‘ මමත් තවත් සෞදි ශ්‍රී ලාංකියින් පිරිසක් සමඟ සෞදියේ මහපාරවල්වල ජීවත් වුණා. සල්ලි නැති නිසා හිගා කෑවා.සමහර දවස්වලට බඩගින්න දරා ගන්න බැරිව කුණු බක්කිවලට දමන ආහාර කෑවා.‘
මාස හතරක් පමණ සෞදි අරාබියේ පදික වේදිකාවල ජිවත් වෙමින් සිට මෙරටට පැමිණි උඩවලවේ එම් ජී ජානක පුෂ්පකුමාර (23) තරුණයා කියයි.
සෞදියේ ලැබෙන වැටුපෙන් ණය ගෙවා නිවසක් ගොඩ නඟා පවුලේ ආර්ථිකය ශක්තිමත් කැර ගැනීම ඔහුගේ සිහිනය විය.
ජානකගේ සිහිනය බොඳව ගියේ අකාරුණික විලාශයෙනි. නිවසක් ඉදිකිරීමට අත්තිවාරමක් දමා ගිය ඔහුට සිදු වුයේ තම පවුල පදිංචි නිවෙස උගසට තැබු මුදලින් ලංකාවට පැමිණිමටය.
‘ගෙයක් හදන්න අත්තිවාරමත් දමා රට ගිය මට සිද්ධ වුනේ මගේ අම්මයි ,තාත්තයි,නංගියි පදිංචි පැල්පත උගස් කරලා ලක්ෂ රුපියල් ලක්ෂ තුනක් සෞදියට ගෙන්වාගෙන අපහු ලංකාවට එන්නයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩී.උපුල් 2013-08-11 19:31:05 දර්ශන, මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න තමයි ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ. එහෙම නැතුව බදු මුදල් අයකරලා ජනතාව සූරාකමින් මැති ඇමතිවරුන්ට රජ සැප විඳින්න නෙමෙයි.(නදී)
අද වෙන දේවල් දැක්කම හිනහත් යනවා. තරහත් එනවා.මම අවරුද්දකට දෙවතාවක් ලංකාවට එනවා, ඉඳලා හිටලා එයාර් පෝට් එකේදී හැංගිලා ඉඳලා එක පාරට පැනලා විදෙස් රැකියා එකේ සල්ලි ගෙව්වද අහන්නේ අපි ඒ ගොල්ලන්ගෙන් ණයට ගත් මුදලක් නොදී පැනලා යනකොට වගේ. තව කොච්චර දේ තිබුනත් කියලා වැඩක් නැහැ.මේ අවුරුදු 15 ට රුපියල් කෝටි ගණනක් මම ලංකාවට එවලා ඇති. නිකම් හම්බවෙන ඒවා නෙමෙයි. කොම්පැනියේ ලොක්කන්ගෙන් බොරුවට බැනුම් අහලා අව්වේ කරවෙලා,දාඩිය හෙලලා හම්බ කරපුවා.ඒ වුණාට අපිට නම් හම්බ වුන කැකිරි ගෙඩියක් නැහැ. (නි)
ලංකාවේ ඕනාතරම් අවස්ථාව තියෙනවා දියුණු වෙන්න. කටුනායක රැකියාවල් තියෙනවා මිනිස්සු නැහැ.(නදී) l
දෙවියන්ගේ පිහිටෙන් මගේ උත්සාහයෙන් මගේ පවුල හොදින් ජීවත්වෙනවා. අපේ රටේ හමුදාවට මගේ හොදම තරුණ කාලය කේප කරන්න උනා ඒ ගෙන ඇත්තටම මම අද පසුතෙවිලි වෙනවා. මොකද අපේ රටේ ඉන්න මිනිස්සු කල ගුණ ඉක්මනින් අමතක වෙන මිනිස්සු නිසා. ඒ මම හෙලු දහදිය වින්ද දුක් මා මෙහි කැප කල නම් අද මම දනවතෙක්. (දී)
