IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සෞදි සමා කාලය ජූලි 3 වැනිදා අවසන්

සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටින  විදේශිකයන් සඳහා වූ පොදු සමාකාලය ජූලි 3 වැනි දායින් අවසන් වන බව එරට පුවත්පත් වාර්තා කරයි.

 ලක්ෂ පනහකට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන අයුරින් අරාබියේ සේවය කරන අතර ඔවුනට නිත්‍යානුකූලව ලියකියවිලි සාදා ගෙන රැකියාව කිරීම හෝ  රටින් පිට වීමට පසුගිය අප්‍රේල් 6 වැනි දා සිට ජූලි 3 දක්වා සහන කාලයක් එරට රජය ලබා දුන්නේය.

කෙසේ වුවද තවත් නීත්‍යානු කූල නොවන අයුරින් සිටින බැවින් ඔවුන් නිත්‍යානූකූලව ලිපි ලේඛන සදාගැනීමට හෝ එරටින් පිටවීමට කටයුතු කරමින් සිටී.

 මෙම පිරිස් අතර ශ්‍රී ලාංකිකයෝ 400ක් පමණ නැගෙනහිර පලාතේ නයින්ට් වන් ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලයය අවට රැඳී සිටිති.

 ජෙඩා කලාපයේ සිට ආ මෙම පිරිසට දින 10ක් පමණ අධික හිරු රශ්මිය මධ්‍යයේ කිසිදු පහසුකමක් නොමැතිව කාඩ්බෝඩ් වලින් තැනූ කුටිවල රැඳි සිටින බව වාර්තාවෙයි. ඔවුනට නිසි ආහාරයක් හෝ ජලය ද නොමැති බව කියති. දමාවි අල් බීබී ආයතනයේ ශ්‍රී ලාංකික නිලධාරයකු වන රන්ජිත් මහදුර් මහතාගේ මූලිකත්වයෙන් එරට ශ්‍රී ලාංකික ප්‍රජාවගේ  අනග්‍රාහයෙන් රාත්‍රී ආහාර  ලබාදීමට කටයුතු කළ අතර නඩෙක් ආයතනය කිරි මිශ්‍ර ආහාර ලබාදීමට කටයුතු කළේය.



අදහස් (0)

සෞදි සමා කාලය ජූලි 3 වැනිදා අවසන්

නියාස් Sunday, 30 June 2013 10:19 AM

මෙතන සිටින අයට ශ්‍රී ලාංකිකයෝ පුලුවන් පුළුවන් විදියට කෑම ගෙනවිත් දෙනවා. ඒ දෙය අපි ඇසින් දුටුවා (නි)

:       0       0

රොෂාන් සෞදි Sunday, 30 June 2013 10:59 AM

මෙම රටට එනවා නම් කාර්මිකයෙක්, ඉංජිනේරුවෙක්, ආයතනයක නිලදාරියෙක් ලෙස එනවා නම් හොදයි. කම්කරු රැකියාවට මෙහෙ ඒම සුදුසු නැති බවත් ඔවුන් විදින අන්ත දුක් මෙහි විස්තර කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ සුළු වැටුපක්. ඒ වගේ මුදලක් ලංකාවේ උපයන්න පුළුවන් (නි)

:       0       0

චාමි Sunday, 30 June 2013 11:42 AM

අද රාත්‍රියට මේ අයට ආහාර දෙන්න මෙහෙ සංගමයක් සුදානම් වෙනවා. මොනවා වුනත් අවසානයේදී අද මේ අය අසරණ වෙලා.පිහිට වෙන එක ලොකු දෙයක්.මොකද අපි ඔක්කොම ලාංකිකයෝ නිසා.තව දෙයක්. මමත් අවුරුදු 7 තාම මෙහෙ.අපි මෙහෙ සල්ලි හම්බකලාට අපිට ඔහේ(ලංකාවේ ) නැතිවෙන දේවල් ගොඩක් වැඩියි (නි)

:       0       0

මගලී Saturday, 29 June 2013 06:00 PM

ලංකාව සුන්දර නිසානේ මෙහෙම මිනිස්සු යන්නේ.(නදී)

