සුපිරි තරු තරගයකින් තරුවක් බවට පත් වූ නවක ගායකයෙකි. සුපිරි තරුව බවට පත්වීමට නොහැකි වුණත් ගායක තරුවක් වශයෙන් ජනප්‍රියත්වය ළඟා කර ගැනීමට ඔහුට හැකිවිය. සෙල්ලක්කාර ගති පැවතුම් ඇති අඬ දබර ඇතිකර ගැනීමට රුචිකත්වයක් දක්වන්නකු ලෙසයි ඔහු බොහෝ දෙනා හදුන්වන්නේ.
ජනප්‍රියත්වය නිසාම ගායක තරුවට යුරෝපා රටකට ආරාධනාවක් ලැබිණි. එය සතුටින් බාරගත් ඔහු එහි ගියේය. ගුවන්තොටට ගොඩබැස්ස දාම ඔහුට ප්‍රසංගයක් සුදානම්ව තිබිණි. ඔහු එහි ගියේය. ප්‍රසංගය ආරම්භයට පැය දෙකක් ඉතිරිව තිබිණි. ප්‍රධාන සංවිධායකට ගායක තරුව කියා සිටියේ තමාට ඇදුම් කිහිපයක් මිලදී ගැනීමට අවශ්‍ය බවයි. කෙතරම් වැඩ අධික වුවත් ඔහුගේ අවශ්‍යතාවය සංවිධායක විසින් ඉටු කැරිණි. වෙළඳසලෙන් ඇඳුම් මිලදී ගත් තරුව තවත් අපුරු ඉල්ලීමක් සංවිධායකට ඉදිරිපත් කළේය. ඒ තමාට දොළ දුක සපුරා ගැනීමට සුදු කාන්තාවක් අවශ්‍ය බවය. සංවිධායකට රතු කට්ට පැන්නේ එවිටය. ‘පිස්සු කෙළින්න එපා මල්ලි. අපිට වැඩ තියෙනවා. සින්දු කියලා ඉවර වුනාම ඔයාගේ ගාණ අපි ගෙවන්නම්. ඕන කුදයක් ගහගන්න‘
ලෝ ප්‍රකට ලේඛයකුගේ ආදර කෘතියක එන සුන්දර නගරයක ගායක තරුවේ දෙවැනි ප්‍රසංගය සුදානම්ව තිබිණි. ප්‍රසංගය ආරම්භයට සියලු කටයුතු සුදානම්ය. වේදිකාව මතට තරුව පායන තුරු නරඹන්නන් බලා සිටිති. විනාඩි පැය බවට පත් වී කාලය ගෙවී ගියත් තරුව වේදිකාව මතට නොපැමිණි විට නරඹන්නන්ගේ දෝෂරෝපණය සංවිධායකයින්ට එල්ල වන්නට විය. කරකියා ගැනීමට දෙයක් නොමැති සංවිධායකයෝ ගායක තරුව සොයන්නට වූහ. කරුමෙක මහත, නරඹන්නන්ගේ සිහින බොඳ කර අඳුරු වලාවකට මුවා වූ ගායක තරුව අධික බීමතින් සුදු කාන්තා පහස විදිමින් කාමරයක ගුලිවී සිටින බව සංවිධායකයින්ට දැනගන්න ලැබිණි. ප්‍රසංගය එතැනින් හමාර විය.
තෙවැනි ප්‍රසංගය ඊට යාබද නගරයක පැවැත්විණි. ප්‍රසංගයට පෙර නියමිත මුදල සංවිධායකයින් විසින් අදාළ තරුවට ගෙවා තිබිණි. ප්‍රසංගයට පැමිණි ගායක තරුව තමා කිසිම මුදලක් ලබා නොගත් බවත් නියමිත මුදල ප්‍රසංගයට ප්‍රථම ලබා දෙන්නැයි ඉල්ලීමත් සමග සංවිධායකට තරු විසි වුණි. කුකුළු කේන්ති කාරයකු වන සංවිධායක ගායක තරුවගේ කන අත ගෑමත් සමග තරුවට තරු විසි වී ඇත. නැවත මුදල් නොඉල්ලා නරඹන්නන් පිනවීමට ඔහු ක්‍රියා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර වලාහතින් පායපු වල්ගා තරුව නේද?ගිය ගිය තැන ඉල්ලලා නාගන්නවා. (බ)
කූඩැල්ලා මෙට්ටය මත නොසිටී... (නි)
අපිටත් දැන ගන්න නම පොඩ්ඩක් කියන්නකෝ (නදී)
ලැජ්ජයි! (නි)
අපටත් දැනගන්නත් එක්ක හොඳ ඉඟියක් දෙන්න. සමාජය දැනුවත් කිරීම හොඳයි මේ වගේ අයව. (නදී)
ගාමිනී, ගමගේ, සිරස්තලයේ 'දෙවියා' කියල තියෙන්නේ ඉගිය තමා.(නදී)
'දෙවියා' කිව්වට හිතා ගන්න බෑ නේ.. ඇත්තටම කවුද මේ? (නදී)
මම හිතන්නේ මිට අවුරුදු කිහිපයකට ඉස්සර අර හලාවත පැත්තෙන් ආපු තරුණ හාදයා. කන්ඩලම හොටලයේත් පොඩි ජල්බරියක් දාගත්තේ. හොද කට හඩක් තිබුනට කට හින්දමයි විනාශ වෙන්නේ.(නදී)
අපෝ අපිට හිතා ගන්න පුළුවන්. කොච්චර තරු ලක්ෂණ තිබුනත් පවුල් පරිසර නුගත් චාරයක් නැති වුනාම මෙහෙම වෙනවා. මෙයා එක්ක හිටපු අනෙක් කට්ටිය ඔය යසට ගෙවල් දොරවල් හදා ගෙන කසාද බැඳගෙන, සමහරු උසස් අධ්‍යාපනයත් ලබාගෙන පිළිවෙලකට ඉන්නේ. (බ)
මානවීගේ ..කෙමෙන්ට් එක කියවල ..බඩ අල්ලාගෙන හිනා උනා ..? අපේ මෝඩ මිනිස්සු ..ගිය තැනක වැදගත්කමට ජීවත්වෙන්න දන්නේ නැහැ..?හත්පොලේම නාගන්නවා..? (බ)
කවුද මෑන්....අනේ මම දන්නේ නෑනේ... අපිටත් දැනගන්න නම කියන්නකෝ... (ම)
වැහි පබළු සැලි.ඉඟි කරන හැටි .වෙරෝන වලයි මේක වුනේ. (බ)
සු ගැන ඉන්ද්‍රඛීලයක් ද ? (ස)
අයියෝ සු..... (ස)
සතුන් වත්තේ රේන්ද විකුණන පොර නේද? (ස)
ඕ....මේ අරයනේ (බ)