සෞදි අරාබියේ අනවසරයෙන් රැඳී සිටින විදේශිකයන් සඳහා වූ පොදු සමාකාලය ජූලි 3 වැනි දායින් අවසන් වන බව එරට පුවත්පත් වාර්තා කරයි.
ලක්ෂ පනහකට අධික පිරිසක් නීත්‍යානුකූල නොවන අයුරින් අරාබියේ සේවය කරන අතර ඔවුනට නිත්‍යානුකූලව ලියකියවිලි සාදා ගෙන රැකියාව කිරීම හෝ රටින් පිට වීමට පසුගිය අප්‍රේල් 6 වැනි දා සිට ජූලි 3 දක්වා සහන කාලයක් එරට රජය ලබා දුන්නේය.
කෙසේ වුවද තවත් නීත්‍යානු කූල නොවන අයුරින් සිටින බැවින් ඔවුන් නිත්‍යානූකූලව ලිපි ලේඛන සදාගැනීමට හෝ එරටින් පිටවීමට කටයුතු කරමින් සිටී.
මෙම පිරිස් අතර ශ්‍රී ලාංකිකයෝ 400ක් පමණ නැගෙනහිර පලාතේ නයින්ට් වන් ප්‍රදේශයේ ආගමන විගමන කාර්යාලයය අවට රැඳී සිටිති.
ජෙඩා කලාපයේ සිට ආ මෙම පිරිසට දින 10ක් පමණ අධික හිරු රශ්මිය මධ්‍යයේ කිසිදු පහසුකමක් නොමැතිව කාඩ්බෝඩ් වලින් තැනූ කුටිවල රැඳි සිටින බව වාර්තාවෙයි. ඔවුනට නිසි ආහාරයක් හෝ ජලය ද නොමැති බව කියති. දමාවි අල් බීබී ආයතනයේ ශ්‍රී ලාංකික නිලධාරයකු වන රන්ජිත් මහදුර් මහතාගේ මූලිකත්වයෙන් එරට ශ්‍රී ලාංකික ප්‍රජාවගේ අනග්‍රාහයෙන් රාත්‍රී ආහාර ලබාදීමට කටයුතු කළ අතර නඩෙක් ආයතනය කිරි මිශ්‍ර ආහාර ලබාදීමට කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වග කියන්න ඕනේ ලංකාවන් එවන ඒජන්සි කාරයෝ පවු අසරණ මිනිස්සු.(නදී)
ලංකාවේ හුගාක් කට්ටිය කිසිම ප්‍රශ්නයක් නැතුව මේ රටේ වැඩ කරගෙන යනවා.ඒ රටේ අදාළ නීතියකට අනුව වැඩ කළා නම් කාටත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. (නි)
මැදපෙර දිග යන අපෙන් රුපියල් 11860 ගත්තා මදිද? අමුතුම ක්‍රමයක් අනුගමනය කරන්නයි යන්නේ.මෙහෙම බදු ගැහිල්ලක් නම් මිනීමරු ප්‍රබාකරන්වත් කරලා නැහැ. (නි)
අද රාත්‍රියට මේ අයට ආහාර දෙන්න මෙහෙ සංගමයක් සුදානම් වෙනවා. මොනවා වුනත් අවසානයේදී අද මේ අය අසරණ වෙලා.පිහිට වෙන එක ලොකු දෙයක්.මොකද අපි ඔක්කොම ලාංකිකයෝ නිසා.තව දෙයක්. මමත් අවුරුදු 7 තාම මෙහෙ.අපි මෙහෙ සල්ලි හම්බකලාට අපිට ඔහේ(ලංකාවේ ) නැතිවෙන දේවල් ගොඩක් වැඩියි (නි)
මෙම රටට එනවා නම් කාර්මිකයෙක්, ඉංජිනේරුවෙක්, ආයතනයක නිලදාරියෙක් ලෙස එනවා නම් හොදයි. කම්කරු රැකියාවට මෙහෙ ඒම සුදුසු නැති බවත් ඔවුන් විදින අන්ත දුක් මෙහි විස්තර කරන්න බැහැ. ඔවුන්ට ලැබෙන්නේ සුළු වැටුපක්. ඒ වගේ මුදලක් ලංකාවේ උපයන්න පුළුවන් (නි)
