IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සන්ධ්‍යා එක්නැලිගොඩට ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානයක්

( තිළිණි ද සිල්වා)

ඇමෙරිකා  රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2017 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් හිමි කර ගෙන ඇතැයි මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.

ඇමෙරිකා ජනපති බිරිය මෙලානියා ට‍්‍රම්ප් අතින් අද(29) වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හිමි  සම්මානය පිරිනැමූ බව එම තානාපති කාර්යාලය කීවේය. ඇයට අමතරව ලොව පුරා තවත් කාන්තාවන් 13 දෙනකු ඒ සඳහා තෝරාගෙන ඇත.

ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප‍්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකා රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය ලබා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (16)

සන්ධ්‍යා එක්නැලිගොඩට ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානයක්

narada Wednesday, 29 March 2017 03:36 PM

හොදම විහිළුව..

:       914       2166

Sri Lankikya Wednesday, 29 March 2017 04:10 PM

හොද වැඩක්

:       895       473

sunil Wednesday, 29 March 2017 04:39 PM

දිරිය මවක්, බිරිඳක්!

:       1274       745

prasanna Wednesday, 29 March 2017 05:48 PM

මේ රටේ මනුස්සය නැතිව (එක්කෝ දාල ගිහින්, නැතිනම් අකාලයේ මැරිලා ) දරුවෝ 4,5 තනියෙන් හදන ප්‍රසිද්ධියක් නොලත් ගැහැණු ඉන්නවා... තව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.... විජේවීරගේ පවුල.... ඒ අම්මත් තනියම ළමයි ටික හදා ගන්නේ.... මේවා දේශපාලන සෙල්ලම් මිසක්, අරුතක් ඇති දේවල් නෙවෙයි...

:       75       165

vidya Wednesday, 29 March 2017 05:54 PM

ඔබතුමියගේ දයාබර සැමියාට සිදු වුණු අසාධාරණයට ළඟදීම පිළිතුරක් ලැබේව.

:       52       70

hasantha Wednesday, 29 March 2017 06:41 PM

මගේ පියත් 89 දී අතුරුදහන් කළා. අපිට උදව්වට කව්රුත් හිටියෙම නෑ. අපි වගේ ගොඩක් පවුල් ඒ කාලේ දුක්විදින්න ඇති.

:       2       27

vijitha Bula Wednesday, 29 March 2017 08:55 PM

කොහොමත් ඇමෙරිකාවේ න්‍යාය පත්‍රයට ගැලපෙන අයට, ඒ රටෙන් ලැබෙනවා තමයි.

:       61       61

bandula Wednesday, 29 March 2017 11:13 PM

දිගටම ngo උදව් ලබන පාට තියෙනවා .හමුදාව රසායනික අවභාවිත කරපු බව දැක්කේ මෙයා විතරයි

:       2       501

Namal Wednesday, 29 March 2017 11:20 PM

නාරදට ඔලුව හොද නැත්ද? මැදමූලන රෙජිමයේ මිනීමැරුම් පෙන්නෙ විහිලු වගේද?

:       417       109

ලුම්බිණි Thursday, 30 March 2017 01:08 AM

අපේ සුභ පැතුම්! දිරිය කාන්තා සම්මානයක් ලැබිය යුතු කාන්තාවක්.

:       38       2

prem Thursday, 30 March 2017 01:34 AM

මචන් අපිත් රට විනාස කරන්න මොනවහරි කලානම් පන දාගෙන ජොබ් කරන්න ඕන නැහැ බන් , සම්මාන ඩොලර් හෝ ගලා ගලනවා

:       44       109

Rish Thursday, 30 March 2017 02:20 AM

සැමියා නැති අඩුව දන්නේ බිරිඳ සහ දරුවන් පමණි.............

:       8       6

Daham Thursday, 30 March 2017 02:56 AM

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ලැබිය යුතු කොතරම් අගනා සම්මානයකි මෙය. ඇයගේ ස්වාමියාව මරාදැමු අයට තරාතිරම නොබලා දඬුවම් දියයුතු බව මෙයින් පැහැදිලිවේ .

:       315       126

sudesh Thursday, 30 March 2017 03:13 AM

මාර සම්මාන

:       56       121

kap Thursday, 30 March 2017 07:49 AM

ඈය තනිවම හිටපු ආන්ඩුවට එරෙහිව කල සටනට තමයි මේ සම්මානය ලෑබුනෙ. මුලු රටම ඈගේ සෑමියාව විවේචනය කරද්දි, මුලු මාධ්‍යම මෙයාගෙ සෑමියාගේ චරිතය ඝාතනය කරද්දි, කිසිම විටක නොසෑලී තවම එයාට වුනදේ හොයනවා. මෙතන් සමහරු කියනවා ඒ අයගේ අයත් අතුරුදහන් උනා කියලා. ඈයි මේ වගේ සටන්කාමී වෙලා ඒ අය ගැන හෙව්වෙ නෑත්තෙ. කාටවත් තවත් කාවත් මරන්න අයිතියක් නෑ.. ඒකට තමයි උසාවි තියෙන්නෙ. උසාවි අතට ගත්ත ආන්ඩු කවදාහරි ඒ කරපු වෑරදි වලට පව් වලට වන්දි ගෙවයි. මේ දේ ඕනෙම ආන්ඩුවකට, ඕනෙම පුද්ගලයෙකුට කැපයි

:       5       118

sopi Thursday, 30 March 2017 12:29 PM

අනේ ..... අපි නොදන්න සම්මාන .......

:       0       18

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 759 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1212 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 798 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 10253 0

වේයන්ගොඩ වඳුරව මධ්‍යම අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් ඇතැයි කියන ස්ථානයේ අධිකරණ නියෝග මත සිදු කළ කැණීමේදී හමු වූ දැවැන්ත ගල් කුට්ටිය විදුම් යන්ත්‍රයක ආ


තවත් මන්ත්‍රී හතක් මාදිවෙලින් පිටවෙති
2024 නොවැම්බර් මස 23 2689 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ


මෝටර් රථයෙන් ආ අයියා මලෝ ඔයට වැටී මරුට
2024 නොවැම්බර් මස 23 4138 0

කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් මෝටර් රථයක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 499 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 711 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2000 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site