කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනයේ සැකකරුවකු වන සිංගප්පූරු සරත්ගේ පුත් දොන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහට මහාධිකරණ නියෝගය මත මහර මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය අද ඇප නියම කළාය.
ඝාතනයට යොදා ගත් අවිය සැපයූ බව කියනුයේ මෙම සැකකරු බව පොලිසිය අධිකරණයට කළින් දන්වා තිබිණි.
රුපියල් 35000ක් මුදලින් ද, රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකක් ද තබන ලෙසත්, විදේශ ගමන් බලපත්‍රය උසාවියට භාර දෙන ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ නිලධරයන් වන අශෝක හේමන්ත කුමාර පෙරේරා, සුපීර් රංගන කුමාර පෙරේරා ද අශේන් චතුරංග ද අගෝස්තු 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම නළුවට හිමි මයුර සම්මානය අපි දැන් කාටද දෙන්නේ? (ත)
අර කැලණියේ ඇමතියට කියල රටින් පනී. ජනාධිපතිතුමාට මේවා පෙන්නේ නැත්තේ ඇයි..? (ත)
මේක කොහොම අවසන් වේවිද දන්නෙ නැහැ (නි)
හොදම කොටස තවම අපි දුටුවේ නැහැ (නි)
මෙයාට ඇප දෙන්න තීරණය කළේ ඇයි දන්නෙ නැහැ (නි)
අනේ මන්ද? (අ)
මොකුත් කියන්න බයයි අනේ! (ස)
අනේ මේ අහිංසකයා ඔච්චර සල්ලි කොහෙන් හොයන්නද? අපි අරමුදලක්වත් පිහිටුවලා උදව් කරමුද ඇප තියන්න? "නීතිය ශක්තිමත් වන්නේ නීතිය ක්‍රියාත්මක වන තරමටය". (නි)
ජයවේවා! (නි)
ඇත්තම කියනවා නම් දැන් නම් මටත් නොතේරෙනවා නොවෙයි.මේවා හොඳ වැඩ නොවෙයි (නි)
මෙවැනි අයට ඇප දීම මම අනුමත කරන්නේ නැත. මින් වන්නේ අපරාද තව තවත් වැඩි වීමයි. (නි)
එයා ගැන අපි දන්නවා (නි)
අනේ මහේස්ත්‍රාත් තුමෝ තරහ වෙන්න එපා(ස)