මෙතන සිටින අයට ශ්‍රී ලාංකිකයෝ පුලුවන් පුළුවන් විදියට කෑම ගෙනවිත් දෙනවා. ඒ දෙය අපි ඇසින් දුටුවා (නි)
තර්ක කිරීම අදහස් දැමීම හොද දෙයක්. ඇත්ත ඇති සැටියෙන් දකින්න. මිනිහෙක් රට යන්නේ දුක් විදලා කියක් හරි හම්බ කර ගන්න. මම කියන්නේ පොඩි රැකියාවකට මේ වගේ රටකට යනවට වඩා හොදා ලංකාවේ වැඩ කරන එක. ඉංජිනීරුවෝ වගේ අයට තමා හොද පඩි හම්බ වෙන්නේ. මම අත් දැකීමෙන් දන්නා දෙයක් මෙය. කරදරයක් උනහම අන්තිමට තමන්ට තමන් විතරම තමා. දෙපාරක් හිතල රට යනකොට යන්න.(නදී)
විදේශ සේවා එකේ සභාපතිලා එකසිය ගානක්, අධ්‍යක්ෂකලා එක සිය ගානක්, කළමනාකරුවන් එකසියගානක් ඉන්නවා. ඒ අයට පඩි ගෙවන්නේ අසරණයන්ගේ රීරි මාංශ හුරගෙන කාල නේද?(නදී)
ශන්තලාල්.... මම කිව්වෙ ඇත්ත. ලංකාවෙ වැඩි පිරිසක් කරන්නෙ හම්බ කරන දෙයින් බාගයක් වෙන රටවල අය පෙරන කසිප්පු වලට වියදම් කරන එක. මේ රටේ නීතිය ගැන නොතකා කරන දෙවල් බොහොමයි. මම නම් ලංකාවෙ මිනිස්සු ගැන ගොඩක් කලකිරිල ලියුවෙ. හිත රිදුන නම් සමාවෙන්න. ඔබත් මම කී දෙය සත්‍ය දැයි සොයා බලා මට චෝදනා කරන්න.(අ)
මාත් සිටින්නේ මෙතන තමා,එත් මා සිටින්නේ යහළුවෙක්ගේ ගෙදර,අපිට අප තානාපති කාර්යාලවල කිසිම සැලකිල්ලක් නැහැ,අපි එනකොට කුට්ටි ගණන් සල්ලි ගත්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශය අද නිහඩ අයි ? අපි මෙම ආයතනයට තිස් දෙනෙක් ආවා,එක්කෙනෙක්ගෙන් රුපියල් 11,500/= විදේශ සේවා නියුක්ති කාරයන්ශයෙන් ගත්තා,සල්ලි ගන්න කොට කිව්වේ අපට මොනවහරි දෙයක් මෙරට තුල සිදුවුනොත් අපට සලකන්න තමා මේසල්ලි ගන්නේ කියලා,නමුත් අද අපි වෙන රටකට ඇවිත් හිඟා කනවා . කෙසේ වෙතත් මෙම පුවත මම සම්පුර්ණ කරන්නම්,එක වේලකට ලාංකිකයෙක් උදව් කලත් අරාබි ජාතිකයෝ අපි අව් කාෂ්ටයේ සිටින විට අපිට ඇවිත් වතුර බෝතල් දිව ආහාරය නොකඩවා සපයනවා. දැනට අප කිහිප දෙනෙක් , වෙනත් ආයතනයකට මාරුවීම් ලබාගත්ත. මොකද අපිට අපහු අප රටට යන්නට බැහැ,අපි නය වෙලා ඇවිත් තියෙන්නේ ,අද අපේ රටේ තත්වය අනුව අපට එහෙ ඇවිත් තව තවත් නය වෙන්න බැහැ .(අ)
ලංකාව සුන්දර නිසානේ මෙහෙම මිනිස්සු යන්නේ.(නදී)
