IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


සොඳුරු රාත්‍රියේ මිතුරු හමුව සෞදියේදී මහ ඉහළින්

සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ අල් කොබාර් ස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සිංහල භාෂා අංශය සංවිධානය කළ ‘‘සොඳුරු රාත්‍රියක මිතුරු  හමුව‘‘  අධ්‍යාත්මක සංස්කෘතික සහ විනෝද වැඩසටහන පසුගිය බ්‍රහස්පතින්දා අල් කොබාර් ලුලු සංකීරණණ පරිශ්‍රය අසල උපාසයෙන් මිදිම සඳහා වු කඳවුරේදි පැවැත්විණි. රාමසාන් උපවාස මාසයට සමගාමීව මෙම වැඩ සටහන පැවැත්විණි. මෙහි තේමාව වුයේ මතට තිත, දුම්බීම නවතමු සහ දුරාචාරය යන්නියි. විවිධ විනෝදාස්වාදය ගෙන දුන් විනෝදකාමි වැඩ සටහන් වලින් සමන්විත වූ මෙම සොඳුරු රාත්‍රියට කථික තරගය, අංක මාරු කිරීම, ඇතුළ සංස්කෘතික අංගයන්ගෙන් සමන් විත විය. ඉස්ලාම් දහමෙන් මිනිසාගේ ජීවිතය පරිතන වන්නේ කෙසේද යන්න ගැන විශේෂ දේශනයක් ද පැවැත්විණි.



අදහස් (41)

සොඳුරු රාත්‍රියේ මිතුරු හමුව සෞදියේදී මහ ඉහළින්

ජොහන් Saturday, 27 July 2013 05:50 PM

පුදුමය් ප්‍රතිචාර නැති එක ගැන. (අ)

:       0       0

ටෙනිසන් Monday, 29 July 2013 06:33 AM

සෆික්‍,බහරේන් අග නගරය මනාම සිට කුවේට් අගනගරයටම ,ඔබේ ගමන් බලපත්‍රය එම රටවල ඇතුළුවීමට වලංගු වීසා ඇතිනම් ,පරිගණක ජාලය ක්‍රියාත්මක නම් සෞදිය හරහා සාමාන්‍ය දිනකට ගතවන්නේ උපරිම පැය 5ක් පමණයි .මා මේ කිවුවේ ආගමන විගමන කවුළු හතරේ හා කස්ටම් පරීකෂණ ස්තාන දෙකට වැයවන කාලයත් සමගයි. (නි)

:       0       0

රසිකා Sunday, 28 July 2013 08:41 AM

චන්දි ඔව් මට විතරක් නෙමෙයි, සෞදි වැඩකරන අයට ගොඩක් අසාදාරන වෙනවා (නි)

:       0       0

ඉම්රාන් Saturday, 27 July 2013 06:29 PM

හොඳ දේවල්වලට ප්‍රතිචාර දක්වන අය ලෝකේ ඉතාම ස්වල්ප දෙනයි ඉන්නේ. ඕනේ නැති බහු බූත වලට අදහස් එකතු කරන්න බොහෝ කට්ටිය ඉන්නවා. (අ)

:       0       0

ඉම්රාන් Saturday, 27 July 2013 06:32 PM

හොඳ දේවල්වලට ප්‍රතිචාර දක්වන අය ලෝකේ ඉතාම ස්වල්ප දෙනයි ඉන්නේ. ඕනේ නැති බහු බූත වලට අදහස් එකතු කරන්න බොහෝ කට්ටිය ඉන්නවා.(අ)

:       0       0

රිෂාර්ඩ් Saturday, 27 July 2013 06:41 PM

හොඳ දේවල් වලට කට්ටිය කව්රුවත් කැමති නැහැ අද කාලේ නරකට සහය දේ (අ)

:       0       0

සමන් Saturday, 27 July 2013 06:43 PM

කෝ අප්පා ඔය ප්‍රතිචාර දාන කට්ටිය? (අ)

:       0       0

රසිකා Saturday, 27 July 2013 06:46 PM

සෞදි අරාබියේ මමත් කාලයක් සේවය කළා. ගැට එමටයි. ලංකාවේදී නොකරන පිටදී කරන මිතුරුකම් ගැන අවදානයෙන් (නි)

