කෑම්බීම් සොයා සිතුල්පව්වට එන ගැමුණු නමැති ඇතාට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි කියන සිද්ධියේ කිසිදු සත්‍ය තාවයක් නැතැයි සිතුල් පව්ව රජමහා විහාරාධිපති මැටරඹ හේමරතන හිමියෝ පවසති.
ගැමුණු දළ ඇතා වන්දනාවේ පැමිණෙන බැතිමතුන් දෙන පළතුරු හා ආහාර වර්ග කෑමට පුරුදුවී සිටින බව ද හේමරතන හිමියෝ කියති.
වනජීවී ඇමැති විජිතමුණු සොයිසා පැවසුවේ වෙඩි තැබීයැයි කියන ස්ථානයට මීටර් 150ක් පමණ දුරින් ඇතා සිටින බවයි.
‘වෙඩි තබා ඇත්තේ ගැමුණුට නෙමෙයි. වෙනත් ඇතකුටයි.‘
යුද හමුදා නිලධරයකු සමග ගමන් ගත් සෙබළකු වල් අලියකුට වෙඩි තැබුවේදැයි සොයා බලන බව ද ඇමැති කියයි.
ඉකුත් සෙනසුරාදා දේශීය සංචාරකයන් සතුන් බැලීමට ගිය අවස්ථාවකදී ඔවුන් ගිය මග අවහිර කරමින් සිටින අවස්ථාවක අලි වෙඩි දමා ගැමුණු ඇතා එම ප්‍රදේශයෙන් පළවා හැරි බවත්, ආරක්ෂක අංශ විසින් අලි ඇතුන්ට කිසිම වෙඩි තැබීමක් සිදු නොකළ බවත් හමුදා නිලධරයෙක් කියයි.
යාල වනයේ වාහන පෙලක නවතා තිබූ ජීප් රියක් ඇතුළට හොඩවැල දමද්දී කලබලවූ පිරිස කෑගැසූ අවස්ථාවේ පිටු පස රියකින් අහසට වෙඩිල්ලක් මුදා හරිය පසු ඇතා කැලෑ වැදී ඇති අතර මෙසේ වාහන පෙල අසළට පැමිණි ඇතා නිතර සිතුල්පව්වට යන එන ගැමුණු ඇතා බවත් හෙලි වී ඇත.
සෙනසුරාදා (17) සවස මෙම සිදුවීම වී ඇත්තේ ගැමුණු ඇතු දුටු සපාරි ජිප් රියක් ඒ අසල නැවැත්වීමෙන් පසුවය.
මෙම සිදුවීම සියැසින් දුටු මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මෙසේ කියයි.
‘ගැමුණු ඇතා වාහනවලින් කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා. වාහනයක් නැවතුවාම ඌ ඒ ළඟට ඒම සිරිතක්. සපාරි ජිප් රියදුරන් ගැමුණු ඇතා ළඟ රිය නවත්වන්නේ තම සේවා දායකයන් පිනවීම සදහායි.
සෙනසුරාදා හවස රථපෙළෙක් යාල වනයේ ඉදිරියට යද්දී ඉදිරියෙන් ගිය රථයක් ගැමුණු ඇතා දැක නැවැත්වුවා. ඒළඟට ආ ඇතා ජීප් රියට හොඩවැල දැම්මා.
ඒ සමගම එහි සිටි පිරිස කලබලවී කෑගැසුවා. එම රියට පිටුපසින් මා ඇතුළු පිරිස ගමන් කළ වාහන පහක් පමණ නවතා තිබූ අතර ඉදිරි වාහනයේ පිරිසගේ කෑගැසීමත් සමග පිටුපස වාහනයකින් වෙඩි හඩක් අහසට නිකුත්වුණා.
ඒ සමගම ඇතා ඉවත්වී කැලයට ගමන් කළාය.