මන් ඉන්නෙත් වසර 7 තිස්සේ සෞදි වල. අපේ අය විහින් කර ගන්න දේවල් ඕවා. ලංකාවේ අය ගෙදරට වෙලා ඒ.සී රූම් එකෙ ආතල් එකේ ඉන්න කොට සෞදිකාරයා ඇවිල්ලා කනට ගහලා එක්කන් ආවා වගේ කතා කරන්නේ. එනකොට කනකර ඉඩම් උකස් කරලා කියක් හම්බු වුනත් කමක් නැහැ කියලා එන්නේ. ඇවිල්ලා මාස 6 ගියාම කිසි දෙයක් මතක නැහැ. මාස 3 ක් දුන්නු පොදු සමා කාලයේත් මේ ගොල්ලන් යන්න උස්සහ කලේ නැත්තේ සෞදි ආපයක් නිසාද ? දන්නෝ දනිති මේ ගොල්ලෝ මෙහාට වෙලා කලේ මොනවද කියලා. ඒක නිසා නොදන්නා කට්ටිය බලලා නිකන් ඉන්න. අදහස් පල නොකර ස්තුතියි ලංකාදීප.(නදී)
ඕමානයටත් මේ සමා කාලය ගේන්න. මෙහෙත් ඉන්නවා ලංකාවට යන්න බැරුව වීසා නැතුව ඉන්න අය.(නදී)
අපි සියලු දෙනාගේම සහයෝගයෙන් මෙම අසරණ වෙච්ච හැමටම පිසූ ආහාර වේලක් දීපු එක අගය කරන අතර, එතන ඉන්න සියලුම දෙනා මෙම අවස්ථාවේ එතරම් අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ. ඉතින් මෙයාලා කොහොම හරි ලංකාවට ගෙන්න ගන්න එක තමයි කරන්න ඕනා. නැගෙනහිර කලාපයේ චාලි තලේරත්න මහතා නම් දිවා රෑ නොබලා වෙහෙසෙනවා මේ අය වෙනුවෙන්.(නදී)
උදය, ඔබගේ අදහස ලොවට පෙන්වාදීමෙන් තමන්ගේ චරිතය තමන් විසින්ම ඝාතනය කර ගෙන ඇති බව ඔබට වැටහේද?(නදී)
කෙවින්, ඔයාගේ කතාව හරියට හරි. කම්මැලි නැතිව වැඩ කරනවානම් මොන රටේ උනත් හොඳ කලක් තියෙනවා. අපේ අය සෞදි ගිහින් නිකන් දුක් විදිනවා.(නදී)
එහෙමනම් ලංකාවේ ඉන්න ඔක්කොම මේසන් වැඩම තමා කරන්න ඕනා. කොහෙද අනිත් ජොබ් වලට දෙන පඩිය කෑමටයි බස් එකටයි ගියාම ඉවරයිනේ.(නදී)
කන්න දීල මදි. කසිප්පු ටිකක් දෙන්න ඕන. නැත්නම් කිසි ගතියක් නෑ. ලංකාවෙ අය මල් පැනි බොන්න හරි දක්ෂයි. කසිප්පු හොයාගෙන යන්නෙ.(නදී)
සෞදි කියන්නේ තනිකරම අපායක් මිනිසුනේ. සුරංගනා ලෝකයක් කියල හිතන්න එපා. මේසන් කෙනෙක් හරියට වැඩ කලොත් ලංකාවේ රුපියල් 30,000.00 ඉතුරු කරන්න පුළුවන්. කම්කරුවෙකුට රුපියල් 20,000.00 ඉතුරු කරන්න පුළුවන්. කම්මැලි නැතුව ලංකාවේ වැඩ කරන්න. දරුවන්ගෙන් වෙන් වෙලා සීතලේ ගැහි ගැහී පිච්චෙන රස්නේ මොන දුකක්ද විදින්නේ මිනිස්සු. ඒජන්සි වලට ලක්ෂ ගණන් ගෙවන්නත් වෙනවා. හොදට හිතල ලංකාවේ කම්මැලි නැතුව වැඩ කරන්න.(නදී)