IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සෞදියෙන් සෑහෙන කොටසක් ඇවිත්

 සෞදිඅරාබි කම්කරු අමාත්‍යාංශයෙන් දුන් පොදුසමා කාලයට සමගාමීව විවිධ හේතු මත අවතැන් වු ශ්‍රී ලංකාවට යෑමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට අසුවක් පමණ මව් බිමට පිටත් කැර හැර ඇති බව රියාද් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ අමාත්‍යංශයේ උපදේශක අනුර මුතුමාල මහතා පවසයි.

රියාද් මධ්‍යම කලාපයේ සහ ජෙඩා, දමාම් ,අසිර්, සකාකා ,ජිසාන්, ඇතුලු ප්‍රදේශන්හි විවිධ හේතුන් මත හෝ රැදි සිටීමේ බලපත්‍රය කල් ඉකුත් වු ශ්‍රි ලාංකිකයන්ගේ ප්‍රමාණය දොළොස් දහසක් දහතුන් දහසක් අතර ප්‍රමාණයක් බව පැවසු මුතුමාල මහතා වැඩි දුරටත් කියා සිටියේ රියාද් සහ නැගෙනහිර කලාපයේ අවතැන්ව සිටි හත්දහසක පමණ පිරිසෙන් මේ වන විට පන්දහසකට අධික පිරිසකට පිටවීමේ වීසා ලබා දීමට කටයුතු කැර ඇති බවයි.

ජෙඩා කලාපයේ පිහිටි ජෙඩා කොන්සියුලර් කාර්යාලයයේ ආරංචි මාර්ග අනුව මේ වන විටත් වැඩි පිරිසක් පිටවීමේ විසා ලබාගෙන මව්බිමට ගොස් ඇතැයි පැවසේ. මේ අතර රියාද් කලාපයේ අනවසරෙයෙන් රැදි සිටිමින් මව් බිමට යාගත නොහැකිව සිටි දෙදහස් පන්සීයක් පමණ වු ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ඉතා සුළු පිරිසක් හැරුණු විට විශාල ප්‍රමාණයක් මේ වන විටත් මව්බිමට පිටත් කැර ඇති බව එම නිලධාරියා පවසයි.

නැගෙනහිර කලාපයේද තිස් දෙනකුට අඩු කාන්තාවන් ප්‍රමාණයන් හැර ඉතිරි සියලු දෙනා ලංකාවට පිටත් කැර ඇති බවද පවසයි.

නොවැම්බර් 04 දක්වා පොදු සමා කාලය දීර්ඝ කැර ඇති නමුත් අප්‍රේල් 06 ට පෙර අවතැන් වු හෝ නීතී විරෝධිව සෞදි අරාබියේ රැදී සිටීනම් තම ආයතන ප්‍රධානීන් හෝ සේවාදායකයා විසින් සේවා දායකයා පලා ගොස් ඇති බව ගමන් බලපත්‍ර අංශයට ආරංකෂක අංශයට පැමිණිල්ලක් කැර ඇති අය හෝ ඉක්වා බලපත්‍ර දීර්ඝ නොකර සිටි අවතැන් වුවන් හැර මෙම පොදු සමා කාලයේදී ආයතනයෙන් පැන ගොස් හෝ සැගවී සිට පැමිණෙන කිසිවකුට පොදු සමා කාලයක් යටතේ මව්බිමට යාමට නිතීමය වරප්‍රසාද නොලැබෙන බවද මුතුමාල මහතා කියයි.

එසේ එන අය සදහා ආරක්ෂක අංශ හෝ සෞදි කම්කරු උසාවියට ගොස් පැමිණි කරන ලෙස දන්වා සිටී.

කෙසේ වුවද හාම් පුතාගෙන් සිදුවන අතවර හෝ දුෂ්කරතාවන් පිළිබදව යමෙකු තානාපති කාර්යාලය වෙත පැමිණි ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබදව නිතීමය කටයුතු කිරිම තානාපති කාර්යාලය කටයුතු කරන බවද තානාපති කාර්යාල කියයි.



අදහස් (0)

සෞදියෙන් සෑහෙන කොටසක් ඇවිත්

චාමි Wednesday, 07 August 2013 01:40 PM

ලලිත් අයියා ලොකු දෙයක් කරනවා. ඒකට අපි සළකනවා .අපි ඇත්ත දේ දෙන්න ඕනෑ ජනතාවට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 125 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 260 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1393 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 54 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12506 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 6095 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36620 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24234 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site