:       0       0

කෙවින් Saturday, 29 June 2013 06:47 PM

සෞදි කියන්නේ තනිකරම අපායක් මිනිසුනේ. සුරංගනා ලෝකයක් කියල හිතන්න එපා. මේසන් කෙනෙක් හරියට වැඩ කලොත් ලංකාවේ රුපියල් 30,000.00 ඉතුරු කරන්න පුළුවන්. කම්කරුවෙකුට රුපියල් 20,000.00 ඉතුරු කරන්න පුළුවන්. කම්මැලි නැතුව ලංකාවේ වැඩ කරන්න. දරුවන්ගෙන් වෙන් වෙලා සීතලේ ගැහි ගැහී පිච්චෙන රස්නේ මොන දුකක්ද විදින්නේ මිනිස්සු. ඒජන්සි වලට ලක්ෂ ගණන් ගෙවන්නත් වෙනවා. හොදට හිතල ලංකාවේ කම්මැලි නැතුව වැඩ කරන්න.(නදී)

:       0       0

උදය​ Saturday, 29 June 2013 07:00 PM

කන්න දීල මදි. කසිප්පු ටිකක් දෙන්න ඕන​. නැත්නම් කිසි ගතියක් නෑ. ලංකාවෙ අය මල් පැනි බොන්න හරි දක්ෂයි. කසිප්පු හොයාගෙන යන්නෙ.(නදී)

:       0       0

ඉස්හාක් Saturday, 29 June 2013 07:09 PM

එහෙමනම් ලංකාවේ ඉන්න ඔක්කොම මේසන් වැඩම තමා කරන්න ඕනා. කොහෙද අනිත් ජොබ් වලට දෙන පඩිය කෑමටයි බස් එකටයි ගියාම ඉවරයිනේ.(නදී)

:       0       0

තිලක් Sunday, 30 June 2013 01:08 PM

මැදපෙර දිග යන අපෙන් රුපියල් 11860 ගත්තා මදිද? අමුතුම ක්‍රමයක් අනුගමනය කරන්නයි යන්නේ.මෙහෙම බදු ගැහිල්ලක් නම් මිනීමරු ප්‍රබාකරන්වත් කරලා නැහැ. (නි)

:       0       0

ඉන්දික Saturday, 29 June 2013 07:41 PM

කෙවින්, ඔයාගේ කතාව හරියට හරි. කම්මැලි නැතිව වැඩ කරනවානම් මොන රටේ උනත් හොඳ කලක් තියෙනවා. අපේ අය සෞදි ගිහින් නිකන් දුක් විදිනවා.(නදී)

:       0       0

ශාන්ත ලාල් Saturday, 29 June 2013 07:44 PM

උදය, ඔබගේ අදහස ලොවට පෙන්වාදීමෙන් තමන්ගේ චරිතය තමන් විසින්ම ඝාතනය කර ගෙන ඇති බව ඔබට වැටහේද?(නදී)

:       0       0

රංජිත් Saturday, 29 June 2013 08:22 PM

අපි සියලු දෙනාගේම සහයෝගයෙන් මෙම අසරණ වෙච්ච හැමටම පිසූ ආහාර වේලක් දීපු එක අගය කරන අතර, එතන ඉන්න සියලුම දෙනා මෙම අවස්ථාවේ එතරම් අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ. ඉතින් මෙයාලා කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න එක තමයි කරන්න ඕනා. නැගෙනහිර කලාපයේ චාලි තලේරත්න මහතා නම් දිවා රෑ නොබලා වෙහෙසෙනවා මේ අය වෙනුවෙන්.(නදී)

:       0       0

අසේල Saturday, 29 June 2013 08:31 PM

ඕමානයටත් මේ සමා කාලය ගේන්න. මෙහෙත් ඉන්නවා ලංකාවට යන්න බැරුව වීසා නැතුව ඉන්න අය.(නදී)

:       0       0

මංජුල රියාද් Saturday, 29 June 2013 09:10 PM

මන් ඉන්නෙත් වසර 7 තිස්සේ සෞදි වල. අපේ අය විහින් කර ගන්න දේවල් ඕවා. ලංකාවේ අය ගෙදරට වෙලා ඒ.සී රූම් එකෙ ආතල් එකේ ඉන්න කොට සෞදිකාරයා ඇවිල්ලා කනට ගහලා එක්කන් ආවා වගේ කතා කරන්නේ. එනකොට කනකර ඉඩම් උකස් කරලා කියක් හම්බු වුනත් කමක් නැහැ කියලා එන්නේ. ඇවිල්ලා මාස 6 ගියාම කිසි දෙයක් මතක නැහැ. මාස 3 ක් දුන්නු පොදු සමා කාලයේත් මේ ගොල්ලන් යන්න උස්සහ කලේ නැත්තේ සෞදි ආපයක් නිසාද ? දන්නෝ දනිති මේ ගොල්ලෝ මෙහාට වෙලා කලේ මොනවද කියලා. ඒක නිසා නොදන්නා කට්ටිය බලලා නිකන් ඉන්න. අදහස් පල නොකර ස්තුතියි ලංකාදීප.(නදී)

