IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


සෞදි ගෘහ සේවිකා රැකවරණ වැඩිවේ

සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රජය අතර අවබෝධතා ගිවිසුමක් ලබන ජනවාරි මාසයේ දී අත්සන් කෙරෙන බව විදේශ සේවා නියුක්ති කර්යංශය කියයි.

දිගු කලක සිට සෞදි අරාබියට ලාංකික ශ්‍රමිකයන් රැකියා සදහා පිටත්ව ගිය ද, මෙවැනි අවබෝධතා ගිවිසුමක් නොපැවතීම නිසා මෙවැනි නව ගිවිසුමක් ඇති කර ගත් බව කාර්යංශය කියයි.

ඉකුත්දා කොළඹ දී සෞදි අරාබිය ඇතුළු රටවල් 16ක සහභාගීත්වයෙන් පැවති විගමනික ගෘහස්ථ කාන්තා ශ්‍රමිකයන් පිළිබඳ කතිකාවත හෙවත් ආසියා-ගල්ෆ් සංසදයේ දී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් මෙම කාරණය පිළිබඳ සෞදි අරාබියේ නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයාගේ අවධානයට ද යොමු කර ඇත.

මේ ගිවිසුම නිසා ගෘහ  සේවිකාවන් ලෙස එරටට  යන ලාංකික කාන්තාවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

 



අදහස් (0)

සෞදි ගෘහ සේවිකා රැකවරණ වැඩිවේ

පිටබැද්දර ජයා Monday, 16 December 2013 10:33 AM

ප්‍රියා මේක ඔයාට තේරුනාට සමහර කාන්තාවන්ට තේරෙන්නේ නැහැනේ. සමහර තැන්වල කාන්තාවෝ යන්නේ තමන්ගේ ස්වාමියට හොරෙන්. මොනවා උනත් රජය මැදිහත් වෙලා කාන්තාවෝ මැදපෙරදිග යවන එකනම් නවත් වන්නම ඕනා.(නදී)

:       0       0

වජිරා Sunday, 15 December 2013 07:55 PM

දැන් සෞදියට ගෘහ සේවිකාවන් අරින්නේ නැති නිසා අලුත් ක්‍රමයකින් අරින්නද හදන්නේ.(නදී)

:       0       0

සේනානායක Monday, 16 December 2013 11:37 AM

කාන්තාවන් මැද පෙරදිගට යවන එක නතර කරන්න අදහසක් නැහැ වගෙයි.. (දිල්)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 15 December 2013 08:39 PM

කිසිම ගිවිසුමක් ගැහුවා කියල වෙනසක් වන්නේ නැහැ. සෞදි අරාබියාවට කරුණාකරලා කාන්තාවන් යවන්නෙපා. (දිල්)

:       0       0

පාලි Sunday, 15 December 2013 08:48 PM

මොන ගිවිසුම් ගැහුවත් සෞදියේ ස්වාමිවරුන්ගේ ආකල්ප වෙනස් කරන්න බරිවෙයි (දිල්)

:       0       0

සුනිල් අබේරත්න Monday, 16 December 2013 12:53 PM

දැන් මේකෙ අදහස් දාන කී දෙනෙකුට පුලුවන්ද සැමියන් නැතිව දරුවන් සමග වැන්දඹු උණු කාන්තාවන්ගේ එක ප්‍රශ්නයක් විසදලා දෙන්න. ලංකාවේ හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රැකියා තියෙනවා නම් අපිත් මේ රටවල දුක් විදින්නේ නැහැ. මෙහෙට එන අයගෙන් ප්‍රශ්න ඇති වෙන්නෙ සියයට පහකට පමණයි. ඉතිරි සියයට අනුපහම දෙව්යනේ කියලා යමක් හම්බ කරගෙන ලංකාවට එනවා.(නදී)

