මාරාන්තික කොරෝනා වයිරසය වැලඳුණු ආසාදිතයින් පස් දෙනකු සෞදි අරාබියේ නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
සෞදි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට නිකුත් කැර ඇති නිවේදනය සදහන් පරිදි වාර්තා වී ඇති ඇති කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් සියළු දෙනාම වයස අවුරුදු 73-85 දක්වා අය වන අතර 2012 වසරේ සැප්තැම්බර් මස මෙම කොරෝනා වයිරසය සොයා ගැනීමෙන් පසු හමු වු ආසාදිතයින් 49 දෙනා අතුරින් 35 දෙනකුම වාර්තා වී ඇත්තේ සෞදි අරාබියෙනි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වී අනුව මෙතෙක් ලොව පුරා මෙම වයිරසයෙන් මිය ගොස් ඇති 23 දෙනා අතුරින් 18 දෙනකුම සෞදි අරාබියෙන් බවද වාර්තා වේ.
‘මර්ස් කෝව්‘‘ කෙටි නමින් හදුන්වනු ලබන මෙම වයිරසය ‘‘මැද පෙරදිග ස්වසන වයිරසය හා කොරෝනා වයිරසය‘‘ එකම පවුලේ සාමාජිකයින් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන අතර සාමාන්‍ය උණ තත්ත්වයන් මගින් මෙම වයිරසය ආසාදිත වන බවද සදහන් කරයි.
දැනට මෙම කොරෝනා මාරාන්තික වයිරස් රෝගයෙන් සෞදි අරාබියේ මරණයට පත් වු 18 දෙනා අතුරින් 17 දෙනකුම සෞදි ජාතිකයින් වන අතර සිරියා ජාතිකයන්ද අල් කසීම් රෝහලේදී මිය ගිය බව වාර්තා වේ.
අවසන් වරට මෙම වයිරසය මගින් මිය ගොස් ඇත්තේ සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ අල් හසා ප්‍රදේශයේ 81 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය අප්‍රේල් 18 වැනි දින මෙම රෝගය ආසාදිත වී රෝහල් ගත කර ඇත. මැයි 26 වැනි දින ඇය මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂරියා ට එරෙහිව කොරෝනා. (ස)
මේක අර බල සේනාවට වැලදුනොත් මොනවා වෙයිද? (නි)
කොරෝන කියන්නේ මෙක්සිකන් බියර් වර්ගයකටනේ... ඇයි ඒ නම මේ උණට යොදා ගත්තේ? (නි)
මේ වෛරසය දැනටමත් මුළු ලෝකෙටම තර්ජනයක් වෙලා. දැන් වනවිට 24 වන බිල්ලත් අරගෙන ඉවරයි, මේ ලෙඩේ වැළඳුනු 44 දෙනෙක් අතරින්. ලංකාවට වෛරසය නොඑන්න රජය වගබලාගන්න ඕනෑ. (නි)
මම මේ වගේ චිත්‍ර පටියක් බලලා තියෙනවා (දී)
සමහර අය ඉන්නවා යම් කිසි දෙයක් තේරුම් ගන්න බැරි හැම දෙයක්ම විහිළුවකට ගන්න අය. මේක හරි වැදගත් දැනුම් දීමක්. යමක් දෙස යථාර්ථවාදීව බලන්න. දෙයක් හොඳ හෝ නරක අගයන්න. මේක ඉතා වැදගත් මාධ්‍ය ජාලයක්. සෞදි අරාබියේ දසත වාර්තාකරු ලලිත් ප්‍රේමලාල් මහතාට අපගේ ස්තුතිය. (නි)
සියල්ල සිදු වන්නේ අල්ලාහ් ගේ කැමත්තටලු. (ස)
පහන්:- මෝඩ අදහස් නම් දාන්න එපා ...................
මේ රෝගය වැඩිපුර වැලෙදෙන්නේ සිරුරේ ප්‍රතිශක්තිය හීන පුද්ගලයන්ට කියලයි මම හිතන්නේ. හේතුව මැරිලා තියන කට්ටිය ඔක්කොලම 80 පැනපු කට්ටිය. ලංකාවට එන්න නම් අවස්ථා අඩුයි (නි)
ලාංකිකයනුත් පරිස්සමෙන්.. (ස)
අල්ලාහ්ගේ කැමැත්ත.තව ඉස්සරහට හලාල් කරන එකේ පවත් එනවා (නි)
ලංකාවටත් අවොත් නම් සෙල්ලම් නෑ. (ස)
ගෘහ සේවිකාවන් හරහා ලංකාවටත් එන්න පුළුවන්. (ස)
ඕක බෝ වෙන්නේ කොහොමද ? (ස)
වැඩිහිටි අයගේ ප්‍රතිශක්තිය අඩු නිසා වෙන්න ඇති එයාලටම හැදුනේ. (ස)
මේක බයානකයිලු නේද ? (ස)
ලාංකික ගෘහ සේවකයන් අනතුරේ.(ස)