සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස සේවයට යන කතුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මේ වනවිටත් අතරමංව තානාපති කාර්යාල රැකවරණ සොයා එනබව දැනගන්නට ඇත .2013 වසරේ සෞදි රජයෙන් දුන් පොදු සමා කාලයට සමගාමීව විසිදෙදහසකට නොඅඩු පිරිසක් ශ්‍රී ලංකාවට එවීම හෝ නීත්‍යනුකුල හාම්පුතෙකු යටතට පත් වුවද මේ වනවිටත් විවිධ නිවෙස් වල හෝ නීත්‍යනු කුල නොවන ආකාරයට රැකියාවල නියුතු කාන්තාවන් පිලිබදව තොරතුරු ලැබෙයි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කොපමණ දැනුවත් කළද කොපමණ අවවාද කළද නිවෙස් වලින් පැනයාම දිගටම සිදුවෙන බව තානාපති නිලධරයෝ කියති.
ගිය ජුනීයේ සහ ජුලියේ නැගෙනහිර කලාපීය ජංගම සේවාව වෙතද කාන්තාවන් සැලකියයුතු පිරිසක් රැකවරණ පතා පැමිණ සිටි අතර විවිධ අඩම්තේට්ටම් සහ හිරිහැර වලට ගොදුරු වූ කාන්තාවන් කිහිපදෙනෙක්ම සිටියහ.ඒ අතර තලතුනා වයසේ කාන්තාවක් මා සමග පැවසුවේ මාස 7 ක් පුරාවට කිසිදු වැටුපක් ලබා නුදුන් බවයි.
වැටුප් ඉල්ලු විට දත් දෙකක් කැඩෙනතුරු පහර දුන් බවත් ඈ කීවාය.තවත් කාන්තාවක් ජංගම සේවාවේදී කදුළු සලමින් පැවසුවේ තානාපති නිලධාරීන් පොලිසියක් වෙත ගෙනගොස් බැස්සුවද තමන් පොලිස් නිලධාරීන් විසින් එලවා ගත්බවයි,මේ කාන්තාවන් පිළිබද තොරතුරු මේ වනවිට තානාපති කාර්යාලය සතුව ඇති අතර මීටත් වඩා කෘර ලෙස හිංසනයට ලක්වූ කාන්තාවන් පිළිබදව තොරතුරු තානාපති කාර්යාලයේ කම්කරු අංශය වෙත ඇති නමුත් නිලධාරීන්ටද කළහැකි වන්නේ සීමිත වැඩකොටසක් බව සැළයි.ඒ අතරම සමහර කාන්තාවන් ලංකාවේ ඇතැම් විදේශ රැකියා ආයතන වලින් ලොකු මුදලක් ලබාගෙන සෞදි අරාබියට පැමිණ මසක් ගතවෙන්නටත් ප්‍රථම කුමන හෝ ගැටළුවක් මැදිකරගෙන තානාපති කාර්යාලයට එතියි කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න ගොඩාක් කම්මැලි පිරිමි නිසා තමයි. ගැහැණු දුක් විදින්නේ පුදුම කම්මැලි පිරිමි ජාතියක් (දී)
තව එකක් කිව යුතුයි, මැද පෙරදිග අපේ තානාපති කාර්යාලවලට පත්වීම් දෙද්දී දේශපාලන හෙන්චයියන් නොයවා භාෂා දැනුම ඇති, සේවයට කැපවෙන අය යැවීම් වැදගත්. (අ)
ඉතා සංකීර්ණ කරුණක් (දී)
කාන්තාවන් කිසිම කෙනෙක් පිටරට සේවයේ නොයෙලෙන්නේ නම් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන් (දී)
පිටරටඉන්නා කාන්තාවන්ගේ මිනිස්සු සියයට අනුවක්ක්ම බේබද්දෝ රටින් බේබදුකම තුරන් කරනතුරු ඔය ප්‍රශ්නයට විසදුමක් නැහැ (දී)
නැහැ ලිහන්න ලේසියි (දී)
පිටරට සේවයට කාන්තාවන් යන එක නවත්තන්න (දී)
සෞදියට කාන්තාවන් යවන එක මැද පෙරදිගට කාන්තාවන් වහල් බාවයට යවන එක වහා අත්හිටවිය යුතුයි. මේක රටේ අනාගතයට බලපානවා. (නදී)
මේ රටට ගැහැණුන් එවීම වහා අත්හිටවිය යුතුයි. (නි)
මේක සමාජ වගකීමක්. පවුල් කීදාහක් මේ වෙනකොට විනාශ වෙලා තිබෙනවද? දරුවන් කීදාහක් අසරණ වෙලා තිබෙනවද? (නි)
සෞදියට කාන්තාවන් යවන එක නවත්වමු. (නි)
අමාරු ප්‍රශ්න කියලා දෙයක් නැහැ විසදන්න පුළුවන් හැම දෙයක්ම (දී)
ආ එතකොට ඔය පවුල් වලට චමින්ද යි, රිස් යි, අමිල සිංහ යි කන්ඩ දෙනවද? (දී)
ලංකාදීපයේ මෙවැනි පුවත් ගොඩක් නිතර අසන්න ලැබෙනවා.. ගොඩක් අය ලංකාවේ ගැහැණු ඔය රටවලට යවන්න එපා කියල අදහස් දක්වනවා.. එත් ඔය රටවලට යන මිනිස්සුන්ට මේ තීරුවේ අදහස් කියවන්න තරම් වත්කමක් දැනුමක් නෑ. ඒ නිසා ඔබගේ දුප්පත් නුගත් අසල්වැසියන්, නෑදෑයන් හැකි පමණින් දැනුවත් කරන්න. (දී)
වහාම ඔය රටවලට ගෘහ සේවිකාවන් යැවීම නතර කරන්න. රජයට ආදායම් ලබන්න ඕනෙනම් වෙන ක්‍රමයක් හොයාගන්න එක හොඳයි . (දී)
මේ සියල්ලම ඇත්ත. තානාපති කාර්යාලයට එන අය තවත් අසරණ කරනවා. සමහර නිලධාරීන් සේවය කරන්නේ අපේ රටටද කියලත් සැකයි. විශේෂයෙන් මේ රටට කාන්තාවන් එවීම නතර කරන්න පුලුවන්නම් හොදයි. (දී)
ඕක නිසයි කොච්චර දුප්පත් වුණත් නේපාලය, බංගලාදේශය වැනි රටවල් සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස සේවයට නොයවන්නේ. (නි)
කාන්තාවන් ලංකාවෙන් යැවීම නවත්වනතුරු මීට විසඳුමක් නොමැත. (නි)
ඇත්තටම මෙහෙ රැකියා සදහා එන කාන්තාවන්ට ගොඩක් කරදර සිදුවෙනවා (නි)