අම්පාර තිරුක්කෝවිල් හි සාගම සෑය බැකෝ යොදා විනාශ කිරිමට එරෙහිව ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙතෙක් කිසිදු පියවරක් නොගත්තැයි සඳහන් කරමින් බොදු බල සේනා ව්‍යාපාරය අද කොළඹ 07 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උද්ඝෝෂණයක් පැවැත්විය. නැගෙනහිර පළාතේ පමණක් පුරා විද්‍ය වටිනාකමින් යුත් පුරා වස්තු අති විශාල සංඛ්‍යාවක් තිබෙන නමුත් අඩුම තරමේ ඒවා රැක ගන්නැයි ඉල්ලමින් නාම පුවරුවක් තැබීමටවත් දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවත් වහාම ඒ සඳහා පියවරක් ගන්නා බවට තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු මහා සංඝරත්නය පුරාවිද්‍යා භූමියෙන් පිටව නොයන බවත් බොදු බළ සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥණසාර හිමියෝ කීහ. විරෝධතා දැක්වූ ස්වාමීන් වහන්සේලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයට ඇතළු වීමට උත්සහා දැරුවත් එහි ආරක්ෂක අංශ ගේට්ටු වසා දැමීය පොලිසිය මැදිහත් වී කිරම විමලජෝති නාහිමියන් ඇතුළු සංඝරත්නය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය වෙත වැඩම කැරවාගෙන ගියේය. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සමග සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසුරිය මහතා සමග සාකච්ඡාවක් අත්‍යවශ ව හිමිවරු පැවැසූහ. පසුව අමාත්‍යවරයා ද සාකච්ඡාව සඳහා එක් වූ අතර ඔහු පැවැසුවේ ලබන 2013 ජනවාරි මාසයේ නැගෙනහිර පළාතේ පුරා විද්‍යා ස්ථානවල සියළුම නාම පුවරු ඉදිකිරීමට තමන් වහාම කටයුතු කරන බවය. තම අමාත්‍යංශයට ජාතික ප්‍රතිපාදන වලින් ඉතා සුළු මුදලක් ලැබනෙ බවද ඔහු කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමනම් ඉවසා ඉන්නද ඒ අපරාධය (දී)
බෞද්ධයිනි මේ නැගිටින්න කාලයයි (දී)
මෙහෙම කරන්න කාටවත් නැවත ඉඩ දෙන්න එපා (දී)
අපිත් 100% සහාය දෙනවා ඔබ වහන්සේලාට (දී)
දෑන් නිදන් හෑරීම උමතුවක් වෙලා. නෑගෙනහිර විතරක් නෙවේ, රටේ හෑමතෑනම වෙනවා. හාරපු අයගෙන් 75% ක් බෞද්ධයෝ. මේක වහන්නයි සමහරු නාඩ්ගම් නටන්නේ(ස)
හිතන්න මොන තරම් තණ්හාවක් තියෙන්න ඇතිද (දී)
මේවාට නීතියෙන් කටයුතු කරන්න ඕනේ (දී)
මෝරාල, ඔයාට අපිට ඕවා වැටහුණාට ඒ ඇත්තන්ට ඒවා වැටහෙන්නෙ නැහැ නොවැ. ඒක තමයි කරුමේ. (නි)
මොරිල් ඔයා තොත්ත බාබාද ? යන්න මොන්ඩිසෝරි (ස)
ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපි අපේ ආගම සහ උරුමය රැකගත යුතුයි. (නු)
නයාව දරමිටි බදින්න හැමදාම බැහැ.. ඔන්න පෙනේ පුප්පන්න පටන්ගත්තා.. අපි ඔබට දිරිය දෙමු..!(නු)
බුදු දහම රැක ගැනීම බෞද්ධ අපේ කාගෙත් වගකීමක්.. ඒ වගේම මෙයට ලොකු අහයෝගයක් ලබාදීමට මාධ්‍යට ලොකු අවස්ථාවක් තිබෙනවා.. නමුත් එය හරියට සිදුවෙන්නේ නැහැ.. (නු)
