ පැතුම්!
ලංකාව සැරසු ඔබට අපගේ ප්‍රණාමය , රංගන හෙට්ටිආරච්චිගේ දස්කම් අපට කිසිදා අමතක නොවෙනු ඇත.....
නියමයි සංගා ඔහෝම යමු. ඔහෝම යමු.
ශ්‍රීමත් කුමාර් සන්ගක්කාර කියල දාන දිනේ අපි බලගෙන ඉන්නෙ
කදුරට කොල්ලෙක් නෙමෙයි, ලංකාවේ කොල්ලෙක්. ඔය මෝඩ ගතිය නිසා මදැයි අවුරුදු 30ක් මරා ගත්තා.
නියමයි සංගා. ඔබයි ලංකාවේ ඉන්න එකම හොදම පිතිකරුව. සුභපැතුම්
මේක සුභ ලකුණක් . අපි හදවතින්ම සුභ පතනවා..
කදුරට කොල්ලෙක් නියමයි සංගා නියමයි ...
අපේ රට පුංචි උනාට වැඩ ලොකුයි......සුභ පැතුම්...
සුබපෙතුම් සංගක්කාර , හේරත් ඔබ අපට ආඩම්බරයක් ...!
සංගා ඔබ සැබෑ වීරයෙකි. ඔබව අගයන අතර සුභ පතමි...
නියමයි
ඔබ අපේ රටේ තවත් මුරලි කෙනෙක් වෙන්න හේරත් සුබපැතුම් !!!!
ලංකාවේ ඇහෙන දේවල් වල හැටියට මේ වගේ පුවතක් ඇසීමට ලැබීම ඇත්තටම සතුටුයි
සංගා ඔබ උගත් බුද්ධිමත් කෙනෙක් . ආඩම්බරයි...
නියමයි
ඔබ අපට ලොකු ආඩම්බරයක් සන්ගා. ඔහෝම යමු. ඔහෝම යමු.