IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘සත්‍යග්‍රහයේ නිරත සිසුන්ට මරණ තර්ජන‘

අද අලුයම සබරගමුව සරසවියේ  ප්‍රධාන දොරටුව අසලට ආ නාඳුණන පිරිසක්  අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.

පැමිණි පිරිස ආරක්ෂක නිලධාරීන්ගෙන්  “ අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් දුන්නාද? ” යි විමසමින්  පිපුරුම්  හඬත් සමග පලා ගිය බවට සමනලවැව පොලිස් මුරපොලෙහි  ආරක්ෂක අංශය හා සිසුන් යන දෙපාර්ශවයම පැමිණිලි කර තිබේ. 

කැබ් රථයකින් පැමිණ ඇති මෙම පිරිස  ආරක්ෂක හිස්වැසුම් පැළඳ සිට ඇති අතර මුහුණු හා දෑස් ආවරණය කර සිට ඇතැයි කියති.

සත්‍යග්‍රහයේ නිරත සිසුන් 300 කට ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල භූමියේ සිටි බවත්, වෙඩි ශබ්දය ආ දෙසට සිසුන් යන විට ඔවුන් පලා ගිය බවත් සරසවි ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයෙක් පැවසීය. සත්‍යග්‍රහයේ නිරත සිසුන් කිහිප දෙනෙකුට දුරකතන මගින් මරණ තර්ජනය කර ඇතැයි කී එම නියෝජිතයා  තම ආරක්ෂාව සම්බන්ධයෙන් සමනල වැව පොලීසියට පැමිණිලි කර ඇතැයි ද කීවේය. 



අදහස් (0)

‘සත්‍යග්‍රහයේ නිරත සිසුන්ට මරණ තර්ජන‘

සාදි Friday, 24 May 2013 05:06 PM

අනේ මන්දා.ඔය සත්‍යග්‍රහය නවත්තලා කාටවත් ලාබයක් නම් නැහැ (නි)

:       0       0

විජේන්ද්‍ර Saturday, 25 May 2013 01:55 AM

මම සදුනිගේ අදහසට 100% එකග වෙමි. (නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 05:25 PM

ඉතින් වෙඩිකන වැඩ නොකර ගෙදර ගියොත් මොකද? (නි)

:       0       0

රුක්මල් Saturday, 25 May 2013 02:06 AM

මමත් උපාධිකාරයෙක්. ඒත් ඔය කුමුදුනි සිතාට වගේ මුන් ගැන බොරු අනුකම්පාවක් නෑ. ඉගෙන ගන්න ආවනම් රටට වදයක් වෙන්නේ නැතුව තමාගේ පාඩුවේ ඉගෙන ගෙන යන්න ඕනේ. අරගල කරන්න ඕනේ තමයි. හැබැයි දැන් ඉන්න එවුන් දවල් බත් එක රහ නැත්තන් ඒකටත් අරගල කරනවා. විශ්ව විද්‍යාල අරගල කියන එක බල්ලට වැටෙන්නේ ඔය දැන් කරන වැඩ නිසා. කව්රුත් ගණන් ගන්නවද බලන්න දැන් විශ්ව විද්‍යාල කොල්ලෝ අරගල තිබ්බට මොකද හැමෝම දන්නවා මුන් මේ නිකන් දේශපාලන ඉත්තෝ කියලා. රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි කට පියන් හිටියට.(නදී)

:       0       0

කැන්ග්රූ Friday, 24 May 2013 05:47 PM

නවක වදය දීලා, ඒකට දඩුවම් දුනහම ඕක තමයි හැමදාම කරන්නේ. පව්කාර ළමයි. (නි)

:       0       0

නෙත්මි Saturday, 25 May 2013 02:56 AM

දැන් සරසවි සිසුන් එකතරා පක්ෂයක විකටයින් බවට පත්ව ඇත (නි)

:       0       0

කුමාර Friday, 24 May 2013 06:08 PM

හරියට සත්‍යග්‍රහ කළොත් මැරෙනවා තමයි . (නි)

