වැටුප් විෂමතා ඉවත්කැර දෙන ලෙස ඉල්ලා දකුණු පළාත් විශ්‍රාමිකයන්ගේ දිස්ත්‍රික් ඒකාබද්ධ සංවිධානය විසින් මෙහෙයවූ උද්ඝෝෂණයක් අද උදෑසන ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පැවැත්විණි.
විශ්‍රාමිකයන් පවසන්නේ අයවැයෙන් රුපියල් 500ක් ලබාදී රජය විශ්‍රාමිකයන්ට සීනිබෝල දී බාල්දුකැර ඇති බවයි.
කප්පාදුවකින් තොරව රජයේ සේවකයන්ට සමානව ජීවන වියදම් දීමනාව ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1/5 ක් ඒ කියන්නේ 20% ක් වැඩි කරලනේ ?ඇයි මාසෙටම 2500 යි නේ මෙහේ වියදම (දිල්)
සීනි බෝල එපා කියා කියා බෙහෙත් ගන්න සල්ලි නැති උනත් ඡන්දෙ නම් පෙරමුණට.(දිල්)
මේ මිනිස්සු රටට බරක් වගේ දැක්කට මේ ජ්‍යෙෂ්ඨ මිනිස්සු තමයි කම්පියුටර් නැති යුගයක රාජ්‍ය සේවය ඇදගෙන අවේ. විශ්‍රාම කාලේ බෙහෙතක් අරන් සැනසිල්ලේ ඉන්න ඉඩක් හදල දෙන්න. (ස)
ගිය ආත්මයේ කළ කරුමයක් වෙන්න ඇති. (ස)
නූතන සමාජයට අඩිතාලමක් එහෙම නැත්නම් මාර්ගයක් තනාදුන් පිරිසක්. රාජ්‍යසේවකයන්ට පමණක් නොවෙ, අපේ රටේම වැඩිහිටි පිරිසට ලැබෙන සතකාරයන් ප්‍රමානවත් ද යන්න සැකසහිතයි. මවුනිපියාණනි අපිඔබට ණයගැතියි. (අ)
ජීවත් වෙන්න බැරුවයි මේ දගලන්නේ මේ පඩියෙන් කොහොමද අපි ජීවත් වෙන්නේ පෙන්ෂන් ගිහිලත් පාරෙයි ලත වෙන්නේ රාජ්‍ය සේවයට මේ මොකදෝ වෙන්නේ (අ)
ජනාධිපති තුමා කම්කරු ඇමති කාලේ නම් කථා කලේ ඔහොම නෙවෙයි.(අ)
මැති අමතිලගේ පඩි වැඩිකරන්නේ දහස් ගනින්,අසරණ වඩිහිටියන්ට මෙහෙමයි (අ)
පුළුවන් කාලේ කරපු සේවයට කරන සැලකිල්ලද මේ? ඔය කවුරුත් වයසට යනවා. එතකොට තමයි මේ මිනිසුන්ගේ සටනේ වටින කම දැනෙන්නේ .(අ)
රුපියල් 500ක් වැනි සොච්චමක් දීලා විශ්‍රාමික ඇත්තන්ව බාල්දු නොකරයි ඉන්න තිබුනේ. (නදී)