අද අලුයම සබරගමුව සරසවියේ ප්‍රධාන දොරටුව අසලට ආ නාඳුණන පිරිසක් අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.
පැමිණි පිරිස ආරක්ෂක නිලධාරීන්ගෙන් “ අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් දුන්නාද? ” යි විමසමින් පිපුරුම් හඬත් සමග පලා ගිය බවට සමනලවැව පොලිස් මුරපොලෙහි ආරක්ෂක අංශය හා සිසුන් යන දෙපාර්ශවයම පැමිණිලි කර තිබේ.
කැබ් රථයකින් පැමිණ ඇති මෙම පිරිස ආරක්ෂක හිස්වැසුම් පැළඳ සිට ඇති අතර මුහුණු හා දෑස් ආවරණය කර සිට ඇතැයි කියති.
සත්‍යග්‍රහයේ නිරත සිසුන් 300 කට ආසන්න පිරිසක් විශ්ව විද්‍යාල භූමියේ සිටි බවත්, වෙඩි ශබ්දය ආ දෙසට සිසුන් යන විට ඔවුන් පලා ගිය බවත් සරසවි ශිෂ්‍ය එකමුතුවේ නියෝජිතයෙක් පැවසීය. සත්‍යග්‍රහයේ නිරත සිසුන් කිහිප දෙනෙකුට දුරකතන මගින් මරණ තර්ජනය කර ඇතැයි කී එම නියෝජිතයා තම ආරක්ෂාව සම්බන්ධයෙන් සමනල වැව පොලීසියට පැමිණිලි කර ඇතැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙන ගන්න සිසුවන්ට මොන සත්‍යග්‍රහද? ඉගෙන ගන්න කාලයේ විමුක්ති සටන්කරුවන් නවතින්නේ උපාදියෙන් පස්සේ අදිරාජ්‍ය වාදීන්ගේ පැත්තේ. (නි)
ශිෂ්‍යයෝ අරගල කාරියි. අපේ තරුණ කාලෙත් එහෙම කලා 90 දශකයේ මුල් කාලේදී. හැබැයි අපිට දැන් වැටහෙනවා එදා නොදැනුවත්වම ජ වී පෙ.ට කඩේ ගියා නේද කියලා. කොහොම වුනත් සරසවි ගැටළු සංවේදීව විසදන්න ඕනේ.(නදී)
සුනිල්ගේ අදහස හරි කියල මාත් හිතනවා. ප්‍රසිද්ධිය සහ මහජන අනුකම්පාව ලබාගැනීමේ අනියම් උපක්‍රමයක්නේ ඕක. මොක වුනත් මේ සමයං වැඩ නිසා සාධාරණ අරගලයක් දිහා උනත් ජනතාව බලන්නේ මේ මොන විකාරයක්ද කියල. (ස)
මේ සත්‍යග්‍රහයේ නිරත සිසුන් කරන්නේ සාධරණ අරගලයක්ද නැත්නම් දේශපාලන අරමුණක් වෙනුවෙන් කරන දෙයක්ද කියලා මම දන්නේ නැහැ. ඒත් මේ වගේ මැරයන්ගේ තර්ජන නම් වැරදි දෙයක්. ප්‍රශ්න විසදන්නේ මැර බලයෙන් නම් ඒක අනුමත කරන්න බැහැ.(නදී)
දැන් සරසවි සිසුන් එකතරා පක්ෂයක විකටයින් බවට පත්ව ඇත (නි)
මමත් උපාධිකාරයෙක්. ඒත් ඔය කුමුදුනි සිතාට වගේ මුන් ගැන බොරු අනුකම්පාවක් නෑ. ඉගෙන ගන්න ආවනම් රටට වදයක් වෙන්නේ නැතුව තමාගේ පාඩුවේ ඉගෙන ගෙන යන්න ඕනේ. අරගල කරන්න ඕනේ තමයි. හැබැයි දැන් ඉන්න එවුන් දවල් බත් එක රහ නැත්තන් ඒකටත් අරගල කරනවා. විශ්ව විද්‍යාල අරගල කියන එක බල්ලට වැටෙන්නේ ඔය දැන් කරන වැඩ නිසා. කව්රුත් ගණන් ගන්නවද බලන්න දැන් විශ්ව විද්‍යාල කොල්ලෝ අරගල තිබ්බට මොකද හැමෝම දන්නවා මුන් මේ නිකන් දේශපාලන ඉත්තෝ කියලා. රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි කට පියන් හිටියට.(නදී)
මම සදුනිගේ අදහසට 100% එකග වෙමි. (නදී)
කුමුදුනී සීතා මාත් කැම්පස් ගිහින් උපාධියක් ගත්තා. අද රැකියාවකුත් කරනවා. හැබැයි එදත් අපිට නිදහසේ ඉගෙන ගන්න නොදුන්නේ ඔය අරගලකාරයෝ. අරගල කරලා එයාල ජවිපෙ වෙනුවෙන් කඩේ ගියා.(නදී)
අනේ කුමුදුනී නෝනා, ඔබතුමී අරගල කරලා දිනා ගත්ත දෙයක් කියන්නකෝ. (නි)
අනේ මන්දා.ඔය සත්‍යග්‍රහය නවත්තලා කාටවත් ලාබයක් නම් නැහැ (නි)
මෙහෙමත් මෝඩ රැලක්. මේ හින්දා අපිට ආපු දෙය කරගන්නත් නැහැ.මේ ටික අයින් කරලා හරි විබාගය තියන්න. බලන්න අපි දැන් අවුරුදු කියක් එකතැන පල්වෙනවද? මේවයින් දිනාගන්න දෙයක් නැහැ. (නි)
ඇයි මේ ඒකමුතුකම කමිමුතු කරන්න හදන්නේ.(නදී)
වෙඩි තියපු කට්ටියත් මෙයාලගෙම කටිටියක්. මුණ වහගෙන ඇවිත් එහෙම කතා කරන්න යන්නේ කවිද? (නදී)
විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන් නැතුව ඒවායේ වෙන දේවල් තේරුම් ගන්න බැරි හුදු ඉරිසියාවෙන් පමණක් අදහස් දමන්න එපා. ලෝකෙම යමක් දිනාගත්තේ අරගල තුලින්. තමන්ට හෝ තම දරුවාට ලකුණු මදිවීම අනිකුත් සිසුන්ගේ වරදක් නොවේ.(නදී)
හරියට සත්‍යග්‍රහ කළොත් මැරෙනවා තමයි . (නි)
නවක වදය දීලා, ඒකට දඩුවම් දුනහම ඕක තමයි හැමදාම කරන්නේ. පව්කාර ළමයි. (නි)
ඉතින් වෙඩිකන වැඩ නොකර ගෙදර ගියොත් මොකද? (නි)