IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සිතුල්පව්ව ඇතා සිටින බව ඇමැති කියයි

කෑම්බීම් සොයා සිතුල්පව්වට එන ගැමුණු නමැති ඇතාට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි කියන සිද්ධියේ කිසිදු සත්‍ය තාවයක් නැතැයි සිතුල් පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියෝ පවසති.

ගැමුණු දළ ඇතා  වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දෙන පළතුරු හා ආහාර වර්ග කෑමට පුරුදුවී සිටින බව ද හේමරතන හිමියෝ කියති.

වනජීවී ඇමැති විජිතමුණු සොයිසා පැවසුවේ වෙඩි තැබීයැයි කියන ස්ථානයට මීටර් 150ක් පමණ දුරින් ඇතා සිටින බවයි.

‘වෙඩි තබා ඇත්තේ ගැමුණුට නෙමෙයි. වෙනත් ඇතකුටයි.‘

 යුද හමුදා නිලධරයකු සමග ගමන් ගත් සෙබළකු වල් අලියකුට වෙඩි තැබුවේදැයි සොයා බලන බව ද ඇමැති කියයි.

ඉකුත් සෙනසුරාදා දේශීය සංචාරකයන් සතුන් බැලීමට ගිය අවස්ථාවකදී ඔවුන් ගිය මග අවහිර කරමින් සිටින අවස්ථාවක අලි වෙඩි දමා ගැමුණු ඇතා එම ප්‍රදේශයෙන් පළවා හැරි බවත්, ආරක්ෂක අංශ විසින් අලි ඇතුන්ට කිසිම වෙඩි තැබීමක් සිදු නොකළ බවත් හමුදා නිලධරයෙක් කියයි.

යාල වනයේ වාහන පෙලක නවතා තිබූ ජීප් රියක් ඇතුළට හොඩවැල දමද්දී කලබලවූ පිරිස කෑගැසූ අවස්ථාවේ පිටු පස රියකින් අහසට වෙඩිල්ලක් මුදා හරිය පසු ඇතා කැලෑ වැදී ඇති අතර මෙසේ වාහන පෙල අසළට පැමිණි ඇතා නිතර සිතුල්පව්වට යන එන ගැමුණු ඇතා බවත් හෙලි වී ඇත.

සෙනසුරාදා (17) සවස මෙම සිදුවීම වී ඇත්තේ ගැමුණු ඇතු දුටු සපාරි ජිප් රියක් ඒ අසල නැවැත්වීමෙන් පසුවය.

මෙම සිදුවීම සියැසින් දුටු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කියයි.

‘ගැමුණු ඇතා වාහනවලින් කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා. වාහනයක් නැවතුවාම ඌ ඒ ළඟට ඒම සිරිතක්. සපාරි ජිප් රියදුරන් ගැමුණු ඇතා ළඟ රිය නවත්වන්නේ තම සේවා දායකයන් පිනවීම සදහායි.

සෙනසුරාදා හවස රථපෙළෙක් යාල වනයේ ඉදිරියට යද්දී ඉදිරියෙන් ගිය රථයක් ගැමුණු ඇතා දැක නැවැත්වුවා. ඒළඟට ආ ඇතා ජීප් රියට හොඩවැල දැම්මා.

ඒ සමගම එහි සිටි පිරිස කලබලවී කෑගැසුවා. එම රියට පිටුපසින් මා ඇතුළු පිරිස ගමන් කළ වාහන පහක් පමණ නවතා තිබූ අතර ඉදිරි වාහනයේ පිරිසගේ කෑගැසීමත් සමග පිටුපස වාහනයකින් වෙඩි හඩක් අහසට නිකුත්වුණා.

ඒ සමගම ඇතා ඉවත්වී කැලයට ගමන් කළාය.