:       0       0

කුමුදුනි සීතා Friday, 24 May 2013 06:36 PM

විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන් නැතුව ඒවායේ වෙන දේවල් තේරුම් ගන්න බැරි හුදු ඉරිසියාවෙන් පමණක් අදහස් දමන්න එපා. ලෝකෙම යමක් දිනාගත්තේ අරගල තුලින්. තමන්ට හෝ තම දරුවාට ලකුණු මදිවීම අනිකුත් සිසුන්ගේ වරදක් නොවේ.(නදී)

:       0       0

සුනිල් Friday, 24 May 2013 06:51 PM

වෙඩි තියපු කට්ටියත් මෙයාලගෙම කටිටියක්. මුණ වහගෙන ඇවිත් එහෙම කතා කරන්න යන්නේ කවිද? (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 25 May 2013 08:56 AM

මේ සත්‍යග්‍රහයේ නිරත සිසුන් කරන්නේ සාධරණ අරගලයක්ද නැත්නම් දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන දෙයක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මේ වගේ මැරයන්ගේ තර්ජන නම් වැරදි දෙයක්. ප්‍රශ්න විසදන්නේ මැර බලයෙන් නම් ඒක අනුමත කරන්න බැහැ.(නදී)

:       0       0

සාදි Saturday, 25 May 2013 04:16 PM

ශිෂ්‍යයෝ අරගල කාරියි. අපේ තරුණ කාලෙත් එහෙම කලා 90 දශකයේ මුල් කාලේදී. හැබැයි අපිට දැන් වැටහෙනවා එදා නොදැනුවත්වම ජ වී පෙ.ට කඩේ ගියා නේද කියලා. කොහොම වුනත් සරසවි ගැටළු සංවේදීව විසදන්න ඕනේ.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 24 May 2013 08:22 PM

ඇයි මේ ඒකමුතුකම කමිමුතු කරන්න හදන්නේ.(නදී)

:       0       0

උපාලි Saturday, 25 May 2013 10:24 AM

සුනිල්ගේ අදහස හරි කියල මාත් හිතනවා. ප්‍රසිද්ධිය සහ මහජන අනුකම්පාව ලබාගැනීමේ අනියම් උපක්‍රමයක්නේ ඕක. මොක වුනත් මේ සමයං වැඩ නිසා සාධාරණ අරගලයක් දිහා උනත් ජනතාව බලන්නේ මේ මොන විකාරයක්ද කියල. (ස)

:       0       0

නාලනී Friday, 24 May 2013 09:34 PM

මෙහෙමත් මෝඩ රැලක්. මේ හින්දා අපිට ආපු දෙය කරගන්නත් නැහැ.මේ ටික අයින් කරලා හරි විබාගය තියන්න. බලන්න අපි දැන් අවුරුදු කියක් එකතැන පල්වෙනවද? මේවයින් දිනාගන්න දෙයක් නැහැ. (නි)

:       0       0

මර්සි ලංකා Friday, 24 May 2013 09:44 PM

ඉගෙන ගන්න සිසුවන්ට මොන සත්‍යග්‍රහද? ඉගෙන ගන්න කාලයේ විමුක්ති සටන්කරුවන් නවතින්නේ උපාදියෙන් පස්සේ අදිරාජ්‍ය වාදීන්ගේ පැත්තේ. (නි)

:       0       0

පෙරේරා Friday, 24 May 2013 09:44 PM

අනේ කුමුදුනී නෝනා, ඔබතුමී අරගල කරලා දිනා ගත්ත දෙයක් කියන්නකෝ. (නි)

:       0       0

සදුනි Friday, 24 May 2013 10:23 PM

කුමුදුනී සීතා මාත් කැම්පස් ගිහින් උපාධියක් ගත්තා. අද රැකියාවකුත් කරනවා. හැබැයි එදත් අපිට නිදහසේ ඉගෙන ගන්න නොදුන්නේ ඔය අරගලකාරයෝ. අරගල කරලා එයාල ජවිපෙ වෙනුවෙන් කඩේ ගියා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 636 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 304 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 674 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2465 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 483 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site