:       0       0

කෝලි Sunday, 28 July 2013 09:08 AM

සුභ පැතුම්! (නි)

:       0       0

රසිකා Saturday, 27 July 2013 06:59 PM

සහබාගි වුනාට කමක් නැහැ. ඒත් බුද්ධිමත්ව. පෙනෙනදේට වැඩියෙන් නොපෙනෙන දේ බොහොමයි (නි)

:       0       0

රසිකා Saturday, 27 July 2013 07:02 PM

පසිස්සමින්....අවදානයෙන් (නි)

:       0       0

රසිකා Saturday, 27 July 2013 07:07 PM

මට පව් කියලත් හිතෙනවා (නි)

:       0       0

වීරසිරි Saturday, 27 July 2013 07:20 PM

මිතුරනි, පරිස්සමින්. (නි)

:       0       0

ධනු Sunday, 28 July 2013 09:54 AM

මමත් ඉන්නේ සෞදි. මම සේවය කරන සමාගමේත් මේ වගේ දෙයක් පැවැත්වුවා " ශ්‍රී ලන්කන් නයිට් " කියලා. මේ ආකරයටම වෙනත් විදේශිකයන්ටත් මේ වගේ දේශන පවත්වනවා. ගොඩක් පිලිපින් ජාතිකයන් එනවා (නි)

:       0       0

සංජු Sunday, 28 July 2013 10:12 AM

"ඉස්ලාම් දහමෙන් මිනිසාගේ ජීවිතය පරිතන වන්නේ කෙසේද යන්න ගැන විශේෂ දේශනයක් ද පැවැත්විණි." තවත් මොනවද තිබුණු දේශන? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 27 July 2013 07:46 PM

මත්පැන් නැති මිතුරු හමුව මොනවටද වීරිසිරි. අඩියක් ගැහැව්වේ නැත්නම් වැඩක් නැහැ.(නදී)

:       0       0

වීර Saturday, 27 July 2013 08:01 PM

මේකට විරුද්ධ අදහස් දාන නිවට සිංහලයාගෙන් ඉල්ලන්නේ ඔවුන්ගේ සැබෑ ජාතිවාදය හොදින් තේරුම් ගෙන තමාගේ හෙට බිහිවන සිංහල දරුවා වෙනුවෙන්වත් රට රැකගන්න දායකවෙන්න කියලයි. (නි)

:       0       0

රසිකා Saturday, 27 July 2013 08:03 PM

මත්පැන් බිවුවහම නැතිවෙන්න ජීවිතය. ඒත් අනවශ්‍ය මිතුරන් නිසා සංසාරයේ ගෙනාපු පුරුද්දත් නැතිවෙන්න පුළුවනි (නි)

:       0       0

ලක්ෂ්මණ් Sunday, 28 July 2013 10:49 AM

ටෙනිසන්, බොරු කියන එපා හොදේ (නි)

:       0       0

කුමාර Saturday, 27 July 2013 08:17 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ට්‍රිෂාන් Saturday, 27 July 2013 08:25 PM

"හෙළ බස රකිමු" කියලත් දේශනයක් තිබුණා නම් අපි සතුටුයි. (නි)

:       0       0

වීර Saturday, 27 July 2013 08:25 PM

මොහොමඩ්,මම දන්නවා ඔයා දියයටින් ගින්දර ගෙනයන කෙනෙක් කියලා. (නි)

:       0       0

වීර Saturday, 27 July 2013 08:27 PM

මේකට විරුද්ධ අදහස් කිව්වේ මේ අරාබි උත්සවයට විරුද්ධ අදහස් නොවෙයි.අපේ සමහර අයගේ ජාතිමාමක අදහස් වලටයි. (නි)

:       0       0

ශාෆික් Sunday, 28 July 2013 11:08 AM

ටෙනිසන්, බහරේන් වලට විතරක් නොවේ මැදපෙරදිග රටින් රටට වාහන වලින් සංචාරය කරන විශාල පිරිසක් ඉන්නවා. මැද පෙරදිගින් තරමක් නීති තද කුවේට් සහ සෞදි ගත්තත් පිට රට වාහන තියෙනවා. දිනක් මම සෞදි ඉදලා කුවේට් එන්න දේශ සීමාවේ පැය 7ක් හිටියා. (නි)