:       0       0

ප්‍රභාත් Sunday, 15 December 2013 09:30 PM

පුළුවන් නම් වෘත්තිකයින් මේ රටට එවන්න කාර්මික අංශයේ වගේ. කාන්තාවෝ එවන්න එපා. අනික් රටවලට සාපේක්ෂව මේක කාලකන්නි රටක්. අපේ එම්බසි එකෙත් ඉන්නවා ඒ වගේම පිරිසක් මම මේ වගකීමෙන් කියන්නේ මම මේ රටේ අවුරුදු 3 කදී ලබපු අත් දකීමෙන්. පුලුවන්නම් කාර්මික ශිල්පීන් එවන්න. හොදට පඩිත් තියනවා වැඩත් තියනවා. .(නදී)

:       0       0

ජගත් සෞදි Monday, 16 December 2013 01:15 PM

මොන ගිවිසුම ගැහුවත් හිංසනය නවතින්නේ නැහැ. හොදම දේ ඔය කියන ගිවිසුම් අත්සන් කරපු බවලත් උදවියක් ආවා නම් බලා ගන්න තිබුනා. මොන ගිවිසුම් ගැහුවත් කාන්තාවන් රට නොයවන එක තමයි හොද. මෙහේ වෙන දේවල් අපිනේ දන්නේ.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 16 December 2013 01:52 PM

සුනිල් අබේරත්න , පවුලේ වැඩි දෙනෙක් ඉන්නේ ඇපල් වලට ප්‍රසිද්ද රටේ නේද ? ඔහේට ඉතින් මොන ප්‍රශ්නද ? අපි කතා කළේ මැද පෙර දිග ගැනනේ.(නදී)

:       0       0

ධනුෂ්ක කුමාර Monday, 16 December 2013 04:52 PM

බලන කෙනෙක් දන්නා කෙනෙක් කවදාවත් මෙහෙට කාන්තාවන් එවන්න එපා. (නදී)

:       0       0

අසංග Sunday, 15 December 2013 05:59 PM

මොන ගිවිසුම් ගැහැව්වත් සමහරක් සෞදි හාම්පුතුන්ගේ ක්‍රියාදාමය වෙනස් වෙන්නේ නෑ. අපේ අහිංසක කාන්තාවන්ට හිරිහැර කරනවාමයි. (නදී)

:       0       0

අල්විස් Sunday, 15 December 2013 06:01 PM

රාජ්‍යයන් දෙකක් අතර අවබෝධතා ගිවිසුම් කොයිතරන් ගැහුවත්, ගෙවල්වල ඉන්න අපේ අක්කල තමයි ඇත්ත දන්නේ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 15 December 2013 06:04 PM

"සෞදි ගෘහ සේවිකා රැකවරණ වැඩිවේ".මැරුන අයගේ පෙට්ටිය නොමිලේ ගෙනත් දෙන එක ගැන වෙන්න ඇති මගේ හිතේ.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 15 December 2013 06:22 PM

ඔය අවබෝදතා ගිවිසුම් ඔය මිනිස්සු ගනන් ගන්නේ නැහැ. යවනවට මා නම් විරුද්ධයි. (නදී)

:       0       0

ඩෙනම් Sunday, 15 December 2013 07:03 PM

මේ තරම් කාන්තාවන් රට යවන්නේ ඇයි (දිල්)

:       0       0

ප්‍රියා Monday, 16 December 2013 10:02 AM

ඒ කියන්නේ තවම ගැහැණු වහල් කමට යවන එක නතර කරන්නේ නැහැ කියන එකනේ. ජනපති තුමනි, කවදද අපි අභිමානයෙන් ජීවත් වෙන්නේ. යුද්දය නැති කළා වගේ කාන්තාවන් වහල් මෙහෙයට යවන එකත් නැති කරන්න.(නදී)

:       0       0

ප්‍රියා Monday, 16 December 2013 10:05 AM

තමන්ගේ බිරිදට ආදරේ නම් මැද පෙරදිග යවන්න එපා. ගොඩක් කාන්තාවන් නොකීවට එයාලට එහේ ගිහින් කරන්න වෙන්නේ තවත් පිරිමයෙකුගේ ගොදුරක් වෙන එක. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 195 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 238 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 275 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 402 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 386 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 715 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site