මෙම වෙඩිල්ල කිසිම විටක ඇතාට එල්ල නොකළ බව මට විශ්වාසයි.බියට පත් වූ පිරිස මුදා ගැනීම සඳහා මානුෂිය පදනම මත කළ ක්‍රියාවක් බවයි මම ප්‍රකාශ කරන්නේ. ‘
(ඡායාරූප - ග්‍රැන්විල් රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට මේ මුළු ලොවේම තියෙන උතුම්ම රටයි! මේ අපේ ජාතික සම්පත් අපි සුරකින්නට ඕනෑ. (නි)
අලින්ට බය නම් යාලේ යන්නේ මොකටද? ගැමුණු සෆාරි වාහන වලට එන බව කවුරුත් දන්නවා. මේ වාහන වල ගියේ කව්ද කියල හොයන්න ඕනෑ මුලින්ම (නි)
මනෝරිගේ කතාවට මම 100% එකගයි (නි)
සත්‍ය, ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ . (නි)
ගහ කොළ , සතා සිවුපාවට මේ තරම් විනාශයක් සිද්ද වුන කාල පරිච්ඡේදයක් ඉතිහාසයේ කිසිම දවසක තිබිලා නැහැ. (නි)
අහන්න දෙයක් නැහැ.ඇතාට දෙවියන්ගේම පිහිටයි. (නි)
සතුන්ව උන්ගේ ස්වභාවික දිවියෙන් ඈත් කරන එක මේ රටේ ආත්මාර්ථකාමී මිනිසුන්ගේ පුරුද්දක්. වාහන තුලට හිස දමා ආහාර ලබාගන්නා ගෝනෙකුත් හෝටන් ප්ලේස් වල හිටියා. පොලොන්නරුවේ මහපාරේ කෑම සිඟපු අලියා බසයේ හැපී මියගියා. රටට සම්පතක් වන මේ වටින ඇතා හිඟාකන්න පුරුදුවෙලා තියෙන්නේ කවුරු නිසාද? අනතුරක් වුනු වෙලාවට ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ අහිංසක සතාටයි. (නි)
මගේ මනාපේ මනෝරිට....... (ස)
මෙහෙම බය වෙලා අහිංසකයින්ට වෙඩි තියන අය හමුදාවකට සුදුසු නෑ .ඔහු සේවයෙන් ඉවත් කිරීම සුදුසුයි. (ස)
වන සතුන්ට හිරිහැර කරදර කරන්නන්ට දැඩි දඬුවම් දිය යුතුයි. අපේ වන සම්පත අප රැකගත යුතුයි. බුද්ධි හීනයන් වනයේ සැරි සැරීම හානියක් නිසා, බලධරයන් මේ සම්බන්ධයෙන් මීට වඩා තද නීති පනවන්නේනම් ඉතා වැදගත්! (ස)
අපි කොහොම විශ්වාස කරන්නද? (නි)
වන අලි සම්පත රැකගනිමු. අපේ රට මොනතරම් සුන්දරද? (නි)
මේ ඇතාගේ දළ දෙකට සමහරක් කට්ටිය කෙළ හලනවා ඇති (නි)
කවුරු වුනත් වෙඩි තියපු කෙනා තුවක්කු ගැන මිසක් ගැමුණු ඇතා ගැන දන්නේ නැති බව පේනවා. එහෙම මිනිසුන් ප්‍රියකරන ඇතෙක් අතරමග ඉන්නවා කියන එක දැනගෙන එපායැ ඒ පාරෙන් යන්න. බැරිවෙලාවත් වෙඩිල්ල නිසා ඇතා කලබල වුනානම්? එහෙනම් ඒ අහිංසක සතා මැරුම් කනවා නේද? (නි)
"ගැමුණු" ඇතා කිව්වහම මම හිතුවේ අහවල් ඇත් පැටියාගේ තාත්තා කියලා. ඒකට වෙඩි තිබ්බ නම් මුළු රටම කැවුම් කිරිබත් කනවා. (නි)
අපේ අලි සම්පත මොනතරම් සුන්දරද? වටිනවද? ඒකේ අගයක් නොදන්නා තිරිසන් මිනිස්සු! (නි)
ජාතික වනෝද්‍යානයක අයිතිය ඇත්තේ සතුනට පමණකි. එහි සංචාරය කරන සියලුදෙනා එම අයිතියට ගරු කළ යුතුවේ. අවාසනාවකට සංචාරකයනුත් විශේෂයෙන් සිතුල්පව්ව පන්සලට එන අයත් මේ සතා උගේ ස්වබාවික ආහාර පුරුදු වෙනස් කර, කර ඇත්තේ නොකළයුතු වරදකි. පළපුරුදු ජීප් රථ රියදුරන් මෙම සතා දුටුවිට ඌ මගහැර අනතුරුද මගහරී. බුද්ධි හීන රියදුරන් සේම සංචාරකයන්ද අනතුරට අතවනා වැරැද්ද සතා පිට පැටවීම කණගාටුවට කරුණකි. ආරක්ෂක අංශ ඇතුළු කිසිම අයෙකුට වනෝද්‍යානයක් තුල සතුනට බාධා කිරීමට අයිතියක් නොමැත. වනෝද්‍යාන යනු විනෝදවීමට ඇති ස්ථානයක් නොවේ. මිනිසුන් විසින් අසීමිත ප්‍රමාණයක් මහා පොලව පරිබෝජනය කරන අතර ඒ හා සමානවම මහා පොළොවේ අයිතිය ඇති සතුනට වෙන්කර ඇති සීමිත ඉඩක් පමණකි. (නි)
මේ දවස්වල ගැමුණුට හරිම සතුටුයි . මොකද දැන් සිතුල් පව්වේ දන්සැල් පවත්වනවානේ. යටගල රජමහා විහාරාධිපති සහ සිතුල් පව්ව විහාරාධිපති ''මැටරඹ'' හේමරතන හිමි ප්‍රධානව යටගම.,වංචාවල ගම්වාසීන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වන මෙම දන්සලට ඔබත් සහභාගී වෙන්න. (ස)
රජයෙන් ගන්න කිසිම පියවරක් නැද්ද .?මේ අසරණ සතුන් වෙනුවෙන් ..බලන්න කොපමණ වටිනා ලස්සන සම්පතක්ද කියලා අපි ඉදිරියේ විනාශ වෙන්නේ ..? (ස)
මහාචාරයතුමෝ ඇතා ගැන සින්දුවක් ලියමුද? (දී)
අපේ වන සම්පත් රැක ගැනීමට නම් මීට වඩා නීති රීති ක්‍රියාත්මක විය යුතුයි. (නි)
පුදුමාකාර ඇතෙක්......... (නි)