මෙහාට වෙලා හිටියානම් ඉවරයිනේ (දී)
ඔබට කල හැකි හොඳම දෙයක් තමයි මේ ඡන්දෙ කාලේ කාට හරි හේත්තු වෙන එක. මොන පිල්ලිය දාල හරි දේශපාලනෙට බැහැ ගත්තොත් ලක්ෂ තුන කජු ඇට වගෙයි.(නදී)
විදේශ වල ඉදලා ලංකාවට සල්ලි එවන මිනිස්සුන්ට කිසිම සැලකිල්ලක් නැහැ. ඒ වුනාට විදෙශ වල ඉදලා ලංකාවට ඇවිත් මොනවා හරි වැඩකට නැති බහුබූත සිංදුවක් කියලා අපේ රටේ මුදලින් මිලියන කීපයක් පිටරට ගෙනියන රැප් ගායකයන්ව පිළිගන්නේ රතුපලස්දාලා. වී.අයි.පී පර්යන්තයේදී , අනේ මගේ රටට ගිය කලක්.(නදී)
මම දවසක් රට යනකොට (ජර්මනියට) ලංකාවේ ගුවන්තොටුපලේදී මගෙන් ඇහුවා විදේශ රැකියා එකේ මොනවද ගෙවූවද කියලා. මම කිව්වා මම ගෙවලත් නැහැ ගෙවන්න අදහසකුත් නැහැ , ඕකට සල්ලි ගෙවනවාට වඩා හොදයි අර රතුකුරුස සංවිධානෙට කියක් හරි ගෙවන එක. ඒක අපේ මැදපෙරදිග අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට කෑම ටික හරි දෙනවා කියලා. එතකොට මට කියනවා අපිට පුළුවන් ඕනේ නම් ඔයාව අත්අඩංගුවට ගන්න කියලා. නිකන් විකාර දොඩවන්න එපා කිඅල මම ආවා.(නදී)
වීර, නිකන් මෝඩයෙක් වගේ අදහස් දාන්න එපා(නි)
විදේශ රැකියා කාර්යාංශය ජර්මන් සිල්වාගෙන් සල්ලි නොගන්නත් ඩුබායි තිලකගෙන් සල්ලි ගන්නත් හේතුකාරණා ඉදිරිපත් කරන්න, අපගේ දැනගැනීම පිණිස. (දී)
‘ගෙයක් හදන්න අත්තිවාරමත් දමා රට ගිය මට සිද්ධ වුනේ මගේ අම්මයි ,තාත්තයි,නංගියි පදිංචි පැල්පත උගස් කරලා ලක්ෂ රුපියල් ලක්ෂ තුනක් සෞදියට ගෙන්වාගෙන ආපහු ලංකාවට එන්නයි. ඇයි විදේශ සේවකයින් නොමිලේ ගෙන්වා ගන්නේ නැද්ද? ඒකනේ මම කියන්නේ. ඉස්සර අපෙන් රුපියල් 3200 ක් කප්පන් අරගෙන යැව්වට දැන් ඒකත් වැඩි කරලා. රුපියල් 11800 ක් මගෙන් ගත්තා. අසරණ වෙලා යලි ලංකාවට යන්න සිද්ද වුනොත් කටුනායක ඉදලා බස් එකේ යන්න විතරයි විදේශ සේවා එකෙන් රුපියල් 200 යක් දෙන්නේ. මෙවා හෙන ගහන අපරාද නෙමෙයිද?(නදී)
මම දන්න අවුරුදු 16ක විතර ගෑනු ළමයෙක් හිටියා. ඒ ගෑනු ළමයා ලගදී ඩුබායි ගියා. ගමන් බලපත්‍රය, හැදුනුම්පත හදලා ඩුබායි රටට යැව්වේ ඒජන්සියකින්. ඒ ළමයාට අසාර්ථක විවාහයකින් ලැබුණු අවුරුදු 2ක විතර ළමයෙක් හිටියා. සැමියා හමුදාවේ කෙනෙක් නිසා ළමයා දාලා රට යන එකට විරුද්ධව තහනමක් දාලා තිබුණා. ඒජන්සියට තහනම අයින් කරන්න රුපියල් 10,000ක් වත් ගියේ නැහැ. ඔන්න ඕකයි තත්වය..... (නි)
