IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘සිදංගනාවෝ’ ඉෂානිට පණදෙන දේශිකා ගමගේ

 

 

‘‘මම ඉගෙනගත්තේ බම්බලපිටිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ. පාසල් යන කාලයේදී සංගීතය තමයි හැදෑරුවේ. ඒ වුණත් මගේ හිතේ ලොකු ආසාවක් තිබුණා නිළියක් වන්න. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. ඔය අතරේ තමයි 2011 වසරේ මම එංගලන්තයට ගියේ වැඩිදුර අධ්‍යාපන කටයුතුවලට. එහේ ලන්ඩන්වල සිටිද්දී ප‍්‍රවීණ චිත‍්‍රපට නිෂ්පාදන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහත්මයා මට හමුවුණා. ඔහු රඟපාන්න කැමතිද කියා මගෙන් ඇහුවා. ඇත්තටම මම ලොකු ආශාවකින් හිටියේ රඟපාන්න. ඒ හින්දා ඒ ආරාධනය පිළිගත්තා.

ඒ ආරාධනයෙන් ඔහු නෂ්පාදනය කළ, වී. සිවදාසන් අධ්‍යක්‍ෂණය කළ ‘‘දෝනි’’ චිත‍්‍රපටයේ රඟපෑවා. එය තමයි මා රංගනයට එක්වූ මුල්ම චිත‍්‍රපටය. ඊට පස්සේ ‘‘රන්ජා”, ”ජීවිතේ ලස්සනයි’’ වැනි චිත‍්‍රපටවල රඟපෑවා. චිත‍්‍රපටවලින් පස්සෙ පුංචි තිරයට එක්වන්න අවස්ථාව ලැබීමත් සතුටට කරුණක් වුණා. ඒ අනුව සිරස නාලිකාවේ විකාශය වන ‘‘සිදංගනාවෝ’’ ටෙලිනාට්‍යයේ උදාරි ලෙස රඟපාන්නේ ආයෝමි ශානිකා. මම ඇයගේ අක්කා ඉෂානි ලෙස රැුඟපානවා. එයට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

මේවන විට ටෙලිනාට්‍ය කීපයක රඟපාන්න අවස්ථාව උදාවුණා. ඒවා ළඟදීම විකාශය වේවි. තව රඟපාන්න ටෙලිනාට්‍ය කීපයකට කතාකරලත් තිබෙනවා. අද වන විට මට තිබෙන්නේ ලොකු සතුටක්. මොකද කාලයක ඉඳන් මගේ සිතේ තිබුණු හීනයක් සැබෑ කරගන්න පුළුවන් වූ හින්දා. දැන් ඉතිං දිගටම රංගනයේ යෙදෙන්න තමයි මා බලාපොරොත්තු වෙන්නේ. මගේ මේ ගමන්මඟට උදව් උපකාර කළ ජෝර්ජ් සේනානායක, උදේනි අල්විස්, හර්ෂ වික‍්‍රමසිංහ, චන්න පෙරේරා, සුනිල් ටී. ප‍්‍රනාන්දු යන මහත්වරුන් මා ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. ඔවුන් නිසයි මගේ සිහිනය සැබෑ කරගත හැකිවූයේ.’’
දේශිකා ගැන අදට වඩා හෙට දිනයේ බොහෝ දෙනා කතාකරනු නිසැකය. මන්ද ඇය විවිධ දක්‍ෂතාවලින් පිරිපුන් තරුණ රංගන ශිල්පිනියක් වීමය. ඇයගේ ගමන්මඟට අපි සුබ පතන්නෙමු.

 

 


සමන්ත යහම්පත්

 



අදහස් (0)

‘සිදංගනාවෝ’ ඉෂානිට පණදෙන දේශිකා ගමගේ

අර්ත්ගොඩ් Monday, 26 August 2013 06:00 PM

මොකද්ද මේ වෙන්නේ? (නි)

:       0       0

රුක්මාල් Monday, 26 August 2013 12:11 PM

මේ නිලියක්ද ... මට දුකේ බෑ. (ස)

:       0       0

නුවන් දඹගේ, ඉතාලිය Thursday, 29 August 2013 02:38 PM

නිලියක් වෙන්න ලස්සන ඕනේමද,හොදට පුහුණුවෙලා දක්ෂ නිලියක් වෙන්න,පය බිම තියන් හෙමින් ගමනක් යන්න....ඔබට දුර ගමනක් යා හැකි වේවි..ඔබට හිමි ලස්සනක් ඔබ ලග තියෙනවා.(නදී)

:       0       0

සෑම් Friday, 06 September 2013 08:37 PM

මෙයා කවුද අනේ කවුරු හරි කියන්න මට. (දී)

:       0       0

ඩෙනම් Monday, 02 September 2013 04:54 PM

අපේ රටේ ටෙලි නාට්‍ය නම් හරිම බොළඳයි.කව්රු හරි මැදිහත් වෙලා ඉහළ නංවන්න බලන්න ඕනෑ.ඔයාට සුබ පැතුම් දුවේ! (නි)

:       0       0

ඩබ් එස්.එස්.ගුණරත්න Tuesday, 27 August 2013 02:14 PM

මෙය මොන සිදන්ගනවියක්ද, අන්න මංජුලා කුමාරි නියම සිදන්ග්ගනවී (දී)

:       0       0

මහේල Wednesday, 28 August 2013 09:51 PM

යකින්නියකගේ චරිතයකට නම් හොඳයි (අ)

:       0       0

ඩබ් එස්.එස් ගුණරත්න Tuesday, 27 August 2013 02:22 PM

මෙයා නිළියක්ද ? අපේ සිනමාවට පිස්සු (දී)

:       0       0

සෙන්තිල් Tuesday, 10 September 2013 01:36 AM

අර මහේල කියනවා වගේ කළා නම් මොකද? (නි)

:       0       0

නදීජා Saturday, 31 August 2013 06:14 PM

මම සුබපතනවා ඔබට. නංගි (දී)

:       0       0

දයා අලහාකෝන් Sunday, 25 August 2013 02:34 PM

සිදන්ගනාවක් විදියට නම් නැහැ පෙනුමක්.(නදී)

:       0       0

ප්‍රදීපා Friday, 30 August 2013 04:19 PM

මම සාමාන්‍යයෙන් ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. අහම්බයකින් හරි බලන්න සිද්ධ වුනහම හරියට දුක හිතෙනවා අපේ නවක නිලියන් ගැන. මේ රඟපානවද නැත්නම් පෙනී හිටිනවද කියලා. අර මොනවහරි හදලා ප්‍රේක්ෂකයන්ට දෙනවා කියන තැන තමයි හුඟක් නාට්‍ය තියෙන්නේ. (නි)

:       0       0

මහේල Friday, 06 September 2013 04:17 PM

ඔයා නියමයි යකින්නියකගේ චර්තයකට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 586 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 832 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 37 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1255 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2477 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3259 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35026 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24039 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site