:       0       0

වීර Saturday, 27 July 2013 08:33 PM

මොහොමඩ්, ඔහෙලට මත්ද්‍රව්‍ය හරාම්. අපිට හලාල්ද? (නි)

:       0       0

පද්මිණි Sunday, 28 July 2013 11:10 AM

මිතුරු හමුව කිවුවට මට න්ම එහෙම එකක් පෙනෙන්නේ නැහැ (නි)

:       0       1

වීර Saturday, 27 July 2013 08:37 PM

ඉම්රාන්,රිෂාර්ඩ්, ඔහේලා ශ්‍රී ලාංකිකයොද?බොරුවට කිව්වට එහෙම නම් නැහැ වගේ. (නි)

:       0       0

කොඩිකාර Saturday, 27 July 2013 08:39 PM

අපි හැමදේ ගැනම හොදට දන්නවා. (නි)

:       0       0

වීර Saturday, 27 July 2013 08:44 PM

අපි අවුරුදු 2500ක් එක යුද්ධයක් වත් පැරදිලා නැහැ. සාධාරනයෙනුයි අපි දිනලා තියෙන්නේ. (නි)

:       0       0

රසිකා Saturday, 27 July 2013 08:57 PM

අනේ අපිත් හොදට දන්නවා (නි)

:       0       0

ආරොන් Sunday, 28 July 2013 12:20 PM

වීර, දෙමල රජවරුන් අවුරුදු බොහෝ ගණනක් ලංකාවේ රජ කලාද? බටහිර ජාතීන් අවරුදු 450 රට පාලනය කලා. (නි)

:       0       0

රොෂාන් සෞදි Sunday, 28 July 2013 12:26 PM

අපි නොදන්නා සෞදිය. මම කියන්නේ එක දෙයයි. මෙහෙ ආවොත් තමුන්ගේ රැකියාව ප්‍රවේසමෙන් කරලා රටින් පිටවෙන එකයි හොදම දේ (නි)

:       0       0

රසිකා Saturday, 27 July 2013 09:09 PM

සතුරා වෙසින් එන සතුරාට වැඩියෙන් මිතුරා වෙසින් එන සතුරා බයානකයි (නි)

:       0       0

සුසාර Saturday, 27 July 2013 09:15 PM

මොනවා වුනත් හොද දේවල් වලට අපිත් කැමතියි (නි)

:       0       1

ටෙනිසක් Saturday, 27 July 2013 10:25 PM

ප්‍රතිචාර නැති එකට ඇයි දොස් කියන්නේ. මෙහි ප්‍රතිචාර දාන අය සෞදියේ වෙන දේවල් ගැන නොදැන කොහොමද ප්‍රතිචාර දමන්නේ. සිංහල මාධයයෙන් කෙරෙන ඔය වැඩ සටහන සෞදියේ විතරක් නෙවෙයි මැද පෙර දිග හැම රටකම කෙරෙනවා. පෙනුමට බොහොම හොද වැඩක්. නමුත් පරමාර්ථය ඉදුරාම වෙනස් දෙයක්. ඇත්තටම සෞදියේ ඕක කරන්න ඕන සිංහලෙන් නොවෙයි අරාබි භාසාවෙන් අරාබි ජාතිකයන්ටමයි. ඇයි දන්නවද මම එහෙම කිව්වේ. බ්‍රහස්පතින්දා දහවල් 12 පසු බහරේන් දේශ සීමාවට ඇතුල්වෙන්න අවම පැය 4ක් යනවා. ඇයි මේ යන්නේ මැද පෙරදිග තිබෙන නිදහස්ම රට. සුරාසල් ගනිකා මඩම් විවෘත වෙළද පොල.(නදී) .

