වල් අලියකු පහර දීමෙන් මිය ගිය ගැමියකුගේ දේහය රැගත් මිනී පෙට්ටිය සීගිරිය ප්‍රධාන මාර්ගයට ගෙන ආ ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසදුම් ඉල්ලා උද්ඝෝෂණය කළහ.
මේ නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහනවලට ද බාධා ඇති විය.
වල් අලියකු පහර දීමෙන් මිය ගිය ගැමියකුගේ දේහය රැගත් මිනී පෙට්ටිය සීගිරිය ප්‍රධාන මාර්ගයට ගෙන ආ ගැමියෝ වල් අලි ප්‍රශ්නයට විසදුම් ඉල්ලා උද්ඝෝෂණය කළහ.
මේ නිසා දෙස් විදෙස් සංචාරකයන්ගේ වාහනවලට ද බාධා ඇති විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිය යන්නේ ශීත කාමර තුළ යහතින් කල් ගෙවන අය නොව අහිංසක ගැමියන්ය. ඔවුන්ගේ ඡන්දයෙන් සුරසැප විදිනා වගකිවයුත්තන්ට මේ පිළිබඳව ගත හැකි පියවරක් නැද්ද? (නි)
මහත්වරුනි, දඹුල්ල ආසන්නයේ මේ අයට මහල් නිවාස යෝජනා ක්‍රමයක් හදන්ඩ. කැලෑ පෙදෙස් වලින් මිනිසුන් නගරය ආසන්නයට ගෙන එමු. මේ මිනිසුන්ට වෙනත් ජීවන ක්‍රමයකට අත හිත දෙමු. අපි දැන් $ 4000ක ඒක පුද්ගල ආදයමකට හිමිකම් කියන රටක් නේද?(නදී)
නදී කියන කතාවට මම සියට සියක් එකගයි. එහෙම තමයි වෙන්නත් ඕනෑ.පවු අසරණ මිනිස්සු (නි)
මොන ක්‍රමයෙන් ප්‍රශ්නේ දිහා බැලුවත් දේශපාලනේ ගැවිලා. ඔය අලි වැටවල් හදනවට විරුද්ධව කටයුතුකරන දෙස්පාලුවෙක් ගැන පත්තරවල තිබුනා. කල කැපිල්ලට බාධාවෙන නිසා. අලියෙක් අතින් මිනිහෙක් මැරිලා ඒකට පුත්තලමේ ප්‍රාදේශීය ලේකම්ට ගැහුවා. හොයල බැලුවාම වැලි ජාවාරම්කරන දේශපාලන නැට්ටෙක් ඒ පිටිපස්සේ. කුඹුරු, හේන් ගොවිතැන් කරගෙන ජීවත්වෙන ගැමියන් නගරයට ගෙනත් අතරමං කරනවට වඩා අලිත් මිනිස්සුත් තම තමන්ගේ රාජධානිවල වෙන් කරලා ජීවත්වෙන්න දුන්නනම් හොඳ නැද්ද.(නදී)
මිනිස්සු කැලේ ප්‍රදේශ වල ජීවත් වෙන්නේ ආශාවට නෙවේ. වෙන විකල්පයක් නැති නිසයි. අලින්ගෙන් සහ අලි ආරක්ෂා කරන අයගෙන් ගුටි කකා වෙන කරන්න දෙයක් නැතිකම නිසයි අමාරුවෙන් ජීවත් වෙන්නේ. යම්කිසි විසඳුමක් ලැබෙනවා නම් ඉතාමත් හොඳයි. (නි)
මම ඕක හැමදාම කියන දෙයක්.අලි ගහලා මිනිස්සු මළත් මිනිස්සු ගහලා අලි මළත් ඔය මොන ලොක්කටවත් ගානක් නැහැ. (නි)
මොකද වරුණ, ඔයා රියදුරු කාලෙත් පාරේ යනකොට අලි හම්බවෙලා තියනවද? (නි)