අවරුදු දෙකකට රුපියල් 3200 ක් කප්පන් දීල තමි ඉස්සර අපි රට ගියේ. දැන් අරකත් වැඩි කරලා රුපියල් 11860 ක් ගසා කනවා. මෙ තරම් අසරණ මිනිසුන්ගෙන් ගසා කන මෙයාලට හෙන ගහනවා.(නදී)
ලංකාවේ රථ වාහන වලට වැඩිය ඉන්නේ ට්‍රැෆික් පොලිසියෙන් වගේ කටුනායක ගුවන්තොටුපොළේ වැඩියෙන්ම ඉන්නේ විදේශ සේවා එකට ගෙවලද කියලා පරීක්ෂා කරන ූදවිය. ඇතුළු වුන තැන එලා ගුවන්යානයට නගින තැන දක්වා පරික්ෂා කරනවා. රක්ෂනය ඇයි ඔය හැටි අපිට කර ගස්සන්නේ. මේ වගේ ගසා කෑමක් නම් මම මගේ අම්මා අප්පා කාලෙදිවත් දකලා නම් නැහැ කියන්නේ නිකම්ම නෙමෙයි.(නදී)
වීර , ඔයා පන්සලකට ගොස් මාස 6ක් වත් භාවනාවේ යෙදිලා මනස සන්සුන් කරගන්න.(දී)
විදේශ සේවා නියුක්ති කාර්යාංශය මොකද කියන්නේ මේවාට
හරිම දුකයි සමහර අපේ ලංකාවෙ අය දුක්විදින විදිය දැක්කම. අඩුපඩියට පිටරට ඇවිල්ලා නොවිදිනා දුක් විදිනවා. රට ඇවිල්ලා දියුණු වුන අයත් ඉන්නවා. ඒ වුණාට ප්‍රවේශමින්. ලංකාවෙත් කරන්න දේවල් නම් ගොඩක් තියෙනවා. (නි)
වීර, බොරුවට කුලප්පු වෙලා කෑ ගහන්න එපා. දැන් මිනිස්සු ලක්ෂ ගානක් දීලා ඕස්ට්‍රේලියා ගිහිල්ලා තිබුණු දේවල් නැති කර ගෙන අපහු එන්නේ... එතකොට ඒකේ වැරැද්ද කාගෙද? (නි)
රටවිරු සරණ කියලා අරමුදලක් පිහිටුවන්න ඕනෑ. (නි)
මේ වගේ කතා අනාවරණය කිරීම ගැන ලංකාදීපයට ප්‍රණාමය! අදට සෞදියේ 300 කට වැඩිය පාරවල්වල දුක් විදිනවා. ඒවාද හෙළි කරන්න (නි)
රට යනකොට ගුවන්තොටුපලේ පෝලිමට ඉදගෙන රක්ෂණ පරීක්ෂා කළාට , රට ගිහින් විපතකට පත් වුණහම පවුලේ කෙනෙක් යන්න බලන්න විදේශ සේවා එකට. එතකොට ඔය නිලධාරී කවුරුවත් නැහැ. (නි)
කාට කියන්නද මේවා? (නි)
අහන්නත් කනගාටුවකි. තව ටික කලකින් මේ රටෙත් මේ වගේ දේවල් අහන්න ලැබුනොත් අනේ පුදුම වන්න එපා.(නදී)
හොර ඒජන්සි වලින් රට ගියොත් ඔහොම තමයි. මමත් තිබුණු ත්‍රී රෝද රථය විකුණා සෞදි ගියා. ඔය ටිකමයි මටත් වුනේ...අනේ මගේ සල්ලි. (නි)
මේ අසරණ මිනිසුන්ට කාගෙන්වත් පිහිටක් නැද්ද? විදේශ සේවා කාර්යංශ මොනවද මේ මිනිසුන් වෙනුවෙන් කරන්නේ! (නි)
සුදුසු රැකියා ඒජන්ත කෙනෙක් මගින් නැවත ඉල්ලුම් කර බලන්න. නොපසුබට උත්සාහය අවශ්‍ය වෙනවා (නි)
