තම දියණිය උත්පලා මධුභාෂිණිගේ පාදයේ සැත්කම සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 10 වැනි වාට්ටුවට මේ මස 20 වැනිදා ඇය ඇතුළු කරන ලෙස විකලාංග විශේෂඥ වෛද්‍ය ආනන්ද පෙරේරා මහතා උපදෙස් දී ඇතැයි ඇගේ පියා වන කේ ඒ අජිත් නිශාන්ත මහතා පවසයි.
එක දිගට හය මාසයක් ද ඇතුළුව මාස එකොළහක් ඇයට රෝහලේ ගත කිරීමට සිදු වෙතියි වෛද්‍යවරුන් ඇයට උපදෙස් දී ඇත.
දියණියගේ සැත්කම වෙනුවෙන් මුදල් සොයා දීමට වෙහෙස මහන්සි වු ලංකාදීප පුවත්පත ,වෙබ් අඩවිය, ජර්මනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ ප්‍රදීප් මහතා ඇතුළු දෙස් විදෙස් පරිත්‍යාගශීලී සැමටම පියා ද ,මව ද ,දියණිය ද ස්තූති පළ කරති.
පියාගේ දුරකතන අංකය 072-3404050


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය පතනවා (නි)
දියණියට ඉක්මණින්ම සුවය ලැබේවී...අපේ අශිර්වාදය දියණියනි ඔබට (අ)
ඔය වගේ සිනහවෙන් සිරි ලක සනසන්න ලැබේවා කියා අපේ දුවට ප්‍රර්ථනා කරමි. (නදී)
හොඳට ඉගෙනගෙන ලොකු වෙලා දොස්තර නෝනා කෙනෙක් වෙලා, ඔයා වගේ අසරණ දරුවන්ට පිහිට වෙන්න. (නි)
හිතට සතුටක් දැනෙනවා. අපටත් මේ පින් කමට දායක වෙන්න පුළුවන් උනාට. ඉක්මණින්ම සුවය ලබා හොදින් ඉගෙනගන්න.(අ)
දියණිය ඔබට සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේව! (අ)
ඔබට ඉක්මන් සුව පතමු! (නි)
ඉක්මන් සුවය ලැබී, යහපත් අනාගතයක් උදාවේවා! (නි)