අපේ ජිවිත කාලේ නැවත මෙවන් විපත් අසන්න නොලැබේවා (දී)
ඇයි දැං ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ..? කවුද වග කියන්න ඕන මේවාට..?(නු)
අහස පොලව නුහුලන් වැඩැක් මේ කලේ (දී)
අපිත් සම්පුර්ණ සහාය දෙනවා (දී)
මේවා අපේ ජාතියට කල විනයක් (දී)
අපිත් ඉන්නවා... දැන්වත් බුද්ධාගම බේරාගමු (ස)
සාධාරණ විරොදයක්
මෙවන් වැඩ නැවත නොවේවා (දී)
ඔය පරනවිතාන මහත්තය ගේ කාලෙ වගේ නෙමෙයි දැන් ඉන්න නිලධාරීන්ට ඕවයෙ ගානක් නැහැ.ඒ මිනිස්සු වැඩ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ රස්සාව විදියටයි.(ස)
ඒ විරෝදය අතිශය සාධාරණයි (දී)
ඔබ වහන්සේලාට තවත් ශක්තිය ලෑබේවා! (නි)
ලෝකයම බෞද්ධ කරන්න උත්සාහ කරන උත්සාහයේ අරමුණ නොදියුණු ගෝත්‍රික යුගයේ අන්ධ මිත්‍යාව නොවේද? (නි)
පෞරාණික දේවල් මේ විදියට විනාශ කළොත් අපේ උරුමයට දෙයියන්ගේම පිහිටයි! (නි)
මේවා විනාශ කරන එකෙන් වෙන්නේ අපේ ජාතික උරුමය අපිට නැති වෙන එක (දී)
එදා මවුබිම සුරැකීමේ ව්‍යාපාරයේ සහ දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ වීරෝධාර හිමිවරුන් අද නැද්ද? (නි)
වැඩේ වැරදියි තමයි (දී)
ඇයි ලංකාවේ අන් ප්‍රදේශවල නිධන් හැරීම පිළිබඳව ඔබතුමන්ලා මුනිවත රකින්නේ? (නි)
නැවත මෙවන් විපත් නොවේවා
අපි ඔබ සමගයි. (දී)
මේවා මහා අපරාධ
ශ්‍රේෂ්ඨ කාර්යයක්. අපි අපේ ආගම සහ උරුමය රැකගත යුතුයි. (නි)
නීති මගින් දැම්ම කටයුතු කරන්න (දී)
නියමයි. පටන් ගනිමු ඔතනින්. (නි)
අපේ හාමුදුරුවනේ, අපිත් ඔබවහන්සේලා සමග එක්වෙන්න කැමතියි. (නි)
වැඩේ හැබෑව
මේවා රැක ගන්න එක අපිට තියන වගකීමක් (දී)
අපේ හාමුදුරුවනේ, කොහොමහරි මේවා රැකගන්න බලන්න. (නි)
අපිත් විරුද්දයි ඒ වැඩේට (දී)
අතිශය සාධාරණයි මම නම් කියන්නේ (දී)
අනේ අපේ හාමුදුරුවනේ, යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනෑ. (නි)
බය නැතුව කරන වැඩ (දී)
ඔන්න දැන් පොටක් පෑදිලයි තියෙන්නේ. දැන් ඉතිං ගාණට වැඩේ කරන එකයි තියෙන්නේ. (නි)
දෙවියොම බලා ගන්න ඕනේ මේ වැඩ (දී)
ඔබ වහන්සේලාට මගේ නමස්කාරය! අන්‍යාගමික ආක්‍රමණ වලින් අපේ බුදු සසුන ආරක්ෂා කිරීමට ඔබ වහන්සේලාට ශක්තිය ලැබේවා !! (නි)
අපි අප දේ රැක ගන්න පාරට බහින්න ඕනේ (දී)
ඔබ වහන්සේලා සමග අපිත් ඉන්නවා (දී)
අපි අපේ ආගම ජාතිය වෙනුවෙන් ඉන්නවා කවදාත් (දී)
අහස පොලොව නුහුලන වැඩක් (දී)
බුදු දහම නැති කරන්නේ මේ මිනිස්සු (දී)
බලන්න මොන තරම් කරුම වැඩක් ද මේ කරලා තියෙන්න (දී)
නිධන් අරගෙන කොටි පතියෝ වෙන්න හැදුවට හිතන්න එපා පලදෙයි කියලා ඒ සල්ලි (දී)
අපේ හාමුදුරුවන්ට කේන්ති ගියාම ටිකක් නපුරු පාටයි. (නි)
මට තේරෙන්නේ නැත්තේ බුදු දහමේ සදහන් නොවන ආකාරයකට මේ අය ඇයි සටන් කරන්නේ කියලයි. (නි)