:       0       0

ජයලත් Saturday, 29 June 2013 09:27 PM

මේවට වග කියන්න ඕනේ ලංකාවන් එවන ඒජන්සි කාරයෝ පවු අසරණ මිනිස්සු.(නදී)

:       0       0

රොෂාන් Saturday, 29 June 2013 09:28 PM

මාත් සිටින්නේ මෙතන තමා,එත් මා සිටින්නේ යහළුවෙක්ගේ ගෙදර,අපිට අප තානාපති කාර්යාලවල කිසිම සැලකිල්ලක් නැහැ,අපි එනකොට කුට්ටි ගණන් සල්ලි ගත්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද නිහඩ අයි ? අපි මෙම ආයතනයට තිස් දෙනෙක් ආවා,එක්කෙනෙක්ගෙන් රුපියල් 11,500/= විදේශ සේවා නියුක්ති කාරයන්ශයෙන් ගත්තා,සල්ලි ගන්න කොට කිව්වේ අපට මොනවහරි දෙයක් මෙරට තුල සිදුවුනොත් අපට සලකන්න තමා මේසල්ලි ගන්නේ කියලා,නමුත් අද අපි වෙන රටකට ඇවිත් හිඟා කනවා . කෙසේ වෙතත් මෙම පුවත මම සම්පුර්ණ කරන්නම්,එක වේලකට ලාංකිකයෙක් උදව් කලත් අරාබි ජාතිකයෝ අපි අව් කාෂ්ටයේ සිටින විට අපිට ඇවිත් වතුර බෝතල් දිව ආහාරය නොකඩවා සපයනවා. දැනට අප කිහිප දෙනෙක් , වෙනත් ආයතනයකට මාරුවීම් ලබාගත්ත. මොකද අපිට අපහු අප රටට යන්නට බැහැ,අපි නය වෙලා ඇවිත් තියෙන්නේ ,අද අපේ රටේ තත්වය අනුව අපට එහෙ ඇවිත් තව තවත් නය වෙන්න බැහැ .(අ)

:       0       0

උදය​ Saturday, 29 June 2013 09:32 PM

ශන්තලාල්.... මම කිව්වෙ ඇත්ත​. ලංකාවෙ වැඩි පිරිසක් කරන්නෙ හම්බ කරන දෙයින් බාගයක් වෙන රටවල අය පෙරන කසිප්පු වලට වියදම් කරන එක​. මේ රටේ නීතිය ගැන නොතකා කරන දෙවල් බොහොමයි. මම නම් ලංකාවෙ මිනිස්සු ගැන ගොඩක් කලකිරිල ලියුවෙ. හිත රිදුන නම් සමාවෙන්න. ඔබත් මම කී දෙය සත්‍ය දැයි සොයා බලා මට චෝදනා කරන්න​.(අ)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 30 June 2013 12:30 AM

විදේශ සේවා එකේ සභාපතිලා එකසිය ගානක්, අධ්‍යක්ෂකලා එක සිය ගානක්, කළමනාකරුවන් එකසියගානක් ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නේ අසරණයන්ගේ රීරි මාංශ හුරගෙන කාල නේද?(නදී)

:       0       0

සමන් Sunday, 30 June 2013 03:29 PM

ලංකාවේ හුගාක් කට්ටිය කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රටේ වැඩ කරගෙන යනවා.ඒ රටේ අදාළ නීතියකට අනුව වැඩ කළා නම් කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

කෙවින් Sunday, 30 June 2013 08:58 AM

තර්ක කිරීම අදහස් දැමීම හොද දෙයක්. ඇත්ත ඇති සැටියෙන් දකින්න. මිනිහෙක් රට යන්නේ දුක් විදලා කියක් හරි හම්බ කර ගන්න. මම කියන්නේ පොඩි රැකියාවකට මේ වගේ රටකට යනවට වඩා හොදා ලංකාවේ වැඩ කරන එක. ඉංජිනීරුවෝ වගේ අය‍ට තමා හොද පඩි හම්බ වෙන්නේ. මම අත් දැකීමෙන් දන්නා දෙයක් මෙය. කරදරයක් උනහම අන්තිමට තමන්ට තමන් විතරම තමා. දෙපාරක් හිතල රට යනකොට යන්න.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 888 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4026 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1445 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2446 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site