මෙම වෙඩිල්ල කිසිම විටක ඇතාට එල්ල නොකළ බව මට විශ්වාසයි.බියට පත් වූ පිරිස මුදා ගැනීම සඳහා මානුෂිය පදනම මත කළ ක්‍රියාවක් බවයි මම ප්‍රකාශ කරන්නේ. ‘

(ඡායාරූප - ග්‍රැන්විල් රත්නායක)



අදහස් (0)

සිතුල්පව්ව ඇතා සිටින බව ඇමැති කියයි

ලීල් ගුණවර්ධන Sunday, 18 August 2013 06:55 PM

අපේ වන සම්පත් රැක ගැනීමට නම් මීට වඩා නීති රීති ක්‍රියාත්මක විය යුතුයි. (නි)

:       0       0

කුමාර Monday, 19 August 2013 09:56 AM

මෙහෙම බය වෙලා අහිංසකයින්ට වෙඩි තියන අය හමුදාවකට සුදුසු නෑ .ඔහු සේවයෙන් ඉවත් කිරීම සුදුසුයි. (ස)

:       0       0

ප්‍රියා Sunday, 18 August 2013 08:01 PM

මහාචාරයතුමෝ ඇතා ගැන සින්දුවක් ලියමුද? (දී)

:       0       0

නිරෝධ ද සිල්වා Monday, 19 August 2013 11:49 AM

මගේ මනාපේ මනෝරිට....... (ස)

:       0       0

රූපවතී Sunday, 18 August 2013 10:21 PM

රජයෙන් ගන්න කිසිම පියවරක් නැද්ද .?මේ අසරණ සතුන් වෙනුවෙන් ..බලන්න කොපමණ වටිනා ලස්සන සම්පතක්ද කියලා අපි ඉදිරියේ විනාශ වෙන්නේ ..? (ස)

:       0       0

චන්දි Sunday, 18 August 2013 11:11 PM

මේ දවස්වල ගැමුණුට හරිම සතුටුයි . මොකද දැන් සිතුල් පව්වේ දන්සැල් පවත්වනවානේ. යටගල රජමහා විහාරාධිපති සහ සිතුල් පව්ව විහාරාධිපති ''මැටරඹ'' හේමරතන හිමි ප්‍රධානව යටගම.,වංචාවල ගම්වාසීන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වන මෙම දන්සලට ඔබත් සහභාගී වෙන්න. (ස)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 12:43 PM

සතුන්ව උන්ගේ ස්වභාවික දිවියෙන් ඈත් කරන එක මේ රටේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ පුරුද්දක්. වාහන තුලට හිස දමා ආහාර ලබාගන්නා ගෝනෙකුත් හෝටන් ප්ලේස් වල හිටියා. පොලොන්නරුවේ මහපාරේ කෑම සිඟපු අලියා බසයේ හැපී මියගියා. රටට සම්පතක් වන මේ වටින ඇතා හිඟාකන්න පුරුදුවෙලා තියෙන්නේ කවුරු නිසාද? අනතුරක් වුනු වෙලාවට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක සතාටයි. (නි)

:       0       0

මනෝරි Monday, 19 August 2013 12:48 AM

ජාතික වනෝද්‍යානයක අයිතිය ඇත්තේ සතුනට පමණකි. එහි සංචාරය කරන සියලුදෙනා එම අයිතියට ගරු කළ යුතුවේ. අවාසනාවකට සංචාරකයනුත් විශේෂයෙන් සිතුල්පව්ව පන්සලට එන අයත් මේ සතා උගේ ස්වබාවික ආහාර පුරුදු වෙනස් කර, කර ඇත්තේ නොකළයුතු වරදකි. පළපුරුදු ජීප් රථ රියදුරන් මෙම සතා දුටුවිට ඌ මගහැර අනතුරුද මගහරී. බුද්ධි හීන රියදුරන් සේම සංචාරකයන්ද අනතුරට අතවනා වැරැද්ද සතා පිට පැටවීම කණගාටුවට කරුණකි. ආරක්ෂක අංශ ඇතුළු කිසිම අයෙකුට වනෝද්‍යානයක් තුල සතුනට බාධා කිරීමට අයිතියක් නොමැත. වනෝද්‍යාන යනු විනෝදවීමට ඇති ස්ථානයක් නොවේ. මිනිසුන් විසින් අසීමිත ප්‍රමාණයක් මහා පොලව පරිබෝජනය කරන අතර ඒ හා සමානවම මහා පොළොවේ අයිතිය ඇති සතුනට වෙන්කර ඇති සීමිත ඉඩක් පමණකි. (නි)