බොදු බල සේනාවටවත් බැරිද මේ රට යවන එක නතර කරන්න? ඔන්න ලාංකිකයෝ අභිමානයෙන් ජීවත් වෙන හැටි (නි)
උත්සහ කරන්න මොන දුක විදගෙන හරි අපේ රටේ ජීවත් වෙන එක හොදයි නේද?(නදී)
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ වගේ මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදල දෙන්න. මේක කියවපු අය අතරේ කෙනෙකු සිටිය හැක.(නදී)
මෙයට වග කිව යුත්තේ විදේශ රැකියා ආයතනය නම්, බලදාරියනි, හැකි ඉක්මනින් මොහුට සාදාරනයක් කරන්න (නි)
අනේ දැන්වත් අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ මේ අරාබිය කියන්න මොකක්ද කියලා.(නදී)
ඒජන්සි එකකින්ද මෙයා ගිහින් තියෙන්නේ?(නදී)
මොකද ජානක මල්ලි උනේ? මොනවා උනත් ඔයාත් දැන් අභිමානවත් රටවිරුවෙක් බව අමතක කරන්න එපා.(නදී)
ලක්ෂ තුනක් ගෙවන්න තරම් කරපු වැරැද්ද කුමක්ද ? (නි)
මම එකක් කියන්නම් මමත් ඉන්නේ අරාබි රටක මීට වඩා හොදයි ලංකාවේ හිටියනම්. එන්න එපා මේ කාලකන්නි රටවල්වලට දුක් විදින්න මෙහෙ වැඩි හරියක් ඉන්නේ තිරිසන්නු.(නදී)
පව් අහිංසකයා.(නදී)
සෞදියේ වෙන්නේ මෙවැනි දේවල් තමයි එම්බසිය ලාංකිකයින්ට සලකන්නේ බල්ලන්ට වගේ. මේ පුවතට වඩා බොහෝ දේ සෞදියේ වෙනවා කාන්තාවන්ට වෙන අපරාද එමටයි.(නදී)
මෙය ඇත්තෙක් නෙමෙයි වගේ. ඇයි මේ මනුස්සයා සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට නොගියේ. (නදී)
කෝ අර සෞදි අරාබිය ගැන බොරු වර්ණනා කරන අර්ෂා, රිෂාර්ඩ් සහ මුස්ලිම් උදවිය? දැන්වත් පිළිගන්න සෞදිය කියන්නේ ආගමික නිදහසක් තබා ජීවත්වෙන්න වත් නිදහසක් නැති ම්ලේච්ඡ අපායක් කියලා.(නදී)
මාෂ්, එහෙම කරලා වැඩක් වෙන එකක් නැහැ (නි)
වීර,අනේ පුලුවන් නම් සෞදියේ ඉන්න ලක්ෂ ගණන් ඉන්න සිංහල කට්ටියව ගෙන්න ගන්නකෝ?මතක තියාගන්න ලක්ෂගානක මිනිස්සු ජීවත් වන්නේ මැද පෙරදිගින් රක්ෂා කරන නිසයි.පුළුවන් නම් තායිවානේ,චීනයේ,බුර්මයේ රැකියා අවස්ථා ලබාගෙන සිංහල කට්ටියව මැද පෙරදිගින් ගෙන්නා ගන්න. (නි)
හොද පුවතක් (නි)
දර්ශන, මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න තමයි ජනතාව ආණ්ඩුවක් පත්කරගන්නේ. එහෙම නැතුව බදු මුදල් අයකරලා ජනතාව සූරාකමින් මැති ඇමතිවරුන්ට රජ සැප විඳින්න නෙමෙයි. (නි)