තමන්ගේ ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අඩකින් අඩුකැර ගැනීමට අදිටන් කරගෙන එය නොවරදවාම ක්‍රියාත්මක කළ යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දැනට තීරණය වි ඇත්තේ දිනකට සීනි තේ හැදි දහයක් පමණ භාවිතා කිරීම අවැඩක් නොවන බව වුව ද එය හරියට ම අඩකින් අඩුකැර සීනි තේ හැදි පහකට වඩා අඩු ප්‍රමාණයක් ගැනීම සුදුසු බව එම සංවිධානය පවසයි.
සීනි ආහාරයට ගැනීමෙන් දියවැඩියාව, හෘදයාබාධ, තරබාරුබව, දත්දිරායාම ඇතුළු රෝග රැසක් ඇති වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථුලතාව පිළිබද අධ්‍යයන අංශයේ සභාපති පිලිප් ජේම්ස් පවසන්නේ කාර්මික රටවල එක් පුද්ගලයකු දිනකට ගන්නා ආහාර හේතුවෙන් සීනි තේ හැදි 46 ට වඩා සිරුරට ඇතුළුවන බවයි.
නිව්කාසල් සරසවියේ පෝෂණය සහ මුඛ සෞඛ්‍ය පිලිබඳ මහාචාර්ය පව්ලා මොයිනිහවි කරන ලද අධ්‍යනයෙන් පසුව ඉහත කී යෝජනා සම්බන්ධයෙන් සාකචිචා කිරීමේදී දත්වලට සීනි වලින් සිදුවන හානිය ද ඉස්මතුකැර ඇත. වර්තමානයේ බොහෝ දෙනා සිය ආහාර වේල්වලට සිනී එක්කැර සෑදූ ආහාර හෝ පානයන් එක්කර ගෙන සිටිති. නමුත්
මහාචාර්ය වරයා පවසන්නේ මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඕක අඩුකරන එකමයි හොඳයි. (ස)
ලෝක සෞඛ්යා සංවිධානය කියන්න දෙයක් නැහැ. ලංකාවේ සීනි මිල ගිහින් තියෙන තරමට සහ හෙට අනිද්දා වෙනකොට වැඩිවන මිල ප්රටමාණය හැටියට සීනි කොහොමත් පාවිච්චිය අඩකින් නොවෙයි, එහෙම පිටින්ම අඩු කරන්න වේවි කියලයි ගැමියන් කියන්නේ. (ස)
ළඟදීම සිනි මිල වැඩිවන බවට ඉඟියක්. (ස)
කොහොමත් සීනි කිලෝවක් රු 100ක් වෙනවනේ. (නදී)
දැනට අප රටේ ග්‍රාමීය ජනතාවගෙන් සියයට 10ක් හා නාගරික ජනතාවගෙන් සියයට 15ක් දියවැඩියාවට ගොදුරුව තිබේ. (ත)
නීරෝගිකම රැකගන්න කල මහඟු මෙහෙවරක්. (නදී)
මී පුප් ලදින් දරු නොලදින් සීනි ඇමති කෝ ? සිනි මිල ඉහල දැමීමට කලින් කස කරුවන් පැමිණේ.(නදී)
යසවතිගේ සෞඛ්‍ය දැනුම ගැන හරි ආඩම්බරයි. අනේ යෝදියේ නොදන්නා දේට කට නොදා ඉන්නවද ? (නදී)
අපිට නම් සීනි ඇමති කෙනෙක් ඉන්නවා.(නදී)
සීනි කියන්නෙ රසායනික සංයෝග ගොඩක එකතුවක් මිසක් ශරීරයට හොඳක් නැහැ. අපේ මිනිස්සු බේතට ගත්තෙ උක් හකුරු. කැමට කිතුල්/පොල් හකුරු. එච්චරයි හොඳ.(අ)
සීනි නැතුව මුකුත් කරන්න බැහැ. (අ)
එක කෝකටත් හොදයි නේ (දී)