:       0       0

සරත් Monday, 19 August 2013 02:55 AM

අපේ අලි සම්පත මොනතරම් සුන්දරද? වටිනවද? ඒකේ අගයක් නොදන්නා තිරිසන් මිනිස්සු! (නි)

:       0       0

අමිල Sunday, 18 August 2013 03:48 PM

වන අලි සම්පත රැකගනිමු. අපේ රට මොනතරම් සුන්දරද? (නි)

:       0       0

සත්‍ය Monday, 19 August 2013 06:01 AM

"ගැමුණු" ඇතා කිව්වහම මම හිතුවේ අහවල් ඇත් පැටියාගේ තාත්තා කියලා. ඒකට වෙඩි තිබ්බ නම් මුළු රටම කැවුම් කිරිබත් කනවා. (නි)

:       0       0

අරවින්ද Sunday, 18 August 2013 04:36 PM

පුදුමාකාර ඇතෙක්......... (නි)

:       0       0

උපාලි Monday, 19 August 2013 06:25 AM

කවුරු වුනත් වෙඩි තියපු කෙනා තුවක්කු ගැන මිසක් ගැමුණු ඇතා ගැන දන්නේ නැති බව පේනවා. එහෙම මිනිසුන් ප්‍රියකරන ඇතෙක් අතරමග ඉන්නවා කියන එක දැනගෙන එපායැ ඒ පාරෙන් යන්න. බැරිවෙලාවත් වෙඩිල්ල නිසා ඇතා කලබල වුනානම්? එහෙනම් ඒ අහිංසක සතා මැරුම් කනවා නේද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 19 August 2013 10:07 PM

අහන්න දෙයක් නැහැ.ඇතාට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 August 2013 10:08 PM

ගහ කොළ , සතා සිවුපාවට මේ තරම් විනාශයක් සිද්ද වුන කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ කිසිම දවසක තිබිලා නැහැ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 19 August 2013 10:09 PM

සත්‍ය, ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ . (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 August 2013 10:10 PM

මනෝරිගේ කතාවට මම 100% එකගයි (නි)

:       0       0

සමන් කුමාර Monday, 19 August 2013 06:48 AM

මේ ඇතාගේ දළ දෙකට සමහරක් කට්ටිය කෙළ හලනවා ඇති (නි)

:       0       0

කැනඩා දිසා Monday, 19 August 2013 07:06 AM

මගේ රට මේ මුළු ලොවේම තියෙන උතුම්ම රටයි! මේ අපේ ජාතික සම්පත් අපි සුරකින්නට ඕනෑ. (නි)

:       0       0

මොහාන් Monday, 19 August 2013 10:37 PM

අලින්ට බය නම් යාලේ යන්නේ මොකටද? ගැමුණු සෆාරි වාහන වලට එන බව කවුරුත් දන්නවා. මේ වාහන වල ගියේ කව්ද කියල හොයන්න ඕනෑ මුලින්ම (නි)

:       0       0

වරුණ Monday, 19 August 2013 07:59 AM

අපි කොහොම විශ්වාස කරන්නද? (නි)

:       0       0

වළල්ලාවිට Monday, 19 August 2013 08:06 AM

වන සතුන්ට හිරිහැර කරදර කරන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි. අපේ වන සම්පත අප රැකගත යුතුයි. බුද්ධි හීනයන් වනයේ සැරි සැරීම හානියක් නිසා, බලධරයන් මේ සම්බන්ධයෙන් මීට වඩා තද නීති පනවන්නේනම් ඉතා වැදගත්! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2333 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1735 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2573 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2722 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1245 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35986 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site