දෙහිවල සතුන්වත්තේ සුදු නයා ගේට්ටුව ළඟින් සොයා ගත් බව එහි නිලධරයෝ කියති. දින කිහිපයකට පෙර මෙම නයා අතුරුදන් වීම සම්බන්ධයෙන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද උදේ ගේට්ටුව අසළ වූ කොට්ටඋරයක නයා සිටි බව ද ඔවුහු පවසති.
දෙහිවල සතුන්වත්තේ සුදු නයා ගේට්ටුව ළඟින් සොයා ගත් බව එහි නිලධරයෝ කියති. දින කිහිපයකට පෙර මෙම නයා අතුරුදන් වීම සම්බන්ධයෙන් පස් දෙනකුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද උදේ ගේට්ටුව අසළ වූ කොට්ටඋරයක නයා සිටි බව ද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් හිතෙන්නේ නයාගේ පයන්න හොරකම් කරලා ඇති දේශපාලුවෝ (අ)
නයා සත්තු වත්තේ කාට හරි කියන්න ඇති සුදු පාට හැපින්නක් බලන්න ආසයි කියලා. ඒ මනුස්සය නයාට ඒ උදව්ව කරලා ආපහු ගෙනත් දැම්ම වෙන්න බැරිද? (නදී)
හැමෝම එකතුවෙලා අපිට නයි අරිනවා. එහෙම නැත්නම් නයි පෙන්වනවා. බොරුද මම කියන්නේ? (නි)
අපේ වටිනා සම්පත් ගැන දුකයි (නි)
දැන් නම් සත්තු වත්ත ගන්න දෙයක් නැහැ. සේරම වගේ කූඩු හිස් වෙලා. (නි)
පැහැදිලි පරීක්ෂණයක් කරන්න. ඕකට ඇතුළෙම අය සම්බන්ධ වෙන්නත් පුලුවන්. ඔය විදිහට ගියොත් අලිත් අරගෙන යනකම් ඕකේ ඉන්න අය දන්නේ නැතිවෙයි (නි)
අනේ! සතුන්ගේ පුද්ගලික නිදහසට බාධා කරන්න එපා (නි)
මට නයින්ට ආදරේ කරන නයි නංගීව මතක් වුණා (නි)
හොඳ වෙලාවට සුදු නයා හමුවුණේ (නි)
කවුරුහරි දන්න කියන කෙනෙක්ම මේකට සම්බන්ධ ඇති (නි)
නයා තනියම පැනල යන්න හදන්න ඇති. සුදු හින්ද ආපහු අහුවේවි කියල බයේ ගේට්ට්ටුව ලඟට අයෙත් එන්න ඇති. (අ)
ආසියාවේ හිටපු දිගම දළ තිබුන අැතාට උගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වුනේ බාරේ ඔප්පු කළාට පස්සේ. එසේ නොම වේවා! (නදී)
සත්තු වත්තටත් සී සී ටී වී සවි කරන්න (අ)
නයා නයා විසින්ම අතුරුදහන් වී නැවත පැමිණ ඇත. (නි)
කළු නයෙක්වත් සුදු කරලා කවුරුහරි දැම්මද මන්දා? කෝකටත් හොයලා බලන්න (නි)
මට හිතුන මොනවහරි දෙයක් වෙයි කියල.මොකද හිටපු ගමන් වෛද්‍යවරු මාරු කලානේ. මේක කාගෙ හරි ලොක්කෙක්ගේ වැඩක්. (ස)
සුදු නයා සුදුකැස්බෑව සුදු අලි සුදු සින්ඝලයෝ ඔක්කොම නැතිවේවි තව ඉස්සරහට (අ)
මමත් හොය හොයා හිටියේ. හොඳ වෙලාවට නයා හොයාගත්තනේ (නි)
සදාදර නයෝ ඔබේ මංගල දිනේ ඇමති කෙනෙක් මා අරගෙන ගියෝ රිදවන්නෙපා මා හඩවන්නේපා ආයේ නම් එළියට මා යන්නේ නැ සදාදර නයෝ ඔබේ මංගල දිනේ...(නදී)
ෂුවර් එකටම වැටක් පනින්ඩ යන්ඩ ඇති. (නදී)
දැන් නම් සත්තු වත්ත ගන්න දෙයක් නැහැ. සේරම වගේ කූඩු හිස් වෙලා.!(අ)
තව ටිකෙන් සුදු නයත් ගල් වෙනවා. (ස)
දෙහිවල සතුන්වත්තෙන් දැන් දැන් ලැබෙන ආරංචි සතුටුදායක ඒවා නොවෙයි. (නදී)
කන්ගැට්ටෙක්වත් ආවද මන්දා (නදී)
කාගේ හරි හොර වැඩක් මේක. නිවුස් එක පැතිරුණ විතරයි නැති නයිත් ඇදෙනවා කුඩුවලට. (නදී)
අප්පච්චියේ පෙට්ටියෙන් ඇදිලා ගිහින් කාව හරි කෑවා නම් තමා වැඩේ (නදී)
කරුණාකර නයාව හොඳටම බලන්න. ඔය සෙල්ලම් ප්ලාස්ටික් නයෙක් වෙන්න පුළුවන්. (නදී)
බිලි පූජාවට පසු මැරිච්ච නයා (නදී)
අපිත් මේවගේ නිව්ස් බලලා හරිම ආතල් ගන්නේ..(ස)
සුදු කැස්බෑව වගේ ගේමක්. (ස)
නයා පොඩි රවුමක් දාලා එන්න යන්න ඇති ..(ස)
නයා තනියම හැංගිලා වෙන්න ඇති. (නදී)
නයා සත්ව උද්‍යානයෙන් පැනගොස්, මෙම පුවත සැලවූ වහාම තමා විසින්ම පෙට්ටියකට බැස දොරටුව ළඟට පැමිණ, උද්‍යාන පාලන අධිකාරිය වෙත බාරවී ඇත. (ස)
දරුවා මෙම පුජාවට සුදු කැස්බෑවෙක් වෙනුවට සුදු නයෙක් උනත් කමක් නැහැ. ලේ ටිකක් ගන්න විතරයි ඕනේ කියල කපුවා කිව්වද දන්නේ නැහැ. (ස)
හොඳ වෙලාවට නයෙක් වගේ පොඩි සතෙක් නිසා හොරකම් කරලා පොඩි පෙට්ටියක දාලා තිබ්බේ. බැරි වෙලාවත් අලියෙක් එහෙම හොරකම් කලානම් කන්ටේනර් එකක දාලා තමා ගේට්ටුව ළඟ තියන්න වෙන්නේ. (නදී)
නයි නළගන බලන්න යන්න ඇති (නදී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ අය හොර කරන්නේ නැහැ. නයා කතරගම ඇසල උත්සවයට යන්න ඇති අපේ අය බොරුවට කලබල වෙලා ඔය ඇවිත් ඉන්නේ උත්සවේ ඉවර උනාම (නදී)
අනිවාර්යයෙන් මේ නයා කතරගම ඇසල උත්සවයට යන්න ඇති. අපේ අය බොරුවට කලබල වෙලා ඔය ඇවිත් ඉන්නේ උත්සවේ ඉවර උනාම (නදී)
නයා නයා විසින්ම නැති වී නැවත පැමිණ ඇත. පොලිසිය (නදී)
මේ ලඟකදී විපක්ෂේ කට්ටියක් අාවා නේද ඔය පැත්තේ (නදී)
නයා අැරලාවත් බැරිවෙයිද හොරකම් කලේ කව්ද කියල හොයාගන්න (නදී)