සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රජය අතර අවබෝධතා ගිවිසුමක් ලබන ජනවාරි මාසයේ දී අත්සන් කෙරෙන බව විදේශ සේවා නියුක්ති කර්යංශය කියයි.
දිගු කලක සිට සෞදි අරාබියට ලාංකික ශ්‍රමිකයන් රැකියා සදහා පිටත්ව ගිය ද, මෙවැනි අවබෝධතා ගිවිසුමක් නොපැවතීම නිසා මෙවැනි නව ගිවිසුමක් ඇති කර ගත් බව කාර්යංශය කියයි.
ඉකුත්දා කොළඹ දී සෞදි අරාබිය ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් පැවති විගමනික ගෘහස්ථ කාන්තා ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවත හෙවත් ආසියා-ගල්ෆ් සංසදයේ දී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙම කාරණය පිළිබඳ සෞදි අරාබියේ නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයාගේ අවධානයට ද යොමු කර ඇත.
මේ ගිවිසුම නිසා ගෘහ සේවිකාවන් ලෙස එරටට යන ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් නම් වෘත්තිකයින් මේ රටට එවන්න කාර්මික අංශයේ වගේ. කාන්තාවෝ එවන්න එපා. අනික් රටවලට සාපේක්ෂව මේක කාලකන්නි රටක්. අපේ එම්බසි එකෙත් ඉන්නවා ඒ වගේම පිරිසක් මම මේ වගකීමෙන් කියන්නේ මම මේ රටේ අවුරුදු 3 කදී ලබපු අත් දකීමෙන්. පුලුවන්නම් කාර්මික ශිල්පීන් එවන්න. හොදට පඩිත් තියනවා වැඩත් තියනවා. .(නදී)
බලන කෙනෙක් දන්නා කෙනෙක් කවදාවත් මෙහෙට කාන්තාවන් එවන්න එපා. (නදී)
සුනිල් අබේරත්න , පවුලේ වැඩි දෙනෙක් ඉන්නේ ඇපල් වලට ප්‍රසිද්ද රටේ නේද ? ඔහේට ඉතින් මොන ප්‍රශ්නද ? අපි කතා කළේ මැද පෙර දිග ගැනනේ.(නදී)
මොන ගිවිසුම ගැහුවත් හිංසනය නවතින්නේ නැහැ. හොදම දේ ඔය කියන ගිවිසුම් අත්සන් කරපු බවලත් උදවියක් ආවා නම් බලා ගන්න තිබුනා. මොන ගිවිසුම් ගැහුවත් කාන්තාවන් රට නොයවන එක තමයි හොද. මෙහේ වෙන දේවල් අපිනේ දන්නේ.(නදී)
දැන් මේකෙ අදහස් දාන කී දෙනෙකුට පුලුවන්ද සැමියන් නැතිව දරුවන් සමග වැන්දඹු උණු කාන්තාවන්ගේ එක ප්‍රශ්නයක් විසදලා දෙන්න. ලංකාවේ හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රැකියා තියෙනවා නම් අපිත් මේ රටවල දුක් විදින්නේ නැහැ. මෙහෙට එන අයගෙන් ප්‍රශ්න ඇති වෙන්නෙ සියයට පහකට පමණයි. ඉතිරි සියයට අනුපහම දෙව්යනේ කියලා යමක් හම්බ කරගෙන ලංකාවට එනවා.(නදී)
කාන්තාවන් මැද පෙරදිගට යවන එක නතර කරන්න අදහසක් නැහැ වගෙයි.. (දිල්)
ප්‍රියා මේක ඔයාට තේරුනාට සමහර කාන්තාවන්ට තේරෙන්නේ නැහැනේ. සමහර තැන්වල කාන්තාවෝ යන්නේ තමන්ගේ ස්වාමියට හොරෙන්. මොනවා උනත් රජය මැදිහත් වෙලා කාන්තාවෝ මැදපෙරදිග යවන එකනම් නවත් වන්නම ඕනා.(නදී)
තමන්ගේ බිරිදට ආදරේ නම් මැද පෙරදිග යවන්න එපා. ගොඩක් කාන්තාවන් නොකීවට එයාලට එහේ ගිහින් කරන්න වෙන්නේ තවත් පිරිමයෙකුගේ ගොදුරක් වෙන එක. (නදී)
ඒ කියන්නේ තවම ගැහැණු වහල් කමට යවන එක නතර කරන්නේ නැහැ කියන එකනේ. ජනපති තුමනි, කවදද අපි අභිමානයෙන් ජීවත් වෙන්නේ. යුද්දය නැති කළා වගේ කාන්තාවන් වහල් මෙහෙයට යවන එකත් නැති කරන්න.(නදී)
මොන ගිවිසුම් ගැහැව්වත් සමහරක් සෞදි හාම්පුතුන්ගේ ක්‍රියාදාමය වෙනස් වෙන්නේ නෑ. අපේ අහිංසක කාන්තාවන්ට හිරිහැර කරනවාමයි. (නදී)
මොන ගිවිසුම් ගැහුවත් සෞදියේ ස්වාමිවරුන්ගේ ආකල්ප වෙනස් කරන්න බරිවෙයි (දිල්)
කිසිම ගිවිසුමක් ගැහුවා කියල වෙනසක් වන්නේ නැහැ. සෞදි අරාබියාවට කරුණාකරලා කාන්තාවන් යවන්නෙපා. (දිල්)
දැන් සෞදියට ගෘහ සේවිකාවන් අරින්නේ නැති නිසා අලුත් ක්‍රමයකින් අරින්නද හදන්නේ.(නදී)
මේ තරම් කාන්තාවන් රට යවන්නේ ඇයි (දිල්)
ඔය අවබෝදතා ගිවිසුම් ඔය මිනිස්සු ගනන් ගන්නේ නැහැ. යවනවට මා නම් විරුද්ධයි. (නදී)
"සෞදි ගෘහ සේවිකා රැකවරණ වැඩිවේ".මැරුන අයගේ පෙට්ටිය නොමිලේ ගෙනත් දෙන එක ගැන වෙන්න ඇති මගේ හිතේ.(නදී)
රාජ්‍යයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුම් කොයිතරන් ගැහුවත්, ගෙවල්වල ඉන්න අපේ අක්කල තමයි ඇත්ත දන්නේ.(නදී)