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 28 July 2013 12:17 AM

ටෙනිසන් - ලංකාවේ අය බොහොමයක් ඉන්නවා සල්ලි හම්බ කරලා දරු පවුල හොඳින් රක බලාගෙන ඉන්න කට්ටිය. ඔයාට මේවා විතරක්ම ඕනේ නම් බහරේන් නොවේ මෙක්සිකෝ වලට හරි ගිහින් ආශාවන් ඉටු කර ගන්න පුළුවන්. හැම වෙලේම ඔලුවේ තිබෙන්නේ මේවා තමා නම්. (අ)

:       0       0

චන්දි Sunday, 28 July 2013 12:57 AM

අදහස් දාන අයනම් ඉන්නවා ඒ මොනවා ලියන්නද කියලා හිතා ගන්න බැරි උනා. හැබැයි රසිකට නම් මොකක් හරි ලොකු අකරතැබ්බයක් වෙලා තියෙන බව නම් හොදට පෙනෙනවා (නයි කයිද රෝස පාන් ).(නදී)

:       0       0

ටෙනිසන් Sunday, 28 July 2013 07:22 AM

ඵස්රූල් ගෆූර්, කවුද කිවුවේ අපේ මිනිස්සු බහරේන් යනවා කියලා. මගේ අදහස් හොදින් කියවන්න තේරෙන්නෙ නැතිනම් කාගෙන් හරි අහගන්න.මම මැදපෙරදිග රටවල් හැම එකකම මගේ රාජකාරී සදහා යනවා. ඒකය් මම දන්නේ. බ්‍රහස්පතින්දා හවසට බහරේන් ජාතිකයොත් එලියට යන්න අකමතියි .පාරවල් පුරවලා කුවෛට්, සෞදි ,කටාර් ,ඕමාන, සහ එක්සත් අරාබි වාහන පිරිලා. කොන්ත්‍රාත් පදනම මත එන පාරිබෝගිකයෙකුට මිස හෝටලයක කාමරයක් ගැනීම බොරු. (නි)

:       0       0

ඉම්රාන් Monday, 29 July 2013 03:41 AM

අපි සෞදියේ ඉඳල තමා අපේ එදිනෙදා පවුලේ වැඩ කටයුතු කර ගන්නේ 1991 ඉඳලම. සෞදිවල කියන තරම් ලෙහෙසි නැහැ වැඩ කරන්න මෙයාලත් එක්ක. ඒ වගේම සෞදිවල වෙන දේටත් වඩා අනිකුත් රටවලත් ප්‍රශ්න තියෙනවා. ලංකාවේ නැති දෙයක් නෙමෙයි සෞදිවල හෝ අනිත් රටවල් වල වෙන්නේ. අපිට කතා කිරීම අයිතිය තිබුනට අපි දිනා ගත්තු දෙයක් නම් නැහැ. ලාංකිකයෙක් වෙලා අවුරුදු 21 කම ලංකාවට මම විදේශ විනිමය ගෙනවිත් දෙනවා එහෙත් මෙතන වීර කතා කියන කිසිම කෙනෙක් ගෙන් අපි තරම්වත් රටට සේවයක් වෙනවද කියන එක නම් අවිනිස්චිතයි. ලංකාව ඉන්න අයට වැටහෙන්නේ නැහැ ලංකාවේ අය කරන වැරදි හා උප්පරවැට්ටින්. (නි)

:       0       0

ඉම්රාන් Monday, 29 July 2013 05:22 AM

වීරේ, අපි නම් අදත් හෙටත් මැරෙනතුරු ශ්‍රී ලාංකිකයන්. ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙත් අද මහා ලොකු ශ්‍රී ලාංකිකම් පෙන්නලා ජාතිවාදී හැගීම් අවුස්සලා චන්දෙ අරගෙන ලංකාවට හා බහුතර සිංහල බෞද්ධයාට ද්‍රෝහිකම් කරන්නේ කළු සිංහලයන්. අමු අමුවේ තරාතිරම් නොබලා මනුස්ස ඝාතන කරපු කොටියන් රකින්නේ කව්ද? ඔය මහා ලොකුවට ලාංකිකම හා සිංහලකම ගැන කතා කරන සිංහල කළු සුද්දෝ නොවේද? (නි)

:       0       0

හේරත් Sunday, 28 July 2013 08:11 AM

මේ රෑ මොන සොඳුරු පාටිද අනේ...! ඒත් පුදුම වියලි දවසක වුනත් හිනාවෙන්න ගන්න වෑයමට අපෙන් ආචාරය මිතුරනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 114 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 304 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1637 2

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1771 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 609 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1923 4

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37039 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24408 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site